2015 ජනාධිපතිවරණය සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදා ඉගෙනීමේ චෝදනාවන්ට වරදකරු කරනු ලැබූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක හා හිටපු සතොස සභාපති හා හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහති සිරදඬුවක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල අද නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම සිර දඬුවම් නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර චූදිතයින්ට ලක්ෂ හතර සහ ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කළේය.
මහින්දානන්ද අලුගමගේ මහතාට ලක්‍ෂ දෙකක් නියම කළ අතර නලින් ප්‍රනාන්දු මහතාටලක්ෂ හතරක දඩ නියම විය.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ්. පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම ගොනු කර තිබිණි .
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු ගොනුකොට තිබිණි.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.
(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර ඇත්නම් දඬුවම් විඳිය යුතුයි. තව අවුරුදු කීපයකින් හාල්, ලුණු, කන්ටේනර් වංචාවලට තවත් ප්‍රසිද්ධ නම් කීපයක් ඇතුලට යන්න නියමිතයි.
මේ වගේ තීන්දු ඉතාමත් අනර්ගයි ලංකාවට. හොරකම් කරපු අනිත් කට්ටියත් ලෑස්ති වෙලා ඉන්න ජම්පරේ අඳින්න. ලංකාවේ දේශපාලනය කරන අය තවත් හොරකම් කරන එකක් නැහැ...
මොවුන් හොරු බව රටේ පමණක් නොවේ. ජාත්‍යන්තරෙත් ප්‍රසිද්ධයි. ඒත් හාමුලගේ රැකවරණය යටතේ ඕන දහජරා වැඩක් කරලා යෙහෙන් වැජඹුණා. දැන් නීතිය ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන් දඬුවම් විඳින්න ඕනෑ. නියමිත දඬුවම විඳින කල් එළියට එන්න බැරිවෙන්න ක්‍රමවේදයක් හදන්න.
දීමේ ආදීනව නොහොත් මහජන මුදල් හොරාකෑමේ ආදීනව...
ඇප නැතිවෙන්නම දීලා තියෙන්නේ...
යෝගා, ගුණපාල, ප්‍රසන්න, මැක්ස්, වත්සි, pj, ආදී ඩෝබිලා සෙට් එක අද සද්දයක් නැතිව පෙරෝගෙන බුදිය ගනීවි.
ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි…
මෙය ඉතා දරුණු දඬුවමක් වන අතර සාධාරණ පදනමකට එහා ගිය දඬුවමකි. කෙසේ වෙතත්, මෙයින් හෙළි වන්නේ රජයේ සේවකයින්ට අවදානමක් සහිතව කිසිඳු තීරණයක් ගත නොහැකි බවයි. ඒ නිසා, ඔවුන්ට කළහැකි දේවල් දෙකක් නම් විශ්‍රාම යාම හෝ ඉවත් වී වෙනත් රැකියාවක් සොයා ගැනීමයි. සෑම විටම වැරැද්දක් සිදුවීමට ඉඩ ඇති නිසා වැඩකළ නොහැක.
ඊළඟට නාමල්ද, බැසිල්ද, යෝයෝද, රොකට් රෝහිතද, සිරිලියද, මහින්දද, ගෝඨාද, ශශීන්ද්‍රද, චමල්ද…?
මේක ඒ දේශපාලනඥයන්ට හොඳ දඬුවමක්. කෙසේ වෙතත්, විශේෂයෙන් පාලන තන්ත්‍ර මාරුවෙන් පසු "වරණීය යුක්තිය" ක්‍රියාත්මක වන බව අපි දැක තිබෙනවා. මෙය සිදුකරනු ලබන්නේ බලයේ සිටින රජය, අධිකරණය සහ අනෙකුත් රජයේ ආයතන විසිනි. ආසියාවේ සහ අප්‍රිකාවේ දූෂිත පාලන තන්ත්‍රයන් තුළ මෙය විශේෂයෙන් දක්නට ලැබේ. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම භාවිතා කරනු ලබන්නේ දවසේ දේශපාලනඥයින්ගේ අභිමතය පරිදිය...
නාමල්ගේ කයිය නිසා තමයි නඩු ඇහිල්ල ඉක්මන් වුනේ… දැන් නියමයි… කපුටාව ගේන්නේ කවදාද?
ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රීරි මාන්ස හූරාගෙන කාපු මහා පරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු හැම දූෂිත දේශපාලුවෙකුටම දඬුවම් දිය යුතුමයි. හොරාකාපු සියලු දේවල් රාජසන්තක කළයුතුමයි...
මේවා දැකලා ගෝඨා ආයෙත් සැරයක් පැනලා යයි.. ඉක්මන්ට කූඩු කරන්න.
ආණ්ඩුව හොරු අල්ලන්නේ නෑ කියලා කෑ ගහන බයියෝ කොහේද?
එතකොට අද නයි පවුලේ අයටද හීන්දාඩිය දාලා තියෙන්නේ?
