ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නාමයෝජනා ලබා දීම ස්ථිර බව දේශපාලන ආරංචි කියයි.
ඔහුට නාමයෝජනා ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇත්තේ අගමැති අපේක්ෂක කම සහ කණ්ඩායම් නායක කම නොදීමේ කොන්දේසි පිටය.
හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනපතිට හිතවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු දැඩි ලෙස විරෝධතාවය ඵල කර ඇතැයි ද දැනගන්නට තිබේ.
ජනපති සිරිසේන අද ඔහුගේ හිතවතුන් පිරිසකට පවසා තිබුණේ ජනවාරි අට වැනි දා ජන අභිලාශය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ, අක්‍රමිකතා ගැන කෙරෙන විමර්ශන කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැතැයි ද ජනපති කියා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීන් වන මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන සහ සරණ ගුණවර්ධනට සන්ධානයෙන් නාමයෝජනා නොදීමට ගෙන ඇති තීරණය අද සවස් වන විටත් වෙනස් වී නොතිබුණු බව දේශපාලන ආරංචි කියයි. මේ පිරිසෙන් දුමින්ද සිල්වාට නාමයෝජනා දෙන ලෙස පාර්ශ්ව කිහිපයකින්ම ඉල්ලීම් ලැබී ඇතැයි කියති.
බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට සහ ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ද නාමයෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් සලකා බලන බව ද සන්ධාන නියෝජිතයෙක් කීවේය.
ප්‍රසන්න රණතුංග මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයනු කොවන බවත්, ඔහුට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ඔහුගේ සහෝදරයන් දෙදෙනකු වන හිටපු ඇමැති අර්ජුන රණතුංග සහ හිටපු මන්ත්‍රී රුවන් රණතුංග මහත්වරුන්ට නාමයෝජනා දෙන බැවින් ප්‍රසන්න රණතුංග මහතාට නාමයෝජනා දීම අසාධාරණ බවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයකට එළඹ නැත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කරවීමේ සටනේ සිටි පළාත් සභා මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා හිමි නොවන බව ද දැනගන්නට ඇත.
සන්ධානයේ නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම හෙට ඇරැඹෙන අතර සෙනසුරාදා වන විට නාමයෝජනා සැකසීමේ කටයුතු අවසන් වනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝජ් විජේරත්න, අනේ ඔච්චර බොරු කියන්නඑපා. ජෙඅාර්ගේ ප්‍රේමදාසගේ කාලේ ණය වලට කිව්වේ ආධාර කියල තමයි. මහා බ්‍රිතාන්‍ය ණයදුන්නේ වික්ටෝරිය වේල්ල හදන්න විතරයි. එ්කනේ රැජිනගේ නම දැම්මේ. ඒ ණයගෙවල ඉවර කළේ 2000 දශකයේ මුල. (බ)
ඒ කියන්නේ අගමැති අපේක්ෂකකම නැති නිසා අලුත් පක්ෂයක් හදයි. හැබැයි මේ අලුත් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ මර්වින් සිල්වා මහතාය. එතුමාත් හම්බන්තොට. එතුමා ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉන්නේ නැහැ. කෙලින්ම බය නැතුව ඒවා අදාළ ස්ථානවලට බාර දෙනවා. එතුමාගේ පුතා මිනි මරලා නැහැ. සහෝදරයෝ බුරුතු පිටින් බලය පාවිච්චි කරලා දේශපාලනයට ගෙනල්ල නැහැ. හමුදාව සැලසුම් කර ජීවිත පරිතයාග කර, ඇස් ඉස් ලේ මස් දන් දී කරපු යුද්ධයක ගෞරවය හමුදාවටත් එහි නායකයන්ටත් පිරිනැමුවා මිස එය තමාගේ යුද්ධයක් යැයි කියා නැහැ. පාරවල් හදන්න ගන්න අහිංසක ජනතාවගේ බදු සල්ලි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහල නැහැ. නීතිය අතට අරගෙන අදිකරණ වලට බලපෑම් කිරීමට ගිහිල්ල නැහැ. (නදී)
