පලාගල දඹුලු හල්මිල්ලව හිගුරුවෙල්පිටිය. ඩි .පොඩි මැණිකා (69) හා ප්‍රියල් ධර්මකිර්තිරත්න (74) යුවළ තම මිනිය තියාගන්නට කාමරයක් හදාගන්නට වෙහෙසෙති .කාන්තාව නිවෙස් වල වලන් පිගන් සෝදා දර පළා වසර 16ක සිට තම දෑස අන්ධ සැමියාව ජිවත් කරවන්නීය .
මේ දෙපළ අදටද එකිනෙකාට දැඩි ආදරයක් දක්වති .දරුවන් තිදෙනකු හැදු මොවුහු ඉටි රෙදි ගැසු කටුමැටි බිත්ති ඇති නිවසක තනිව ජිවත් වෙති . කළුගල් කඩා දරුවන් හැදු පියා ඇස් අන්ද වී ඇත්තේ ගල්බෝරයක් පුපුරා යාමෙනි .බිරිය හැකි අයුරින් යාන්තම් පෙනුම ගන්නට කණ්නාඩි දෙකක් සපයා දී ඇත.කුඩා නිවසක් හදා ගන්නට අවැසි බොහෝ අමුද්‍රව්‍ය ඇය සපයාගෙන ඇතත් නිවාස තනා ගැනීමට නොහැකි බව කියයි .දරුවන් පිළිබදව කතා කිරීමට අකමැති මේ යුවළ මියයන තුරු එකට සිටීමට කැමැත්ත පළකර සිටිති .පළමුව සැමියා මිය යායුතු බව බිරිද කියා සිටියාය .
එම මව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 0719125056 අංකයට කතා කළ හැකියි. ඇයගේ බැංකු ගිණුම 301-2-001-0-0011443 මහජන බැංකුව ගල්කිරියාගම ශාඛාව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුළුවන් ඒ අම්මාටයි තාත්තාටයි පුළුවන් විදිහට උදව්වක් කරන්න (නි)
මගේ හිත කම්පාවෙලා ගියා මේක අහලා (නි)
අනේ පව් අහිංසක මිනිස්සු මම කැමතියි උදව් කරන්න , මේ වෙබ් පිටුව බලන කීපදෙනෙකුට පුලුවන්ද මාත් එක්ක එකතු වෙලා මේ අයගේ නිවසට ගිහිල්ලම මේ ගෙදර හදල දෙන්න උදව් කරන්න,කැමති අය දන්වන්න. මේ වෙබ් පිටුවටම. (ස)
මේ අම්මටයි අප්පච්චිටයි පුළුවන් විධියට උදව්වක් කරමු යාළුවනේ. (ස)
කවුරුහරි ඉදිරිපත් වෙන්න. මමත් උදව් කරන්නම්. විදේශයක ඉන්නේ (නි)
ඔන්න ඕකයි අද රටේ තත්ත්වය (නි)
ශාන් ඔබ හරි ,,,මම එකගයි. (ස)
දනුෂ්ක අැත්තෙන්ම මා කැමතියි ඒත් මා විදේශයක ඉන්නේ ..? විශ්වාස කෙනෙක් ඇතොත් ඒ ලංකාදීපය පමණයි..! ලංකාදීපය අපි වෙනුවෙන් ඉදිරිපත් වේනම්, එකසිතින් ම මුදල් යොමුකරමි , මා මෙවැනි දෙවෙනුවෙන් ඉදිරිපත් වී අවසානේ ලංකාවේ සිටිනා බේබදු මිනිසුන් ඒ මුදල් සුරා කා මාවද මෝඩයෙකුට අන්දවා මගේම අතට හසු වීමෙන්, ම මෙවැනි දේට තිත තබා, අන්ත අසරණයන්ට අනන්‍යතාවය සොයා බලා ලංකාදීපයේ පමණක් පලවන අසරණ යින්ට අදටත් පිහිට වෙනවා ...!!! (ස)
මාත් කැමතිය් උදව් කරන්න (ස)
ආණ්ඩුවෙන් උදව්කරන්න ඕනේ මේ වගේ අහිංසක අයටයි. (ස)
ගුණවර්ධන මහතා වෙත. ඔබ ඔවුන් බැලීමට ගියාද?මා හට මුදලින් ආධාර කිරීමට අපහසුයි. නමුත් දැනුමෙන් උදව් කරන්නම්. (නි)
දනුෂ්ක අදහස බොහොම හොදයි. ඔබ හා ශ්‍රමයෙන් එකතු වීමට නම් හැකියාවක් නැහැ. කනගාටු වන අතර සමාව බජනය කරමි. වැඩේ පටන් ගෙන කියන්න. ඒ මවගේ ගිණුමට මූල්‍යමය ආදාරයක් කරන්නම්. (ර)
