හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු අගවිනිසුරුවරුන් කිහිප දෙනකු කළැයි කියන දූෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් තමා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
නුගේගොඩ සුභද්‍රාරාම පාරේ පදිංචි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම, අගවිනිසුරුවරුන් වන කේ. ශ්‍රී පවන් , හිටපු අගවිනිසුරුවරුන් වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්නම් යන අය නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දන්නා අයුරු නීතිඥ කොඩිතුවක්කු මහතා අයුක්තියට එරෙහිව තනිව ලොකු සටනක් කරන කෙනෙක්. ඔහු රේගුවේ සිදුවුන වංචා ගැන පෞද්ගලිකව කළ අරගල ගැන පුවත්පත්වල පළ වුනා. ඔබේ අරගලයට අයුක්තියට එරෙහි සිවිල් සංවිධානත් එකතු කර ගත්තොත් හොඳයි නේද? (බ)
මේ යන විදියට ඉදිරියට මොකුත් වෙන්නේ නැහැ කියලා ස්ථිරයි.(ම)
මොහාන් පීරිස් කියල අගවිනිසුරු කෙනෙක් හිටියද? (බ)
දවසකට ලක්ෂ ගාණක් ජනතා මුදල් වියදමි කරමින් අරලියගහ මන්දිරය තම මාලිගාව කර රජබොජුන් වැළදු මහරජු මහින්ද නියම රජෙකි (බ)
ලොකුම හොරු කැල - ශිරාණි බණ්ඩාරනායක, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, මහින්ද රාජපක්ෂ, නීතිඥ ජෙෆ් අලගරත්නම් - ලංකාවේ ඉන්න ලොකුම හොරු කැල. දෙන්න වැඩක් කාලාම යන්න (බ)
අර මහ බැංකුව ගැනත් හොයන්න කියලා කිව්වොත් නරකද (බ)
මටත් ගැටලුව මහ බැංකුවේ වංචාව සොයන්නේ කවදාද කියායි (නි)
ඔහොම යමුකෝ! (නි)
බලාගෙන මහත්තයෝ, මේ දෙගොල්ලම එක වගේ. (නි)
රට විනාශවෙන්න කලින් රුපියලට කරන විනාශය, ඩොලරය ශක්තිමත් කිරීම තුළ ඇමරිකාව යුරෝපය සමඟ කරන හොර මගඩි හොයන්නේ කවදාද? (නි)
ලොකු ලොකු තෝරු මෝරු එහෙම අහුවෙන්න ළඟයි වගේ. ඒ වුණාට ගොළුබෙලි ගමනින් යන මේ ගමන අවසානවීමට තව කොපමණ කලක් යාවිද? (නි)
මෙන්න නියම වීරයෙක්. තාන්න මාන්න වලට තමන්ගේ ආත්මය නොවිකුණන අපේ කාලේ ඉතාම විරල ගනයේ චරිතයක් (නි)