මහින්ද ලක්ෂ 58 ක් ගත්තේ රජයේ මාද්‍ය උපරිමයට පාවිච්චි කරලා, ලංගම වගේ රාජ්‍ය ආයතන පාවිච්චි කරලා, රාජ්‍ය බලයත් තියෙද්දී. දැන් පැරදිලා මේ බලයත් නැතුව ඒ ගත්තායින් 50% ක් වත් ගන්න බැහැ. (නදී)
කවුරු කාට කොහොම දුන්නත් සන්ධානය මෙවර කුජීතයි. හොරු පැන්නීමට අපි සුදානම් (නදී)
මම හැම මැතිවරනේකදිම ජන්දේ දැම්මේ මහින්දට. මේ පාර නම් මගේ බල්ලාවත් දෙන්නේ නැහැ. බල තන්හාවෙන් වියරු වැටිලා. ජනාදිපතිකම බැරි නම් අගමැති කමවත් දෙන්න කියන්න ලැජ්ජ නැද්ද? (නදී)
තේජක, භාණ්ඩාගාර බැදුම්කර වංචාව මඩක් නෙමේ එ්ක ඇත්ත. එකනේ ඔයාගේ ආර්ථික විද්‍යා චක්‍රවර්ති රනිල් දවස ගානේ මාධ්‍ය සංදර්ශන තිය තියා හෝදන්න හදන්නේ. (බ)
එජාපය සිංහල එකම පක්ෂය ම නම් කොහොමද ටීඑන්ඒ එකත් එක්ක හවුල් වෙන්නේ. රටක් සංවර්ධනය කරන්න නියම මිනිසෙක් ඕන මහින්ද වගේ.ප්‍රභාකරන් මැරුණු වෙලේ කිරි බත් කාපු අයම ද මේ.මොනවා වුනත් මහින්ද එනවට එජාපය හුගක් බයයි එ්ක කවුරුත් පෙන්වන්නේ නෑ.පොරොන්දු දේශපාලනය පිළිගත්තේ මිනිස්සු මහින්ද නිසා ..(බ)
අනේ ඇත්තටම ලැජ්ජාවක් කියලා නාමයක් නැති හැටි. මේකත් පැරදුනොත් ප්‍රාදේශීය සභාවක සභාපතිකමටවත් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
ලංකා ඉතිහාසයේ ලොකුම පාවා දීම මේක තමා , අපි හිතපු යහපලනයවත් මෛත්‍රී පාලනයත් දෙකම ලැබුනෙත් නැහැ , ඉදිරියේ ලැබෙන්නෙත් නැහැ කියන එක විශ්වාසය , දේශපාලකයන් විශ්වාස කිරීම , නක්ෂත්‍ර කරුවන් වි්ශ්වාස කරනවා වාගේම තමා (බ)
එතුමා ස්ථිරයෙන්ම දිනනවා (නි)
මම ඉන්නේ සෞදි අරාබියේ , ඡන්දේ නිසාම ලංකාවට එනවා , මගේ ඡන්දේ රනිල්ට (බ)
මහින්ද මහත්තයාට ජය ශ්‍රී! (නි)
බණ්ඩා, රනිල්ට පරපුරක් නැතුවට මහේන්ද්‍රන්ට හා පරපුරට ගහගන්න අවස්ථාව හදල දුන්නේ දින 100 ටත් අඩු කාලෙකින්! (බ)
ඔබතුමා ගත් තීරණයට අපි ගරු කරනවා ජනධිපතිතුමනි .මහින්ද මතිදුට ජය වේවා (ම)
ජයවේවා! (නි)
සමරසිංහ, බොරු කියන්න එපා. ඔයා හොඳ යූඑන්පී කාරයෙක් මිස මහින්දට කවදාවත් ඡන්දය දීපු කෙනෙක් නම් නොවෙයි. මහින්දට ඡන්දය දීපු අපි නම් තව තවත් ඡන්දය දෙනවා.නුඹලාට මේවා තේරෙනකොට වෙන්න ඕනෑ ටික වෙලා ඉවරයි (නි)
ඔන්න කට්ටිය බයවෙලා දැන් අදහස් දානවා.අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා සමහරු කියනවා.එයාලා කවදත් ඉතින් දුන්නේ නැහැ.ඒවා නැහැ කියලා මහින්දගේ දිනුම් නවතන්න බැහැ. (නි)
මැතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ දී ජනතා තීන්දුවකින් පැරදවීම තමයි විශිෂ්ට. හැමෝම එය ඉලක්කය කරගත්තොත් ඉතා පහසුවෙන් ඒ අනගි පාඩම උගන්වන්න පුළුවන් වේවි. එකිනෙකා විවේචනයෙන් තොරව රට ගැන හිතා එක්වෙමු (නි)
