( නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස් දෙනාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය.
ඔවුන් දෙදෙනාට ලක්ෂය බැගින් මුදල් ඇපයක් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප දෙකක්ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
අධ්යක්ෂවරු වන පුෂ්පමිත්ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අය ඇප හිමි වු සෙසු සැකකරුවෝය. ඔවුන්ට එක් අයකුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් අධිකරණය නියම කළේය.
එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කළ අතර විදෙස් ගමන් බලපත් අධිකරණයට බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
නඩු විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න හිතන් ඉන්නවා නම් හොරකමක් බිලියන ගණන් කරපල්ලා... හොරු එළියේ අල්ලන්න වුවමනාවක් වත් නැහැ. පොල් ගෙඩි දෙකටත් දවස් 14 ක් හිරේ දාපු අරුම පුුදුම රටක් ලොකුම හොරුන්ට නීතියේ සැර බාලයි වගේ...
ලංකා ජයරත්න මෙනවිය යනු කාගේ කවුද?
මේ මෙගා ටෙලිනාට්‍යයට දැනට පොඩි විරාමයක්..!!
කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු. අපගේ මෙම අදහස් කිසිවකු ඉලක්ක කරගෙන දක්වනවා නොව... මේ සියල්ලෝම හොඳින් ඉහළටම ඉගෙනගත්ත උදවිය නොවේද? එසේ ඉගෙන ගත්තෙත් අහිංසක දුප්පත් මිනිසුන්ගේ බදුමුදල්වලින් බවත් නොරහසකි. එසේ ඉගෙනගෙන රටේ ඉහළ තනතුරු දරමින් අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් අවබාවිතා කර හෝ එසේ කිරීමට උදව් කර ඇති අය නොවේද? දැන් වීරයන්සේ ඇප ලබා පැමිණියත් තම හිත් සතුටින් එක විනාඩියක්වත් නිදාගැනීමට නොහැකි අය බව නම් ඉර හඳ මෙන් විශ්වාසයි. මොවුන් පමණක් නොව අහිංසකම මහජනතාවගේ මුදල් දේපොළ හොරා කෑ කිසිවකුට නිදහසේ විනාඩියක්වත් නිදා ගැනීමට නොහැක. කෙටියෙන් පවසනවා නම් වැලිගම යන්නෙත් අනෙක දුක්විඳ බවයි. මොවුන්ගේ පවුල් දරුවන් නොයෙකුත් සමාජ ගැටළු මධ්‍යයේ ජීවත් වන්නෝය. එසේත් නැත්නම් අඹුදරුවන් සීසීකඩ ගොසින්ය. එයට ප්‍රධානතම හේතුව අහිංසක මිනිසුන්ගේ සාපය මෙන්ම ඔවුන්ගේ සිත් වේදනාවන්ය. මෙය රටේ මුල් පුරවැසියාගේ සිට අප සියල්ලෝටම කසිප්පු කාරයාටද මෙන්ම කුඩු කාරයාටද පොදු ධර්මතාවයකි.
ඉක්මනින් ආවා. බන්ධානාගාරවල ඉඩකඩ මදි වෙන්නැති. තවත් විශේෂ මහාධිකරණ පිහිටුවනවද?