මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් මොරටුව විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්ෂාන් අතුකෝරාල, උප සභාපති මධුක අබේසිංහ, සංස්කාරක දසුන් විජේසේකර සහ ප්‍රභාත් වික්‍රමසිංහ කොළඹ වෝඩ් පෙදෙසදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට භාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපි නම් නැහැ (දී)
මිනිස්සුන්ගෙ අමාරුකමක්වත් නොඅදුරන මේ වගේ මිනිස්සු .... (දී)
සාරංග වෙත, ඉහතින් දක්වා ඇති ඔබගේ ප්‍රතිචාරය දුටුවිට මට මෙවෙනි දෙයක් සිතුනි. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමති වරුන් ඔවුන්ගේ මාසික වැටුපෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ වර්ගයේ වාහන වලින් යන විට ඔබට මොහොතක් සිතුනද ඔවුන්ට ලැබෙන වැටුපෙන් එවනි වර්ගයේ වාහන සහ තට්ටු ගණන් තිබෙන ගෙවල් මිලදී ගැනීමට හැකිද නොහැකිද බව? මෙහි සිටින සිසුන් සතර දෙනාටම ඇතැම් විට මහපොළ ශිෂ්‍යදාරය නැති වෙන්නටද පුළුවන. ඔවුන් මෙවැනි ක්‍රියා මාර්ගයකට පෙලඹෙන්නට ඇත්තේ සරසවි අද්‍යාපනය ලබන දුප්පත් සිසුන් වෙනුවෙන් විය හැක. ඔබ දන්නවද ? මහපොලින් ලැබෙන රුපියල් 2500න් පමණක් තම අධ්‍යාපන කටයුතු හදාරන සිසුන් සිටින බව? රුපියල් 30ක් වැනි සුළු මුදලක් ලබාදී ආපන ශාලාවෙන් කෑම පිගානක් වත් ලබා ගැනීමට නොහැකි සිසුන් සිටින වග? වෙනත් අයකු විසින් අනුභව කරන ලද ඉඳුල් පිගානකට රුපියල් 10ක් ලබා දී කෑම වේලක් අනුභව කරන සිසුන් සිටින බව? මේ මෙරට බුද්දීමත්ම පරපුරේ ශෝක ජනක තත්වයයි. රටේ අනාගතේ බාරගන්න සිටින මෙවෙනි පරපුරක් පිළිබද ශෝක ජනක සිද්දියයි. රටේ උද්දමනය ඉහල ගොස් ඇත. එයට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යදාරය වැඩි වී නොමැත. ඔබ තුමාගේ මාසික වැටුප මීට වසර 10කට පෙර ලැබුන මුදලම නම් ඔබ තුමාට දැන් එම මුදලින් ජිවත් විය හැකිද? එමෙන්ම පාරවල් වල උද්ගෝෂණ නොකර සාමකාමිව මෙවැනි දෙයක් කිරීම පිලිබදව අපි සතුටු විය යුතු නොවේද? යම් දෙයක් දෙස පටු ආකල්පයෙන් නොසිතා පුළුල් ආකල්පයෙන් සිතීම ඔබේ ජිවිතයට අවශ්‍යම දෙයක් බව ඔබේ ප්‍රතිචාරය දුටුවිට මට සිතේ. (නදී)
මේවා බැලුවහම අපිටත් මහපොළ ඉල්ලන්න හිතෙනවා (නි)
