රණවිරුවන්ටත්, හිටපු ජනපතිටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක් සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.
රණවිරුවන්ටත්, හිටපු ජනපතිටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක් සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 4 වෙනි ඡායාරුපය ටිකක් බලන්න...මේ කවුද ඉන්නේ..?මහජන චන්දයෙන් පැරදුන හිටපු ජනාධිපති.දැන් එයා සාමාන්‍ය පුරවැසියෙක්..එයාට විතරක් පුටුවක් මොකටද..? එයාට බිම හිඳගන්න බැරි රෝගයක් තියෙනවාද...වටේටම එයාගේ හොර පිරිවර.....අනේ මන්දා..මේක තමාලු ලෝකෙන් උතුම් රට...අපි බලාගෙන ඉමු. (බ)
අවුරුදු තිහක් පුරා රට ගිලගෙන තිබුණු ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් අසහාය නායකයාට අපේ උපහාරය, නැවතත් රට බාරගන්න . ඔබට ජය (බ)
මේකට හොදම සිරස් තලය අලි බබා සහ හොරු 40 (නදී)
කරපු වැරදිවලට පව් සමා අරනවා වගේ. (බ)
ඔයාලා පුටුවේ ඉද ගැනීම ප්‍රස්නයක් කර ගන්න එපා. අසනීපයක් ඇති (නදී)
සම්පත් සහ ජයන්ත ඔබ දෙදෙනාම හරි. හොරු හොරු කියල පට්ට ගහපු ගොබෙල්ස් නයාය අහලම දැන් මින්නිස්සුන්ට අප්පිරියයි. රටට දැන් එඩිතර නායකයෙක් අවශ්‍ය බව ජනතාවට තේරිලයි තියන්නේ. කරපු වෙනස නැවත වෙනස් කරන්න ජනතාව මහින්ද මහතා වෙතට දිනෙන් දින රොක් වෙනවා. ඒක මේ කුහක මෝඩයින්ට තේරෙන්නේ නැහැ. (නදී)
දේශපාලන අනාත මඩමේ සාමාජිකයන්. (බ)
තවමත් වශී බෝලය අතේ නේද ?(බ)
මේ වගේ ජනතා ප්‍රතිචාරයක් මහින්ද ජනපති වෙලා ඉන්න කාලේ වත් තිබුනේ නැහැ. සංඝයාවහන්ස තෙනමක් ඇරෙන්න මුළු සඟ සබාවම මහින්ද ව ඉල්ලන්නේ රටේ අවදානම තේරිලා නිසා නේ. මිනිස්සු නම් සල්ලි දීල අරක්කු දීල බත් පැකට් එකක් දුන්න කියමු. එ්ත් මේ ගරුතර සඟ රත්නය ? (බ)
සපත්තු ? පුටු? කෝවිලේ නම් මේ දෙකම බැහැ? (නදී)
දැන් මේ රැස් වෙලා ඉන්න අයගේ මුහුණු බලන්න. සිද්ධස්තානයකට පැමිණි ශාන්ත බවක් සන්සුන් බවක් තිබෙනවාද ? පින් කමකට සහභාගී වෙන්න පැමිණි භක්තියක් පෙනෙනවාද ? මෙතන තනිකර ආගම මුවාවෙන් කරන දේශපාලන වැඩක් බව සහ කොහෙන් හරි සෙනග උස්සාගෙන ඇවිත් මෙතන තිබ්බා වගේ හොඳට පේනවා. මෙහෙම කපටි වැඩ මොනවාටද ? (නදී)
සෙනරත් ඔබ මිත්‍යා දෘෂ්ටික පාලකයන් කියන කොට මට හිනා යනවා. දකුණු ඉන්දියාවෙන් කට්ට්ඩියන් ගෙන්වාගෙන තොවිල් පවිල් කරමින් තමන්ගේ නිල නිවාස ඇතුලේ පවා ශාන්ති කර්ම කරමින් දැඟලුවේ කවුද කියල අපි දන්නේ නැද්ද ? අඩියක් එලියට තියා ගන්න නැකත් බැලුවේ කවුද ? වෙන එකක් තියා තමන්ගේ විරුද්ධ දේශපාලකයන්ට තෙල් මැතිරීම් කල කට්ටිය ගැනත් අපි දන්නවා. අතේ වශී බෝල තියාගෙන ඉන්නේ සෙනරත් ද මමද ? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා දැනගන්න සෙනරත්. ඊට පසුව අනෙක් අයගේ සම්‍යක්දෘශ්ඨිය හෝ මිත්‍යා දෘෂ්ටිය ගැන කතා කරන්න. (නදී)
