ඔහු ”ජුලියට්ගේ භූමිකාව, අබා” වැනි චිත‍්‍රපටවලින් තමන්ගේ මුද්‍රාව නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයකු ලෙස සිංහල සිනමාවේ සනිටුහන් කර හමාරය. පුංචි තිරයේ ද ඔහුගේ බල පරාක‍්‍රමය පෙන්වා අවසන්ය. කලා ක්ෂේත‍්‍රයේ මෙන්ම විවිධ ක්ෂේත‍්‍රවල ද ඔහු ඉස්මතු වී පෙනෙන්නේ ඔහුගේ දක්‍ෂතාව නිසාවෙනි. ඔහු බොහෝ දෑ සොයා යන, ඒවා අධ්‍යයනය කරමින් තම මතවාද ප‍්‍රකාශ කරන අපේ කාලයේ විද්වතකු ලෙස හැඳින්වීම වරදක් නැතැයි මට සිතේ. ඔහු නමින් ජැක්සන් ඇන්තනිය. අපේ රටේ ඇඩ‍්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතවල සුවඳ රට පුරා පතුරුවන්න මේ මස 23 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවලට ඔහුගේ අලූත්ම චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය ”ඇඩ‍්‍රස් නෑ” රැගෙන එයි. එය නිමිති කරගෙන මේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයා සමඟ අපේ කතාබහ ආරම්භ කළෙමු. මේ එම සංවාදයේ සටහනයි.
කලාකරුවාගේ භූමිකාව අද දවසේ කෙබඳු තත්ත්වයට පත්වෙලාද? එය දේශපාලකයන්ට ඕනෑ හැටියට නැටවෙන රූකඩයක් ද?
ප‍්‍රධානම දේ කලාකරුවාගේ භූමිකාව ඉතාම ශක්ති විරහිතයි. ඒ හේතුවෙන් සමහරවිට දේශපාලකයන්ට හෝ බස් මුදලාලි කෙනෙකුට හෝ හසුරුවන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට හසුරුවන්න පුළුවන් විදිහට කලාකරුවා හෑල්ලූ වුණා. අද කලාකරුවා හෑල්ලූ වෙලා. ඒකට හේතුව තමයි ලංකාව රටක් ලෙස පවතින්නේ ආර්ථිකය මතනේ. ආර්ථික විද්‍යාවේ අධස්ථ ව්‍යුහය තමයි ආර්ථිකය. ඒක මත උපරිම ව්‍යුහයේ තමයි කලාව, සංස්කෘතිය පවතින්නේ. අධස්ථ සංස්කෘතියට උපරි ව්‍යුහයෙන් සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ. කලාව ආර්ථික කාරණාවක් බවට පත්වෙන්න ඕනේ. ලංකාවේ කලාව ආර්ථික කාරණාවක් නොවෙයි. එතන තමයි ලොකුම ප‍්‍රශ්නය තිබෙන්නේ.

ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල කලාව ආර්ථික සාධකයක්. ජාතික ආදායම, ජාතික වියදම යන සංඛ්‍යාලේඛනවල කලාවට දශම ගණනකින් හෝ සම්බන්ධතාවයක් තිබෙනවා. අපේ රටේ කලාව ජාතික ආදායමට හෝ ජාතික වියදමට, ජාතික ආර්ථිකයට දශම කීයකින්වත් සම්බන්ධතාවයක් නෑ. ඒ නිසා කලාකරුවාට ආර්ථිකය තුළ අධස්ථය තුළ පෞරුෂයක් නෑ. එතකොට කලාකරුවා හෑල්ලූ වෙනවා. හෑල්ලූ වූ කෙනාව ඕනෑ ඕනෑ තැන්වලට ඇදගෙන යන්න පුළුවන්.
56 සිට ගත්විට 70, 80 දශකය දක්වා කලාවට ලංකාවේ ලොකු ගෞරවයක් තිබුණා. ඒ ගෞරවයට හේතුව මේ රටේ ආර්ථිකයේ කාරණාවක් වෙලා තිබුණා කලාකරුවා. සිනමා ශාලා තුන්සිය ගණනක් තිබුණා. සෙනඟ ඉතිරෙන්න බැලූවා. රටවැසියාගේ මනස තුළ, රසඥතාවය තුළ සිනමාව තිබුණා. රටවැසියාගේ මාසික න්‍යාය පත‍්‍රය තුළ සිනමාව තිබුණා. සමස්ත ජාතික ආර්ථික ක‍්‍රියාවලියේ සිනමාවට සම්බන්ධතාවක් එදා තිබුණා. අද එහෙම නෑ. අද සිනමාව, කලාව ජාතික ආර්ථිකයට වදයක් වෙලා. ජාතික ආර්ථිකය හිතන්නේ සුබසාධනයක් කියලයි. සිනමාව සුබසාධනය හැම පැත්තකින්ම තිබෙනවානේ. නැවක් මුහුදුබත් වෙනකොට ඉස්සෙල්ලාම විසි කරන්නේ ඒ නැවේ තිබෙන සංගීත භාණ්ඩ කියනවානේ. ”එන්ටර්ටේනිං” කියන එක අතහරිනවානේ.