සාරංග, ඔහොම ණු කතා කියන්න එපා. විශ්ව විද්‍යාලයට ගියත් නොගියත් තරුණයන් හොඳට අඳින්න පළදින්න කැමතියි. අනෙක ඔයා දන්නවද මහපොළ ශිෂ්‍යාධාර ලැබෙන්නේ ආර්ථික අපහසුතා තියෙන ළමයින්ට විතරයි කියලා. මේ දරුවන් මේ ඉල්ලීම සාමකාමීව කළා. සමහරවිට මේ දරුවන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයට නෙමෙයි වෙන්න පුළුවන්. අගය කළ යුතු දෙය අගය කරන්න පුරුදු වෙමු. ලංකාවේ ජාතික ලෙඩේනේ ඔය හැම දෙයකම ඇද දකින එක. (නි)
1981 වසරේදී ශිෂ්‍යත්ව 422 කින් මහපොළ ඇරඹියේ "දිළිඳු කම දුරලීම තුළ අධ්‍යාපනයෙන් පිරිපුන් සමාජයක් ගොඩනගමු" යන තේමාව පෙරදැරිවයි. තුන් තිස් වසරකට පසු එය කොතෙක් දුරට යථාර්තයක් වීදැයි විමසා බැලීම වටී. සංඛ්‍යාලේකන මගින් මහපොළ ශිෂ්‍යත්වලාභීන් දෙලක්ෂයකට අසන්න සංඛ්‍යාවක් හා රුපියල් මිලියන නවසීයක පමණ වියදමක් දක්වා සිටින නමුදු පෙර කී මහපොළ දැක්මේ අභිමතාර්ථ කොතෙක් දුරට සාර්ථක වී දැයි යන්න ප්‍රශ්නාර්තයකි. න්‍යෂ්ටික පවුල් ඒකකයකට රුපියල් 2500කින් මසක් ජීවත් විය හැකිය යන අතිශයින් (අ)තාර්කික ඔප්පු කිරීමෙන් බැහැරව බැලූ කල, 2005 වසරේදී අවසාන වරට ඉහල නැංවූ මහපොළ වර්තමානයේදී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අගයක් බව ඔබට වැටහිය යුතුමය. ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් ශිෂ්‍ය ගැටළු හඳුනාගෙන සාමකාමී අයුරින් ක්‍රියාත්මක වීමේදී, වගකිව යුත්තන් ගැටළු මගහැර යාම මෙහිදීද සිදුවනු දුටිමු. විසඳුම් වෙනුවට විහිලු නොසපයා මේ වාරයේදී වත් මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා අවම වශයෙන් රුපියල් 5000 දක්වා වැඩි කෙරෙනු අැතැයි බලා සිටිමු. (ස)
මෙවැනි කටුක පරිසර අත්දැකිම් තියන පුත්ගලයන් මෙවැනි දේකට ගරහන්නේ නැහැ. ජීවිතය ගොඩ ගන්න නම් මහන්සිය කැපවීම අවශයයි. අද පවතින ආර්ථික දුස්කරතා මත මෙවැනි මුදලක් හෝ මත යැපීම දරුවන්ට සහනයක්. නිදහස් අධ්‍යාපනය වචනයට සිමා නොකර රටේ අනාගතය වන මේ බුද්දිමත් දරුවන්ගේ ඉල්ලීම ගැන සැලකිලිමත් වීම බලදාරින්ගේ වගකීමක්. (නදී)
ඔහොම එන්නකෝ මල්ලිලා. පාරවල් හරස් කරගෙන මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරලා අපේ ලේ පුච්චන්නේ නැතුව. .අපිත් පුළුවන් සහයෝගයක් දෙනවා. සියල්ල දෝතට ලැබිල ඉගෙන ගන්න එකාට වඩා මහන්සියෙන් දුකෙන් අමාරුවෙන් එදාවේල නොකා අගහිගකම් මැද ඉගෙන ගන්න එකා තමයි සාර්ථක මිනිහෙක් වෙන්නේ කවද හරි. හැම දේම රජයෙන් ලබන්න බලන් ඉන්නේ නැතුව තමන්ගේ දැනුම යොදවල තමන්ට හැකි විදියට ගතමනාව හොයාගන්න උත්සහ කරන්න කනිෂ්ක මහත්තය දෙන වැදගත් අවවාදය හිතට අරගෙන. (නදී)