පන්සලකටවත් නිදහසේ පය තියන්නේ නැති හිටපු ජන අධි පති අායෙත් ජනතාවට සෙත සලසන්න එනවා. (බ)
රැස් වෙලා ඉන්න අයගේ මුහුණේ කිසිම ප්‍රසාදයක් නැහැනේ. හෙට යුද්ධෙට යන්න කලින් අද පිරිත් නුලක් බැඳ ගන්න ආවා වගේනේ. (නදී)
අගමැති අද භාරකාර අගමැති ය. ඔහු රටේ පවට අගමැති වූවෙකි . ඔහු සිතන්නේ අගමැති වූ පමණින් ඔහුට ජයග්‍රහණය කළ හැකි බව ය. එහෙත් ඔහූ විසිනව වරක් පරාජය වූවෙකි. ඔහු අද තිස්වැනි වරටත් පරාජය වීමට සැරසෙයි. මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය, එ ජා ප , ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජනතා සංධානය, ෆොන්සේකාගේ පක්‍ෂය ආදී පක්‍ෂවලට බෙදී යයි. රනිල් අභියෝග කරන්නේ ඒ බව නො දැන ද? (බ)
සමහරු මේ රට කොටින්ගෙන් බේරා ගත්ත කියල කවුරුවත් මාර්ගපල ලබල නැහැනේ. ඒ නිසා පුද්ගලයෙකු අතින් සිද්ධ වෙන සියලු දේවල් නිවැරදියි කියල කියමින් කොච්චර උඩ පැන්නත් වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න මේ ලෝකේ රහසින් වත් එක වැරදි වැඩක් වත් කලේ නැති බෝධි සත්වයන් වෙන කොහේ පහල වුනත් ලංකාවේ දේශපාලකයන් අතර නම් පහල වෙන්නේ නැහැ. (නදී)
ස්වාමින් වහන්සේලා ඉදිරිපිට තමන් විතරක් උස ආසනයක ඉන්නේ මොකද ? අනෙක් හැමෝම බිම වාඩි වෙලා. එතනත් ඉහ වහා ගිය මහන්තත්වය තමයි (නදී)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ද ගැලවුණේ ය. ඔහු පිළිබඳ අදාළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල රැගත් කෝප් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකිය. එය ප්‍රමාද වූයේ ඇයි? ඩිව් ගුණසේකර එහි දී රනිල්ට ආධාර කෙළේ ද? එය ඉදිරිපත් කිරීම ජූලි 7 වැනි දා තරම් ඈත දිනයකට කල් දැමුණේ කෙසේ ද? මහේන්ද්‍රන් රැක ගැනීමට ඩිව් ගුණසේකර ආධාර කර ඇති බව පෙනෙයි. (නදී)
ලජ්ජා නැද්ද මන්දා ඒ පාර පුජ්‍ය පක්ෂය පෙන්නුම් කරලා ගොඩ යන්න හදන්නේ. අර කීවත් වගේ ඒ හාමුදුරුවරුන් මෙතන කැමැත්තෙන් ආවා කියල අපි නම් ඔලුවෙන් හිට ගෙන කිව්වාත් පිළිගන්නේ නැහැ. දැන් හදන්නේ මේ රටේ බුද්ධාගම රකින්න ඉන්න එකම කෙනා මම කියලා පෙන්වන්න. (නදී)
ඒ ලෝකයේ සමහර මිනිස්සු බලයට කෑදරකම නිසා තමන්ගේ ආගම හරි ප්‍රදර්ශන භාණ්ඩයක් කර ගන්නවා. හරිම කණගාටු තත්වයක්. (නදී)
දැන් මේ පන්සල් වල වැඩ ඉන්නේ පුජ්‍ය පක්ෂයද නැතිනම් මැතිවරණ ප්‍රචාරක ඇත්තන්ද කියලා අපි දැනගන්න කැමතියි (නදී)