ලංකාව තවම ගෙවන්නේ හදිසි අවස්ථාවක්නේ. වසර 30 ක යුද්ධය ඉවරවනවිට ආර්ථික යුද්ධය, දේශපාලන යුද්ධය අපි පටන්ගත්තානේ. එතකොට මේ යුද කියන්නේ කැළඹිලි. ඒ කැළඹිලි අවස්ථාවලදී ”එන්ටර්ටේනිං”වලට කිසිම අවස්ථාවක් නෑ. ආර්ථික සාධකයක් නොවුණු ”එන්ටර්ටේනිං”වලට කිසිම වගක් නෑ. ඉන්දියාවේ චිත‍්‍රපටවලින් පොලිසිය, අධිකරණය හෑල්ලූ කරනවා. ඒවාට රජයටවත් අධිකරණයටවත් අත තියන්න නෑ. මොකද එය ජාතික ආර්ථික සාධකයක් වෙලා තිබෙන නිසා. විශාල මුදල් සංසරණයක් සිද්ධ වෙන්නේ සිනමාව හරහා. රජයෙන් කෙරෙන අඩුපාඩුකම් පවා, ජනතාවට කෙරෙන අඩුපාඩුකම් පවා ඔවුන්ට සිනමාවෙන් සමහන් කරගන්න පුළුවන්. ඔවුන් සිනමාවේ සතුටුවෙනකොට අර ප‍්‍රශ්න අමතක වෙනවා. අපේ සිනමාවේ එහෙම නෑ. ඒ නිසා මේක ඔහේ පාවෙනවා. මේකට නූලක් නෑ. ආර්ථික සාධකයක් නෑ. ඒ හේතුවෙන් දේශපාලකයන්ට පමණක් නොවෙයි, සාමාන්‍ය සිල්ලර කඩයක මුදලාලි කෙනෙකුට පවා කලාකරුවා ඇදගෙන යන්න පුළුවන්.
දේශපාලනය පසෙකින් තබා අපි ඔබගේ අලූත්ම නිර්මාණය දෙසට හැරෙමු. ඔබේ ”ඇඩ‍්‍රස් නෑ” චිත‍්‍රපටය ඔබටත් ඇඩ‍්‍රස් නැති කරයිද?
මේ රටේ ඇඩ‍්‍රස් නැති අති විශාල පිරිසක් ඉන්නවා. ඇඩ‍්‍රස් නෑ කියන වචනය අපි රස්තියාදු වචනයක් විදිහටනේ ගන්නේ. මේක හරිම අනුකම්පාදායී ක‍්‍රියාවක්. අපි මීට පෙර දේශපාලන වචනයකින් විග‍්‍රහ කළා ලූම්පත් පන්තියක් ගැන. ඒක සිංහලයට පරිවර්තනය කළා. නන්නත්තාරික නිර්ධන පංතිය
කියලා. ධර්මසේන පතිරාජ ”සොල්දාදු උන්නැහේ” චිත‍්‍රපටය හැදුවේ මේ ලූම්පන් නැත්නම් නන්නත්තාරික කොටස පිළිබඳව දේශපාලනික විග‍්‍රහයක් ඇතිවයි. මෙන්න මේ පිරිස, කවුද මේ අය? මේඅය තමයි අනවසර පදිංචිකරුවෝ. ඒ අයට ඉන්න තැනක් නෑ. ඉන්නේ අනවසරයෙන්. ඒ අය යන යන තැනින් එළවනවා. මෙන්න මේ මිනිසුන්ට ලිපිනයක් නෑ. ඇඩ‍්‍රස් එකක් නෑ. මම මේ අය ගැනයි කතා කරන්නේ.
