IMG-LOGO

මෙහෙම ආණ්ඩුවකට රට ගොඩ ගන්න බැහැ

(ප්‍රියන්ත ජයලත්)

කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති ගඳ සුවඳ දැනෙන්නෙ නැති අඳුරු යුගයකට රට ඇද වැටි ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

ගඳ සුවඳ දැනෙන ඇස් පේන කන් ඇහෙන අය එකතුවෙලා පාර්ලි‌‌මේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කර නව ගමනකට මුල පුරන්න ඕන. එහෙම නැතුව මේ ආණ්ඩුවට මේ විදියට පන ඇද ඇද රට විනාශ කරන්න දෙන්න බැහැ .

පාලකයන්ට අයිතියක් නැහැ තමන් බාර ගත්ත රට මෙහෙම අසරණ කරන්න .පාලකයන් කියන්නෙ බාර කාරයන්. බාර කාරයන් තමන් බාරගත්තට වඩා හොඳ තත්වෙන් තියල තමයි රට බාර දෙන්න ඕන.මේක මම ඇති කරපු දෙයක් නෙවෙයි කියල කාටවත් මඟ අරින්න බැහැ. එහෙම කියන එකම තමයි බයානක කම .

තවදුරටත් මේ රටේ මිනිස්සු මේක ඉවසා දරාගෙන සිටිය යුතු නැහැ . මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියකුටම රටේ මිනිස්සු කියන්න ඕන එළියට බැහැල රට ගොඩගන්න පුරෝගාමිත්වය ගන්න කියල

ඒ මහතා එසේ පැවසුවේ පක්‍ෂ 11 ක් එක්ව '' මුළු රටම හරි මගට'' නමින් සකස් කල ප්‍රතිපත්ති ප්‍රකාශණය කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන්ට පිළිගැන්වීමේ අවස්ථාවට  පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් සහභාගී වුහ.



අදහස් (7)

මෙහෙම ආණ්ඩුවකට රට ගොඩ ගන්න බැහැ

fairoos Wednesday, 30 March 2022 07:39 PM

යහපාලන ආණ්ඩු කාලේ හොඳට තිබිච්චි රට බොරු ජාතිවාදය පෙන්නලා මේ තත්වයට පත්කළේ ඔයාලා තමයි. දැන් එනවා තොත්ත බබ්බු වගේ...

:       20       52

අගුපිලගේ Wednesday, 30 March 2022 07:42 PM

ඉතින් ඔබලා නේද (පාර්ලිමේන්තුවේ) පාසලේ හිටපු ජ්‍යෙෂ්ඨයන් වෙන්නේ?. එහෙම තියෙද්දී ඔබලා පාසලේ පළමු වසරට ඇතුළත් වෙච්චි එකා එදාම ප්‍රින්සිපල් කළාම වැඩ කරන්න වෙන්නේ මෙහෙම තමයි. අඩුම ගණනේ චුට්ටක්වත් පළපුරුද්ද තිබුණු ඔබලා වත් ප්‍රින්සිපල් වුණා නම් ඔහොම වෙන්නෙ නැහැ.. මේවාට සම්පූර්ණයෙන් වගකිවයුතුය

:       8       36

රාවණා Wednesday, 30 March 2022 07:54 PM

අනේ විමල් සර් ඔබතුමාවත් මුලපුරලා මේ ආණ්ඩුව එළවා දමන්න.. දැන්නම් ඇතිවෙලා තියෙන්නේ..!

:       29       20

අසංගThursday, 31 March 2022 01:22 AM

මමනම් අසමත් හොරුන්ට සර් කියන්නෙ නැහැ. ජනාධිපතිටත් මහත්තයො කිව්වාම ඇති. සර් වචනය ආවෙ එංගලංතයෙන්නෙ. එයාල සර් කිව්වෙ මහත්මා ගති ඇති දානපතියන්ට. මෙ වගෙ කම්බ හොරුන්ට නෙවෙයි.

:       0       0

lakvidu Wednesday, 30 March 2022 07:59 PM

හොරාගේ අම්මාගෙන් පේන ඇහීම... මම ඔය ආණ්ඩුවේ හිටියෙත් නැහැ. මොකුත් දැක්කෙත් නැහැ. දන්නෙත් නැහැ. අනේ තොත්ත බබා. එන්නකෝ හරහට වඩාගෙන නලවන්න.

:       6       41

Nuwan Thursday, 31 March 2022 01:29 AM

මේ වෙලාවෙ එකෙක්වත් මේක භාරගන්න කැමති නෑ වගේ. බොරුවට උද්ගෝශන කරනවා. වටේ යනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 31 March 2022 07:53 AM

රටට විකල්පයක් අවශ්‍යයි.ඒත්, ඔය කියන අඳුරු යුගය වෙත රතාගෙන යාමට උදව් දුන් මේ අය දැන් හෝ ජාතියෙන් සමාව ගෙන තවත් රට රවටන්නේ නැතිව ගෙදර යායුතුයි.විය යුත්තේ එයයි.මොවුන්ගේ හැටි මොවුන්ට කියා දෙන්න මේ හාමුදුරුවරුන්ට හෝ බැරි හැටි.රටට මේ තරම් ව්‍යසනයක් වෙලා තිබියදී තවමත් ඉවසීමෙන් වැඩවෙසෙන බවයි පෙනී යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site