තරිඳු ජයවර්ධන
නව යුද හමුදාපති වරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරි දින දෙක ඇතුළත පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
යුද හමුදාපති ලෙස සිටි ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කළ අතර ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබේ. සේවා දිගු දෙකක් ලැබූ ඒ මහතා ලබන අගෝස්තුවේ විශ්‍රාම යෑමට නියමිතය.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මහේෂ් සේනානායක මහතා ද ලබන අගෝස්තුවේ විශ්‍රාම යෑමට නියමිත අතර නව තනතුරට පත් කිරීමෙන් පසු සේවා දිගුවක් ලබා දෙනු ඇතැයි යුද හමුදා ආරංචි කියයි. ඔහුගේ නමට අමතරව තවත් මේජර් ජනරාල්වරුන් දෙදෙනකුගේ නම් ගැන සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට තිබේ.
1981 වසරේ දී යුද හමුදාවට සම්බන්ධ වූ සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර ඇති මහේෂ් සේනානායක මහතාට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හමුදාපති ධුර කාලයෙන් පසු නිසි සැලකිල්ලක් නොලැබුණු බව යුද හමුදා ආරංචි කියයි. ඔහු නීති ගරුක යුද හමුදා සාමාජිකයන් අතර දැඩි ප්‍රසාදයක් දිනා ගත් නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් සේනානායක මහතා කියන්නේ ත්‍රස්තවාදය පාරාජය කළ මානුෂිය මෙහෙයුමේ යුධ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයාය. යුද්ධයෙන් පසුවත් එතුමා උතුරේ ජනතාවගේ සිත්සතන් දිනා ගනිමින් ඉතාම ඉහළ කාර්යභාරයක් සිදුකළා. එතුමා තමයි හමුදාපති තනතුරේ ඉහෙළම සුදුසුකම් සපුරා ඇති නිලධාරියා. එවැනි ගුණගරුක නිලධාරියෙක්ට මෙම තනතුර ලැබිය යුතුනම් එය ඉතාම යහපත් කාරණයකි.
එඩිතර සිංහල දරු කැලේ සාමාජිකයෙක්.. ජයෙන් ජයම වේවා !!!
බෝනිෆුස් පෙරේරා උතුරේ ජනතාවගේ සිත්සතන් දිනා ගනිමින් ඉතාම ඉහළ කාර්යභාරයක් සිදුකළා. එතුමා තමයි හමුදාපති තනතුරේ ඉහළම සුදුසුකම් සපුරා ඇති නිලධාරියා. එවැනි ගුණගරුක නිලධාරියෙක්ට මෙම තනතුර ලැබිය යුතුනම් එය ඉතාම යහපත් කාරණයකි.
සෙන්පති සනත් ෆොන්සේකා, මහේෂ් සේනානායක වැන්නවුන් නැත්නම් තවමත් අපි යුද ජයග්‍රහණයක් ගැන කතා නොකරනු ඇත. මොවුන් කල යුද්ධයේ තනි අයිතිය සමහර ආත්මාර්ථකාමී දේශපාලකයන් ගන්න හදන එක හරිම පිළිකුල් සහගතයි.
සුදුස්සාට සුදුසු තැන ලැබුන, මගේ සුභපැතුම්