මේ පෙන්නුම් කරන බුද්ධාලම්භන භක්තිය මොකද දන්නේ නැහැ අර මාලිගාව ඉස්සරහ කාර් රේස් යනකොට මෙතන ඉන්න උපාසක ඇත්තන් කාටවත් නොතිබුනේ .(අ)
ඇයි අනෙක් උදවිය වගේ බිමින් වාඩි වෙන්න බැරි ? ඔහොම අසුන් ගත්තාම මේක ආගමික වැඩක් කියල අපිට පේන්නේ නැහැ. භික්ෂුන් ඉදිරියේ රජතුමා වත් සිංහාසනයේ ඉඳගෙන සිටියේ නැහැ කියල අපි අසා තිබෙනවා. (අ)
මිත්‍යා දුෂ්ටිකයින් පිටු දකිමු. සොරුන් වංචා කාරයින් හංගාගෙන සිටි අය නැවතත් පලවා හරිමු. (නදී)
වටේ ඉන්න උපාසක මහත්තුරු දැක්කම ඇගත් හිරි වැටෙනවා (නදී)
පන්ස්ලකදී සපත්තු පාවහන් පැළඳීම සහ උස් ආසන මග හැරීම අත්‍යාවශ්‍ය බව අපි ඉගෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන්. නමුත් ඉතින් පසු කාලයේ සම්පුර්න බෞද්ධ නොවන පවුල් පරිසර ජීවත් වෙනකොට සමහරුන්ට ඒ සිරිත් ඒ විදියටම පිළිපදින්නඅවකාශ නැතිව ඇති. (අ)
සරණපාල ඔබ අදහස්කලේ කරපු වැරදි වලට පවු කමාකරනවා යන්නෙන් වසර තිහක් රටේ භීෂණය වපුරවපු කොටි රැල වලපල්ලට යවපු එක ගැනද? (නදී)
අපේ රට බේරා දුන් නායකතුමා ඉන්නේ. මහින්ද මහතා ඔබතුමාට ජය වේවා (නදී)
ආ අර ඇස් පියාගෙන ඉන්න මන්ත්‍රී තුමන්ලා නම් කොයි වෙලේ ඉර්ධි වේද දන්නේ නැහැ. බොහොම හොඳින් දේශපාලන පිළිවෙත් පුරපු ඇත්තෝ නේ. ! (අ)
කරන හොද දේ දකින්න මඩ නැතුව (බ)
මෙයාට බිම ඉදගන්න බැරි අමාරුව මොකක්ද ? පන්සල් යන්නේ සෙරෙප්පු දාගෙන, බල තණ්හාවෙන් අන්ධ වෙලා (බ)
මහින්ද නැතුව බැරි අයට හොඳයි මේවා බෙහෙත් මේ පාර මහා ජනතාව දෙනවා මහින්ද ට බිම ඉඳගන්න බැරි ඇයි (බ)
ඉමල්ක රටේ පිනට හෝ පවට බිහිවන නායකයන් ගැන ජනතාව තීරණය කරාවි . ඔබ ගිහින් අර එක්කෙනෙක් කළා වගේ පන්සලට සපත්තු දාලා නම් අන්න ඒක වහලා එන්නකෝ (බ)
කවරැ කළත් හොඳ වැඩක්.(අ)
කළ පවු පිරිතෙන් නැති කළ නොහැකිය. මහ මැතිවරණයේදී මේ අයට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය (බ)
විදෙස් ඩොලර් වලට ගිජු වී සිය කැබිනට්ටුවේම සිටි ජුදාස්ලා එන්ජීඕ නඩයක් සමග එක්ව ද්‍රවිඩ හා මුස්ලිම් ජන්ද පදනමින් මහින්ද පරාජය කළද එදාටත් වඩා අද ඔහු සාමාන්‍ය ජනතාවට අවශ්‍යව ඇත. එදා ප්‍රභාකරන් ඇතුළු කොටි නඩය කරන්නට වලි කෑ දෙයම සාම කුරුල්ලන් පෙන්වා කුජීත නඩය සමග නෝනා ප්‍රමුඛ තවලම් නඩය කිරීමට අර අඳින බව හරි පැහැදිලියි.එය පරාජය කිරීම දේශප්‍රේමී සියලු ජනතාවගේ වගකීම බව අවධාරණය කරමි. (බ)
අපේ හාමුදුරුවනේ ජනවාරි 8 ට කලින් සෙත් පිරිත් ජය පිරිත් දෙකම කියල මෙතුමාට ආශීර්වාද කළානම් හොඳයි නේද? අනික තව අවුරුදු 02 තිබෙද්දී ඉල්ලගෙන කන වෙලාවේ නේද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න තිබුනේ? ඒ මොකවත් නොකර අපේ පන්සල,ගමේ පන්සල මෙහෙම දේශපාලන ප්‍රචාරණයට යොදා ගත්තම එ්ක ගැලපෙනවද? දායකයන්ට කරන අඩුපාඩුවක් ලෙසයි අපට හිතෙන්නේ! (බ)
