(බිඟුන් මේනක ගමගේ)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තම උපවාසය අත්හරින්නැයි බල කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සැකැසූ ලියවිල්ලකට අත්සන් කරන මෙන් කළ ඉල්ලීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ හිමිපාණන් වහන්සේ නමක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. උන්වහන්සේ වැඩවසන නුගේගොඩ පිහිටි විහාරස්ථානයට අද (27 වැනිදා) ගොස් මෙම ඉල්ලීම කර ඇත්තේ විමල් වීරවංශ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසකි.
අතර එහිදි ඉතාම කාරුණිකව උන්වහන්සේ මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එම ලියවිල්ලට අනෙකුත් මහානායක හිමිවරුන් අත්සන් කළහොත් තමන් වහන්සේටද ඒ ගැන සලකා බැලිය හැකි යැයි උන්වහන්සේ එම නියෝජිතයන් පිරිසට පවසා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ උවමනාවෙන්ම මැරෙන්න හදන අයට විරුද්ධව නඩු පැවරීමට රජය කටයුතු කරන්න ඕනා. අනික ආගමික නායකයින් ඉන්නේ හොරුන්ව ගලවගන්නද? බන්ධනාගාර හොර දොස්තරලගේ තත්වෙට මහනායක හිමිවරුන්ව පත්කරවන්න එපා. බලාගෙන ගියාම මේක මෝඩයෝ පවුල් පිටින් පිනුම් ගසන අමනයින්ගේ පාරාදීසයක් වෙලානේ????
ඒ කියන්නෙ මහනායක හිමි කෙනෙක් වුනත් තනියෙන් තීරණ ගැනීමේ හැකියවක් නැහැ කියන එකනෙ.
අනේ ඉතින් අන්තිම කැමැත්ත නොකා නොබී මැරෙන්න නම් එකට මොකට විරුද්ධ වෙලා පවු පුරවා ගන්නවද? ඔය සේරම පුරුවේ කරපු පවු පින් අනුව සිද්දවෙන දේවල් නේ? කර්මේ වෙනස්කරන්න බැහැ. ඔන්න ඔහේ ගියාවේ. අර පරණ ගෙනාපු සිල් රෙදි ටික වත් දීල ලොකුවට බණක් කියල දානයක් දෙමු පහුවෙලා.
මොන මගුලකටද උපවාසය අත්හරින්නැයි කියන්නේ. ඔය මිනිහ උපවාසය කලේ හාමුදුරුවරු කියලද..හරි හමන් කෙනෙක් ඕවට ඉදිරිපත්වෙන්නේ නෑ-
මෙතුමා උපවාස කරන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් නොවේ. තමන් කල හොරකම් සහ රජයේ දේපොළ අව භාවිතය ගැන සැකකරුවෙක් ලෙසටයි. උපවාසයේ ඉල්ලීම තමන්ට ඇප දෙනා ලෙසයි. ඉතින් කොහොමද මේක කරන්නේ. මහා නායක හාමුදුරුවරු කොහොමද නීතිය කඩන්න කියල අත්සන් කරන්නේ. ඒකාබද්ද විපක්ෂේ ඉන්න මන්ද බුද්ධික අයට මේක තේරෙන්නේ නෑ.
මේ හොරු රංචුව දැන් විහාරස්ථාන ඇතුලෙත් පරිබ්‍රමණය වෙනවා නාහිමිවරුනුත් මුදලට ගන්න. ඉස්සර හිටපු ලොක්කා හෙවත් තුන්මුල්ලේ විමලේගේ ලොකු අයියා තමයි පන්සල් දේශපාලනය කරලියට ගෙනාවේ. නාහිමිවරු වැඩ සිටින්නේ වංචා දුෂණ වලට මුහුණපා බන්ධනාගාර වල සිටින මගොඩියන් එලියට ගැනීම සඳහා අධිකරණයට බලපෑම් කරන්න නොවන බව මුන්ට තවමත් තේරිලා නැහැ වගෙයි......
මේ මිනිහ එළියේ හිටියත්, ඇතුලේ හිටියත් කාටවත් වැඩක් නැති නිකම්ම නිකම් නං දොඩවන්නෙක් විතරයි. ඉතින් මොකටද එලියට ගන්න ඔය හැටි දඟලන්නේ?
හොරු බේරන්ට සංඝයාවහන්සේලා පාවිච්චි කරන්නට එපා බලු වැඩ කරලා මදිවට මේ පිස්සෝ මොනවාද මේ කරන්නේ. බංකොලොත් ජරා දේශපාලුවෝ තවමත් පාඩමක් ඉගෙන නැහැ වගේ.
සියලුම පුජ්‍ය පක්ෂ, දේශපාලන පක්ෂ බේදයකින් තොරව අවශ්‍ය උපදෙස් පමණක් ලබාදුන්නොත් අනාගත පරපුරට යහපතක් වේවි.
මේක හරි වැඩක් හිර ගෙදර හැමෝම මාරාන්තික උපවාස කලාම අවූරුද කන්න මහින්ද මාමා හරහා ගෙදර යන්න පුළුවන්.
