(මනෝප‍්‍රිය ගුණසේකර)
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුව නොවැම්බර් මස 20 සහ 21 දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(10) නියෝග කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කෙරිණි.
මීට පෙර අවස්ථාවක අධිකරණයේ පෙනී සිටි හිටපු අලුත්ගමගේ මහතාට අධිචෝදනා පත‍්‍රය බාරදෙනු ලැබූ පසු ඔහු ඇප මත මුදාහැරීමටද නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කල්දානවට වඩා දෙයක් නැහැ.. හොරු අල්ලන්න බැරිනම් ගෙදර යන්න.... මහින්ද මැතිතුමා කරපු දේවල් අමතක වෙලා ඇති. යහපාලන බොරුව නම් අහලා එපා වෙලා...
අවසාන ප්‍රතිඵලය වෙන්නේ තවත් ඇමති ධුරයක් වැඩිවෙන එකයි ...