බන්දුල පෙරේරා,බලය නැති මහින්ද රට වටේ යද්දී මිනිස්සු ආවෙත් මාධ්‍ය, ලංගම පාවිච්චි කරලද? දැනට එහෙම කියලා හිත හදාගන්නකෝ.ඒත් 18 වෙනිදාට හිත හදාගන්න ලොකු උත්සාහයක් කරන්න වේවි. (නි)
මහින්ද මහත්තයට ජයවේවා! අපි සැමදා ඔබ සමගයි (නදී)
මහින්ද පාලිමන්ට් එනවා. එක අනිවාර්යයි. නමුත් අගමැති වෙන්නේ රනිල්. (ර)
මම ඉන්නේ සෞදි අරාබියේ , ඡන්දේ නිසාම ලංකාවට එනවා , මගේ ඡන්දේ මහින්ද මැතිතුමාට. (ර)
අනේ මන්දා, මේ තරම් අඳබාල යහපාලන මන්ධ බුද්ධිකයින් ඉන්නවද කියලත් හිතෙනවා තමන්ට විරුද්ධ මේ වගේ තීරුවක මතවාදයත් ඩුප්ලිකේට් දාල නිහඩ කරවන්න තරම් නොමේරු මනස් වලින් යුතු. (නදී)
අපි රැවටුන හොඳටම ඇති,දැන් ඇති එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ පමණි. (ම)
ස්ථිරයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, එතුමා දිනනවා (නි)
මම අහන්නේ රාජිතට කොහොමද නාමයෝජනා දෙන්නේ.? (ස)
අද ග්‍රීසියට සිදු වී ඇති දෙය මහින්දට තවමත් කඩේ යන මෝඩ රැලට හොද පාඩමකි. ගිනි පොලියට චීනයෙන් ණය ගනිමින් ඒවායෙන් මිනිස්සු නැති ගුවන්තොටුපොළවල් හදමින් , ගසා කමින් , ගසා කන්නට ඉඩ දෙමින් ගිය ගමන නතවා දැමුවේ මෛත්‍රී මහතා සහ රනිල් මහතාය. එය එසේ සිදු නොවන්නට ග්‍රීසිය මෙන් අපද වැඩි කල් නොගොස් පොලිය ගෙවාගත නොහැකිව බන්කොලොත්වීමට ඉඩ තිබුණි. මම මගේ පිට රටවල සිටින සොයුරු සොයුරියන්ගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමතිය. ජන්දය වෙනුවෙන් ලංකාවට පැමිණීම වියදමක් බව සැබෑවකි. අඩුම වශයෙන් තානාපති කාර්යාලයට හෝ ගොස් නැත්තන් ලංකාවට ගිහිල්ල හෝ මේ මොහොතේ තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන් එජාපයට ඔබේ ජන්දය ලබා දෙන්න. රට පස්සට හැරවීමට ඉඩ නොදෙන්න. (ස)
මෙවර හොරු පැන්නීමට අපි සුදානම් (ස)
සමරසිංහ, මමත් හැම පාරම දැම්මේ මහින්දට. හැබැයි දෙන්න හිටියේ එයාට නෙමෙයි. රූපවාහිනියේ අන්තිම දවස්වල ගිය මනස අවුල් කරන වැඩසටහන් බලලා තමයි මහින්දට දුන්නේ. හැබැයි මගේ ඡන්දේ මේ පාර රනිල් මහත්තයාට.ඒක ස්ථිරයි (නි)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ජනමතය පාවාදෙන්න එපා. තමාගේම බෙල්ල තමම්ම කපා ගැනීමක්. (ස)
මහින්ද මනාප ලක්ෂ හතර ඉක්මවනවා සිකුරුයි. මමත් කුරුණෑගල. (ස)
මම හැමදාම කඩේ ගියේ ජවිපෙට, හැබැයි මෙදා යන්නේ මහින්දට. (ස)
ඔය කියන තරම් ජනතා ප්‍රසාදයක් මහින්දට තියෙනවා නම් වෙනම පක්ෂයක් හදාගෙන එන්නේ නැත්තේ ඇයි? සන්ධානයේ එල්ලිලා පාර්ලිමේන්තු යන්න හදන්නේ ඇයි? (ස)
සචිත්‍ර කියන දේ ඇත්ත. ඒකට මම තව දෙයක් එකතු කරන්න කැමතියි. මුස්ලිම් ජනතාවට මුස්ලිම් කොන්ග්‍රසය තියෙනවා. දෙමළ ජනතාවවට ටි එන් ඒ එක තියෙනවා. සිංහලයා විතරක් දෙකට බෙදෙන්නේ නැතුව සියලු සිංහල ශ්‍රී ලාංකිකයන් රටේ පැරණිම සිංහල පක්ෂය වන එජාපය වටා පමණක් එකතු වෙන්න. ඔබගේ සියලු පක්ෂ පාට අමතක කර එජාපය වටා එකතුවෙන්න. (නි)
සචිත්‍ර, මම ඔබ සමඟ එකඟයි (නි)
සචිත්‍ර, ඔබගේ කතාව 100% ක් සත්‍යයයි. අද අපි මොනතරම් අසරණද කියලා හිතෙනවා. (නි)
මම හැම මැතිවරණයකදිම ඡන්දේ දැම්මේ මහින්දට. මේ පාර නම් දෙන්නේ නැහැ. බල තණ්හාවෙන් වියරු වැටිලා. (නි)
