(සුජිත් හේවාජුලිගේ )
මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදීය.
මූල්‍ය අර්බුදය කෙටි කලකදී පාලනය කිරීමටත් යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග මෙහිදී ජනාධිපතිවරයා ගේ පැසසුමට ලක් විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනකම් කරපු අතගැහීම් වලින් කොරපු හරිය මදෑ. මහබැංකුවට අත ගැහුවේ බළල් අතක් දාලා. දැන් ඉතින් කරුණාකරලා ගෙදර යන්න. ඔබතුමාලා සනුහරේ කපපු වලෙන් අපි කොහොමහරි ගොඩ එන්නම්...
අපොයි අතගහන්නත් එපා.. තමුන්නාන්සේ අත ගහපු හැමතැනම අනාගත්තා මිසක් මොකද්ද හරියට කරේ ? අද මේ රටේ මිනිස්සු අපාදුක් විඳින්නේ තමුන්නැහේ වගේ දේශපාලන අඳබාලයෙකුට මෙරට බාරදීලා නේද? මම මේ පුළුවන් තරම් උත්සාහ කරලා ශිෂ්ඨ භාෂාවෙන් ලිව්වේ...
ඉස්සර අත දැම්මා කියලා පිළිගත්තා නේද? කරපු විනාශයට වගකියන්න ඕනෑ නේද? හමුදා නිලධාරීන්ට හැමදේම නොවේ, බොහෝ දේවල් බෑ කියලා තේරෙනවාද?
හැබැයි මහත්තයෝ කිසියම් වැරද්දක් වුණොත් ජනතාව කියන්නේ මුදල් ඇමැතිගේ වැරැද්ද ගැන නොවේ, ජනාධිපතිගේ වැරැද්ද කියලා. විශේෂයෙන් ජෙප්පෝ මොර දෙන්නේ ජනාධිපතිගේ වැරැද්ද කියලා. කලින්ම රුපියල පාවීමට ඉඩ නොදුන්නේත් මහබැංකුවේ අධිපතියන්ගේ කීම නිසා නේද? එතකොට ඔබලා ඒ කියමන හරියි කියා පිළිගත්තා...
එ කියන්නෙ පිලිගනව මෙච්චර කල් මහ බැංකුවෙ වැඩටත් අතයි කකුලයි දෙකම දාගෙන අනල චොරකරල දෙයක් වුා කියල.. එහෙනම් තමන්ගෙ නොහැකියවත් කරපු ජතික අපාදයත් පිලි අරන් පුටුවෙන් බහින්න කරුා කරල.. අපිත් මෙ කාව කියන එක නවත්තන්නෙ නැහැ ඔහෙ පුටුවෙන් බහිනකල්..