(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ ටයරය කැඩි ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මහ මාර්ග අධිකාරියෙන් අය කර දෙන ලෙස මහරගම පදිංචි ව්‍යාපාරිකයකු අද (24) බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
කොට්ටාව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුලු වී මෝටර් රථය මාතර දෙසට ධාවනය කරමින් තිබියදී මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ හුලං ගිය බවත් තමා මෝටර් රථය මාර්ගයේ නවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී මාර්ගයේ කලු ගලක් තිබෙනු දුටු බව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය අමතා සිදු වූ සිද්ධිය පවසා සිටි බව ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම පැමිණිල්ල කිරීම සඳහා ගලකට කැපුණු බව පවසන ටයරයද ව්‍යාපාරිකයා විසින් පොලිසියට ඉදිරිපත් කර තිබේ.
පැය දෙකකට පමණ පසු අපදා රථය පැමිණ මෝටර් රථය පටවාගෙන කුරුඳුගහ හැතැක්ම පිවිසුම තෙක් ගොස් ඒ වෙනුවෙන් අය කරන රුපියල් 2500ක මුදලක් හා ටිකට් පතට අය විය යුතු රුපියල් 250 මුදලත් අය කර ගත් බවත් තමන්ට ටයරය මිලදී ගැනීම සඳහා රුපියල් 12,500ක මුදලක් වැය වූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ පැමිණිල්ලක්... අපි බලමු සාධාරණය ඉටුවේවිද කියලා...
පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ව්‍යාපාරිකයාගෙන් ලංකාව උගත යුතු පාඩම් බොහෝය. අපිත් මෙවැනි අසාධාරණයකට ලක්වූ විට නිකන් බලා නොසිටිය යුතුය. ප්‍රමිතියකට මාර්ගය නිර්මාණය කිරීම සහ නඩත්තුව වෙනුවෙන් අපිදු බදු මුදල් හිඟ නැතිව ගෙවන්නන් වෙමු...
මෙය ඉතාම හොද පියවරක්. හැමෝම මෙය අනුගමනය කල යුතුය. මිනිස්සු සල්ලි ගෙවලා අධිවේගේ යන නිසා එම මාර්ග අදාළ අය ඉහළ මට්ටමකින් නඩත්තු කල යුතුය.
මේක ඉතාම වැදගත් නඩුවක්. අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නිවැරදි කිරීමට නීතිය යොදා ගත හැකි අවස්ථාවක්. මං ඉන්න රටේ කාන්තාවක් පේව්මන්ට් එකේ ලිස්සල වැටුනාම නගර සභාවට විරුද්ධව නඩු දැම්ම පාරවල් පිරිසිදුව තබා නොගැනීම නිසා තමාට වූ අකරතැබ්බයට වන්දි ඉල්ලලා.
අන්න බොහොම හොඳයි වැඩේ. අත මිට සල්ලි තිබෙන අයට තමයි මෙහෙම කරන්න පුළුවන්. පාඩුවට නඩුගාස්තුත් කාලයට මුදලකුත් තක්සේරු කර ඇතුලත් කරන්න නැතිනම් වෙන මහන්සිය පාඩුයි.
ඔය තියන්නේ ඔහොම යං. තම අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට දිරිය ඇති රට වැසියෙක්. මීට කලින් මං දැකල තියනවා කාණු වලට වැටිලා කකුල් කඩා ගත්ත ගොඩක් සිද්ධි විටින් විට පත්තරවල. ඒවගේ දේවල් වෙන රටක වුණා නම් ආණ්ඩුවට බරපතල වන්දි විතරක් නෙමෙයි, සාපරාදී නොසැලකිල්ල යටතේ අදාළ නිලධාරීන්ට පුද්ගලික නඩුත් වැටෙනවා. අපේ රටේ ඒවාට වග කියන කවුරුවත් නැහැ.
මේක ලංකාව
ඔබ හරි, නියම පරෝබෝග්ය්කයෙක්, ජය වේවා ඔබට.
ඉතාම හොද ඉල්ලීමක්. හැමෝම ඔහොම කරන්න ඕනේ. නැති නම් හැදෙන්නේ නෑ.