"ජනපති සිරිසේන අද ඔහුගේ හිතවතුන් පිරිසකට පවසා තිබුණේ ජනවාරි අට වැනි දා ජන අභිලාශය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ, අක්‍රමිකතා ගැන කෙරෙන විමර්ශන කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැතැයි ද ජනපති කියා ඇත"...... ඉතිහාසයේ මෙවැනි පවා දීමක් කරපු කෙනෙක් ඔලුවෙන් හිටන් කිව්වත් අපි නැවත කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ.ලැජ්ජයි. (ස)
එදා ගිනි තියපු අට්ටාලය උඩ ඉදගෙන කිව්වේ කිසිම බයක් නැතිව උදෙන්ම ගිහින් හංසයා ඉදිරියේ කතිරේ ගහන්න. අපි බලාගන්නම් කියලා. ඔය බලා ගත්තු හැටි නේද ? ලැජ්ජයි. (ස)
මෙහෙම අයටත් නාම යෝජනා දෙනවා කියන එක මොන තරම් පාප කර්මයක්ද?.(ම)
මහින්ද මැතිඳුනි ඔබට ජය පතමි (ම)
තිලක්-ඩුබායි කලබල වෙන්න එපා. මෛත්‍රී මහත්තයා කරන දේ දිහා පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. බල තණ්හාවෙන් මත් වූ අය මේ පාර හොඳම පාඩමක් ඉගෙනගන්නවා. (නි)
රනිල් පත් කරන්නද කියන්නේ? එයාව විශ්වාසද? (ම)
මේ රට ලේ විලක් වෙන එක වලක්වන්න කිසිම ජගතෙකුට බැහැ.(අ)
කාවද මී රවට්ටන්නේ, මහින්ද, සිරිසේන දෙන්නම මෙදා පරාදයි. මේදා දිනන්නේ නාග රාජයයි. ලිය දෙක. රතු අලියා තුන. බුලත ඊළගට. (ස)
මෛත්‍රීට බුරුතු පිටින් ඡන්දය දුන්නු අපිට අඩි 6 ක් යට වැළලෙන එක ඉර හද වගේ විස්වාසයි.බල්ලෙකුට කන්න දුන්න නම් කෙලෙහි ගුණයක් කියලවත් දෙයක් තියෙනවා. (අ)
මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ සංවර්ධනය කලේ කව්ද මේ රටේ උන වෙනස . මොලයක් නෙති සිංහල හරකුන්ට මේවා තේරෙන කොට කෝච්චිය ගිහින් . (ස)
මම වැඩ ඇරිලා ගෙදර අාපු ගමන් බලන්නේ ලංකාවේ මොනවද සිද්ද වෙන්නේ කියල.මොකෝ අපේ දරුවන්ට රටක් කියල දෙයක් ඉතිරි වෙන්න ඕනේ.ඉතියෝපියාවක්,සොමලියාවක්,වුගන්ධාවක් වෙන්න ගිය රටක් නැවත ගොඩ එනවා කියල තිබුණු අවසන් බලාපොරොත්තුවත් බිද වැටුන.ලක්ෂ 62.5 ක ජනමතයකින් ගෙදර යවපු අය නැවත කල්ලියක් වසයෙන් එකතු වෙලා.අපේ රටට දෙවියන්ගේම පිහිටයි .බුදුන්ගේ සරණයි.(ස)
මම හැමදාමත් ඡන්දෙ දුන්නේ අලියට නමුත් මේ පාරනම් කීයටවත් අලියට දෙන්නේ නැහැ. මාස හයට කිසිම දෙයක් කරේ නැහැ, ඒ වෙනුවට මගේ රස්සාව නැතිකරා පොර්ට්-සිටි ව්‍යාපෘතිය නවත්තලා. (ස)
සිරිවිකුම් , රනිල් නොහිටින්න අද මහින්ද ලංකාව සචිත්‍ර කියනවා වගේ තවත් එක ග්‍රීසියක් කරලා. ආසියාවේ ඉන්න හොදම ආර්ථික කළමනාකරණ හැකියාවක් සහිත අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තය. ඒ ගෙන කිසිම විවාදයක් නැහැ. රනිල් මහත්තයාගේ වටිනාකම අද අපේ සමහර මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක රටේ අවාසනාව. (ස)
කුරුණෑගල අපි 77 සහ 82 අලියා දිනවලා දකුණේදී තණකොළ කෑවා. ඔය හොර අලියට අපිව ආයේ රවටන්න බෑ.(ස)
අපි පවුල් විදිහට හැමදාම යූඇන්පී කාරයෝ, එත් මේ පාරනම් වෙන ඕනේ කෙනෙකුට දෙනවා යූඇන්පියටනම් දෙන්නේ නැහැ. පාරවල් හදන එක නවත්තලා, කිසි දෙයක් අලුතින් වෙන්නේ නැහැ, රස්සා ලක්ෂ 10 වගේ බොරු පොරොන්දු දිදී ඉන්නවා. (ස)