අභියාචනාධිකරණයට ගියා.. ගෙදර ගියා. සරළයි.
මෙයාලා එච්චර කල් ඉන්න එකක් නෑ. වෙන ආණ්ඩුවක් ආපු ගමන් ආයෙත් එළියේ...
එක කැරම් බෝඩ් එකක් වැලිකඩට යවන්න මේ කට්ටියට කැරම් ගහන්න...
හොරු අල්ලනවා කියලා මෙහෙමත් හොරු ඇල්ලීමක් ජීවිතයට දැක්කාමයි අපේ හාමුදුරුවනේ..!
රාජයෝග කාරයෝ ඩබලම හිරේ… දැන් කවුද එතකොට රජකම් කරන්නේ…?
හාල් කිලෝ එක පන්සීයටම ගියාවේ, පොල්ගෙඩිය තුන්සිය වුනාවේ, එක වේලෙන් දවස ගෙවුනාවේ. රට කෑව එවුන් හිරේ ගියාවේ..
කපුටා ලංකාවට ආවොත් හෝ අධිකරණ ක්‍රියාදාමයකින් කුදලන් ආවොත් එය අන්තිම ගමන වනු ඇත. අවුරුදු හතලිහකටවත් බඩු ෂුවර්...
නියමයි...! අපි රටක් විදිහට නිවැරැදි දිශාවකට ගමන් කරමින් සිටී. නීතිය සියල්ලට ඉහළින් ඉන්න සමාජයක් ගොඩනගමු.
අන්න නියම පුවතක්... ඔය වගේ වැඩ බලන්ඩයි අපි ඡන්දේ දුන්නේ.. ඇතුලේ ඉන්න ඕනේ හොරු එලියේ රඟනවා.. බලලා එපා වෙලා හිටියේ.. ඡන්දෙට කලින් කරානම් කීයටවත් ලක්ශ 23ක් නැතිවෙන්නෑ.. මෙවැනි දේ දිගටම දකින්ඩ ලැබේවා පෝලිමේ...!
බලන් ඉන්න දැන් මහින්ද එයි. හැමදාම බත් මුලකුත් බැඳගෙන… එයා දිනවන්නේ මේ ඔක්කෝම කරේ… වැරදි නායකත්වය සහ වැරදි ආදර්ශ දුන්නේ මහින්දයි. ඒ ලණු කාපු ගෝලයෝ හිරේ… කපුටත් එයි ළඟදීම පාලු මකන්න.
බඩුමිල අහසට, ජීවන මට්ටම බල්ලට, රට කොටියාට, ආයෝජකයෝ නැවත ඒරොප්පෙටම යන වෙලාවේ බහුතරයක් වන මීහරකුන්ට සියල්ල අමතක කර සතුටින් හප හපා ඉන්න ඔන්න එහෙනම් අපි තනකොළ ගෙනාවා..
අරගලයට ජයවේවා….!
NPP රජයට මුළු රටේම සමස්ත ජනතාවම ආරක්ෂා කළ යුතු අතර ඔවුන් නොසිටියා නම් මෙම දුෂ්ඨයින් තවමත් මෙම දුප්පත් රට කොල්ලකෑමට ක්‍රියා කරනු ඇත. අධිකරණයට සහ කීර්තිමත් විනිසුරුවරුන් තිදෙනාට ජාතියේම අවංක කෘතඥතාව සහ ප්‍රශංසාව පුද කරනවා. මේ අයගේ සියලුම වත්කම් තහනම් කළ යුතුයි.
අළුත් ගමනකට ආශීර්වාද සහ සුබ පැතුම් !!!
දේශපාලනික පටු දැකීමකින් ඔබ්බට මෙවැනි තීන්දු ඇගයීමට ලක්විය යුතුයි. ඉදිරියේදී මහජන මුදල් අයථා භාවිතයට පෙර ඕනෑම දේශපාලකයෙකු දෙවරක් සිතනු ඇත.
වෙල්ඩන්...
මිලියන 53.1 වංචාවට දඩය ලක්ෂ දෙකයි !
රටට සේවය කිරීම අත්හැරීම නිසා වෙන දේ...!
එහෙනම් ඉතින් කෙහෙළියට අවුරුදු 100 හරි දෙන්න ඕනෙ බරපතල වැඩ සහිතව.
ගහපු ගැහිලි වලින් ඔය සොච්චම් දඩ ගෙවීම මෙ හොර දෙටුවන්ට කජු කනවා වගේ වැඩක් වුණත්, රජයේ බොඩිමේ කූඩුවේ කූරු ගණන් කරන එක නම් පොඩි අවුලක් වෙන්න පුළුවන්... දඩුවම් නම් නියමයි. ඇතුළට දාපු මේ හාල්මැස්සන්ට වඩා අති විශාල මෝර තඩියන් තවමත් එළියේ, චූන් එකේ බඩ පිනුම්, කරණම් ගහන බව පැහැදිලිවම පෙනෙනවා.. හාල් මැස්සන්ට...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
අපි ඇපල් ගමු...!