හොඳ වැඩක්.පාරේ හැම තැනම වලවල් ,ජලසම්පාදනෙන් පාර කර්පෙට් කරලා හදල දවස් දෙකෙන් තුනෙන් ලීක් වෙන බට හදන්න පාර කපල විනාශ කරනවා.රටේ සල්ලි මේවගේ විනාශ කරනවා මදිවට පාරේ යන වාහනත් අනතුරේ දානවා.වාහනයක් පාරේ තියෙන වලකට වැටුනොත් ලක්ෂයක දෙකක රෙපෙයාර් එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. වෙනවා.ඊට අමතරව පාරවල් හදන කොන්තාරත් කරුවන්ගේ නොසැලකිල්ලත් බලපානවා.පාරේ වාහනේ යන විට එකවරම ගැප් එකකින් පහලට වැටෙනවා වාහන වලට වන හානිය එකවරම නොවුනත් කාලයක් යනවිට CV joint බොහෝ විට මාරු කරන්න වෙනවා.එංගලන්තේ මේ වගේ අනතුරු වලට වන්දි ගෙවනවා. ලංකාවේ මාර්ග අධිකාරියේ නොසැලකිල්ල ට පාරේ යන වාහන පාලි නැහැ.අනිවාර්යයෙන් වන්දියක් දිය යුතු යි සහ එම ක්‍රමවේදයක් සැදිය යුතුයි .
හොඳ වැඩක්. පාරට අපි වාහනයක් ඇතුල් කරනකොට ටිකට් එක කඩන කඩිමුඩිය නෑ පාරේ නඩත්තු කටයුතු වලට
ඇත්තටම මේ දේ අහලා මම ඉතා සතුටට පත්වුනා. මේ දේ නොකරන තාක් කාලයක්, මාර්ග සංවර්ධන අධිකාරියවත්, අදාළ රාජ්‍ය ආයතනවත් තමන්ගේ වගකීම් අවබෝධ කරගන්නේ නෑ. මේ මෝටර් රථයට අදාළ ගෙවීම් අයකර ගැනීම හා සමානවම එම මෝටර් රථයට අදාළ සේවය සහ ආරක්ෂාව සැලසීමටත් අදාළ ආයතන සහ රාජ්‍ය නිලධාරීන් නීතිමය වගකීමකින් බන්දී ඉන්නවා. ඒ දේ ඔවුන් දන්නෙවත් නැතුව ඇති. මේ නඩු තීන්දුව ඒ වගවීම ඉහලින්ම ඔසවා තබයි යැයි විශ්වාශ කරනවා.
ඔවු, වාහනයක් මාර්ගයේ වැටකට අලාභ කළොත් ඒක අයකරගන්නවා නේ. ඒ විධියටම මහාමාර්ගයේ වැරදි වලින් වාහන වලට වන අලාභය ගෙවීම කළ යුතුයි.
මේක හොඳ ඉදිරිපත්වීමක් මොකද මේ අධිවේගයට අපේ අතින් මොන මල ඉලව්වක් උනත් එක හදල දෙනකම් වහනය දෙන්නේ නෑ ඒ තරමටම නීති තදයි ! ඉතින් එහෙම එකේ පාරේ ගල් තියෙන්න බැහැනේ !
අන්න මිනිස්සු. ඔහොම යන්. සල්ලි ඕනෙනම් නඩුවට අපි දෙන්නම්.
මම මේ ඇත්තටම කියන්නේ. මමත් ඔය පාරේ යද්දී ගලක් හරි බෝල්ට් ඇනයක් උඩින් හරි කාර් එකේ රෝදයක් ගමන් කලා. ළඟටම එනකම් දැක්කේ නැහැ. ටිකක් පැත්තකටවත් හරවන්න වත් වෙලාවක් තිබුනේ නැහැ. කාර් එක උඩු යටිකුරු වෙලා පෙරලෙන්න ගිහින් බේරුනේ පුරුවේ කළ පිනකට. මතක් වෙනකොටත් බය හිතෙනවා. ඊට පස්සේ පිටවන ගේට්ටුවේදී සිද්ධිය කිව්වට මොන සැතපුම් කණුව ලඟද වුනේ කියල අහනවා. කාටද ඕව මතක?