ගරු ජනාදිපති තුමා තමන් ලැබූ විධායක බලය අඩුකරගෙන් මහත්මා දේශපාලනය වැඩියෙන්ම තිබෙන දෙශපාලකය බවට ඔප්පු කර තිබෙනවා. බලපෙරේත දේශපාලකයන් ප්‍රධාන දෙපක්ෂයේම වැඩි වූ බැවින් එතුමාට 20 වැනි සංසෝදනය ජයගන්න ලැබුනේ නැහැ. ඉතිරි සියලුම ප්‍රධාන සිංහල දේසපාලන නායකයන් ශපාලන බල ලෝබින් .සියලු දෙනාම බලයට මඩ ගසගන්නවා. අමන ගැතියන් මරා ගන්නවා. අසිංහල ජාතිවාදීන් මොහොතෙන් මොහොත සිංහලයා යටපත් කරමින් ඉදිරියට එනවා. (ස)
හොද හෝ නරක මිනීමරු ප්‍රභාකරන්ට පවා පතිපත්තියක් කියල දෙයක් තිබුන.වූ අන්තිම ලේ බින්දුව දක්වා,මැරෙනකම් සටන් කලා.ප්‍රතිපත්ති පාවල දුන්නේ නැහැ. (ස)
මටනම් දැන් මුහුණ දකිනකොටත් අප්‍රසන්නයි.(ස)
පිවිතුරු යහපාල, යුරෝපයේ මිනිස්සුන්ට දෙවෙනි ලෝක යුද්දයේ වීරයෝ තමයි බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමෙරිකානු ජනපති රූස්වෙල්ට්, ආදීන් අදටත්. හමුදා නිලදාරීන් යුද්ධ කරන්නේ ආණ්ඩුව යුද්ධෙට පරිසරය හදල දීල, අන්තර්ජාතික බලපෑම් වලට යටත් නොවී හිටියොත් විතරයි. ආණ්ඩුව යුද්ධ කරන්ඩ එපා කීවොත් හමුදාවට අකුලගන එන්ඩ් වෙන්නේ.ජෙනරාල් කොබ්බෑකඩුවට යුද්ධෙ ඉවර කරන්ඩ බැරි වුනේ ජේආර් යුද්ධය නවත්තපු නිසා. දන්නා දේ කතා කරන්න. (ස)
සදුන්,මමත් ඉවසීමෙන් බලන් හිටිය.කොටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා හදපු සංවර්දන වැඩවලින් ගසා කාපු දනස්කන්දය ගැන පරීක්ෂණ කරාවී කියල,තමන් වෙනුවෙන් රුපියල් කෝටි 2000 ක් වියදම් කරලා හදපු භාවනා මද්‍යස්ථානය ගැන පරීක්ෂණ කරාවී කියල,රත්තරන් දිය කරලා වගේ එක කිලෝ මීටර් එකට කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා හදපු අධිවේගී මාර්ග ගැන පරීක්ෂණ කරාවී කියල,ගුවන් තොටුපොල, වරාය ගැන පරීක්ෂණ කරාවී කියල අඩුම වශයෙන් 8 වෙනිදා රෑ කරන්න ගිය හමුදා කුමන්ත්‍රණය ගැන...................මෙවැනි පවා දීමක් කරපු ද්‍රෝහියෙකුගෙන් මිට වැඩ අපි මොනවා බලාපොරොත්තු වෙන්නද? (ස)
ඔය රුබට් මහත්තය දන්නවද පොර්ට් සිටි එකේ ණය ප්‍රමාණය කොච්චරක්ද කියල. ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක්. මේක වැදුනොත් රටම ලොකු අමාරුවක. මේක ආර්ථික විශාරදයන්ට අනුවනම් මෝඩම මෝඩ ව්‍යාපෘතියක් අපේ වගේ රටකට. හැබැයි දැන් බාගෙට හදල තියෙන එකෙන් සල්ලි නාස්ති නොකර වැඩක් ගන්න එකත් වැදගත්. මහින්දගේ එයාර් පොර්ට් එකේ මාසෙට තිබිච්ච ආදායම 16,000 යි. ඒ වගේ මේකත් වරදුනානම් රටම අනාතයි. ලැබෙන පොඩි කොන්ත්‍රාත් පාරට කඩේ යන්න එපා මහත්තයෝ. පොඩ්ඩක් රට ගෙන හිතන්න. (ස)
මේ කියන්නේ පැරණි අයම නැවත පාර්ලිමේන්තුවට යවන බව නේද. මෙය ලේකම්ලාගේ වැඩක් නේද ? (ස)
අර පිට රට ඉන්න සචිට්‍රට කියන්නේ, ග්‍රීසිය ඇන ගත්තේ අමෙරිචාවෙන්, ජර්මනියෙන් වගේ රට වලින් ණය අරන්, චීනෙන් අරන් නෙවේ, දැන් පහුගිය මස 6ත යහපාලන ආණ්ඩුව බිලියන කියක් අරන් තියනවද? පොඩ්ඩක් හොයල බලල අදහස් දැම්මොත් හොද නැත්ද? තමන්ගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. (ස)
මුළු මහත් ජනතාවම කොටියාගෙන් ගලවාගත් මහින්ද අගමැති කරන්නේ රටේ ජනතාව බව දැනගන්න ඕන. (ස)