මේ ප්‍රවෘත්තිය අහල එක්තරා පවුලකට හීන්දාඩිය දාලා නිදාගන්න අපහසු තත්වයක් උදාවෙලා ඇති මගේ හිතේ...
ගොඩක් හොඳ පුවතක්... සියලු දෙනාට ස්තුතියි.
ඉතාම හොඳයි... තව ඉන්නවා.
රාජ යෝගය හරි. ඇය පසුපස ආ දෙදෙනාම දන්ඩනයට යොමුවී ඇත. රාජ යෝගය රටවැසියාටයි...
හාමුලගෙන් ජීවත් වුණු අයට මුත්‍රා පහවෙලා වගේ... කිසි සද්දයක් නැහැ....
ඉක්මනින් තව තව මෙවන් පුවත් ජනතාවට අසන්නට දකින්නට ලැබේවා!!
ඊළඟ අර පාට පාට ලී මහත්මයත් ලෑස්ති වෙලා හිටියොත් හොඳයි... එයාගේ නඩුවත් ලබන මාසේ ගන්නවානේ...
මොනවා වුණත් මනුෂ්‍යයන් හිරෙට යැම පිළිබඳව මට ඇත්තේ කණස්සල්ලක්! අපි අපට ආදරණීය සමාජයක් ගොඩ නැගිය යුතුයි! ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 100 සිමාවී ඔවුන්ට 2M වැටුපක් ලැබිය යුතුයි වෙනත් කිසිම වරප්‍රසාදයක් නොමැතිව...!
රතු ලේබල් ටැග් කන්ටේනර් මුදා හැරීම මෙන්, NPP පාලනය ක්‍රියාත්මක කිරීමට කාර්යක්ෂම යැයි සිතමින් NPP වහලුන් මෙය සමරන්නේ නම්, මෙම නඩුව රනිල් පාලන සමයේදී ගොනු කරන ලද බැවින් ඔවුන්ට රනිල්ට ගෞරවය දිය යුතුයි.
ටික දවසයි. ඊට පස්සේ ඇප පිට එළියේ. මොකද මොවුන් හොරාකාලා හම්බ කරගත්තේ නිකන් නෙවෙයිනේ... මහින්දානන්දගේ මූණෙ හිනාවෙන්ම ඒක කියවනවා.
මෙතැන අද වෙනසක් දැක්කේ නැද්ද? වෙනදාට පොහොට්ටුවෙක්ව උසාවි ගෙනාවම මළකුණට වාහන නිලමස්සෝ රැල වගේ පොහොට්ටු රැලක් එනවා. හරියට එහෙම කොහොමද උසාවි ගේන්නේ කියලා කියන්න වගේ. හැබැයි අද එකෙක් වත් පේන්න හිටියේ නැහැ. ඒ අයත් දැන් අන්දමන්ද වෙලා ඇති. මොවුන් දෙන්නා තනි වෙලා...
ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහපාරට ඇදලා දාපු, රීරි මාන්ස හූරාගෙන කාපු රටම හොරාකාළා විනාශ කරපු දූෂිත දේශපාලුවන් එකෙක් නෑර හැම එකාම හිරේට යැවිය යුතුමයි...
අසේල මහතා වැනි බුද්ධිමතුන් කීප දෙනෙකුගේ අදහස් හැර සංඛලා වගේ අයගේ අදහස් දැක්කම ලංකාවෙ ඉන්නෙ කොතරම් මන්දබුද්ධිකලාද කියල හිතෙනවා. ඇත්තටම ගරු අධිකරණයකට ගරුත්වය පුදකලයුතු අවස්ථාවේ මාස 8 ක් වයස පාලනයකට ස්තුති කිරීම හරිම කණගාටුයි. මොකද අධිකරණයට පැමිණිළි කිරීමට විමර්ශනයක් කරන්න ඕන ඊළගට නඩු පැවරීම් කරන්න ඕන දින නියමකර ශාක්ෂි ව්මසමින් නඩු අහන්න ඕන ශාක්ෂි සම්පිණ්ඩනය කර තීන්දු සකසන්න ඕන. එහෙම කරන්න සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩි කලක් ගතවෙන්න පුලුවන් .එහෙම නිසා මේවා වත්මන් රජයේ කටයුතු කියල ආවැඩීම ලැජ්ජා නැති දේශපාලන ගැතිකමක් කියන්න වෙනවා කෙසේ වුනත් නඩු ඇසීම දේශපාලන වැඩක් නොවෙයි ගරු අධිකරණයේ වැඩක් කියලවත් නොතේරීම රටේ අවාසනාවක් කියන්න පුලුවන්
කෙහෙළිය හිරේ යැව්වේ සමාජ ක්‍රියාකාරීන් , මහින්ද නාන්දලා හිරේ යැවීමට නඩු දැම්මේ යහපාලන කාලේ. අලුත් ප්‍රතිපල තමා වැදගත්