පොල්ගොල්න් පහළ මහවැලි ගඟ හිදී යාම නිසා කුණ්ඩසාලේ ,පල්ලේ කැලේ ,බලගොල්ල හා දිගන ඇතුළු ගම් රැසක දස දහසක පමණ නළ ජල හිඟයකට මුහුණ පා සිටිති.
බලගොල්ල ජල පොම්පාගාරය අසල මහවැලි ගඟ දිය කඩිත්තක් වී ඇත.
මතක ඇති කාලෙක මෙවැනි කාලයක් ඇති නොවු බව ගැමියෝ කියති.
කඳුකරයේ ජල මුලාශ්‍ර සිදී යාමත් මේ තත්ත්වයට බලපෑ අතැයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සමාන්‍යාධිකාරී ඒ එල් ඒ පීරිස් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් පමිට් දුන්නනම් ගස් කපල, මේ වතුර අඩු වෙලවවේ වැලි ටිකට් ගොඩ දාන්න අවසර දුන්නනම් මෙවට් විසදුම් ලබෙයි ....(දී)
ටිකක් වැස්සොත් වාන් දොරටු ඇරලා වතුර අපතේ යවනවා. ටිකක් පායනකොට දුක් විදිනවා. අනේ මන්ද. (දී)
පින්තුර වල හැටියට ලංකාවේ කියල කියන්නත් බෑ(දී)
ගුණධර්ම සිඳී ගිය ජාතියේ ජීවන ගංගාවේ බලාපොරොත්තුවේ සිහින කෙමෙන් බොඳවී යයි. "දේවෝ වස්සතු කාලෙන.....රාජා භවතු ධම්මිකෝ " අටලෝ දහම අපේ ඇස් අරවයිද?(දී)
නිල්වනරෝද අහිමිවේද බොන්නට දිය නොමැතිවේද අපෙ පින්බිම අහිමි වේද වැලි කතරක් ඉතුරු වේද සමන් දෙවිදු ඔබ කොතනද දිවස් යෝමනු පින්බිම වෙත රැක දෙනු මැන මේ මගෙරට මතු පරපුර රැක ගන්නට (දිල්)
වපුරපු දෙයින් තමා අස්වැන්න ලැබෙන්නේ(දී)
ගස් කපද්දි, කෑලෑ බිම් එලිකරද්දි මෙහෙම වෙන එක අරුමයක් නෙමේ. අපිට තාමත් වතුරේ අගය තේරුනේ නෑ. ඉස්සරහට වතුර නෑති වෙනකොට අපි පරක්කු වෑඩී. මොලේ කල්පනාකරල තියෙන කෑලෑටිකයි, කදු ටිකයි පරිස්සම් කලේ නෑත්නම් මේ රටත් අරාබිය වගේ තමයි....ඒකයි කියන්නේ " ජලය ධනය මෙන් සුරකින්න කියලා"(දී)
අද රටේ සිදුවෙන දේවල් වලට සොභාදහම්න් දෙන දඩුවමක් වගෙය් පෙන්නේ (දී)
තව රක්ෂිත ටික කපන්න.... වනාන්තරටික ගිනි තියන්න.... ලෝකෙට පේන්න එක ගහක් වවන අතරේ ගස් සීයක් කපන්න. මේ ආරම්භය පමණි...(දී)
තව ගස් කපමු.කැලේ එලි කරමු.වන රක්ෂිත විනාස කරමු.අපිට ජය වේවා.(දී)
සොබා දහම පවා අසරණ වෙලා.(දිල්)
දෙයියනේ මේ මහවැලියද?(දී)
හරිම හොදයි. දැන්වත් මිනිස්සුන්ට තේරෙයි ගස් විනාශ කිරීමේ ප්‍රතිවිපාක(දී)
අපි තව ගස් කපමු කැලා මැදින් පාරවල් හදමු (දී)
මේකනම් පුදුම හිතෙන හිදිල්ලක්නේ (දී)