මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ජූලි 27 වැනි දා උදේ අටට චිරාගත චාරිත්‍රානුකූලව සිදුවීමට නියමිතය.
එදින සිට 31 වැනි දා දක්වා ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වේ.
ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු පළමුවැනි දා වීදි සංචාරය කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියයි.
කුඹල් පෙරහර පහකින් පසුව ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 06 වැනි දා වීදි සංචාරය කරයි. රන්දෝලි පෙරහර පහකින් පසුව අගෝස්තු 10 වැනි දා අලුයම ගැටඹේ දිය කැපීමෙන් පසුව ගෝස්තු 11 වැනි දා දහවල් පෙරහරින් ඇසළ උළෙල නිමවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (අ)