මහරගම පොදු වෙළඳපොළ කඩා ඉවත් කර අලුත් පොදු වෙළඳපළත් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසේ. පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා කර නව වෙළඳ සංකීර්ණයට මුල් ගල් තැබීමට සූදානම් කර ඇත. මහරගම නගර සභාපතිනියගේ ඡායාරූපයක් සහිත කටවුට් පුවරුවක් එහි තිබී වනසා දැමීයැයි පළාත් සභා මන්ත්‍රීවරයකුට එරෙහිව ඇය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. පොලිසියද ඇගේ කට උත්තරයක් ලියා ගත්තේය. නව වෙළඳසල් හදන තුරු වෙළඳනට විකල්ප භූමියක් ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර අලංකාර කරන්න මිනිස්සු දැඟලුවත් සිත් අලංකාර කරගන්න කවුරුත් උත්සහ කරන්නේ නැහැ. මොකද කිළුටු වූ සිත පිටට නොපෙනෙනවා වගේම සිත් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලින් වාසියක් ලැබෙන්නෙ නැහැ. (නි)
සභාපතිනිය ගැන, ගොඩ දෙනෙක් කතා කරනවා. (නදී)
එක අතකින් කොහොමහරි වැඩක් කෙරෙනවා නම් හොඳයි. (නි)
ලස්සන කරන එක හොඳයි . අපේ ගමත් ලස්සන කර දෙන්ඩ. මම හිතන්නේ නගර ලස්සන කරන්නේ ගොඨාභය රාජපක්ෂ මහාතාගේ නායකත්වයෙන් නාගරික සංවර්දන අදිකාරිය මගින්. (නදී)
දැන් ඉතාම පැහැදිළිය විපක්ෂය සංවර්ධන වැඩට අකමැතිබව .ඔවුන් ඇවිත් කරන්න හදන්නේ කුමක්ද ? බඩ පිරවීම පමණද ?සංවර්ධනයෙන් තොර රටකට අනාගතයක් තිබේද ?රජයේ වැඩ කඩාකප්පල් කර ඔවුන්ට බලය ලබාගැනීම අරමුණ .රටට ආදරයක් නැති කුහකයන් .(අ)
වසන්ති, එ්කෙන් තමා ගැහිල්ල. (නදී)
නාගරික සංවර්දන අදිකාරිය මගින් කරන ලස්සන වැඩ ගැන අන්තර්ජාලයේ විස්තර සහිතව තියෙනවා. (නදී)
"පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා කර නව වෙළඳ සංකීර්ණයට මුල් ගල් තැබීමට සූදානම් කර ඇත". වෙළෙන්දන්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි (නදී)
මොනවා කලත් කමක් නැහැ නගරයේ තියන වාහන තදබදයටත් පිලියමක් යොදනවා නම්. (නදී)
අලංකාර කිරීම වැදගත් කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයෙන්. (නදී)
මම රජයේ බොහෝ වැරදි දකිනවා. විශේෂයෙන්ම දුෂනය, සහ බලය අයුතු ලෙස පාවිච්ච් කිරීම. මොණරාගල සහ බදුල්ල ගැන මේ දවස්වල බලන්න. මේ නගර ලස්සන කිරීමේ වැඩ නම් මා එක හිතින් අගය කරනවා.(නදී)
කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩ ඉතා සාර්ථකයි ඔය කියන ගැහිලි නැහැ. (නදී)
එතකොට කොමිස් ගැන මොකුත් ලියවිලා නැද්ද ටිකිරි බංඩා මහත්තයෝ. (නදී)
ෆොටෝ එක මොකටද මාර්කට් එකේ ගැහුවේ. (නදී)