කෙලින් වැඩ කරන මිනිසාට තමයි අපි කෙලින්ම ඡන්දය දෙන්නේ (ස)
සිරිවිකුම්, මොකෝ ඇයි රනිල්ද කියල අහන්නේ? එතුමා සතු ආර්ථිකය නීතිය පිළිබද දැනුම් සම්භාරය තරාදියක එක පැත්තකට දාල අනිත් පැත්තට පාර්ලිමේන්තුවේ අනිත් අය සේරමගේම දැනීම අවබෝදය දැම්මොත් රනිල් මහත්තයාගේ පැත්ත බර වැඩි. (ස)
පිලිපීනයේ ෆෙර්දිනන් මාර්කෝස් විසින් විනාශකම කළ පිලිපීනය පවා අද වෙනකොට ගොඩ අරගෙන.අපේ රට මැදපෙරදිගට ගෘහ සේවිකාවන් පටවද්දී,පිලිපීනය මෙහෙ තිබෙන හොස්පිටල් වලට හෙදියන් ,අලුතින් ඉදි වෙන සුපර්මාකට්වලට කැෂියර්ල,.....යවල ගෘහ සේවිකාවන් වගේ හතර ගුණයක වේතනයක් තමන්ගේ රටට ගෙන්වා ගන්නවා .කවදාද අපේ රටට එවා එන්නේ (ම)
නැවත චීනයෙන් ණය ගන්න ඕනේ නැහැ.ලෝකයේ තිබෙන ඩුබායි බැංකු,සිෂෙල්ෂ් රටේ තිබෙන බැංකු ,හොංකොං බැංකු වල පුරවලා තිබෙන සල්ලි ටික ජනතා සතු කලානම් හොදටෝම ඇති.(ම)
අයියෝ නාරද ගන්න රට නෙමෙයි වැදගත් . ගන්න පොළියයි. ඒ ව්‍යාපෘතිවලින් කොච්චර අදායමක් ලැබෙනවාදැයි කියන එක. මහවැලි ණයයි චීන ණයයි පොලියේ වෙනස අහසයි පොලවයි වගේ.(ම)
මෛත්‍රීම කියපු අඩි 6 ක් යට වැළලෙන කතාව සත්‍ය වෙනවා.ඒකටත් දින 180 ක් හොදටෝම ඇති.(ස)
විනයක් අති පක්ෂයකට ඡන්දය දීලා රට හොඳක් කරන්න . ජවිපෙට ඡන්දය දෙන්න (ම)
රට වෙනුවෙන් මේපාර මාත් මහින්දට .......!!!! (ම)
ස්ථිරයෙන්ම දිනනවා. මහින්ද මැතිඳුනි ඔබට ජය පතමි (ම)
මහින්ද දිනනවා කුරුනෑගලින්,මාතරින් කෑමකුත් ලැබෙයි. එත් මහා මැතිවරණය දිනන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒක විශ්වාසයි. (ස)
මහින්ද මහත්තය බලයේ සිටි කාලයේ තමන්ට හිතවත් කල්ලියකට ඕන හොරකමක් කරලා හම්බ කරගන්න හැබැයි මට ඕනි වෙලාවට මම වෙනුවෙන් සපෝට් එකට හිටපල්ලා කියල සෙට් කරගෙන තියෙනවා. රටේ යුද ජයග්‍රහණය හුරගෙන ජාතික ධනය කොල්ලකාලා මහා ධන පතියෝ වෙලා ඉන්න ටික තමයි අද ඔය උන්නහෙව ආපහු දෙසපාලනෙට ගේන්න හදන්නේ. ඔවුන් දන්නවා ඔවුන්ව රටේ ඉන්න මොලේ තියෙන මිනිස්සුන්ට පෙන්නන්න බැහැ කියල. එකනේ උන් අර එදා වාහන වල නැගල ඔළුගෙඩි හංගගෙන මාරුඋනේ. (ස)
පසුගිය ජනවාරි 08වැනිදා පිහිටුවා ගත් පාලනය යටතේ රාජපක්‍ෂ පවුල සහ ඒ වටා සිටි පිරිසට එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනා වේදිකා මත කළ විවේචනවල සිට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම දක්වා ඉදිරියට පැමිණ තිබුණා. මෙයින් ගැලවෙන්නත් නැවත බලය ලබාගැනීමේ අවශ්‍යතාවය රාජපක්‍ෂ මහත්තයාට වගේම ඒ වටා සිටින කල්ලියටත් මතුවී තිබෙනවා. උදයංග වීරතුංග, ලලිත් වීරතුංග, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන වැනි මහින්ද කල්ලියට නීතිය ඉදිරියේ පැවැත්වෙන පරීක්‍ෂණවලින් ගැලවීමට නම් බලය අවශ්‍ය වී තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මහින්ද මහත්තයා නැවත පාර්ලිමේන්තුවට එන්න සූදානම් වෙන්නේ. (බ)
