හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයට ඉදිරිපත් විය හැකි නම් තමාට බැරි වෙන්න හේතුවක් නැතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය කීවේය.
කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් ගම්පහ හේන්පිටමුල්ල සිරිවර්ධනාරාමයේ පැවැති බෝධිපූජා පිංකමක් අවසානයේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ කීවාය.
ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන්නේදැයි මාධ්‍යවේදියකු විමසීය.
‘ඒ ගැන සලකා බලන්න ඕන. ඒ අයට හැකිනම් අපිටත් බැරිවෙන්න හේතුවක් නැහැනේ. අපි වැරදි කරලා හොරකම් කරලා නැහැ. මිනී මරලා නැහැ. ඒ නිසා ඊට වැඩිය අයිතියක් අපට තියෙනවා.‘ යැයි හිටපු ජනපතිනිය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි මොකද? මේ රටේ ඕනෑම පුරවැසියෙකුට පුළුවන් ඡන්දෙ ඉල්ලන්න. ඒත් ඡන්ද තියෙන්න එපැයි. (නි)
මිනිස්සු සු ගාලා 100ක් විතර ඉන්නවා. (නි)
අර රැජිණක් ගැන පොතක් ලියපු කෙනාගෙනුත් අහලා බලමු. (නි)
අනේ මන්දා මොනවා වෙන්න එනවද කියලා (නි)
මෙයා අවුරුදු 12 තිස්සේ කළේ, එක්සත් ජාතික පක්ෂයේ 17 අවුරුදු පාලනයට බැන බැන හිටපු එක. රටට කරපු දෙයක් නැහැ. ඉදිරිපත්වෙලා බලන්න, අත්තනගල්ලවත් දිනාගන්න පුලුවන්ද කියලා.. (නි)
ඉල්ලන්න නම් ඕනෑ කෙනෙකුට බැරියෑ. දිනන එකනේ ප්‍රශ්නේ. එදා ප්‍රකාශ කළේ ආයේ ඉල්ලන්නේ නැහැ කියලා නේද? (නි)
එන්න මැඩම් එන්න, අකුලාගෙනම යන්න... (නි)
කොටි ප්‍රහාරයෙන් ඇහැක් පවා නැති උනා? අයිතියක් යක් තිබෙනවා නමුත් අර රක්ෂණ සංස්ථාව කුණු කොල්ලෙට විකුනපු එක සහ අනුකුත් පොඩි පොඩි දුෂණ චෝදනා තිබෙනවා. අත්තනගල්ලෙන් ඡන්දෙ ඉල්ලුවොත් පාර්ලිමේන්තු යන්න පුළුවන්. තවම පුද්ගලයා කවුරු උනත් බණ්ඩාරනායක නාමෙට ඡන්දෙ දෙනවා. නමුත් මට කුතුහලයකට තිබෙන්නේ මනාප ලැයිස්තුවේ කි වෙනියටද ඉන්නේ කියන එක. මහින්ද නම් මොන වංචාව කලත් ගෝලයෝ මොනවා කලත් හම්බන්තොටින් ශ්‍රී ල නි පෙ න් ඉල්ලුවොත් මනාප වලින් පළවෙනියට එනවා. මොන පක්ෂෙන් ඉල්ලුවත් පාර්ලිමේන්තු යන්න පුළුවන් (නදී)
අපි වැරදි කරලා හොරකම් කරලා නැහැ. මිනී මරලා නැහැ. කරපු දේකුත් නැහැ (නදී)
ඔබ තුමිය ? (නදී)
වික්ටර් අයිවන් මහත්තයෝ එහෙනම් අර පොත මඩ පොතක්ද ? (නදී)
ජයවේවා ! (නදී)
මැඩම්ට ජයවේවා..ජයවේවා...ජයවේවා ! (නදී)
අපේ මැඩම්ට ජය නියතයි. (නදී)
අපි බලමුකෝ කවුද හපනා කියලා (නි)
මම නම් කැමති නැහැ චන්ද්‍රිකා මැතිවරණයට එනවාට (නි)
මැඩම් ආවොත් ලක්ෂ 57 මැඩම්ට ..... (නි)
ජයවේවා ..ජයවේවා..ජයවේවා...මැඩම්ට ..!! (නි)
