ඉන්ෆ්ලුවෙන්සා ඒ. එච්.1 එන්.1 වෛරසය ශරීර ගත වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනකු මිය යෑමෙන් පසු මුද්‍රා තැබුණු මහනුවර මහ රෝහලේ 69 වැනි වාට්ටුව ජීවානුහරණයෙන් පසු යළි ප්‍රතිකාර සඳහා විවෘත කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

එම වාට්ටුව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට පමණක් වෙන් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රෝහලේ තත්ත්වය ගැන සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා හෙට රෝහලේ නිරීක්ෂන චාරිකාවක නිරත වීමට නියමිතය.  මහනුවර රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛය ඇමැතිවරයා වාර්තාවක් කැඳවා තිබේ.