මහනුවර නව නියෝජ්‍ය ඉන්දියා මහ කොමසාරිස් ලෙස රාධා වෙන්කතරාමන් මෙනෙවිය පත් කරනු ලැබ සිටී.
විදේශ සේවයට ඇය එක්වූයේ 1982 දීය. 1962 දී ඉපැදුණු ඇය සමාජ විද්‍යා පශ්චාත් උපාධිධාරිණියකි. හින්දි හා දෙමළ භාෂාවලට අමතරව ඇය ඉංග්‍රීසි, රුසියා, ජර්මන් හා පෘතුගාල භාෂා ප්‍රගුණ කර ඇත්තීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොළඹටත් ඉන්නවා, නුවරටත් ඉන්නවා, යාපනයටත් ළගදිම කෙනෙක් පත් කරයි නේද? අනේ මන්දා මටනම් තේරෙන්නේ නෑ.(හේ)
සුභපතනවා (දී)
අපේ රට නියෝජනය කරන්න ඉන්න තානාපතිවරු මහා කොමසාරිස් වරුන්ටත් මේවගේ සුදුසුකම් තිබුනානම් කොච්චර හොඳද?? කව්රු හරි බලවතෙකුට තියන නෑදෑ හිතවත්කම මිසක් සමහරු යන්තම් ඕ ලෙවල් ගොඩ දාගත්තු අය . සමහරුන්ට එහෙමවත් නැහැ. අපේ රට ජාත්‍යන්තරයෙන් කොන් වෙන එක අහන්නත් දෙයක්ද?? (බ)
අවරුදු 20 න් විදෙස් සේවයට බැදෙන්ට මැය ඇති දක්ෂ අයෙකු විය හැක. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක නම් මෙය කිසිවිටකත් විය නොහැක. උපාධියක් ගැනීමටම වසර 5 ක් පමණ ගතවේ. (දී)
දයා අලහකෝන් මහතාගේ ප්‍රශ්නයම තමයි මටත් අහන්න තියෙන්නේ. (නි)
ඉන්දියාවෙන් පමණක් මොකටද මහකොමසාරිස්, නියොජ්‍ය මහකොමසාරිස් වගේ තනතුරු ගොඩක් අපේ රටට එවන්නෙ? මේ ක්‍රියාදාමය අපේ රටේ ජාතික අරක්ෂාවට හොඳ නැති බවයි මගේ නම් අදහස වෙන්නේ (නි)
ඔබ කවුදැයි නොදන්නාමුත් හදවතින්ම සුබ පතමි! (නි)