මමත් කැමති උ දුව් කරන්න නමුත් අපි එකතු වෙලා මේ කරන දේ කල්පනාකාරීව කරන්න ඕන ,ඉන්න ඉඩම. ඒ අයගේ නමටද තියෙන්නේ ඒ ක නිරවුල්. වෙන්න ඕන ,නැතිනම් හිගන්නාගේ පත්තරයට හෙනහුරා වැටුන වගේ. කාලයක්. දැන් , මම. හිතනවා යහපාල ,සුමුදු හේවා , මහානාම වැනි කට්ටියත් උදඋව් කරයි. කියලා ඒ අය නිතරම මෙවැනි. දේට කතා කරන අය ,කරුණ. කරලා ඉදිරිපත්. වෙන්නකියල. දැනුම් දෙනවා (ස)
දනුෂ්ක, මමත් කැමතියි දායකවෙන්න. මාගේ විද්‍යුත් ලිපිනයට විස්තර දන්වන්න ඔබට හැකිද? (නි)
හැම කෙනෙක්ම කියනවා විතරයි නමුත් කිසිකෙනෙක් දායක වෙන්නේ න. මෙතන අදහස් දල තියෙනවා 40 විතර මේ අය විතරක් එකතු වුනත් කරන්න පුළුවන් අනික මේ වගේ අය ගොඩක් ඉන්නවා. පුළුවන් විදියට උදව් කරනවා මම මගේ යාළුවොත් එක්ක එකතුවෙලා (බ)
හෙටම මේ අයව බලන්න යනවා. නිවස හදලා දෙන වගකීම භාරගන්නවා.ඒකට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතුවෙන්න අපිත් එක්ක. ආරාධනා කරනවා බොහෝම ගෞරවයෙන්. (නි)
අනේ දෙවියනේ! (නි)
මමත් කැමතියි මුදලින් ආධාර කරන්න.. විදේශයක ඉන්න නිසා එපමණයි මට කළහැක්කේ. තවත් උපකාර අවැසි අය ඉන්නවා නම් කියන්න හැකි පමණින් ආධාර කරන්නම්. (නි)
ඒ මවගේ ගිණුමට මුදල් ආධාරයක් කරන්න. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා (දිල්)
උදවු කරනම ඕන මිනිස්සු වගයක් හරි පවු. (ර)
ලංකාදීපය මේ කරන සද්කාර්යයට ඔබලාට ස්තුතියි! මේ දෙමාපිය දෙන්නාට මුදලක් පරිත්‍යාග කිරීමට මම පොරොන්දු වෙනවා. අපි ඉපදුනු රටින් පිටව ඉඳගෙන ඉපදුනු රටට පිහිටවන්නට ලැබීම පිනක්. (නි)
අද මහජන දේපල වංචා කිරීම සම්බන්දව බන්ධනාගාර ගත වුවන්ද සිටින්නේ ගෙවන වාට්ටුවේ ඉතා සැප පහසු ලෙස. මේ දෙපළ රටට ජනතාවට වංචාවක් නොකර ජීවත් උනත් ගත කරන්නේ ඉතා දුක්ඛිත ජීවිතයක්. මේ වෙනස ලංකාවේ සදාකල් පවතිනු ඇති. (ස)
මට පුලුවන් නම් මගේ ගෙදර තියාගෙන බලා ගන්නවා (නදී)
මට හැකි පමණින් උදවු කරන්න කැමතියි, මේ අසරණ මවට සහ පියාට.. (නි)
මමත් කැමතියි කරන්න පුළුවන් දෙයක් කරන්න. පින්තූර දැක්කහම හරිම කණගාටුවක් හිතට දැනුනා. (නි)
අපේ මිනිස්සුන්ගේ හිත හරි හොඳයි, මනුස්ෂත්වයේ නාමයෙන් ඉදිරිපත්වෙන හැමෝම උත්තරීතර මිනිස්සු. මමත් එනවා උදවුවට. (අ)
ශාන්ගේ කීමට එකඟවෙමි. (නි)
කළ හැකි දෙයක් මමත් කරන්නම් අපිට දෙමාපියන් ඉන්නව මේ වගේ අසරණ අය තව කොච්චර ඉන්නවද (බ)
රෝයි මහත්තයාගේ අදහස සම්පූර්ණ සත්‍යකි. අද රටේ ඇති මේ වෙනස සියලු දෙනා දකින්නේ නැති එක පුදුමයක් නොවේ තාමත් අපේ රටේ ප්‍රශ්න දිහා බුද්ධියෙන් බලන පිරිස ඉතා අඩුයි. (ස)
ජීවිතය ගැන ලොකු කළකිරීමක් ඇතිවෙනවා. (නි)
මේ දෙදෙනාගේ සිහිනය සැබෑ කරන්න පුලුවන් එකම පුද්ගලයා සජිත් පේමදාස ඇමතිතුමායි. (අ)
ඔයාලා හැමෝම හොඳ මිනිස්සු. ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ගැන. හැමෝම එකතුවෙලා උදව් කරමු. අපිට පුළුවන් මේ ගෙය හදාදෙන්න.ඔයාලගේ කව්රුහරි මුල්වෙන්න. මං ලංකාවේ නෙමෙයි ඉන්නේ. නැත්නම් මම මුල්වෙනවා. වෙසක් එකට අවොත් මම මෙයාලව බලන්න යනවා (නි)