හොරකම් අල්ලස් මිනීමැරුම් වලට කොපමණ පිරිත් කිවත් ඒ පාප වලින් මිදීමට නොහැක එයයි බුදුදහම (නදී)
මොනවද මේ විහිළු වැඩ.මහින්ද හම්බන්තොටින් ඉල්ලුවොත් හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී පමණි.අගමැති කම දෙන්නේ ජනපතිගේ අදහස අනුව .තමන්ගේ සහ පවුලේ හොරකම් වහ ගන්න අනෙක් හොරුත් එක්ක බුදු දහමත් කනවා (අ)
එදා ඔහු වටා අති විශාල සෙනගක් විය. අද මෙතුමා ලඟ සිටින්නේ කීප දෙනෙකු උවද ඔවුන් සැබෑ හිතවතුන්ය. අනිත්‍යට තවත් හොද උදාහරණ රැසක් මේ ජායාරුප පෙළ පෙන්වයි.(නදී)
මහින්ද, ඔබයි අපේ අභිමානය, බලාපොරොත්තුව. රට පෙරට ගෙන යන්න (නදී)
ලඟ ඉන්නේ වැඩිපුරම හොරකම් කරපු අය. ආයෙත් පාරක් හොරකම් කරන්න බලන් ඉන්නවා (නදී)
ඉමල්කා කියන කතා හරි. කියන්න බැහැ තමයි එච්චර හොඳ නම් මහින්ද පැරදුනේ කොහොමද ? (නදී)
දින සීයක් ඇතුලත වුන විප්ලවේ මොකක්ද? පෙට්‍රල් අඩුවුණ එක. ඊට අමතරව, රට ජරා ජීර්ණය වීම. අයෙත් ත්‍රස්තවාදයට නිරාවරණය වීම. හොඳයි නෑ කියන අය ඉන්නවද? (අ)
අදහස් ටික බැලුවම හොදටම තේරෙනවා මහින්ද භීතිකාව ඔඩු දුවපු දෙතුන් දෙනෙක් වමාර වමාර කනවා කියල..මහින්ද මහත්තයාගේ බෞද්ධකමවත් සිංහල කමවත් මේ රටේ සිංහල බෞද්ධයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්ද ඔයාල ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..ශාන් මහත්තය සුදු කොඩි ටිකක් හදාගෙන තියාගන්න දැන්ම..හෙට අනිද්දාට යහපාලනෙට දාන්න..(අ)
මේ ස්වාමීන්වහන්සේලා මෙතැනට නොසිටියොත් ඉතින් මැදගොඩ හාමුදුරුවන්ගෙන් බේරිල්ලක් තියේවිද . විභාගෙත් පාස් වෙලා ඉවරයි. නවාතැනුත් ඉවරයි (බ)
යහපාල අපිට නම් සිංහල බෞධයන් වශයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. කිව්වත් වගේ පුජනිය ස්ථාන වල කාර් රේස් දුවපු දවසේ ඉඳල තමයි පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩිහිටියන්ගේ ඇස් ඇරුනේ. පසු ගිය කාලයේ මෙතුමාගේ පුත්තුන්ගෙන් පවා ප්‍රකට වුනේ සිංහල බෞද්ධ රටකට ඔබින දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වුන හැසිරීම් නෙවෙයි. (නදී)
මේ මහින්දගේ සුපුරුදු සංදර්ශනය.සිංහල බෞද්ධ කම අවුස්සා ඡන්ද ගන්න කරන ප්‍රෝඩාවක්. සංවිධානාත්මකව මිනිසුන් පෙළගස්වා මාධ්‍යය ප්‍රචාරය මගින් ජනතා අනුකම්පාව ලබා ගන්න කරන දෙයක් මිසක් සැබෑ තත්වය නම් ඕක නොවෙයි. එයා පන්සල යොදා ගන්නවා ප්‍රචාරක කටයුත්තට. ඔය සංඝයා වහන්සේලාත් වාහන යොදවා පිරිවෙන් වලින් පන්සල් වලින් ගෙන්වා ගත් අය. නැවත රාජපක්ෂලාට රට යනවා කියන්නේ තියෙන ටිකත් නැත්තටම නැති වෙන එක.(නදී)
කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් යුගපුරුෂයාට අපේ ආශිර්වාදය.(නදී)
මේකේ කොමෙන්ට් දාන සමහරු යුද්දේ දිනුවට පස්සේ ඉපදුනු එවුන්ද කොහෙද? මහින්ද, ගෝටා කොන්ද කෙලින් තියාගෙන පිටරට බලපෑමට යට නොවී එල්.ටී.ටී.ඊ. එක පරාජය නොකලානම් 2009 සිට මේ දක්වා කොච්චර දෙනෙක් මැරිලද? අතපය අහිමි වෙලාද? දැන් මහින්දට ගරහන මේ බාලයෝ ගැන අනුකම්පා කරමු. ලබන චන්දෙදි මහින්ද දිනවා යහපාලන කල්ලියෙන් රට යලි ගලවා ගනිමු.(නදී)
සරසි, මහින්ද පසුගිය අවරුදු 10 තුල මහජන මුදල් ගසා කාපු හැටියට ලංකාවේ සමස්ත අදායමට වඩා හොඳ දනස්කන්ධයක් මහින්ද සතුව තිබෙනවා. ඒ දනස්කන්ධය රැක ගැනීම වෙනුවෙන් සුළු මුදලක් වියදම් කරනවා.(නදී)
අනේ මේ හොර දේශප්‍රේමියා හා හොර රැල කරන රඟපෑම් වලට මිනිස්සු රැවටුණු කාලය දැන් ඉවර වී ඇත . ජනතාව මොවුන් නිරුවත් කරාවි මේ මැතිවරණයේදී . ගරු සිරිසේන ජනාධිපතිතුමාට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා . මේ අරක්කු රැලි එදාට අවසන්.(අ)
කාපු දේවල් එහෙම අහක දාන්න බැරි කට්ටිය තාමත් වමාරනවා එත් ජනතාව මෙයාලට ඡන්දෙ නම් දෙන්නේ නැ..එක ෂුවර් ...යමු ..යමු ...හැමෝම කඩේ යමු ඔහොම... ඡන්දෙන් පස්සේ බලන්නකෝ මෙය එනවද කියල.(අ)
අජිත් මහත්තය බයටම තේමා ගෙන.ඕව ඔහොම තමයි මහත්තයෝ..පම්පස් එකක් ඇදන් නිදා ගන්න.. එතකොට මහින්ද මහත්තය හීනෙන් පෙනුනට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (අ)
මමත් ඉපදුනේ මේ ලංකාවේ නමුත් මේකේ කොමෙන්ට් කියවපුවාම හිතුනේ මෙවැනි කුහක අදහස් ඇති ගුණමකු බහුතරය බැවිනි (අ)
අජිත් මහත්තය බයවෙලා. ඕව ඔහොම තමයි මහත්තයෝ.. (බ)
අපිට මහින්ද ඕනා. හොඳ වැඩක් කරන්නේ (නදී)
මේ පවුල් ගහ කවදාවත් ලියලන්නේ නැහැ. එදා මුල් සිඳල දැම්මා ජනතාව. (නදී)
අපේ රණවිරුවන් සහ හෙළවිරුවන් පෝරකයට යවන්න ලෑස්ති වී සිටින මිත්‍යා දෘෂ්ඨික පාලක රැලගෙන් රට බේරා ගැනීමට සියලු ජනතාව ඔබ තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටී. (අ)
අනේ පව
මහින්දට විරුද්දව මෙතැන් අදහස් දාල තියෙන අය ගැන කියන්න තියෙන්න එක දෙයකි. ඔවන් තමන්ගේ දෙමව් පියන් හඳුනන්නේ නැත. (අ)
අද පන්සලත් දේශපාලනකරණය වෙලා ඉවරයි. සාසනික වශයෙන් අලුත් විනය නීති, රීති මහා නායක හිමිවරුන්ගේ අනුග්‍රහයෙන් ගෙනාවේ නැත්නම් ශාෂනයත් විනාශ වෙනවා (නදී)
මහින්දට බලයක් නැත්නම් , වැඩකුත් නැත්නම් ඡන්ද ලැබෙන්නෙත් නැත්නම් , ජනතාව ඡන්දෙ දෙන්නෙත් නැත්නම් ඡන්දෙ ඉල්ලනවට ඩුබායි තිලක් වගේ කට්ටිය ඔය හැටි කහින්නේ මොකද ? (නදී)
