(මහින්ද නිශ්ශංක)
මහනුවර සිට මාතර බලා ධාවනය වු අංක 40 දුම්රිය අද (7) පෙ.ව. 7.50 ට පමණ ගනේමුල්ල දුම්රිය ස්ථානයට ළඟාවෙමින් තිබියදී දුම්රිය මැදිරි එන්ජිමෙන් ගැලවී ගොස් ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.
පසුව විනාඩි 15 ක පමණ කාලයක් තුළ යළි මැදිරි සියල්ල එන්ජිම සම්බන්ධ කර විනාඩි 35 ක පමණ ප්රමාදයකින් පසු දුම්රිය කොළඹ කොටුවට ළඟා වු බව පවසයි.
මේ හේතුවේ අද (7) උදෑසන කාර්යාල දුම්රිය විනාඩි 30 ක් පමණ ප්රමාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදිත් ඕකම වුණා නේද? මොකක්ද මේ පාලකයෝ කරන්නේ? අහිංසක මිනිස්සුන්ට වෙලාවට ගමනක් යන්න තියෙන දේවල් නේද?
වසර 50ක්ත වැඩ පරණ දුම්රිය ගමන ගමනයට සුදුසු නැහැ හොද වෙලාවට මෙය තැනිතලා බිමේ සිදු වුනේ නිකමට සිතන්න කඩුගන්නාව සහ රබුක්කන අතර සිදු වුනානම් කී දෙනෙක් ගේ ජීවිත නැතිවෙලද නරකද රජය කෝටි ගන්න වියදම්කර ගන්න වාහන වෙනුවට මහජන ගමනාගමනයට සුදුසු දුම්රිය මිලදී ගතහොත් ?
මගුලක් කතා කරනවා ! මැදිරි එන්ජිමට හරියට ආදන්නවත් නොදන්නා ඔය සේවකයා කොහොමද දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතුල් උනේ කියල හොයල බලන්න ! ඉන්දියාවෙන් ආනයනය කරන ප්රමිති වලින් තොර දුම්රියවල, නවීන පන්නයේ හදිසි ආරක්ෂිත මෙවලම් පද්ධති තියෙන්නත් බැහැ !!!