වයඹ අපි කවදත් මහින්දට! (නි)
හිටපු ජනාධිපතිට ඡන්දය දුන්නත් නැතත් චන්ද්‍රිකාට නම් අපි දෙන්නෙම නැහැ (නි)
ජයවේවා..ජයවේවා..!! (නි)
මෙතුමිය කීවාට, ලිප පත්තු නොකර, නොකා නොබී හඬා වැලපෙමින් නැවත හොරුන්ව සහ මිනීමරුවන් ඉල්ලා සිටින යම් ජනතාවක් රටේ ඇති එක ගැන තේරුම් ගත නොහැකිය. (අ)
අපේ අගමැති මැඩම්... (නි)
රට බාරයි මැඩම්ට! ජයවේවා! (නි)
එයා දිනයිද? (නි)
මැඩම්ට සුබ පැතුම් ජයවේවා ..!!! (ම)
මැඩම්,ජය නියතයි. ඉල්ලන්න ..!! (නි)
චෞර රැජිනියනි මුලු රටම ඔබට (අ)
අනේ මෙහෙමත් වැඩ.(හේ)
පුළුවන් බැරි නෑ.ඒත් එහෙම ඇවිල්ලා තියෙන ගෞරවය නැති වෙන එකයි වෙන්නේ.(හේ)
හැබෑට මෙතුමිය යන යන තැන හෝ ගාලා සෙනඟ පිරිලා නේද... (නි)
හා හා හා!!! බළලා මල්ලෙන් එළියට පැන්නා නේද? ඕක තමයි නෝනාට ඕනෑකරලා තිබුනේ. තණ්හාව ගැන බණ කිව්වා බොහොම. දැන් මහින්දට කරන්න හොඳ නැති දේ ඔයාට හොඳයි වගේ (නි)
94 දී ලැබුනා වගේ 64% ක බලයක් නම් බලාපොරොත්තු වෙන්න එපා මේ පාර. ඊට වඩා 25% ක්වත් අඩුවේවි. (නි)
දිනන්න පුළුවන්ද? (නි)
දැන් මේක හරියට එකට එක කිරීමක් වගෙයි (නි)
මැඩම්,ඔයා තේරුම් ගන්න.පිනක් දහමක් කරගෙන දෙමාපියන්ගේ නම්බුව තියාගෙන ළමයි බලාගෙන ජීවත්වෙන්න.අම්මා කෙනෙක් වගේ රටකට ආදර්ශයක් දෙන්න බලන්න. (නි)
අනේ පව්! (නි)
මිනිස්සු බයෙන් බිරාන්ත වෙලා බලාගෙන ඉන්නේ . මොනවද මේ වෙන්නේ යන්නේ කියල. .කිසි දවසක නොදැකපු කෙනෙක් දෙස බලනවා වගේ. ජනතාවගේ කිසිම සමීප බවක් පෙනෙන්න නැහැ. (බ)
අනිවාර්යෙන් අපි අපේ වැඩිම මනාපය දිලා ගම්පහින් අනිවාර්යෙන් ඔබතුමිය අගමැති කරවනවා (ම)
ඔබ ගැන අපට අමතක නෑ (නදී
මහින්ද ඔයා එක්ක හොඳින් ඉඳගෙන තමයි ටිකෙන් ටික ඔයාවත් කාගෙන ඉස්සරහට ආවේ. ඒ කාලෙම කපල දැම්ම නම් ඉවරයිනේ. (නදී
ශ්‍රී ලංකාවම මැඩම් සමග ජයවේවා....! (ම)
මැද මුලනට ගිය අය මේ ටිකත් දැනගන්න. ඕනෙම දේකට සීමාවක් තියෙනවා වගේ මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕනේ. මෙතන අදහස් ලියන සමහර දෙනෙක් හිතන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක් නැතහොත් ජාතියේ පිනට පහල වුන භාග්‍යවන්තයෙක් කියල. ඔහුගේ පාලන කාලයේ මුළු ලංකාවම වෙලාගත් විෂමාචාර වලට පාදක වුයේ ඔහු වටා සිටි අය තුල තිබු දැඩි සමාජ විරෝධී ආකල්ප නිසා බවත් තේරුම් ගැනීමට අපහසු වල්මත්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවම රටේ සිටිනවා. එය සතුටු විය හැකි කරුණක් නොව අනාගතය පිලිබඳ භිය එළවන කරුණක්. සැවොම මෙය සිත්හි ධාරණය කර ගනිත්වා! (නදී)
