(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා අද (19) දැනුම් දුන්නේය. අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගණුදෙණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත අල්විස් මහතා තොරතුරු හෙළි කළ අවස්ථාවේදී කොමිසමේ සභාපති චිත‍්‍රසිරි මහතා මේ බව දැනුම් දුන්නේය.
2015 පෙබරවාරී 1 වැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් විසින් කරනු ලබති.
ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත අල්විස් මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගණුදෙණු සම්බන්ධයෙන් හෙළි කළ අවස්ථාවේදී කොමිසමේ කටයුතු සඳහා සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසම අමතමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගණුදෙණු සම්බන්ධයෙන් විමසීම සඳහා එහි අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන්නැයි ඉල්ලා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහබැංකුවේ හිටපු අධිපතිගේ බෑණා කොමිසම හමුවට
menna Friday, 19 May 2017 01:51 PM
මහා බැංකුව ගැන විශ්වාසයක් නැහැ.
Hafeel Friday, 19 May 2017 03:45 PM
දඬුවම් දෙනකම් විශ්වාසයක් නැහැ.