විමලෙ බලාගෙන ඉන්නේ කොහොමද දැන් මේක නතර කරන්නේ කියලා ගිය පාර මහින්දට කියලා වතුර පොවා ගත්ත වගේ. තමන්ගේ කැත ජරා වැඩ වලට මහනායක හිමිවරුන් පාවිච්චි කරන්න උත්සාහ කිරීම තරයේ හෙලා දැකිය යුතුයි
තමා කැමැත්තෙන් මැරෙනවා නම් ඔය මැරුනාවේ, මේ නඩු ඉක්මනින් අසා පාඩුව අය කර ගත යුතුයි. අපි රජයට බල කරන්නේ හොරුන් කවරකු වුවත් දැඩි දඬුවම් දිය යුතු බවයි.
ඉන්න කලේ හොරා කාපුව ඇති කාලයක් ජීවත් වෙන්න. මේ වගේම ආන්ඩුවේ ඉන්න එස්බී වාගේ අයටත් ක්‍රියාමාර්ග ගන්න
මේ වීරවංස සහ ඔහුගේ ගෝලයෝ ටික පාර්ලිමේන්තු ගියේ ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින්. එහෙම ගිහිල්ල කෝටි ගණන් මහජන මුදල් හොරකාල දැන් නීතියට බලපෑම් කරනවා. යහපාලනය හොද වැඩියි .ඒකයි මේ ඔක්කොම.
උපවාස කරලා උන්වහන්සේට කියල උපවාසය අත්හරින්නැයි බලකරලා කියවගන්න දැන් උපවාස ඇතිවෙලද ? මුන් වගේ හිගන දේශපාලුවෝ රටත් විනාශ කරලා ජාතියත්ආගමත් විකුණලා ජීවත් වෙන්නයි හදන්නේ ... රටක් හදයිද කවදාවත්..?
පුද්ගලයෙත් යම් චෝදනාවකට අත්අඩංගුවට පත් වුනොත් ඊට විසඳුම වී තිබෙන්නේ උපවාසයක් කර චෝදනාවෙන් ගැලවෙන්න බලන එකද ? නීති මාර්ගයෙන් චෝදනාවට මුහුණ දී තමන් නිදොස් නම් නිදොස් බව පෙන්වීමද? මමනම් හිතන්නේ ඔහුට නීතියෙන් එම චෝදනාවට මුහුණ දෙන්න හැකියාවක් නෑ කියලයි. ඒක නිසයි උපවාස උපක්‍රමයට ඔහුගේ අපාය සහය අනුගාමිකයන් ඔහුව පොළඹවා තිබෙන්නේ .උපවාස මගින් ජීවිත අහිමිවීම් ඉතා අල්පයි. උපවාසයෙන් මොහුගේ රෝහල් වාට්ටුවට රිංගීමේ සිහිනය හරිගියා. හැබැයි ඇප ගන්න නම් ලෙමන්පෆ් දොඩම් කිසිවක් නොගෙන ඔලුවෙන් හිටගෙන උපවාස කරන්න කියා විමල්ට සහ උපදෙස් දෙන මෙන් ඔහුට උපවාස කරන්න කියා උපදෙස් දුන්න අයට කියමි.
රටේ තියන නීතියට අභියෝග කරන්නයි මෙයා හදන්නේ. ඕක සාමාන්‍ය මිනිහෙක් එහෙම කලානම් අද මැරිලා. නිතිය හැමෝටම සමාන වෙන්න ඕනි. එපා ගන්න දරන උත්සාහය අමනයි ගොන් වැඩ කරන එක නවත්තන්න මොලයක් නැති හරක් අපේ දේශපාලකයෝ.
උපවාසය අත්හරින්න එපා කියල ලියවිල්ලක් ගෙනාවොත් නම් අත්සන් කෝටියක් වුනත් ගන්න පුළුවන් වෙයි.
මහ බැංකු වංචාකරුවන් නිදැල්ලේ. විමල් ඇතුලේ.
කලින් පාර රජතුමා ඇවිත් නාටකයක් කරලා වැඩේ ඉවර කළා, මේපාර කව්රුවත් නැතුව වගෙය්, ලැජ්ජාව වහගන්න කරන දේවල් තමය් මේ, අනික මෙයා ට ඇප දුන්නොත් සුළු සුළු හොරකම් කරලා එළියේ ඉන්න අයත් උපවාස කරයි, ඒ වගේම තමයි එලිය ඉන්න ඔක්කොම හොරුත් දැන් බය වෙලා ඇත්තේ,
නීතිය හෑල්ලු කරන්න එපා
ඕක මිනිහෙක් කරලා දක්ෂයෙක් කලේ ජ.වී.පෙ එක එහෙම එදා මෙයට දානයක් නොතිබුනාට මහබලයක් තිබුන එදා ඔහු හිටියේ ජනතාවගේ පැත්තේ අද මූ ඉන්නේ කඹ හොරුන් ගේ ගොඩේ ඕක හදල තියෙන මාලිගා 2 තාප්පය මැදපෙරදිග සිටුවරයෙකුගේ මන්දිරයකටත් වඩා විශාල කාගේද මේ සල්ලි අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල් මුන් සේරම රනිල් මහින්ද දෙන්නම කරන්නේ එකම දෙය