අපිත් අනිවාර්යෙන් අපි අපේ වැඩිම මනාපය දිලා ගම්පහින් අනිවාර්යෙන් ඔබතුමිය අගමැති කරවනවා ජයවේවා (ම)
ඒ කාලේ ප්‍රංශයෙන් දුම්රිය එන්ජින්, රජයේ චිත්‍රපට අංශයට රසායනාගාරයක් ගෙන්නුවේ මිලියන ගණනක් වියදම් කරලා. ඒවා ලංකාවට ගැලපෙන්නේ නැහැ කියල තාක්ෂණික වාර්තා තිබියදී. ඒවා දරුණු මූල්‍ය අපරාධ නෙමෙයිද? (නදී)
ලංකාවේ හැමටම බල තණ්හාව වස්තු තණ්හාව තෘෂ්ණාව කුහකකම් මේ ඔක්කොම විතරයි තියෙන්නේ. ඕකට තමයි කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියල.(නදී)
ඕනාවට වඩා ඕනේම නෑ.(හේ)
අපි නම් මහින්දට. (නදී)
මහින්දට හැකිවුණා කියලා හැමෝටම පුළුවන් වෙන්නේ නැහැ (නි)
අර ගායක ගායිකාවෝ එහෙම ඔබතුමියට කෙළෙහිගුණ සළකාවි (නි)
අනේ මගේ කට! අර පොත බලලා අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. (නි)
බුද්ධිමත්ව හිතන්න (නදී)
මොන ලකුනින් ආවත් අපි මහින්දට (නදී)
මමත් නෝනට නෙමෙයි (නදී).
බැහැයි කියලා බැහැයි කියලා නෑ.(හේ)
අනේ නෝනේ,තමන් ගැන තක්සේරුවක් කරගන්න අවශ්‍ය නම් ඡන්දෙකට ඇවිල්ලම බලන්නකෝ (නි)
හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු ! (නදී
ඔව් ඔබටත් එන්න පුලුවන්. කව්රුත් එන්න කිව්වෙත් නැහැ. එන්න එපා කිව්වෙත් නැහැ (නදී)
ශ්‍රී ලංකාව ගැන හරිම අප්පිරියයි (නදී)
මහින්ද මොනවා කීවත් ඔබතුමිය සමග හැප්පිලා දිනන්න මහින්දට කවදාවත් බැහැ. අනිවාර්යෙන්ම ගම්පහ කොළඹ මනාප ඔක්කොම අරගෙන අනාගත පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ඔබතුමියට හිමිවෙනවා. ඊට පස්සේ ඔය හොරුන්ට විරුද්ධව තියෙන චෝදනා කඩිනමින් විභාග කරලා දඩුවම් දෙන්න. (නදී)
අපි මැඩම්ට අපේ ආදරය,ගෞරවය පුදමු...!! (නි)
මැඩම් දැන් මොකද වන්න යන්නේ (නදී)
ජය ජය ජයවේවා අපේ මැඩම්ට ..! (නි)
අපේ මැඩම් හරි දක්ෂයි. මැඩම් ජයගනු නියතයි (නදී)
අපි නම් මහින්දට. (නදී)
හොඳයි කරලාම බලමුකෝ! (නි)
කොච්චර හොරට වෙස් බැන්දත් නටන්න ඕන එළිපිට (නදී)
මහින්ද කියන්නේ හොඳ වැඩකාරයෙක්. එතුමා මේ රටට ගොඩක් දේවල් කලා. අන්තිම කාලේදී අඩුපාඩුකම් එහෙමත් උනා. ඒ මොනවා උනත් ඔහු තමා සුපිරි. (නදී)
අපේ මැතිනිය වෙඩි වගේ ජයවේවා..ජයවේවා ..ජයවේවා (නදී)
විජිතගේ දේශපාලන දැනුම ගැන දුක හිතෙනවා. ගම්පහ කොළඹ කියන්නේ දෙකක්. දෙකේම මනාප එක් කෙනෙකුට ගන්න බැහැ. ගම්පහ නම් ගම්පහ කොළඹ නම් කොළඹ. 1994 ට වැඩිය 2015 ජනමතය වෙනස්. 1994 අපිත් දුන්නේ එයාට තමයි ගම්පහ අාසනයෙන්. ඒ උනාට දැන් අපි එයාට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
මුළු රටම මහින්දට (නදී)
ආයුබෝ වේවා ! (නදී)