ජාතික නිදහස් දිනයට කෑගලු පුරවරය කඩිනමින් සංවර්ධනය කිරීමට පොදු වෙළඳපොල ඉවත් කළා නම් විකල්ප ස්ථානයක් ඉක්මනින් පිළිසකර දෙන්න. පොලේ වෙළෙන්දෝ අද වෙනකනුත් අවට පාලම් අයිනේ, පාරවල් අයිනේ පාරිභෝගිකයා..වෙළෙන්දා උභය පාර්ශවයම කොට උඩ (නදී)
දැන් එතකොට කොමිස් ගහනවා කියල කිසිම සංවර්ධන වැඩක් ලංකාවේ කරන්න බැරිද? මොකා ආවත් ඔය කොමිස් ගැහිල්ල කරනවා. සංවර්ධිත රටවලත් ඕව තියනවා. සමහර කොම්පැනි වලින් කොහොමත් කොමිස් වලට වෙනම මුදලක් වෙන් කරලා තමයි මිල තීරණය කරන්නේ. (නදී)
කඩලා හදන අලුත් තැන කඩ ටික තමන්ගේ හෙන්චයියන්ට බෙදලා දේවි. ඒකනේ මෙතන ප්‍රශ්නේ. ගාල්ලේ කඩවල් අරන් තිබුනේ බත්තරමුල්ලේ මිනිස්සු. (නදී)
සමන්ගේ කතාව තනිකර ඇත්ත .මගේ අදහසත් එයමයි (නදී)
සමන්, ඇත්ත ලංකාවේ විශාල වසයෙන් කොමිස් ලැබෙනවා ගහනවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම ගන්නේ නෑ කියා විස්වාසයක් තියෙනවා. අනිත් අය ගැන නම් මට අවිස්වාසයි. අනිත් එක නාගරික සංවර්දන අදිකාරිය මගින් කොළඹ කර ඇති වැඩ අගය කළ යුතුයි (නදී)
ඔයාල නොදන්නා බොහොමයක් තියෙනවා. (ස)
මහරගමට හරි හමන් බස් ස්ටෑන්ඩ් එකක්වත් නැහැනෙ. ඒ විතරද කොට්ටාවෙත් එහෙමයි. (ස)
මේකේ අපි යොදන අදහස් එයාලා බලන එකක් නැහැ. (ස)
අපි මෝඩයෝ ද නැද්ද කියන එක 21 දාට බලා ගත හැකියි. (නදී)
මහරගම සහ කොට්ටාවේ කානු වල අසුචි ගඳ නවත්තන්නේ කවදාටද ? (නදී)
සමන්. "මොකා ආවත් ඔය කොමිස් ගැහිල්ල කරනවා. සංවර්ධිත රට වලත් ඕවා තියනවා". වෙන රටවල 5%-10% කොමිස් ගහනකොට අපේ රටේ අපරාදේ කියන්න බැහැ 70%-80% ක් කොමිස් ගහනවා. පේන්නේ නැද්ද අදි වේගේ පාරවල් අඩියක් හදන්න ලක්ෂ 22 ක්. නොරොච්චෝලේ කරදරයක් නැතිව මාස කීයද ක්‍රියා කලේ. (නදී)
එයාගේ නැත්නම් සැමියාගේ සේයාරූ නැති තැනක් මහරගම තියෙනවාද? (නි)
කරුණාකරලා පානදුර නගරයත් ලස්සන කරන්න. කිසිම දේක පිලිවෙලක් නැහැ. බස් නැවතුම් පොළ දුම්රිය පොළ හිතුමතේට ඉදිවන කඩ සාප්පු වහින දවසට හරිම අපිරිසිදුයි. ඒ උනාට බදු වෙලාවට ගන්නවා කිසිම ආණ්ඩුවක් පානදුර නගරය ගැන හරියට වැඩක් කරේ නැහැ (නදී)
මහරගම නගරයේ බස් නවත්තන්නේ තැන් තැන් වල. කිසිම පිළිවෙළක් නැහැ. තාම බැරිවුනා මහරගමට ස්ථිර බස් නැවතුම් පොළක් හදාගන්න. මඟීන් වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. තැපැල් කන්තෝරුව තියෙන්නේ කැලෑ පාරක. පිරිසුදු වැසිකිළි පද්ධතියක් නැහැ. බලධාරීන් හොරට නිදි. හොරට නිදියන අය ඇහැරවන්න හරි අමාරුයි කියලා තමයි අහලා තියෙන්නේ. (නි)
සදුනිට සුබ අනාගතයක්. (නදී)
වසන්ති -ඔබ ඔය කියන, අරයා කොමිස් ගන්නේ නැහැ ඒ වුනාට අනිත් අය ගැන නම් විස්වාසයක් නැහැ කියන කතාව ගැන ඔබට හොඳටම විස්වාසද.(නදී)