අයාලේයැවූ මී හරකුන් 11 දෙනෙකු ලංගම බසයක හැපී බසයට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ලංගම ඩිපොවට රුපියල් 136000 ක වන්දි ගෙවන පදවි මෛත්‍රී පුරයේ එම්.ඒ.ඩී පියදාසට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා නියොගෙ කළේය.
ගව හිමියා ජාතික මංමාවත් පනත උල්ලංගනය කර ඇතැයි අධීකරණය තීන්දු කළේය. ඔහුට රුපියල් 2500ක අතිරේක දඩයක් ද නියම කළේය.
මහේස්ත්‍රාත් නියමයෙන් උසාවියේ පෙනී සිටි කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් එන්. ප්‍රේමලතා මහත්මියට නියොග කළේ අයාලේ යන සතුන්ට එරෙහිව ප්‍රාදේශීය සභාව ක්‍රියා කළ යුතු බවයි.
ප්‍රාදේශීය සභාවේ එම වගකීම පැහැර හැරිය හොත් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩු දමන ලෙස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති අජති රත්නායකට නියොග කළේය. බසයේ හැපුනු මීගවයන් 11 දෙනාගෙන් 7 දෙනෙකු එතනම මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගව රංචු පාරේ යන එන එකෙන් අනතුරු වැඩියි.(හේ)
අපි යන පාරවල් වලත් අයාලේ යන බල්ලෝ බළල්ලු හරක් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. හරක් 11 ක් හප්පන් යන්න මෙයා පොට්ටයෙක්ද? බස් එක එලවල තියෙන්නේ මනුස්සයෙක් නෙමේ අමුම අමු තිරිසනෙක්. (බ)
ඉසුරුගේ කතාව ඇත්ත. බසය එළවා තියෙන්නේ එල හරකෙක්. මී හරක් ඇති කරන මනුස්සයෙක් කොහොමද ඔච්චර ලොකු මුදලක් ගෙවන්නේ. අනික මී හරක් මැරුණට ප්‍රාදේශීය සභාව යි වන්දි ගෙවිය යුත්තේ. (බ)