අද ඉපදුන අම්ම තාත්ත නොහඳුනන සමහරක්ට මහින්ද මේ රටට කල සේවය අමතක වීම විතරක් නෙවි කරන අපහාස ඇහුවාම අපේ රටේ ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා. (නදී)
සරණපාල, මහින්ද කරපු පව් කියල කිව්වේ රට කොටියාගෙන් බේරා ගත්ත එක වෙන්න ඇති නේද. මම දන්නේ නැති නිසා අහන්නේ (බ)
අනේ ජයන්ත , ඕව කියන්න කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (බ)
නිමල් සහ අජිත්, අනේ බය වෙන්න නැතුව නිදිය ගන්නකො. හීනෙන් බය වෙනවද. අපි මොනවා කරන්නද ඕකට. (බ)
දැන් එතකොට කැස්සක් ආවාම කහින්න පුළුවන් අනිල්ට විතරද ? ඒකටත් අනෙක් මිනිස්සු අන්තේවාසිකයන්ගෙන් අවසර ගන්න ඕනද? (නදී)
මේ සංඝයා වහන්සේ දකින විට මට මතක් වෙන්නේ අපේ නන්දා මාලිනියගේ සිංදුවක් ..අනේ සාශනයට ගිය කලක්.... (බ)
ලක්ෂ 62 කක ජනතාවගෙන් පරාජය වෙලා ගෙදර යන්න සිද්ද වුනාට තවම හිතෙන්නේ ලංකාවේ විධායක ජනාදිපති කියලා. ඒකනේ පන්සලකදිවත් සපත්තු දෙකවත් ගලවන්නේ නැතිව සිංහාසනයේම ඉන්න හදන්නේ. වැඩි කල් නැහැ ඔය සිංහාසනයෙනුත් බිමට වැටෙන/වට්ටන දවසක් එනවා. ඒක වැඩි ඈතක නැහැ. (නදී)
මට මතක් වෙන්නේ මේ ගීතයයි... උපාසකම්මා ඉපදුනු හීන කුලේ මහන කරන්නයි යන්නේ ඇගේ කොලූ ඌට නිකායක් වෙන් කොට තබා තිබේ අපෙ මුනි බනේ ඒකද හාමුදුරුවනේ පිරිත් නූල් බදිමින් ජන හතුරන්ට යතුරු කැරලි අදනය යට ගසාගෙන අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරු මහන කරන එකදැයි මුනි බනේ ගරු කුනු හෝදන්න මහ තැන් වල අපේ රටේ පන්සල් තමන් යැයි කි හොද වෙල්ලාව ටිකට් විකුනලා පෙරහැර කරනකොට කරඩුවෙ ඉදිවිද ධාතුන් වහන්සෙලා රට දැය සමය රැකගත්තේ චීවරයයි රට දැය සමය සුරකින්නෙත් චීවරයයි එවන් සසුන සමහර හිමිවරු නසති කුල ගොත් ඥාති නිල තල සංග්‍රහ සොයමින් කුඩාපොල වගේ විරු හාමුදුරුවරු අදත් අපි අතර හිද මේ ලෙස කියති රට කන උන්ව වනසා රට දැය රැකුම තමයි අපේ අද දවසේ මහනකම! පද රචනය - සුනිල් ආරියරත්න ගායනය - නන්දා මාලිනී (බ)
සිල් රෙදි බෙදල දුන්න හැටියට පන්සල්වලට නොගිහින් පල්ලියට යන්නද? (නදී)
අවදිකරනු මැන සැම හදවත් තුල සතුට පිබිදෙනා උදා ඉරක්. ව්වර කරනු මැන අපට අහිමි කල නිදහස් නිවහල් අපේ රටක්. අතිගරු හිටපු ජනපතිඳුනි, කලගුණ දත් මිනිසුන් සැමදා ඔබ සමගයි. තුනුරුවන්ගේ සරණයි. (නදී)
විජිත්, ඔබ හරියටම හරි. (නදී)
හොඳ වෙලාවට ඒකාධිපති ගඩාෆි ලිබියාවේ ඉපදිලා,ලිබියාවේදීම මිනිසුන්ගේ සෙරෙප්පු පාරවල් කාල මිය ඇදුනේ.ලංකාවේ ඉපදුනා නම් මේ වෙනකොට නැවතත් ඒකාධිපතියාට බලය ගෙන්න අවශ්‍ය වටපිටාව සකසලා දෙනවා. (ම)
දැන් අපේ අය හාමුදුරුවන්ටත් එක එක කතා කියයි (නදී)