මා ළඟ අනියම් කම්කරුවො තුන්හතර දෙනෙක් වැඩ කළා.2014 නොවැම්බර් දෙසැම්බර් කාලේ කිසිම කෙනෙක් වැඩට ආවෙ නැහැ.ඔවුන් කිවෙ තමන් සමෘද්ධි ලාභීන් නිසා සමෘද්ධිය කපන බවට තර්ජණය කළ නිසා පෙලපාලි යන්ට පෝස්ටර් ගහන්ඩ යන්න වූ බවත් ,හැබැයි හැන්දෑවට ඇතිතරම් බොන්ඩයි, කන්ඩ බුරියාණි හම්බ වුණ නිසා මහින්ද මහත්තයට ඡන්දයත් දුන් බවයි. ඔවුන් මෙවරත් මහින්ද කුරුණෑගලට එනකන් බලන් ඉන්නෙ ඡන්ද වැඩට යන්ඩ.හැබැයි උන් කියනව මාසයක්වත් නැති හින්ද ඡන්ද වැඩට යන එක පාඩුයිලු. ඔන්න මහින්ද ඡන්දෙ ගත්ත එක විදිහක්.එදාවේල ගැන හිතන අය රට ගැන හිතන්නෙ නැහැ.බොන්න දෙනවනම් ඕනෙම වැඩක් කරවගන්න පුළුවන්. මේ මගේ අත්දැකීම.දේශපාලන ,ආර්ථික දැනුමක් මොවුන්ට දෙන්න බැහැ.වාචාල කථා කාරයින්ට හරි කැමතියි.සංගීත සංදර්ශන දාන අයට හරි කැමතියි.විශ්ව විද්‍යාල දරුවන්ට කැමති නැහැ.ත්‍රාඩ දේශපාලකයො මුංගෙ වීරයො.සමෘද්ධි නිලධාරියා ගස් බැදපු මර්වින්ට හරි කැමතියි.මොකද සමෘද්ධිය ගන්ඩ ගියහම තියෙන කරදරය නිසා.ලොක්කන්ගෙ ඉහල පෙලේ වාහන ගැන හරියට කයිය ගහනව.ලොක්කො සන්ගලාස් දාල සෙනග ඉදිරියෙ පිටට තට්ටුවක් දැම්මම හරිම ඉහලයි.මේක තමයි ගම්බද කම්කරුවන්ගෙ තත්වය. (බ)
කවුරු දිනුවත් පැරදුනත් මටනම් ඇති වැඩක් නැහැ..නමුත් රටටත් ජනතාවටත් සෙතක් වෙනවනම් එච්චරයි. (බ)
කුරුණෑගල දිස්ත්‍රිකයේ සිටින සියලුම බත් කන හරක් වෙතටයි...අගෝස්තු 17 උදෑසනම අවදි වී ඔබගේ වටිනා ඡන්දය ............... ලබා දී කලගුණ සලකන්න... මුලින් පැමිණෙන සියලු දෙනාටම පුන්නක්කු මිශ්‍ර නැවුම් තණකොළ මිටියක් නොමිලේ.... (ස)
අවංකවම ලංකාව කියන සුන්දර රට , අපේ මව් රට කෙලසපු පාදඩ දේශපාලනයට සහයෝගය දීපු අපිටත් හෙනගහනවා ... මේ ඉතිහාස ගතවන පාවාදීම නිසා (ස)
මෛත්‍රි අපිව පාවා දුන්නා. (ස)
දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත. කවුරු ආවත් කෙරුවාව එක බව මා නම් දැන සිටියේ බොහෝ කල් සිටය.(ස)
කොටින්ගෙන් රට බේරාගත් ඔබ සදාකල් අපේ වීරයෙක් (ම)
එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලිය හදන්න එංගලන්තෙන් ණය ගත්තේ නැහැ. එංගලන්ත පාර්ලිමේන්තුවේ පැයකට අධික දේශනයක් පවත්වල සිය උපායමාර්ගික ඥානය භාවිත කරලා ආධාරයක් විදිහට ලබාගත්තේ. අනෙක මහවැලියෙන් ලැබුණු ප්‍රතිලාබ මෙපමණයි කියන්න බැහැ. මහින්දට තියෙන්නේ බල තණ්හාවක් මිසක් රට හැදීමේ චේතනාවක් නොවෙයි. නැත්නම් දෙපාරක් ජනාධිපතිකමේ ඉඳල අායෙත් අගමති වෙන්න දඟලාවිද. මම හිතන්නේ ලෝකේ මෙහෙම ජනපති කෙනෙක් හිටපු එකම රට අපේ රට වෙන්න ඇති. ඒ වගේම ඒ ගොන් පාට් අනුමත කරන මෝඩ රැලක් ඉන්න එකම රටත් මේකම වෙන්න ඇති. (ස)
සචිත්‍ර , එන්ඩ කියන්න. ඔය නොදන්නවට, යුඇන්පී ප්‍රමුක යහපාලන නඩය මේ මාස හයට අරන් තියෙන ණය ප්‍රමාණය මහින්දගේ ආණ්ඩුව පසුගිය අවුරුද්දටම ගත්ත ණයවල එකතුවට වැඩ වැඩිය. කරුණු දැනෙගෙන කතා කරන්න. (ස)
කුමන රටෙන් ණය ගත්ත්තත් ණය ගෙවිය යුතුය.ගත්ත ණය නිවැරදිව වියදම් කල යුතුය, කොමිස් නොගහ, නැතිනම් අප කොමිස් සහ නය මුදල දෙකම ගෙවීමට හිත හදාගත යුතුය. (ස)
තේජක 2015-07-09 03:40:29, රනිල්ගේ ආර්ථික දැනුම වැඩිවෙලා තමයි ඔය බැදුම්කර නිකුතුවෙන් හත්පොලේ ගාගෙන තියෙන්නේ. (ස)
රාජිතගේ කතාව සහතික ඇත්ත (ස)