මම දකින විදිහට නම් මේ අම්මට හා තාත්ත මේ දේවල් ඇත ඇරලා වැඩිහිටි නිවාසයකට යන එක තමයි හොදම දේ මම මෙහෙම කීවට කවුරුත්ම එක්ක අමනාප වෙන්න එපා මොකද අද මේ දෙන්නට බලන්න කෙනෙක් නැති වුණාට මජනතවගෙන් උදවු ලැබෙනකොට දැන් වෙන්වෙලා එන්න අය පොරකන්න ගන්නවා ඒවා බෙදා ගන්න එකෙන් මේ දෙන්නට දැන් තියන සෙනසීමත් නැති වෙනවා මෙයාල වැඩිහිටි නිවාසෙකට ගියානම් ඕනේ කෙනෙකුට උදවු කරන්න පුළුවන් කාගෙවත් බලපෑමක් නැහැ එතකොට එයාලගේ ගිණුමට යවන මුදල් වලින් බේත් හේත් අරගන දනක් පිනක් කරගන දෙනාට හොදින් එන්න පුළුවන අරක්කු බොන්න සල්ලි දුන්නේ නැ කියලා අම්ම නංගි මරණ මිනිස්සු අද ඉන්නේ අනෙක කාටද මේ ගෙවල් දොරවල් හදන්නේ මුදලින් කල නොහැකි වුවත් දෑත දෙපයේ මහන්සියෙන් දරුවන්ට පුළුවන් මේ දෙන්නව මෙයිට වඩා හොද තැනක තියන්න මේ මට හැගෙන හා මම අද රටේ සිදුවන දේවල් නිසා මට හිතෙන ආකාරය මම වැරදිනම් සමා වෙන්න (අ)
මේ මවුපියන්ට,මේ වයසේදී නිවසක් හදනවට වඩා දෙන්නාටම එකට කරදරයක් නැතුව, නිදහසේ ඉන්න පුළුවන් වැඩිහිටි නිවාසයකට යවන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. එතකොට එයාලට අසනීපයක් වුණත් ඒ අය බලාගන්නවා. (නි)
අනෙක් එක කවුරුහරි මේ මවුපියන්ව ආගම දහමට යොමුකරන්න පුළුවන් නම් එයාලට තේරුම්යයි මැරුණට පස්සේ අපේ මිනිය කියන්නේ නිකන් හිස් දෙයක් විතරයි කියලා. (නි)
හැමකෙන්කම එකතු උනොත් පොඩි නිවසක් හදා දෙන්න පුළුවන් අපිට පුළුවන් ආකාරයෙන් මේ ගිණුමට මුදල් බැර කර යම්කිසි සමාජ සේවා ආයතනයක් මුලිකත්වයෙන් නිවස ගොඩ නගාදෙමු ඉදෙරියේදී වැඩ කටයුතු කරගැනීම අපහසු වෙනු ඇත එවිට කවුද මොහුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජීවිත රෝදය තුල මේ පොදු ලෝක ධර්මතාවයි! (අ)
ශාන, ඔයාගේ අදහස වැරදි නැහැ. ඒකයි ඇත්ත. නමුත් අපිත් දෙමාපියන් නිසා මොවුන්ට උදව් කරන්න ඕනෑ. මොකද ඉන් අපේ දෙමාපියන්ටත් දිර්ඝායුෂ ලැබෙන්න පුළුවන් නිසා (නි)
ලංකාදීප පුවත්පතට ස්තුතියි! මෙහි ප්‍රතිඵල පළකරන්න මේ අයට කවුරුත් පිහිටවෙලා නැත්නම් ඊළග සැරේ මට හැකි දෙයක් කිරීමට මම බර ගන්නවා (බ)
මේ අසරණ මහලු දෙමව්පියන්ට ඉක්මනින් උදව් කල යුතුමයි එයට සැමගේ අධාරය කරන්න මොකද ඔබ අප හැම කෙනෙක්ම මහලුවන නිසා. මේවා තමයි පින් කියන්නේ. ලෝකෙට පෙනෙන්න අත්දෙක එකතු කරගෙන හතර ගාතේ දාල වඳින එක නොවෙයි. (ස)
මේ අසරණ අම්මාටත් තාත්තාටත් දානපතියෙකුගේ උදව් උපකාර ලැබේවා. (ස)
අපේ සමාජය තුල සාරධර්ම පිරිහීම තම තමන්ගේ වගකීම ඉටු නොකරීම නිසා මේ තත්වය උදා වී ඇත ,අපි අපේ වගකීම ඉටු කරමු ,මෙම පුවත ප්‍රචාරය කිරීම ට ස්තුතිය පුදකරමි. හැමෝටම පාඩමක් මේක. අම්මටත් තාත්තටත් දිර්ගායුෂ පතමි. (ස)
අපි එකතුවෙලා මේවගේ අසරනවෙන අයට උදවුවෙන්න පුළුවන් ක්‍රමයක් හදමු. (ස)