( මොහොමඩ් ආසික්)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වීමට නියමිත මැයි රැළියට දිවයින පුරා බස් රථ 2800 කින් පාක්ෂිකයින් 120,000 වැඩි පිරිසක් සහභාගී වන බව මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කියයි.
මහනුවර පිහිටි මහ අමාත්‍යවරයාගේ නිළ නිවසේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.
“මෙවර පැවැත්වෙන මැයි රැළි අතරින් අති දැවැන්තම රැළිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකව මහනුවර දී පවත්වනු ලබන මැයි රැළියයි. මෙම රැළියට දැනටමත් විශාල පිරිසක් සහභාගී වන බවට ස්ථීර කර තිබෙනවා“
“මෙසේ සහභාගී වන පිරිස් සදහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.නගරයට පැමිණෙන අනෙකුත් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් බස් රථ ගාල් කිරීමටත් පෙළපාලි පැවැත්වීමටත් අවශ්‍ය සැලසුම් සකස් කර තියෙනවා“යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝතලය විතරයි වෙනස්වෙලා තියෙන්නේ ඇතුලේ තියෙන්නේ කලින් තිබුන පරණ වයින් ටිකම තමයි. අනේ මන්දා කවදා මේ රට හැදේවිද ? අපි හැමදාම කාටම හරි රැවටෙනවා.
මේ වැඩ වලට කොහින් හිනාවෙන්නද.. කොහින් අඩන්නද කියලා තේරෙන්නෙ නෑ.. මැයි රෑලියක් ගැන කතා කරනවා.. මැයි රෑලියට එන්න හිටපු මිනිස්සු කුණූ කන්දකට යටවෙලා.. ඒ මිනිස්සුන්ට කන්නවත් නෑ.. ලක්ෂ ගනන් කතා කරනවා.. චන්දෙකට එන්නකෝ මහත්තයෝ.. අපි ඔයාලට කලගුන සලකන්න බලාගෙන ඉන්නෙ..
මටත් එන්න කිව්වා. නමුත් ඡන්දෙ දෙන්නෙ නෑ. මම යනවා මගේ ආසනේ සංවිධායක තරහ වෙන නිසා...
මේ බස් රථ ලංගමද ....පුද්ගලිකද ...වියදම දරන්නේ මහජන අරමුදලින්ද ..අම්ම අප්පාගේ බුදලෙන්ද .. ? මේ ගැන ඉඳුරාම සදහන් කල යුතුය.
බස් නම් එයි එත් මිනිස්සු එන්නේ මෙතුමා රටට මොකක් කරපු නිසාද? ඇත්තටම මෙතුමා මොනවද කලේ?
සරත් මහත්තයෝ, ඕක කියන්න පරක්කු වැඩියි දැන්. කියන්න තිබුණේ අප්‍රේල් පළවෙනිදානේ. මොකද ඒ දවස තමයි ඔබ නියෝජනය කරන අයගේ දවස...
මැයි රැළියකට ඒන සෙනඟ ප්‍රමාණය අනුව කිසිම පක්ෂයක් වැඩ කරන ජනතාව වෙනුවෙන් කර අැති සේවය තීරණය නොවේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් දිනා දීමට හැකි නම් ඒ තමා වැඩ කරන ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මැයි දිනය දවසේ...
මිනිස්සු කුණු කඳු වලට යට වී මිය යනවා. නරක පාලනයක් අැති රටක් වෙලා. මැයි රැළිය තිබුණම අැති....
සරල විදිහට දිව්රුම් දීල, බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා,වියදම රු. 6000 ක් උත්සවේට වැය උනේ කියල රටටම පුරාජේරු ගහලා, දැන් මේ බස් 2800 දුවන්නේ හුලන් වලින් වෙන්න ඇති. තියන බය කොච්චරද කියල හොදට පෙනෙනවා.
ලෝකයේ කිසිම රටක මෙහෙම මුදල්, කාලය, ශ්‍රමය, අනුන්ගේ වැඩට බාධා කරමින්, පරිසර දූෂණය කරමින්, කරන නාඩගම් මැයි දිනය වෙනුවෙන් කරන්නේ නැහැ. ලංකාවේ සියලුම පක්ෂ මේ පිස්සුව නවත්තලා ශාලාවක් ඇතුලේ මේ වැඩේ කරනවානම් තමයි හොඳ.
මේ ගොල්ල හැමදාම හීන දකින එකම තමයි වැඩේ. මේ කට්ටිය නින්දෙන් නැගිටින්නේ කවද්ද මන්ද?
ප්රශ්නය එක නෙවෙයි. මේ මිනිස්සු හැදෙනකම් අපේ රට හදන්න බැහැ වැරැද්ද පාලකයන්ගේ නෙවෙයි ... ඡන්දය දෙන මේ කට්ටිය තමයි..
අනේ අම්මපා මේ ගුබ්බෑයම් අස්සේ රිංගන මෝඩ මිනිස්සු තාමත් ඉන්නවනේ මේ රටේ...
තම තමන්ගේ පළාතේ මැයි දින රැලි තියාගත්තා නම් හැමෝටම පහසුයි. නිකම් බොරුවට ගිරිය පුප්පගෙන කෑ ගහන්න මිනිස්සු රස්තියාදු කරන්නේ මොකටද? පහුගිය ආණ්ඩුවේ නඩුත් තියනවා ලංගම බස් ගෙනිච්ච කියල මේවට බස් දෙන්නේ පිනටද? මෙහෙම කරන කොට කොහෙද ලංගම ලාභ ලබන්නේ ...?
මොනදේට වුණත් රජයේ වාහන පරිහරණය කරන්නේ නම් ඒ සඳහා ගෙවිය යුතු කුලී මුදල් කාර්යයට පෙර ගෙවා පහසුකම් ලබා ගන්න... නැතිනම් පසුගිය රජයේ මෙන් මිලියන ගණන් ලං.ග.ම. ට පොළු තැබීමට කටයුතු නොකරන්න... ඉදිරියේදී පත්වන රජයටත් " ඇෆ්. සී. අයි. ඩී." ඇති කිරීමට ඉඩ නොතබන්න.
යටිතල පහසුකම්ලු. මේ ලියන අය මොනවද මේ ලියන්නේ? පාලම් බෝක්කුත් හදනවද?
මැයි දිනයට රජයේ දේපළ පාවිච්චි කිරීමට ඉඩදී තිබෙන්නේ මන්ද? ගොඩක් මිනිසුන් මැයි දිනයේ තේරුමවත් දන්නේ නැහැ. අරක්කුවලටයි, බත්පාර්සලයටයි ඇවිල්ල පිස්සු නටල යනවා.
මැයි රැළිවලට බොරුවට මිනිස්සු අද්දන්න කරන නාස්තිය නවත්වලා ඒවෙනුවට කුණු කඳු ඉවත්කරන්න වැඩ පිළිවෙලක් හදන්න. මිනිස්සු කුණු වලට යටවෙන කාලයක් මේක!