චාමර හා ජානකගේ අදහස් ගොඩක් වටිනවා. සාරංග වගේ හැමෝටම නිහතමානී වෙන්නත් පුලුවන් නම් වඩා හොඳයි. කොහොම උනත් බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජිවිත ඇත්තටම ගෙවෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ඔවුන් කරන්නේ පාරවල් වල උද්ඝෝෂණය කරන එක පමණක් කියලා. ඇත්තටම ගොඩක් ශිෂ්‍යන් අධ්‍යාපන කටයුතු කරගන්නේ බොහෝ අගහිග මැද. ගොඩක් දුෂ්කර පැතිවලින් එන ශිෂ්‍යන්ට මහපොළ මහමෙරක් තරම් වටිනවා. සමහර සිසුන් ගෙවන්නේ මොන වගේ ජිවිතයක්ද කියලා පෙන්නන්න මම එක උදාහරණයක් දෙන්නම්. මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මගේ හොඳ යාලුවෙකුගේ පියා මිය ගියා. ඒ වෙනකොට ඔහු පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ඉගෙන ගනිමින් සිටියේ. ඔහුට මහපොළ ලැබුනත් පියා නොමැති නිසා වෙන අදායම් මාර්ගයක් තිබුනේ නෑ. රු.2500කින් ජිවත් වීම ගොඩක් අමාරු උනා. පසුව මාස කිහිපයක් යනකම් අමාරුකම් මැද උනත් මගේ මහපොළ මම මිත්‍රයට දුන්නා. වසරක් පමණ යනවිට ඔහු උපකාර පන්ති කරමින් ඉගෙනීමට අවශ්‍ය මුදල සපයා ගත්තා. ඉන් පසුව මට මහපොළ දෙන්න අවශ්‍ය උනේ නැහැ. අද ඔහු දිවයිනේ ප්‍රධාන නගරයක උපකාරක පන්ති පවත්වනවා මෙන්ම විදුලි බල මණ්ඩලයේ ඉහල ඉංජිනේරුවරයෙක්. ඉතින් මහපොළ කියන්නේ ගොඩක් වටින දෙයක්. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මේ ක්‍රියාව මම ගොඩක් අගයනවා. (නදී)
අහිංසක ළමයින්ට ලබාදෙන එක හොඳයි මේ කොහෙවත් යන අැමතියන්ට ලබා දෙනවට වඩා (නදී)
සරසවි දරුවන් කිසිම දිනක එක්වර පාරට බහින්නේ නැහැ. ඉල්ලීම් හොඳින් ඉල්ලා සිටියට කවදාද දුන්නේ. නොදෙන නිසා තමයි අවසන් පියවර හැටියට පාරට බහින්නේ. ඒ බැව් රටේ අනෙක් අය දන්නේ නැහැ (නදී)
චාමර බොහොම වැදගත් පණිවිඩයක්. මම හිතනවා මගේ අදහසින් මට බැනලා හරි හොඳ අදහස් ඒම ගැන සතුටුයි. ඇත්තටම අපේ කට්ටිය දන්නේ නැහැ මේ මහපොළ ගැන (නදී)
නළුවන්ට සහ නිළියන්ට ඡන්දය දෙන සමාජයක උගත් පරපුරක් රැක ගන්න බොහෝ දෙනාගේ සයෝගය ලැබ ගන්න අමාරුනේ. (නදී)
ගහල ඉන්න සුට් එකත් මහපොළින් ගත්තු ඒවා වෙන්න ඇති (නදී)
