ඉදිරි මහ මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගවැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කිරිමත් සමඟ හිටපු ජනාධිපති කවර පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් කරන්‍නේද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් මේවන විට විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බැව් වාර්තාවේ.
ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නුගේගොඩ මිරිහාන පිහිටි හිටපු ජනාධිපතිවරයා ගේ පෞද්ගලික නිවසේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වේ.මීට හිටපු ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධානය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරු සහභාගී වි සිටින බැව් සඳහන් වේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට හිතවත් හිටපු මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් අද (03) පෙරවරු 11ට නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වීමට නියමිත වූ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාව පස්වරු 4ට කල් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්- ඔබ හරි. (හේ)
ඉන්න හිටින්නවත් තැනක් නෑකියලා නේද ඔය පන්සලකට වෙලා ඉන්නේ ? (ම)
මහින්ද මහතාට නාමයෝජනා දෙන්න තීරණය කලා (ම)
වෙන කරන්න දෙයක් නැති කමට තීරණය කරන්න ඇති (හේ)
අපි බලමු තීරණය මොකක්ද කියලා (නි)
කොළඹ ගෙයක් නැහැ කිව්වේ .(හේ)
දැන් ඉතින් හොරු මේ අපි තමයි. (ර)