‘‘අපේ රජය යටතේ පලි ගන්නේ නෑ. වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා. අපි මැදිහත් වෙන්නේ නෑ. වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි‘‘. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
විදේශ රටකට ගොස් දේශපාලන වෙනස්කම් කිරීමට සාකච්ඡා කළැයි කීම අසත්‍යයක් බවත්, සාක්ච්ඡා වලින් අඩක් පාර්ලිමේන්තුවේ ද ඉතිරිය ජනාධිපති මන්දිරයට හූවක දුරින්ද පැවැත්වූ බවත් සමරවීර මහතා කීවේය.
‘ප්‍රාජාතන්ත්‍රවාදීව මන්ත්‍රීවරයකුට ඇමැතිවරයකුට තීන්දුවක් ගැනීමේ අයිතියට බලපෑම් කරන්නට සමහරුන් කටයුතු කරනවා. මොහු විසින් ඒ ආයතනයේ ඇතැම් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් එකතු කරනවා. පොලිසියේ උසස් නිලධාරියකු විශ්‍රාම වයස පසුකලත් සේවා දිගු පහක් ලබා දී තිබෙනවා. ඔහුත් ඡන්ද වැඩ කරනවා. මේවගේ නිලධාරීන් නිසා පොලිසියට අගෞරවයකට පත් වෙනවා. අපේ රණවිරුවන් දේශපාලන පත්‍රිකා බෙදන තැනට පත් කරලා. කම්කරුවන් කරන වැඩත් කරවන්නේ හමුදාව ලවා.
‘අපි සාකච්ඡා කළේ පිටරට නොවෙයි. ඔක්කොම ලංකාවේ ඇතුළේමයි. භාගයක් කළේ පාර්ලිමේන්තුවේ. තවත් ටිකක් කළේ ජනාධිපති මන්දිරයේ සිට හූවක දුරින්. පිටරට ගිහින් සාකච්ඡා කරන්න ඕන නෑ අපිට.
රජය අද කතා කරන්නේ පරාජය ගැනමයි. මන්ත්‍රීවරයෙක් කිව්වා කටුනායකින් පැනලා යන්න බැරිනම් මත්තලින් යන බව. අපි ඉල්ලීමක් කරනවා රටින් පැනලා යන්න එපා. ලංකාවේ ඉඳගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනය කරන්න.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දට විපක්ෂ නායක කම දෙන්න මංගල සැරසෙයි
සිසිර Thursday, 18 December 2014 12:21 PM
කුරුඳු පොල්ලෙන් ගහන්නේ නැහැ නේද ? (නදී) .
සිල්වා Thursday, 18 December 2014 02:27 PM
මංගල කිව්වොත් කියන්නේ මෙහෙම කතාවක්ම තමයි (නදී)
ඇසිලින් Thursday, 18 December 2014 03:22 PM
ආ...මේ කතා කරන්නේ මංගල සර්නේ.... (නි)
ඒඩ්‍රීයන් ද මැල් Thursday, 18 December 2014 08:31 AM
මම අන්තර්ජාලයේ පැය එකහාමාරක් සජීවීව මේ මාධ්‍ය සාකච්චාව බැලුවා.සම්පුර්ණ ඇත්ත කිව්වේ.(හේ)
කුමාර් Thursday, 18 December 2014 09:15 AM
මංගලට මොනවාද පුළුවන් කියලා රටම දන්නවා .(හේ)
ප්‍රියා Thursday, 18 December 2014 09:20 AM
මැස්සෙක් ගිය උඩ (බ)
සංජය Thursday, 18 December 2014 09:25 AM
මංගල ඉතින් හැමදාම දකින්නේ ඔය වගේ හීනනේ. අපට නම් හිතෙන්නේ මෙහෙම ගියොත් රනිල්ටත් විපක්ෂ නායකකම නැතිවෙනවා. චන්ද්‍රිකාත් එක්ක ඩීල් කරනකොට රනිල්ටත් ටිකක් පරිස්සම් වෙන්න වේවි. (නදී)
නාගසේන බණ්ඩා Thursday, 18 December 2014 10:07 AM
ගෙම්බා පුම්බන්නේත් බක බක ගානෙත් වැහි කාලෙට. දෙසැම්බර් අන්තිමේට වැස්ස ඉවර වෙනවා. එතකොට ගෙම්බෙක් බේතකටවත් හොයාගන්ට නැහැ. (නදී)
චන්ද්‍රිකා Thursday, 18 December 2014 10:24 AM
සිහින දැකීමට ඇති ඔබේ අයිතියට ගරුකරමු (නදී)
ඇසළ Thursday, 18 December 2014 10:29 AM
මංගල අවමංගල වෙන්න වගේ හදන්නේ. (නදී)
විමුක්ති අප්පුහාමි Thursday, 18 December 2014 09:11 PM
ඒඩ්‍රියන් ද මෙල්ට ජයවේවා. (නි)
රසිකා Thursday, 18 December 2014 10:33 AM
ඔබ ඔබේ සිහිනය තුල සදා කල් රැදේවා (නදී)
ශෂික Friday, 19 December 2014 11:56 AM
අපේ පැරණිම පක්ෂය යු.ඇන්.පී එක මංගල ඇවිත් ඡන්ද ප්‍රතිශතය 27% ට බැස්සුවා. යන්නකෝ මහත්තයෝ ඇමරිකාවටවත් (නදී)
අමිල Thursday, 18 December 2014 11:14 AM
පිටරට ගියේ සල්ලි ගන්න වෙන්න ඇති. (නදී)
සරා Thursday, 18 December 2014 11:17 AM
පේනවා නේද ? (නදී)
රාජු Thursday, 18 December 2014 11:37 AM
ජනවාරි 9 න් පස්සේ සිහින බොඳ වෙයි (නදී)
බන්දුල පෙරේරා Thursday, 18 December 2014 11:54 AM
තමන්ගේම පක්ෂයේ අයට මෑතකදීත් කුරුදු පොලුවලින් සලකපු චන්ද්‍රිකාගේ පාලන සමයේ බලය යොදා ගැනීම පිලිබදව ඉතාමත්අපකීර්තිමත් ඉතිහාසයක් හිමි අය හදන යහපාලනය මොන වගේ වේවිද කියල මම නම් මේ අහස පොලොව ගැට ගගහ කල්පනා කරන්නේ. (නදී)
ලංකා Thursday, 18 December 2014 12:00 PM
ඔය මහත්තය කියන ඒවා ටෙලි නාට්‍ය දෙබස් වගේ කිසිම පදනමක් නැහැ. ඔය කියන ඒවා ඇත්ත වගේ දැනෙන අයටත් පිස්සු. (නදී)
ඡන්න බුවනායක Thursday, 18 December 2014 12:14 PM
මංගල කල් ඉකුත් වී ඇත (නදී)
ඒඩ්‍රියන් ද මෙල් Thursday, 18 December 2014 12:15 PM
මෙම පුවත සඳහා මා විසින් අදහස් පළකිරීමක් නොකළ බව කරුණාවෙන් දැනුම් දෙමි. තමන්ගේ අදහස් අනුන්ගේ නම් වලින් අදහස් ප්‍රකාශ කිරීම ට කොන්දක් නොමැතිවීම පිළිබඳව ලජ්ජාවිය යුතුය. (නදී)