‘‘අපේ රජය යටතේ පලි ගන්නේ නෑ. වරදක් කර  ඇත්නම්  නම් එය නීතියට භාර දෙනවා. අපි මැදිහත් වෙන්නේ නෑ. වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි‘‘. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

විදේශ රටකට ගොස් දේශපාලන වෙනස්කම් කිරීමට සාකච්ඡා කළැයි කීම අසත්‍යයක් බවත්, සාක්ච්ඡා වලින් අඩක් පාර්ලිමේන්තුවේ ද ඉතිරිය ජනාධිපති මන්දිරයට හූවක දුරින්ද පැවැත්වූ බවත් සමරවීර මහතා කීවේය.

‘ප්‍රාජාතන්ත්‍රවාදීව මන්ත්‍රීවරයකුට ඇමැතිවරයකුට තීන්දුවක් ගැනීමේ අයිතියට බලපෑම් කරන්නට සමහරුන් කටයුතු කරනවා. මොහු විසින් ඒ ආයතනයේ ඇතැම් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් එකතු කරනවා. පොලිසියේ උසස් නිලධාරියකු විශ්‍රාම වයස පසුකලත් සේවා දිගු පහක් ලබා දී තිබෙනවා. ඔහුත් ඡන්ද වැඩ කරනවා. මේවගේ නිලධාරීන් නිසා පොලිසියට අගෞරවයකට පත් වෙනවා. අපේ රණවිරුවන් දේශපාලන පත්‍රිකා බෙදන තැනට පත් කරලා. කම්කරුවන් කරන වැඩත් කරවන්නේ හමුදාව ලවා.

‘අපි සාකච්ඡා කළේ පිටරට නොවෙයි. ඔක්කොම ලංකාවේ ඇතුළේමයි. භාගයක් කළේ පාර්ලිමේන්තුවේ. තවත් ටිකක් කළේ ජනාධිපති මන්දිරයේ සිට හූවක දුරින්. පිටරට ගිහින් සාකච්ඡා කරන්න ඕන නෑ අපිට.

රජය අද කතා කරන්නේ පරාජය ගැනමයි. මන්ත්‍රීවරයෙක් කිව්වා කටුනායකින් පැනලා යන්න බැරිනම් මත්තලින් යන බව. අපි ඉල්ලීමක් කරනවා රටින් පැනලා යන්න එපා. ලංකාවේ ඉඳගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනය කරන්න.