අනේ සමහර පඩයන්ට මේ රටේ ඉතිහාසේ අමතක වෙලා ,බෝම්බ පුපුරනකොට ගෙවල් ඇතුලේ හැංගිලා හිටපු එවුන් දැන් එලියට බැහැල මහින්ද ට විරුද්දව කට අරිනවා .එකක් මතක තියා ගන්න අපි හැමෝටම අද නිදහසේ කට අරින්නවත් පුළුවන්වෙලා තියෙන්නේ මහින්ද නිසා මිසක් රට පාවලා දීපු වදකාගාර මෙහෙයවපු රනිල්ලා හෝ යුද්දේ වවාගෙන කෝටි ගණන් කොමිස් ගහපු ඒවා අරගෙන් පිටරට ගිහිල්ලා සුර සැප විදලා අවුරුදු 10 කට පස්සේ ලංකාවට ආපු චෞර රැජිනල හින්ද නෙවේ . (ස)
සජිත් දුප්පතාගේ මෙන්ම කාගේත් හිත ගත් මහත්තයෙක්. මහින්ද බය වීම සාධාරණයි. (ස)
රැවටුණා කියල හිතන අයට කියන්න තියෙන්නේ ඔබලා රැවටුනේ විදේශිකයන්ට කියලයි. පිටරට කුමන්ත්‍රණයේ හවුල් කාරයන් උන ඔබල ගැන මට දුකයි. ලංකාව දිහා මේක ඇතුලේ ඉඳන් බලන්න එපා. අපේ රට පිටරැටියන්ට මෙච්චර වෙදගත් ඇයි කියල පිටින් ඉඳන් බලන්න පුරුදුවෙන්න. යුද්දයවත් එක මෙහයපු සහ කරපු කිසිකෙනෙක් අමතක කරන්න එපා. මේ රට කැඩෙන්න දෙන්න එපා. හොඳට හිතන්න. (ස)
මහින්ද කොහෙන් ඉල්ලුවත් දිනනවා. මුල මතක නැති මිනිස්සු තමයි මහින්දට ගරහන්නේ...ඔහු අපේ නායකයා...කොටි හිතවාදීන් තමා මහින්දට වල කපන්නේ...එතුමා ජය ගන්න එක නියති...මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබට අප සද ණය ගැති.(අ)
මහින්දට ඇමති කමක් දුන්නත් හොදටෝම ඇති. අලි බබා සහ අලි බබාගේ පවුලේ හත්මුතු පරම්පරාවම ගොඩ. රටම කාපු හොරු 40 නිකම්ම ගොඩ. (අ)
ලක්ෂ 62ක් පාවල දුන්නා (අ)
මම නම් හොද යු .ඇන් . පි කාරයෙක් ... දැන්නම් මහින්ද පාක්ෂිකයෙක් මම ඒ වෙනුවෙන්ම 16 ලංකාවට එනවා ..... මහින්දට ජය නියතයි ... ඔය ගොඩාක් කට්ටිය අඬන්නේ ... බයට ..(අ).
ඔය ලේකම්ලාව ගෙදර ඇරිය යුතුයි මේ වෙනුවෙන් සංවිධානය වෙමු (ම)
මොලයක් ඇති අය මේගොල්ලන්ට ජන්දේ දෙන්නේ නැ.(ම)
දාලා තියෙන සමහර අදහස් දැක්කම හිනාත් යනවා. අගෝස්තු 18 වෙනිදා වෙනකොට මහින්ද කොහොමත් දිනනවා. ලක්ෂ ගානක් ඡන්ද ගන්නවා කියමුකෝ. නමුත් ඔහුට පක්ෂපාති ගෝල බාලයෝ බහුතරයක් පරදිනවා.යු එන් පියටත් වැඩි ආසන ගණනක් ලැබිලා. ජේ වී පි , ටි එන් ඒ , මුස්ලිම් කොන්ග්‍රසය, හෙළ උරුමය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදයි. තව අවුරුදු 5ක් යනතුරු ආයේ ඡන්දත් නැහැනේ. අපි යථාර්ථය තේරුම් ගමු යහලුවනේ....! (නි)
මම මෙතුවක් කල් එජාප විරෝධියෙක්. එහෙත් මෙවර ඡන්දයේදී මම සහ මගේ හිතවතුන්ගේ සහය සහ ඡන්දය එජාපයට දෙන්නට තීරණය කළෙමි. (නි)
රනිල්ට රකින්න පරපුරක් නෑ..ඔටුනු පළදන්න කුමාරයෙක් නෑ .....රනිල් එන්නේ රටට වැඩ කරන්න . (ස)
මේකේ ඉන්න තිලක් ල වහේ දුර නොපෙනෙන ලඟම බලන අඩු මානසිකත්ව ඇති අය ගැන ගොඩක් දුකයි . තිලක් ඔයාලට අමතකද අපේ රටේ යුද්දෙන් මිනිස්සු මැරුණු කාලයක් තිබුන. එක නැවැත්තුවේ කව්ද ? අනික කොටි ගණන් හොරකන් කලානම් දැන් දින 100 දී අල්ලන්න තිබුනනේ රනිල් මහත්තයට. (ස)
මෛත්‍රී ගත් නිවැරදි තීරණයක් (ම)
එස්.එල්., ඔයා මඩ ගහන්න කියන ,කියන්න දෙයක් නැතුවට කියන ඒවා මෙතන කියන්න එපා. (නි)
නියමයි. ජයවේවා! (නි)
අනේ මෙහෙමත් රටක්!!! (නි)
අන්තිමට මහින්දත් එයි, දුමින්දත් එයි, මර්වීනුත් එයි. සල්ලි තමයි තීර්ණනාත්මක සාධකය... අනේ රටකට යන කල .!(ම)