සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් ප්‍රධානත්වයෙන් අරණායක රිවිසඳ මැදි විදුහලේ රංග ශාලාවේ දී අද (11)දහවල් 12 ට පැවත්විමට නියමිතව තිබු මැතිවරණ රැස්විමක් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයකට අනුව නවතා ඇති බව අරණායක පොලිසිය පවසයි. රජයට අයත් ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමට යාම නීතිවිරෝධී බව සන්ධානයයේම වෙනත් අපෙක්ෂකයකු කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පොලිසියට දැනුම් දී ඇත්තේ එම රැස්වීමට අවසර නොදෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය වැඩ අවශ්‍ය නැහැ කොහෙත්ම. නියමයි (නි)
මෙදා පාර සෙල්ලම් නැහැ. (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)
මෙදා පාර මැකොට හිතේ හැටියට වැඩ කරතහැකි අපේ මැකොට ජයවේවා! (අ)
මහින්ද හිටියා නම් මේවා හොඳටම වෙනවා. දැන් පේනවා නේද වෙනස. අායෙත් අවොත් මෙව්වට මොනවා වෙයිද ? (නදී)
මේවගේ කොන්ඳ පන තියෙන රජයේ නිළධාරින්ට අපගේ උපහාරය. මහින්දගේ කාලයේ රජයේ නිලදාරීන්ගේ කොන්ඳ කඩලා තිබිනේ. (අ)
මෙයාගේ වැඩකිඩ ටික කෑගල්ල රබුක්කන හැමෝම දන්නවා .තව හොදට වැජබෙන්න ගෙදර සුනකයත් ඡන්දෙට ඉදිරිපත් කරන්නකෝ (අ)
තාත්තල, පුතාලා නැවත රට කන්නයි හදන්නේ (නදී)
මේ පාරත් රට කන්න එන්නයි හදන්නේ ? (නදී)
මෙන්න මේ වගේ කෙලින් මිනිස්සු පරිපාලන සේවයේ තවත් 25ක් හිටියොත් අපිට විල්පත්තුව ගැන කතා කරන්න වෙන්නේ නැහැනේ.(නදී)
නියමයි! (නි)