ඔහොම තමයි කරන්න ඕන, ප්රමිතයෙන් තොරව වැඩ කරන ඕනෑම රාජ්‍ය ආයතනයට විරුද්ධව අපි අපේ හඬ නගන්න ඕන. දැන් සමහරු අදහස් දෙයි මේවා කොච්චර කරත් හදන්න බැහැකියලා. එහෙම හිතල අපි කටවහෙගෙන ඉඳින තාක් කල් හදන්න බැහැ. එකනේ බුදු හාමුදුරුවොත් කිව්වේ අඩුගානේ එක සැරයක් වත් නයෙක් පෙනේ පෙන්නුවේ නැත්නම් දරමිටියක් බඳින්න හරි ගනී කියල. ඉතා හොඳ ප්‍රවණතාවයක්.
මෙයා අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන.
ලංකාවේ අපට අධිවේගී මාර්ග අරුමයක් වුවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය ඇත්තේ අතිශය කණගාටුදායක මට්ටමක බව ප්‍රකාශ කලයුතුය. ඉදිරි වසර 3-4 තුල එහි අතිශය දරුණු රිය අණතුරු සිදුවීම ඉතා සුලභ වනු ඇත.
පහුගිය ආණ්ඩුවේ සංවර්ධනය දොරේ ගලනවා.චීන බඩු ගැන මිනිස්සු අතර තියන විශ්වාසය මෙවයින්ම ඔප්පු වෙනවා.
කවුරුහරි මේවගේ ඉදිරිපත් වෙනකොට එය අගය කලයුතුයි....
ඒක හොඳ වැඩක්
අන්න නියම මිනිස්සු.........
හිස නමා ඔහුට ආචාර කරමි.. නියම මිනිසෙකි..මෙයයි වියයුත්තේ මේ රටේ..
නියම පුරවැසියෙක්. ඔබේ නඩුවට ජයෙන් ජය පතමි. ඔහොම නැතුව මේ කම්මැලියෝ පාඩම් ඉගෙන ගන්නේ නැහැ. මම දවසක් දැක්කා කඩුවෙල නගරයේදී තරුණයෙක් පාර අයිනේ කානුවකට වැටිලා දණහිසෙන් පහළ ලෙලි ගිහින් අවට අය තමයි ඇදල උඩට ගත්තේ. පාර දෙපැත්තේ කානුවලට අදත් ඕනෑම කෙනෙක් ඇදවටෙන්න පුළුවන්. හැබැයි, මහා නගර සභාවක්!
නියමයි. ඔබ මෙම නඩුව පැරදුණත් මේ මිනිස්සුන්ට යස පාඩමක් උගන්නවා...
මේක හොඳ ආදර්ශයක්. සාර්ථක වේවා.
අධිවේගී මාර්ගයට අප අැතුල්වනවිට ඒ සඳහා මුදලක් ගෙවන්නේ නම් හදිසි ආපදාවක් අධිවේගී මාර්ගය තුලදී සිදු වුවහොත් ඒ ආපදාවට ලක් වූ රථය ලඟම ඇති පිවිසුමට අදාල නඩත්තු කරන ස්ථානයක රථය රැගෙන යාම සඳහා ඇයි අපි මාර්ග සංවර්ධන අධිකාරියට මුදල් ගෙවන්න දහස් ගණනකගේ මුදල් ලබාගෙන ලබා දෙන සේවය හා එම සේවය ලබාගන්න පුද්ගලයාගේ හදිසි අාපදාව සඳහා නොමිලේ මේ සේවාව ලබාදීම කළ යුතුය. ජනතාව මුදල් ගෙවන්නේ ගේට්ටු වල ඉන්න නිලධාරීන්ගේ පඩි නඩි සඳහා මෙන්ම මේ සදහා වැය වුණු මුදල් ආපසු ලබාගැනීම සඳහා පමණක් නොවේ. හදිසි අාපදාවකදී ඒ සඳහා උපකාර කිරීම සඳහාද විය යුතුය.