මේ රටේ ඇඩ‍්‍රස් නැති මිනිස්සු ගැන කතා කරන මිනිසකුට ඇඩ‍්‍රස් නැති වෙලා නෑ කවදාවත්. නිර්ධන පංතියටත් පහළ, කම්කරු පංතියටත් පහළ ලූම්පන් පන්තිය කියලා කොන් කරලා සිටින මං පහරන්නන්, සිඟන්නන්, වෛශ්‍යාවන්, කුලියට මිනී මරන්නන්, වීදි දරුවන්, වැනි ඇඩ‍්‍රස් නැති මිනිස්සු ගැන කතා කරන මිනිසෙකුට ඇඩ‍්‍රස් නැති වුණොත් ඒ රට රටක් නොවෙයි. ඒ නිසා මම නිවැරැුදි තැන, නිවැරැුදි කාලය ගත්තා කියලා හිතෙනවා. චිත‍්‍රපටය නැරඹූ කෙනෙකුට වැටහේවි අපි මොනතරම් අනුකම්පා විරහිතව, අපේ රටේ අපිත් එක්ක ගොඩනැඟුණු අපිත් එක්ක ඉපදුණු කොට්ඨාසයක් අයින් කරලා තියෙනවද කියලා. මගේ සටන් පාඨය වෙන්නේ, ”ආලෝකය ඉපදුණු දා අන්ධකාරය ද ඉපදුණේය. පොහොසත්කම ඉපදුණු දා දුප්පත්කමද ඉපදුණේය. රජුන් ඉපදුණු දා සිඟන්නන්ද ඉපදුණේය.” හැබැයි රජුන්ට ඇඩ‍්‍රස් එකක් තිබෙනවා. සිඟන්නන්ට ඇඩ‍්‍රස් එකක් නෑ. මෙන්න මේ ඇඩ‍්‍රස් නැති කරපු පිරිස පිළිබඳව තමයි මා මේ චිත‍්‍රපටයෙන් කතා කරන්නේ.
ඔබ මීට පෙර ”ජූලියට්ගේ භූමිකාව”, ”අබා” වැනි එකිනෙකට වෙනස් නිර්මාණ කළ අධ්‍යක්‍ෂවරයෙක්. මෙවර ඔබ ඇඩ‍්‍රස් නැති මිනිසුනට ඇඩ‍්‍රස් දෙන්නයි හදන්නේ. මෙය කිරීමේදී ඔබට අභියෝග එල්ල වෙන්න ඇති නේද?
මට තිබෙන ප‍්‍රධානම අභියෝගය තමයි මගේ සිනමාවේ උදාන වාක්‍යය. ඒ තමයි හුදී ජන පහන් සංවේගය පිණිසයි කියන එක. මම කලාවට එන්නේ හුදී ජන පහන් සංවේගය පිණිස නිර්මාණ ඉදිරිපත් කරන්නයි. ඒ මිසක් දුර්ලභ රසයකට, දුර්ලභ පේ‍්‍රක්‍ෂකාගාරයකට, ඉතා කුඩා පේ‍්‍රක්‍ෂකාගාරයකට නොවෙයි මම නිර්මාණ කරන්නේ. මම නිර්මාණ කරන්නේ හුදී ජනයා සඳහායි. එතකොට මේ දුක්ඛිත මිනිසුන්, මේ කිලිටි, කැත, කළු මිනිසුන් ලෙස වෙන් කරලා තිබෙන මිනිස් කොට්ඨාස හුදී ජන පහන් සංවේග සඳහා සකස් කරන්නේ කොහොමද කියන අභියෝගයට තමයි මම මුහුණ දුන්නේ. එතකොට අපි ලස්සන දේ, සුන්දර දේ තමයි විකුණන්නේ. කැත දේවල් ගන්නේ නෑ. හැබැයි මේ කැතයි කියලා, ගඳයි කියලා, කිළිටියි කියලා විසිකරපු දේ හුදී ජනයාට සුවඳක් වෙන විදියට සකස් කරන්නේ කොහොමද? ඒ තැනදී මට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවුණා.
මම එතනදී භාවිතා කළේ කතන්දර කලාව කියන එකයි. කතාන්දර කලාව කියන්නේ කුමක්ද? මේ හැඟීම් දැනීම් අතර කලාවනේ. හැඟීම් කතන්දර හරිම සුවඳයි. එතකොට මේ මිනිසුන්ගේ හිත් හරි සුවඳයි. දුක්ඛිතයන්ගේ ඇඟ කිලිටි වුණාට හිත සුවඳයි. ඒ හිතයි අපේ හිතයි අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. මම මේ මිනිසුන්ගේ භාවයන් කියන පිරිසිදු විලේ ඉඳගෙන තමයි කටයුත්ත කරන්නේ. ඒ නිසා මම ඒ අභියෝගය ජයගත්තා. අපට තිබෙන ප‍්‍රශ්නමයි මේ අයට තිබෙන්නේ. අපට තිබෙන මානව සම්බන්ධතාම තමයි ඔවුන්ටත් තිබෙන්නේ. ඒ සම්බන්ධතා මොනතරම් අපත් එක්ක ළඟද? නමුත් අපට වඩා කොයිතරම් අසාධාරණයකට ලක්වෙලාද මේ මිනිසුන් කියලා දැනගත්තාම පේ‍්‍රක්‍ෂකාගාරය කඳුළු සලාවි, සිනාසේවි, මේ සිනහව, කඳුළ, බිහිසුණුකම කියන භාවයන් එක්ක මම මේ කිලූට්ට පිරිසිදු කළා. ඒ නිසා මම මෙහි ලොකු මහන්සියක් ගත්තේ කතා සන්දර්භය හදාගන්නයි.
