මැතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රචාරයක් ලැබෙන පරිදි නිවාඩු කාලයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කරන බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මැතිවරණ කොමසාරිස්ට ලිඛිතව දන්වා තිබිණි.
ඒ අනුව විද්‍යාගාර විවෘත කරන්නේ නම් නිලධාරීන් පමණක් සහභාගී වී මැතිවරණ ප්‍රචාරයක් නොවන පරිදි විද්‍යාගාර විවෘත කරන ලෙසත්, එසේ නැතිනම් තාවකාලිකව නවත්වන ලෙසත් මැතිවරණ කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත.
මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලීමට ගරු කරමින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් කීවේය.
මැතිවරණයට නාමයෝජනා බාර දුන් පසු ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් දේශපාලනඥයන්ගේ සහභාගගීත්වයෙන් විද්‍යාගාර කිහිපයක් විවෘත කළ බවත්, ඉදිරි දින කිහිපයේ ද විවෘත කිරීමට සූදානමක් ඇතැයි දැනගත් නිසා මැතිවරණ කොමසාරිස් දැනුම්වත් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි මහින්දෝදය විවෘර්ත කිරීම නැවැත්තුවේ ? මොකද පාසැල් සිසුන්ට ඡන්ද අයිතිය නැහැ නේද? පව් අහිංසක දුප්පත් ළමයි තව මාසයක් බලාගෙන ඉන්න ඕනෑ නේද ? (නදී)
මෛත්‍රී මැතිතුමාට විවෘත කරත හැකි. (අ)
ලංකා ගුරු සංගමයට අපේ ප්‍රණාමය (අ)
ඕවාට කවදාහරි ගෙවන්න වෙන්නේ අහිංසක අපිට තමයි (නි)
කිසිම කලබලයක් නැහැ අපිට ඕවා දැන් විවෘත කරන්න. 8 වෙනිදායින් පස්සේ අපි ඔක්කොම එකතුවෙලා අති උත්කර්ෂවත් විදියට විවෘත කරගන්නම්. කට්ටිය කරදර වෙන්න එපා (නි)
මේවා ඉතින් ජාතියේ අවශ්‍යතා. මේ විද්‍යාගාර ඉක්මණින දරුවන්ට පවරාදිය යුතුයි (නි)