සාරංගලා අතරේ චාමරලා නුවන්ලා වගේ අය ඉන්න බව දැනගන්නත් සතුටුයි. කැම්පස් එකේ අලුතෙන් හදන ගොඩනැගිලිවල කැම්පස් ළමයි දවසට රුපියල් 800 පඩියට කොන්ක්‍රීට් අනන බව ලංකාවේ ඉන්න සාරංගල වගේ මිනිස්සු දන්නේ නැහැ. දවසට රුපියල් 750 පඩියට කැම්පස් ළමයි පාරවල්ගානේ පත්තර විකුණන බව දන්නෙත් නැහැ. යාචකයන්ගෙන් පවා මිනිස්සු ඉස්සරහ බැනුම් අහ අහා මේවා කරන්නේ ඔවුන්ගේ තියෙන දුප්පත් අසරණකමට. මේ දේවල් මමත් කැම්පස් ඉන්න කාලේ කරලා තියෙන නිසා කියන්නේ. එහෙම හොයන සල්ලි වලින් කොටසක් ගෙදර ඉන්න අහිංසක දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ වියදමටත් යවන ළමයිනුත් ඉන්නවා. සමහර ළමයි විභාගේ ඉවර වෙලා ලැබෙන මාසෙක නිවාඩුවට ගෙදර නොගිහින් මේ වගේ රස්සාවල් කරලා ඊලග සෙමෙස්ටර් (මාස 6) ට ඕන කරන වියදම හොයාගන්නවා. දවසෙම මේ විදිහට දුක් විඳලා හවසට කන්න වෙන්නේ කැන්ටිමේ ලුණු, මිරිස් නැති වතුරයි පොල් කුඩුයි එක්ක පොඩි බත් පිඟානක්. මෙහෙම ජීවත් වෙන ගමන් තමයි තමන්ගේත් අනාගතේ කැම්පස් එන නංගිලා මල්ලිලාගේත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කෑ ගහන්නේ. මේක තමයි කැම්පස් ළමයින්ගේ ජීවිතේ තියෙන තිත්ත ඇත්ත. මේවා දන්නේ නැති සුරංගනා ලෝක වල ජීවත්වෙන මිනිස්සු පොලවේ පය ගහල ජීවත්වෙන, හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින රටේ බුද්ධිමත්ම තරුණ පිරිසට මඩ ගහන්නේ නැතුව අසාධාරණය අවනීතිය තමන්ගේ ලගටත් ඇවිත් තුවක්කුව ඔලුවට තියනකම් මෙච්චර කාලයක් හිටිය වගේ නිදාගෙන ඉන්න කියල කරුණාවෙන් ඉල්ලනවා. ඔයාල වගේ මිනිස්සු නිසා තමයි අධ්‍යාපන සුදුසුකම් තියෙන හැබැයි දේශපාලන සුදුසුකම් නැති උගත් බුද්ධිමත් මිනිස්සු මේ රට දාල යන්නෙත්. (නදී)
චාමර හා ජානකගේ අදහස් වගේම සාරංග ගේ නිහතමානී කමටත් ගරු කරමි. (නදී)
කරන ඉල්ලීමක් මේ විදියට අනවශ්‍ය කලබගෑනි වලින් තොරව කරන එක බොහොම හොඳයි. අනෙක මම මේ දරුවන්ට කියන්නේ, සරසවියේ ඉගෙන ගන්න ගමන් කුමක් හෝ අමතර ආදායමක් එන අර්ධ කාලින සුළු රැකියාවක් හරි කරන්න වෑයම් කරන එක තමන්ගේ අනාගතයට හොඳයි. අනාගතයේදී රැකියාවලට පළපුරුද්දක් එනවා. දෙමව්පියන්ට බරක් වෙන්න අවශ්‍යත් නැහැ . තමන් බුද්ධිමත් තරුණ වැඩිහිටියන් නම් ඇයි කාගෙන්වත් ලැබෙනකන් බලන් ඉන්නේ. (නදී)
ලෝකයේ කිසිම විශ්ව විද්‍යාලයක් නැතුව ඇති මෙහෙ වගේ සල්ලි නොගෙන නොමිලේ උගන්වන. එසේම සියලු සිසුන්ට නේවාසිකාගාර දීමට සැළසුම් කරන. (නි)
හොඳ දෙයක්. (අ)
කාටත් හොඳ ආදර්ශයක් (නදී)
නිදහස් අධ්‍යාපනය මදි වෙලාද (දී)