ගංවතුර උවදුරින් දින 15ක් තිස්සේ දුක් විඳි කැලණි ගඟ දෙපස ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුව සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
පවුල් සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ හේවාගම, කඩුවෙල, නවගමුව, කොතලාවල, රණාල, බෝමිරිය මුල්ලේරියාව, වැලිවිට ඇතුළු තවත් ප‍්‍රදේශවල ගැබිණි මාතාවන් සහ අවුරුදු 3 ට අඩු දරුවන් සිටින පවුල් 700කට අධික ප‍්‍රමාණයකට ලක්ෂ 25ක වටිනා කමින් යුතු නිදන මෙට්ට පරිත්‍යාග කැරිණි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපුව සහ ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව දායක පින්වතුන් සහ ලංකාවේ පරිත්‍යාගශීලී ආයතන සම්බන්ධ කරගනිමින් සිදුකළ මේ සුවිශේෂී පින්කම කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවෝ දුක ඇතිවීමට හේතුව හොයාගන පිළියම් යොදන්න කියා තිබෙන නමුත් කව්රුවත් ගංවතුර ඇතිවීමට හේතුව හොයා බලන්නේ නැහැ සොයා බලා පිලියමක් නොකොළොත් ඊළඟ වැස්සටත් නැවත ආධාර බෙදන්න වෙයි (බ)
මහමෙව්නාවෙන් කෙරෙන මෙවන් බොහෝ කාර්යයන් අනෙකුත් මාධ්‍ය වලට නොපෙනීම කණගාටුවට කරුණකි.....(ම)
සාධු... සාධු... සාධු... සියලුම දෙනාට පින් සිද්ධ වේවා (හේ)
සාධු... සාධු... සාධු... ඉතාමත් හොද වැඩක්. (ම)
සාදු සාදු ...! බොහොම පින් (ම)
මෙන්න සැබෑ සමාජ සත්කාර, සැබැ පින්කම්. කෝටි ගණන් වටිනා රත්තරන් මාල පළඳනා පුදන්න වියදම් කරන මුදල් මෙන්න මේ වගේ දේට යෙදෙව්වනම් බුදු හාමුදුරුවන්ගේ සැබැ දහම පිළිපැද්ද වෙනවා.(ම)
සාධු... සාධු... සාධු... සියලුම දෙනාට පින් සිද්ධ වේවා (ම)