තප්පරයෙන් තප්පරයෙන් කුතුහලය දනවන පරිදි ඊළඟට කුමක්ද වෙන්නේ? කියන කතන්දර කලාව අපට අමතක වෙලා ගිහින් තිබුණේ. ඉස්සර 70, 80 දශකවල චිත‍්‍රපටවල පුදුම කතන්දරයක් නැරඹුවේ. පසුකාලීනව අපි කතන්දරය අයින් කරලා දාලා, අපි මේ සිදුවීම්වලට මුල්තැන දුන්නා. හැබැයි සිදුවීමක් එක්ක රැුඳෙන්නේ නෑ. කතන්දරයක් එක්කයි රැුඳෙන්නේ. මම මෙන්න මේ අපෙන් ඉවත්වෙලා ගිය කතන්දර කලාවේ ආශ්චර්යය ගත්තා. මුළුමනින්ම න්‍යායන් බලපානවා. මම හරියට කලාවේ න්‍යාය ඉගෙනගත්ත කෙනෙක්.
ඇඩ‍්‍රස් නැති මිනිස්සු ගැන කතාකරන්න මම ගන්නේ රස සිද්ධාන්ත. රසය කියන දේ මම ගන්නේ. ජුගුස්සාව කියන්නෙත් රසයක්. මම ගන්නේ ඒ රසය නොවෙයි. විස්මය, පුදුමය ආකර්ෂණීය ලෙස ගොඩනගන්න තමයි සන්දර්භය කියන එක හැදෙන්නේ. කතන්දරයට සන්දර්භයක් හැදෙන්න ඕනනේ. කතන්දර කලාවට මේ මානුෂික හැඟීම් එකතු කරගත්තාම මට ඔබ කියූ ඒ අභියෝගය ලේසියෙන් ජයගන්න පුළුවන් වුණා.
මේ චිත‍්‍රපටය එන්නට පෙර ඔබ ”සිංදු මංගල්ලේ” නමින් ගීත ඇතුළත් DVD පටයක් එළිදැක්වූවා. මෙයින් ඔබ බලාපොරොත්තු වුණේ කුමන කාරණයක්ද?
චිත‍්‍රපටයට අත්‍යාවශ්‍ය අංගයක් තමයි ප‍්‍රචාරය. හේතුව චිත‍්‍රපටය තරගයකට යොමුවීම හා එය නරඹන්න පේ‍්‍රක්‍ෂකයන් එකතු කරගැනීම කියන කාරණය නිසයි. එයට භාවිත කරන්නේ වෙළෙඳ ප‍්‍රචාරයයි. වෙළෙඳ කියද්දීම ධනයක් අවශ්‍යයි කියන කාරණය තිබෙනවා.
අපට විශාල ධනස්කන්ධ නෑ. එනිසාම අපි සකසුරුවම් සහිතව මේ ධනය පාවිච්චි කළ යුත්තේ. භාණ්ඩයක් කොයිතරම් ගුණාත්මක වුණත්, දවටනය නැත්නම් මෙය මිලදීගන්නේ නැහැනේ. ප‍්‍රචාරණය කරන්නේ ඒ දවටනයයි. හැබැයි ඒ දවටනයට වියදම් කරනවා අර භාණ්ඩයට වඩා. පසුගිය කාලයේ අපි සිනමාවේ එය දුටුවා. මේ චිත‍්‍රපටයත් එක්ක මා හඳුන්වා දෙන කාරණාව තමයි ධනය නොවෙයි, කාර්යක්‍ෂමතාව හා නිර්මාණශීලීත්වයයි. එතකොට නිර්මාණශීලි ලෙස දවටනය හදනකොට එයට එතරම් මුදලක් වැය වෙන්නේ නෑ. චිත‍්‍රපටයේ ගීත චිත‍්‍රපටයට පෙර එළියට ආවම, චිත‍්‍රපටයට එයින් ලොකු ආකර්ෂණයක් ලැබෙනවා. ඒ නිසා මගේ චිත‍්‍රපටයත් එහෙම ගීත 3ක් ඇතුළත් එකක්. ඒ නිසයි චිත‍්‍රපටයට පෙර ”සිංදු මංගල්ලේ” නමින් ගීත 3 එළියට දැම්මේ.
