
(යොහාන් භාසුර)
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් අද (5) සිට ධාවන කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 පිටත්ව දෙමෝදර දුම්රිය ස්ථානයට පස්වරු 2.20 ට ළගා වන බවත් එම දුම්රිය නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹා රාත්‍රී 9.35 ට මහනුවරට ළගා වන බවත් එම ගමන අතරතුරදී දුම්රිය දියඇලි, කඳුපන්ති ඇතුළු අලංකාර ස්ථාන රැසක දුම්රිය විනාඩි කීපයක් නවතා තබන බවත් සෙනෙවිරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම කළින් රාජකාරියට යන සේවකයන්ගේ දුම්රිය වෙලාවට යවලා එමුද?
ඒක නම් හොඳ අදහසක්... නමුත් ආපසු පැමිණෙන විට රාත්‍රිය නිසා එයින් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙයි. පෙර ධාවනය වූ EXPO දුම්රියේ මෙන් මැදිරි සකස් කර සංචාරකයින්ට උපරිම පහසුකම් ලැබෙන පරිදි දුම්රියක් ධාවනය කරන්නේ නම් වඩාත් හොඳයි. මෙම සේවාව බෙලිඅත්ත සිට මහනුවර හරහා බදුල්ල දක්වාත්, තවත් එවැනිම සේවාවක් බෙලිඅත්ත සිට අනුරාධපුරය, යාපනය දක්වාත් අරඔන්න.
කොළඹ සිට නුවර එන 5.10 දුම්රිය වෙනදා 8.-8.10 වෙද්දී නුවරට එනවා... දැන් 9.00 වෙනවා. හේතුව...?
අවුරුදු ගාණක් තිස්සේ කොළඹ සිට නුවර එන ඉන්ටසිටි එක එන්නේ හවස 3.35. ඒක පේරාදෙණියට එනවා 5.50 විතර වෙනකොට. ඒ කියන්නේ පැය 2 විනාඩි 20...ක් විතර. හවස ඔෆිස් වෙලාවල්වලට නුවර ඉන්න මිනිස්සුන්ට එන්න තියෙන්නේ 4.35 නැත්තන් 5.10ට... ඒ දෙකම හරියට කළමනාකරණය කළොත් නුවර යන මිනිස්සුන්ට අඩුවෙලාවකින් යන්න පුළුවන්...
අඩුම තරමේ නයින් ආච් එක ගාව දෙමෝදර ගාව විනාඩි 15ක් වත් නතර කරනවා නම් වටිනවා...