ආයුබෝ වේවා. (නදී)
කමෝන් මැඩම්. නියමයි දැන්නම්. දෙමු හොඳ සටනක් (නදී)
අනේ කාලේ වනේ වාසේ (ම)
රට නිදහස් කරගෙන රටේ තිබුණ වටිනා කියන සියලුම මර්මස්ඨාන ටික තමන් සතු කර ගත්ත විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම නිවන් දැක්කුවා.(ම)
මහින්ද මැති තුමාට ජය වේවා (ම)
හැම දෙයක්ම එන්නේ දෙමාපියන්ගෙන්.බණ්ඩාරනායක කියන්නේ තමන්ගේ ධනය ජනතාව සතු කරපු උතුම් නායකයෙක් මිසක් රටේම ධනස්කන්දය තමන් සතු කරගෙන ඉන්න හිතපු කෙනෙක් නෙමෙයි (ම)
අවට වැඩක් නෑ.. රටට සේවයක් කරන් නැත්නම්... (ම)
ඔබතුමියට හැකි වුනාට මහජනතාවට හැකියාවක් නෑ ඔබ තුමිය නැවත රැගෙන ඒමට. (හේ)
තිලක් ඩුබායි මොනවා කියුවත් මුළු රටම එක්ක අපි මහින්දට!(ම)
අපේ මැඩම් අපිට හොඳයි.ජයවේවා .....(ම)
ඉදිරිපත් වෙන්න නම් හැකියි. (ර)
දැක්කම පව් කියල හිතෙනවා වැඩේ තියෙන්නේ මිනිස්සු ඡන්දේ දේවිද (බ)
දැන් නම් කතාව බෝ පැලයක් වගේ සමහරුන්ගේ (නි)
එතකොට අර පොත?? (නි)
චන්ද්‍රිකා රටට කිසිම යහපත් දෙයක් කළ කෙනෙක් නොවේ .රටේ නායිකාව ලෙස ඔහේ හිටිය .රට සංවර්ධනය හෝ යුද්ධය කිරීම හරියට කළාද?උ /නැ අල්ලන්න ගියොත් දකුණ විනාශවෙනවා කීවා.රත්වත්තේ මාමා ආයුද වලින් කෝටි ගණන් ගැහුවා ,අහුවුණා .යනකොට කොරහ බිඳගෙන ගියා.මත් වතුර බීව .නරක වැඩ ගොඩාක් කළා. ඉරිසියාව කුහකකම .......වයස 70 යි ..(බ)
කවුද බැහැ කිව්වෙ? ඕනෑ කෙනෙකුට මැතිවරණයට තරඟ කරන්න පුළුවන්. ඔබතුමියගෙ පාර්ශවයනෙ කියන්නෙ මහින්දට බැහැ කියලා (නි)
මැඩම්ට බුදු සරණයි දෙව් පිහිටයි..! (බ)
ඔබතුමිය එහෙම කිවුවාට රටේ යම් ජනතාවක් ළිප පත්තු කරන්නේ නැතුව නොකා නොබී හඬා වැළපෙමින් ඉල්ලා සිටින්නේ ඔය කියන විදියේ කට්ටියවනේ. කොහොම තේරුම් ගන්නද? (නි)
මේ දවස් දෙකකට කලින් කිව්වා නේද මම නම් ආයේ ඡන්ද ඉල්ලන්නේ නෑ මට එහෙම පිස්සුවක් නෑ කියල. (නදී
ජයගන්න පුළුවන් විතරක් නම් තරඟයට එන්න. පරාද වෙලා අරය වගේ හැමෝටම බනින්න නම් එපා.....(නදී
එන්න, එන්න අපි දෙන්නම් මනාප තුනම (නදී)
රූකාන්තව එහෙමත් මතකද ? (නදී)
අපේ මැඩම්ට මඩ ගහන්න එපා අර පොත මේ පොත කියලා (ම)
හැකියි, හැකියි, දිනන්නයි අමාරු. කල නොකළ දේ තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇතිනේ. (නදී
මොකද බැරි, එනකම් තමයි අපිත් ඉන්නේ. අවුරුදු 12 ක් රට කරලා කලේ නැති ඒවා ටික දැන් කරවගන්න. (නදී)
ඇවිල්ලම බලන්න මැඩම්. වැඩේ ගොඩක් ලේසි වෙයි. (නදී
ඇවිල්ලා බලන්නකෝ ඔයාට මොකද වෙන්නේ කියලා. (නි)
මහින්ද නම් යුද්ධයවත් අවසන් කළේය. නමුත් සමහරුන්ගේ සොරකම් පිළිබඳ පොතුත් ඇත (නි)