මහනුවර රෝහලේ වකුගඩු රෝගීන් තිදෙනකු කිසියම් වෛරයසක් හේතුවෙන් මිය යාමෙන් පසු ඔවුන් නේවාසික ප්‍රතිකාර ලබා ගත් වාට්ටු අංක 65 වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
මියගිය රෝගීන් තිදෙනාට ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය ශරීර ගත වී ඇති බවට සැකකරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන් ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට මාරුකර යවා ඇතැයි කියති.
රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු සේවකයන්ගේ රාජකාරි මට්ටම් ඉතාම පහළ මට්ටමක තියෙන්නේ වැඩි දෙනෙක් හවස් වෙනකොට මත්පැන් පානය කරලා ඉන්නේ හරියට රාජකාරියක් වෙන්නේ නෑ ඒ අය නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ (හේ)
ලොකු ප්‍රශ්නයක් මේක.(හේ)
ඉස්පිරිතාල සියල්ල අපිරිසිදුයි. සුළු සේවකයෝ වැඩට එන්නේ පඩිය ගන්න විතරයි. වෙන වෙන තැන් වල වැඩ. එක්කෝ ත්‍රීවීල් එළවනවා. නගර සභාවේ තත්ත්වෙත් ඕකමයි (නි)
හැමඑකටම සැකකිරීම තමයි ප්‍රශ්නය. (නි)
සෞඛ්‍ය ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි. තමාගේ විෂය පථය හරිහැටි කරන්නේ නැතුව රාජපක්ෂලා එල්ලන්න දඟලනවා. අහිංසක මිනිස්සු නිකන් මැරෙනවා (නි)
ඉස්පිරිතාල වල සේවකයෝ ත්‍රීවීල් දුවනවා. රාජකාරිය හරියට කරන්නේ නැහැ. කළුබෝවිල සේවකයන්ට ඩෙංගු හැදුනෙත් පිරිසිදුකම නැති නිසා වෙන්න ඇති. එයාලා හරියට වැඩ කරනවා නම් ඩෙංගු හැදෙන්නේ නැහැනේ (නි)
සේවකයන්ට වැඩිය රෝගීන් බලන්න එන අය අතේ තම වරද. පාස් එකට එක අයෙකු පමණක් යන්න තිබුනත් 10 ක් පමණ එක ලෙඩෙකු බලන්න වරින් වර හෝ ආරක්ෂක අංශයට චාටු දාලා ඇතුල් වෙනවා. ඉතින් මේ අය ගාව තමා ගොඩක් විෂබීජ තියෙන්නේ, මහමඟ තෙරපිලා විත් පිරිසිදුනොවී ඇතුළුවීම නිසා. (නි)