මල්වත්ත පාර මුදල් කරගෙන ගොඩනැගෙන DVD වෙළෙඳපොළ ප‍්‍රබලයි. පසුගිය කාලයේ ඉතාම බාල බොලඳ, කාම චිත‍්‍රපට රැල්ලක් හැදුණා. ඉතාම අඩු මුදලකින් DVD චිත‍්‍රපටයක් හැදුවා. ඒ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක කියලයි වෙළෙන්දෝ මට කිව්වේ. අපේ රටේ මිනිස්සු ගොනාට අන්දන්න බැහැ. එහෙම වෙළෙඳ ගොනාට අන්දවන්න බැහැ. අපේ මිනිසුන්ගේ රස නහරවල තිබූ සිනමා ආසාව, සිනමාශාලා වැසී ගියාට අඩු වුණේ නෑ. ඒ නිසා ඔවුන් DVD පට නරඹන්න පුරුදුවෙලා ඉන්නවා. මම මේ DVD ආකර්ෂණය මගේ චිත‍්‍රපටයට ලබාගත්තා වෙළෙඳ උපක‍්‍රමයක් විදිහට. මගේ චිත‍්‍රපටය ”ඇඩ‍්‍රස් නෑ එන්න කලින්” නමින් DVDපටය එළිදැක්වූවා. ඒ DVD පටයේ ඇතුළේ තිබුණේ ගීත 3යි. මෙහි නම ”ඇඩ‍්‍රස් නෑ එන්න පෙර” එය මා නිකුත් කළා. එය උපක‍්‍රමශීලී ක‍්‍රම අද වනවිට මේ DVD පටය විශාල ලෙස මාකට් එකේ යනවා. එහි ගීත ජනප‍්‍රිය වෙලා ඉවරයි. එය නොමිලේ බෙදාහරින්නේ.
පොදුවේ ලාංකීය සිනමාවටත් ඇඩ‍්‍රස් නැතිවෙලා නේද?
ඒකනම් කතා කළ යුතුම මාතෘකාවක්. අද ලාංකීය සිනමාව පවතින්නේ ඉන්දියාවේ බොම්බේ නගරයේ තිබෙන ෆිල්ම් ලැබ් කියන ආයතනයේ ඉතුරුවෙලා තිබෙන එකම මැෂින් එකේ ඇණ මුරිච්චියක් මතයි. ඒ ඇණ මුරිච්චිය ගැලවුණොත් ලංකාවේ සිනමාව ඉවරයි. අපි මේ අවසාන අදියරේ ගතකරන්නේ. අපේ රටේ කාලයක ඉඳන් ඩිජිටල් ගැන කතා කරනවා විතරයි. භාවිතයට ඇත්තේම නෑ. ඒ හේතුවෙන් අපේ රටේ සිනමා ශාලා තවම පෙන්වන්නේ රෝල කරකවලයි. රෝල කරකවන පටය මුද්‍රණය කරගන්න ඕනේ. ඉන්දියාවේ තිබෙන සියලූම මැෂින් වහලා. එක මැෂිමක් ඉතුරු කරලා තිබෙනවා. ඔවුන් දැන් වැඩකරන්නේ ලංකාව, බුරුමය හා පකිස්තානය යන රටවල් තුනට පමණයි. මේ රටවල් 3 තමයි මේ හිඟන සිනමාවේ රැඳෙන්නේ.
අනෙක් පැත්තෙන් අද ධාරා තුනක් යටතේ සිනමා ශාලා 150ක් තිබෙනවා. මෙය ශාලා 44 බැගින් බෙදා තිබෙන්නේ. නමුත් මේවායේ අර්බුදයක් තිබෙනවා. ඒ නිසා ශාලා 38ක විතරයි අපට සිංහල චිත‍්‍රපටයක් පෙන්වන්න හැකිවන්නේ. මේ සිනමා ශාලා 132 හැරුණු විට ඉතිරි 18 තුළ පෙන්වන්නේ දෙමළ, හින්දි, ඉංග‍්‍රීසි ඒවා. ඒවායේ සිංහල චිත‍්‍රපට පෙන්වන්නේ නෑ. මේ ශාලා 18 තුළ පටිරෝල් කරකවලා දෙමළ චිත‍්‍රපට පෙන්වන්නේ නෑ. ඔවුන් ෘක්‍ඡු වලින් පෙන්වන්නේ.
අපේ රට DVD නොවී කර්මාන්තයක් විදිහට රැකගන්න බැහැ. දෙමළ චිත‍්‍රපට 100%ක්ම පටියෙන් මිදිලා ඉන්නේ. ව්‍යාපාරිකයෝ තමන්ගේ ධනයෙන් ඒ ශාලා 18 ඩිජිටල්කරණය කළා. අතරමැදි ව්‍යාපාරිකයා ශාලා හිමියන්ට ලොකු අනුග‍්‍රහයක් දුන්නා. හැබැයි එක පොරොන්දුවක් මත. ඒ එහි පෙන්විය යුත්තේ ඔවුන් මෙරටට ආනයනය කරන දෙමළ චිත‍්‍රපට පමණයි කියන එක. මේ සිනමා ශාලා 18 ඩිජිටල් කළාට පසු ආදායම සතුටුදායක වූ නිසා සෙසු සිනමා ශාලා ද ඩිජිටල්කරණය කරමින් ඉන්න බවයි පේන්නේ. එයින් ධාරා තුනේ සිංහල සිනමාවට ඇති ශාලා ක‍්‍රමයෙන් තවත් අඩුවෙනවා.
