ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එය විභාග කර මැතිවරණ සමයේ එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උත්සව නොපවත්වන ලෙස නියමයක් කරන්නැයි ද එම දෙපාරතමේන්තුව මානව හිමිකම් කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි මතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය සමයේ දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් මහින්දෝය විද්‍යාගාර විවෘත කිරිම ගැන ලංකා ගුරු සංගමය සහ මැතිරණ නිරීක්ෂක සංවිධාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කළේය. ඒ අනුව විද්‍යාගාර විවෘත කිරීම නවතන ලෙස මැතිවරණ කොමසාරිස් දන්වා තිබිණි.
ඉදිරියේ එවැනි තත්ත්යන් ඇති නොවීමට මේ ගැන සොයා බලන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිසමට දන්වා ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහත්වරුන්ගෙන් ද, කැෆේ සහ පැෆරල් සංවිධානවල ක්‍රියාකාරින්ගෙන් ද මේ ගැන සාක්කි ලබා ගත හැකි බව ද මැතිවරණ දෙපාර්තමේන්තු දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරී දේශාපලනය (අ)
මේ රටේ පන්දන් පාලිය නටපු නැති දේශ පාලනයක් තිබේද (නදී)
මේකටත් බන්දුල හිටපු ඇමතිතුමා කියයි ද දන්නේ නැහැ තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න කරන වෛරී දේශපාලන ක්‍රියා මාර්ගයක් කියලා.(නදී)
මේ රටේ කවදද? කොයි ආණ්ඩුවද? දේසපාලකයෝ නැතිව රාජ්‍ය උත්සව කළේ? (දිල්)