ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් නොසොයා කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළද එය රටේ ස්ථාවරභාවයට පත්වන්නේ නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා අද (01) කොළඹ 07 විසුම්පායේ දී මාධ්‍ය හමුවක දී පැවසුවේය.
මෙයට අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා එක් නොවූ බව ද පිටු 300 කින් සමන්විත මෙම කමිටු වාර්තාව www.yourconstitution.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බලා ගත හැකි බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ මුලික ප්‍රශ්න වලට විසඳුම් හොයන ව්‍යවස්ථාවක් ඒක හදන මිනිසුන්ට අවශ්‍ය නැහැ. එයාලට අවශ්‍ය කොහොම හරි ලබාගත් බලය දිගු කලක් ආරක්ෂා කර ගැනීමට හැකි ව්‍යවස්ථාවක්. ඔක්කොම කතා කරන්නේ බඩේ බිත්තර තියාගෙන. (ර)
ජනතාවගේ මුලික ප්‍රශ්නය රට බෙදීම යි (ම)
ලංකාවට අවශ්‍ය තද එක නීතියක්. සේරම ආගම්, ජාති නීතියට පහළින් තිබිය යුතුය. මෙය නොකර කොපමණ දැඟලුවත් වැඩක් නැහැ. (නි)
අපොයි දෙයියනේ! මං හිතාගෙන හිටියේ ජනතාවගේ මුලික ප්‍රශ්න වලට විසඳුම් හොයන්නත් එක්ක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ කියලා. ඒ කිව්වේ අඩුවශයෙන් මුලික ප්‍රශ්න විසඳීමට ගේන්න බලාපොරොත්තු වන අනෙකුත් නීතිවලට මේකෙන් පසුබිම සකසා දෙන බව. ඒකවත් කෙරෙන්නේ නැත්නම් අැයි අපි අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ? (නි)
ජනතාවට අවශ්‍ය කටයුතු හා යටිතල පහසුකම් හදලා අනුන්ගේ වැරදි කිය කියා ඉන්නේ නැතුව දැන්වත් රට වෙනුවෙන් වැඩක් කලානම් හැම ජාතියකටම පොදුවේ ඉන්න ව්‍යවස්ථාවක් නැතත් කමක් නැහැ.(ම)
ලාල් විජේනායක මහතාගේ ප්‍රකාශය නිවැරදියි. මුලික අවශ්‍යතා නැතුව මොනවා තිබුනත් වැඩක් නැහැ. (ර)