”ඇඩ‍්‍රස් නෑ” මගේ චිත‍්‍රපටයේ නිෂ්පාදකයාට පෙන්වන්න ලැබෙන්නේ සිනමා ශාලා 38ක පමණයි. මම සිිංහල චිත‍්‍රපටයක් කරලා ශාලා 35ක පෙන්වන විට, විජයා රඟපාන ”පුලි” චිත‍්‍රපටය ශාලා 35ක තිරගත වෙනවා. ඒ 38ම ඩිජිටල්කරණය වෙලා. මගේ 38න් ශාලා 5ක් විතරයි ඩිජිටල් වෙලා තිබෙන්නේ.
පසුගිය කාලයේ රජය කලාකරුවන් අරලියගහ මන්දිරයට කැඳවලා එවකට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය කැබිනට් නියෝගයක් ප‍්‍රකාශයට පත්කළා. ඒ තමයි ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ඩිජිටල්කරණය කරන ලද කමිටුවේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර ප‍්‍රමිතිය වූ 2ණල 4ණ කියන ප‍්‍රමිතියෙන් යුතුව පමණයි ලංකාවේ ඩිජිටල්කරණයට අනුමැතිය පැවතුණේ. ඩිජිටල්කරණය ව්‍යවස්ථාව බවට පත්වන්නේ ඒ මතයි.
හැබැයි අද මේ ”පුලි” චිත‍්‍රපටය පෙන්වන්න චිත‍්‍රපට ශාලා 38න් වැඩි ප‍්‍රමාණයක් 2ණ මත ගොඩනැගුණු ඒවා නොවෙයි. ඒවා ැ සිනමා කියන බොහෝ පහළ ප‍්‍රමිතියෙන් තොර ඩිජිටල් ක‍්‍රමවේදයක් මතයි රැුඳී තිබෙන්නේ. එයින් වැරැදි දෙකක් සිදුවෙනවා. ධාරා තුනේ සිංහල චිත‍්‍රපට පෙන්වන සිනමා ශාලා ක‍්‍රමයෙන් අඩුවීම එකක්. අනෙක රාජ්‍ය ප‍්‍රමිතියට අනුගත නොවූ ප‍්‍රමිතියෙන් පහළ යාන්ත‍්‍රණයක් මේ තුළ කරගෙන යනවා. ඒක රාජ්‍ය විරෝධී දෙයක්. අපි අහන්නේ ඒ එදා ගත් ප‍්‍රකාශය අද බලරහිත ද කියලයි. මේ ප‍්‍රමිතිය අධීක්‍ෂණය කරන්න චිත‍්‍රපට සංස්ථාවට බලයක් නැද්ද? කියලයි. මෙහෙම ගියොත් සිංහල සිනමාවට ඇඩ්රස් නෑ තමයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසිකයන් නිසා ලැබුන ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගෙන තම පෞද්ගලික වාසි තකා දේශපාලකයන්ට කඩේ යාම නළුකම පාවාදීමක්. (බ)
මේකෙන් ජැක්සොන් ගේ තියන කුහක කම හොඳට පේනවා.පලවෙනි කාරණේ තමයි මෙයා හිතාගෙන ඉන්නවා මෙයා හැමදේම දන්නවා කියල. එහෙම හිතගෙන දන්නේනැති දේවල් කියවන්න ගිහිල්ල වරිගේ නහගන්නවා. මේකේ තියන ආර්ථික ව්‍යුහ ගැන කාරණා කොහෙන්ද දන්නේ නැහැ මෙයා කියෙව්වේ.(අ)
අපිටත් ඇඩ්‍රස් නෑ (බ)
සමහරු හිතාගෙන හිටියේ සැමදා නත්තල් කියලායි (නි)
ආ අඩුවක් නැතුව හැමෝම අරගෙන තියෙන්නේ (නි)
ජැක්සන් කියන්නෙ දක්ෂ කලා කාරයෙක්. ඔහුගේ දේශපාලනය ගැන නොවෙයි නිර්මාණය ගැන විතරක් අපිට කතා කරන්න බෑ. අපිට එහෙම පුරුදු නෑ. උදාහරනයක් විදියට ගත්තොත් දොස්තර කෙනෙක් අපිට බෙහෙත් දුන්නොත්, ලෙඩේ හොද වෙනවද නැද්ද නෙවෙයි, දොස්තර කාගෙ කවුද, එයාගෙ අප්ප කවුද? කසාද බැදලද? ඔව්ව දැනගන්න ඕන අපට. අපි එහෙමයි (බ)
ඡන්දෙ කාලේන් පස්සේ මෙතුමා කොහෙද හිටියේ කියා අපි දන්නවා. (ත)
සල්ලි නැති කාලේ සමහරු හරි හොඳයි. ඒ වගේම හොද කලාකාරයින්. නමුත් සල්ලි සහ ලොකු ලොක්කෝ ආශ්‍රය කරන්න ගත්තාට පස්සේ එයාලා ගොඩක් පිරිහුණු චරිතයන් බවට පත්වුණා (නි)
අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. දැනටමත් ඇඩ්‍රස් නැහැ වගේ තමයි අපිට නම් හිතෙන්නේ (නි)
ඔහුගේ දේශපාලනයවත්, පවුලේ අය රඟපාන එකවත් නෙමෙයි උවමනා වෙන්නේ, නිර්මාණයේ තිබෙන වටිනාකම සහ අපිට ගන්න පුළුවන් දේ ගැන විතරක් බලමු. (නි)
මෙයා නේද කිව්වේ අහවලා ශාක්‍ය වංශිකයෙක් කියලා. මේවා අහස පොලොව නුහුලන පව්කාර කතා. (බ)
මම දිලිප් සමග එකඟ වෙමි, මම ජැක්සන් ගේ දේශපාලනය ගැන පැහදීමක් නැතත් කලාකරුවකු ලෙස අගය කරමි (බ)
ගියොත් නෙමේ ගිහින් තියෙන්නේ! සාමාන්‍ය දැනුම්වත් නැති මෝඩ නළු නිලි පිරිසක් තමා දැන් ටෙලි සිනමාවේ ඉන්නේ! (බ)
මෙයාගේ තවමත් නෙලුම් පොකුණ මෙයාගේ කියලද හිතාගෙන ඉන්නේ? දේශපාලකයන් පස්සෙන් යන නළුවන් නිසා සැබෑ රංගන ශිල්පීන්ට මහත් අසාධාරණයක් පසුගිය වකවානුවේ සිදු වුනා. කුසලතා පිරි රංගන ශිල්පීන් යනු ජයලත් මනෝරත්නයන් වැනි කලාවටත්, රට ජාතියටත්, අනාගත පරම්පරාවටත් යහපත් යමක් දායාද කරන අයටයි. (බ)
ලක් ඉතිහාසය ගැන හරියට හැදෑරීමක් නොකර තම ඔලුවේ තිබෙන බහුබූත යොදා චිත්‍රපට සෑදු සෝමරත්න වැන්නවුන් සමග එක්වී මෙයා සිනමා මාෆියාවක් හදන්න උත්සාහ කරා. මින් අසාධාරණයක් වෙන්නේ තම සහෝදර රංගන ශිල්පීන්ට නේද යන්න ගැන වත් මෙයා හිතුවේ නැහැ. පහුගිය කාලයේ ඡන්දෙන් පස්සේ මෙයා මිලානෝ පැමිණ අපිටද අති පණ්ඩිත මහප්‍රාණ පෙන්නන්න හදපු නිසයි මේවා ලියන්නේ. මනෝරත්නයන්, තිරිමාදුර, සරත් කොතලාවලලා, මිහිරි සහ ගිහාන්ලාගේ උසස් රඟපෑම් මිලානෝවාසීන්ට අලුත් දේවල් නොවේ. (බ)
පාටක් පැත්තක් අරන් කඩේයන මොකා වුනත් ඌ කලාකාරයෙක් නෙමෙයි නලාකාරයෙක් (බ)
ඇත්ත තමයි මහත්තයෝ (නි)
ඇත්තටම හොඳ චිත්‍රපටියක් අගය කළ යුතුයි (ම)
මුළු පවුලයි පවුලේ හිතවතියනුයි ඔක්කොම මේකේ රඟපානවා. (ර)
අන්න ගතිය මතු උන , ෆිල්ම් එක ගැන කිවුවේ ,ජැක්සෝන් ගැන නෙවෙයි , පටල ගන්න එපා , හතුරෙකුගේ උනත් ෆිල්ම් එක හොදනම් බලල අගයන්න , නැතිම බුදිමත් විවේචනය කරන්න . (රේ)
දක්ෂ නළුවෙක්. (ර)
මේක බලපු මට ඇඩ්රස් නෑ, මේකට පවුලේ චිත්‍රපටිය කියන්නේ මේකේ ජැක්සන් ගේ පවුලේ කට්ටියම ඉන්න නිසා ද? (ස)
සිංහල සිනමාවට ඇඩ්රස් නෑ කියල අමුතුවෙන් කියන ඕනේ නෑ.. (ර)
ජැක්සන්ගේ නිසා හොද නිර්මාණයක් වෙන්න ඇති. (ර)
සබීතාට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
අපට ඉතුරුවෙලා තියෙන ඉතිහාසය පවා විකෘති කරන්න හදපු අය සිටින රටක රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් කෙතරම් උසස්ද සහ රටට ආදරේද? (නි)
