ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එය විභාග කර මැතිවරණ සමයේ එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උත්සව නොපවත්වන ලෙස නියමයක් කරන්නැයි ද එම දෙපාරතමේන්තුව මානව හිමිකම් කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි මතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය සමයේ දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් මහින්දෝය විද්‍යාගාර විවෘත කිරිම ගැන ලංකා ගුරු සංගමය සහ මැතිරණ නිරීක්ෂක සංවිධාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කළේය. ඒ අනුව විද්‍යාගාර විවෘත කිරීම නවතන ලෙස මැතිවරණ කොමසාරිස් දන්වා තිබිණි.
ඉදිරියේ එවැනි තත්ත්යන් ඇති නොවීමට මේ ගැන සොයා බලන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිසමට දන්වා ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහත්වරුන්ගෙන් ද, කැෆේ සහ පැෆරල් සංවිධානවල ක්‍රියාකාරින්ගෙන් ද මේ ගැන සාක්කි ලබා ගත හැකි බව ද මැතිවරණ දෙපාර්තමේන්තු දන්වා තිබේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දෝදය පන්දම් ඇල්ලුවාදැයි සොයයි
විජයබාහු Monday, 09 March 2015 09:44 AM
වෛරී දේශාපලනය (අ)
දුමින්ද Monday, 09 March 2015 03:25 AM
මේ රටේ පන්දන් පාලිය නටපු නැති දේශ පාලනයක් තිබේද (නදී)
සත්‍යපාල Monday, 09 March 2015 04:23 AM
මේකටත් බන්දුල හිටපු ඇමතිතුමා කියයි ද දන්නේ නැහැ තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න කරන වෛරී දේශපාලන ක්‍රියා මාර්ගයක් කියලා.(නදී)
දහම් Monday, 09 March 2015 06:00 AM
මේ රටේ කවදද? කොයි ආණ්ඩුවද? දේසපාලකයෝ නැතිව රාජ්‍ය උත්සව කළේ? (දිල්)