(රේඛා තරංගනී ෆොන්සේකා)
මහබැංකු වංචාව ලෝකයේ සිදු වූ ලොකුම කොල්ලකෑම්වලින් එකක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
චීනය හා ඉන්දියාව යුද්ධයට දුන් සහය අගය කළ යුතු බවත් ණයට හෝ යුද්ධ කිරීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව සහායෝගය දුන් නිසා බවත් රාජපක්ෂ මහතා කියයි. තමන් ණය ගත්තේ ගෙවීමට හැකි නිසා බවද ඒ මහතා පවසයි.
“රාජපක්ෂලාට නඩු දානවා කියලා තමයි එයාලගේ බැරිකම වහ ගන්නේ. හැම තැනම ගිහින් මට බනිනවා ඇරෙන්න කරපු දෙයක් නෑ.“
“මම ණය වුණා කිය කිය තවත් ණය වෙනවා. මේ රට දුපතක් කවුරු වුණත් මුලින්ම අල්ල ගන්නේ රටේ වරාය. එදා වරාය බේර ගන්න යුරෝපීය ජාතීන් එක්ක අපි මොනතරම් සටන් කළාද. මේ විකුණන්නේ රාජ්ය කොටස්. මේවා ආයෙ ගන්න බෑ “යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.



COMMENTS
පහුගිය කාලේ පුරාම දහදිය මහන්සියෙන් හරි හම්බකරලා විදේශීය බැංකුවල හංගල තියෙන ධනස්කන්දරාව හොයාගන්න පුළුවන් උනොත් තමා කියන්න පුළුවන් වෙන්නේ මොකක්ද? ලෝකේ ලොකුම කොල්ලකෑම කියල...
මෙහි පාඩුව කීයාද කියා තවම කිසිම දෙශපාලකයෙක් නිවැරදි ගණන ප්රකාශ කලේ නැත.. එක එක්කෙනා එකඑක ගණන ඉදිරිපත් කරනවා ..
මේ කොල්ලකාපුවයි, ඒ කොල්ලකාපුවයි, මං කොල්ලකාපුවයි , මගේ කොල්ලා කාපුවයි ඔක්කොම ගැනලා බලද්දී පුදුම කෑමක්නේ අපි ඔක්කොම කාල තියෙන්නේ.....
ඕක දැන් අහල ඇති වේගන එන්නේ... අලුත් කට්ටිය හොරු කියල පරණ හොරුන්ට නම් එන්න දෙන්නේ නෑ
අර වෙනදට එක අතක තියෙන රත්තරන් ගැජමැටික් එක, නෑ දැන් පේන්න නේද?
ඔබතුමා හරියට කරලා පෙන්නුවානම් UNP එකේ අයත් ඒ විදිහටම කරගෙන යයි. ඔබතුමා කරපු ටිකේ ඉතිරි කොටස තමයි දැන් UNP එකේ අයත් කරන්නේ. ඔය දෙගොල්ලන්නටම මාරුවෙන් මාරුවට ඡන්දේ දීපු අපිට මෙහෙම වෙලා මදි.
හරි අපි පිළිගත්තා අපි ඔටුවොනේ....
හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන හිටපු අග්ර විනිසුරු සරත් එන්. සිල්වා කිව්වා...
භය හිතෙනවා නේද ලබන පාර ඇවිල්ල කන්න කිසිදෙයක් මේ අය ඉතුරු කරන එකක් නැ කියල !!!! ජයවේවා ශ්රී ලංකා !!!
රටේ නැති අවනඩු පටල පටල අපේ යුධ විරුවන්ට මඩගැසීම තමා පරම චේතනාව.
කව්රු කෙසේ කිවත් මේ ආණ්ඩුවට වඩා පසුගිය ආණ්ඩුව හොදයි..එක දැන් ඇස් පනාපිට පේනවනේ..
අපි පොඩිකාලේ අහපු මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි මතක්වුනා
අපි නම් පන්සලට යන්නේ වන්දනා මාන කරන්න