ජැක්සන්ගේ දේශපාලන බාවිතාව ගැන අපි එකිනෙකාට විවිධ අදහස් තියෙන්න පුළුවන් . එහෙත් 70-80 දශකයේ බිහිවුණු ජැක්සන් වගේ කලාකාරයෝ ,දක්ෂකම් අතින් මෙන්ම විෂය සම්බන්දයෙන් ඇති පුළුල් දැනුම දිහා බලන කොට දැන් ඉන්න නළු නිලියෝ ගැන ඇතිවෙන්නේ පුදුමාකාර කලකිරීමක් . සමහර අය ලංකාවට නිදහස ලැබුන දවස දන්නෙත් නැහැ . පසුගිය මාස කීපයක් පුරා , කිසියම් ජාතික පුවත්පතකට ජැක්සන් "පනා පුත්‍රගේ මතක වස්තුව " නමින් ලියන තම ජීවිත කතාව කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් වේවි , එම දශකයේ කලාකරුවෝ මෙතරම් දක්ෂ වෙන්න හේතුව . ඒ ඔවුන්ට ඇසුරු කරන්න අතිශය ශ්‍රේෂ්ට මිනිස්සු නිසා , වගේම පිළිගත් කලාකාරයෙක් වෙන්න ඔවුන්ට කරන්න උන දුෂ්කර කැපකිරීම් නිසා . අද වගේ එක රැයින් මාධ්‍ය මගින් පුම්බලා , හෙට නිවෙන තරු විදියට ඔවුන් කලාවට නාපු නිසා .(රේ්)
ජැක්සන් ඇන්තනි කියන්නේ අපි බොහොම ගරු කරපු කෙනෙක්. නමුත් පහුගිය කලේ මහින්ද මහත්තය දුටුගැමුණු රජ තුමාගේ නෑදෑ කමක් තියෙනවා කියපු දවසේ ඉඳල අපිට ඔය මනුස්සයාව එපාවුනා.(රේ)
ලංකාවේ සිනමාවට ඇඩ‍්‍රස් නැති උනේ අද ඊයේ නෙමේනේ. (ර)
විශ්ව විද්‍යාලයක පස් පාගලාවත් නැති මෙහෙ සිටින ඔබේ සහෝදරයා සිනමාකරණය සහ කැමරාකරණය ගැන මුදලට පන්ති පැවැත්වුවා. එහි ගිය එක් අසරණයෙක් කරුණාදාස පීරිස් ලෙස නමද මාරු කරගෙන අමරසිරි පීරිස් වෙන්න හදනවා කැමරාව විසිකර මයික් එකක් අතේ තියන්. (බ)
ඈහෑවුවට සමාවෙන්න අබා කියන්නේ චිත්‍රපටියක්ද විකාර පටන්ගෑනීමකුයි විකාර අවසානයකුයි තියෙන්නේ මෙකද අපේ ඉතිහාසය පිටරෑටියන් ඉතිහාසය ගෑන හදන චිත්‍රපටි වල ගුණය ඈයි අපේ අයට බෑරි ට්‍රෝයි ග්ලෑඩියෙටර් වගේ (ම)
මා ඔබ පවුලේ හිතවතෙක්. ඔබ නළු කම අතහැර කඩේයාම පටන්ගත් විට අපටත් විශේෂයෙන්ම ලොක්කෝ නගරයේ ඔබගේ සහෝදරයන්ටත් විසුමක් තිබුනේ නැත. ඉතිහාසය පිළිබඳවද ඔබ නන් දොඩවන්න ගත් විට අපට ඉතාලියේ ලාංකිකයන්ගේ දෑස් දිහා එල්ලේ බැලීමට නුපුළුවන් විය. පෙර දිනවල ඔබ මිලානෝ නගරයට පැමිණිවිට ලකී සෙවන් ක්ලබ් සුනිල්ලාට රජ මගුල් විය. ඔබ එම හෝටලයට කමට යන විට රසිකයෝ තොග පිටින් ඔබව බලන්න එහි ගොස් දෙන ඕනෑම ජරාවක් කන නිසා. දැන් නම් එසේ නැත.....! (බ)
මේ සමහරු චිත්‍රපටි හදන්නේ පවුලේ උදවියට රගපාන්න. (ර)
දැන් ලංකාවේ සංස්කෘතියේ ඇඩ්‍රස් නැතිබවත් හිතාගන්න පුළුවන් එක ඡායාරූපයක ඉන්න ළමයෙක් දැක්කහම. (නි)
මෙහෙම ගියොත් අපිටත් ඇඩ්‍රස් නැතිවෙයි (නි)
අන්තිම ප්‍රශ්නයට දී ඇති පිළිතුර ගැන කල්පනා කරලා බලන්නම වටිනවා (නි)
ජැක්සන් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ජුලියට්ගේ භූමිකාව හරිම ලස්සන චිත්‍රපටියක්. (නි)
බයවෙන්න දෙයක් නැහැ. සිංහල සිනමාවට ඇඩ්‍රස් නැතිවෙන්නේ අර සාමාන්‍ය දැනීම නැති නිළිය වගේ උදවිය රඟපාන්න ගියොත් විතරයි. (නි)
සමහරු නිසා ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඇඩ්‍රස් නැතිවෙලා බොහෝ කල්. (නි)