හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීමටත් ඔහු කණ්ඩායම් නායකයා කිරීමටත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟවී යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඇතුළු පිරිසක් අද (30) පෙරවරුවේ හිටපු ජනපතිවරයා මහනුවරදී හමුවූ අවස්ථාවේදී මේ බව පැවසූ බව රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
නමුත් එවැනි එකඟත්වයකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපෙක්ෂකයකු නම් කර නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයෙන් ජයගතහොත් අගමැතිවරයා පත්කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බවත් එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් රෙදි සෝන මැෂිම ලකුනින් තරඟ කරනවා (නදී)
ශාන්ත, මහින්ද එනවා කීවම උන් හිටි තැන අමතක වෙලා නේද? පිස්සු වගේ නේද? (නදී)
තුෂාර රටට ආදරය කරන අපි ඔක්කොම දෙන්නේ මහින්දට. ඔයාල වගේ කුහක ඡන්ද දෙක තුනක් යාවි අනෙක් අයට. අපි ආයේ හමුවෙමු අගෝස්තු 18 දට. එදාට ලංකාවේ එක්කෙනෙක් ගිනස් වාර්තා පොතට යනවා පැරදිලා. එය ලාංකික අපිට ආඩම්බරයක්. ඔබටත් සතුටු විය හැකියි. (නදී)
මෙයා බොරුවට අනිත් අය ගැන කතාකරනවා. කෙහෙලියට නාමයෝජනා ලැබෙනවාද ? මෙයාට විරුද්ධව චෝදනා ගොඩක් තියෙනෙවා. (නදී)
මෙහෙමත් කෑදරකමක්. දේශපාලකයෝ තව අවුරුදු කීයද ජීවත් වෙන්න තියෙන්නේ. දේශපාලකයෝ කවදාවත් මරණයෙන් පස්සේ සුගතියේ ඉපදෙන්නේ නෑ. (නදී)
අම්මෝ මගේ කොළඹ තියෙන ඉඩම විකුණලා දාන්න ඕනේ. ගිය පාර බේරාගත්තේ බොහොම අමාරුවෙන්. මේ පාර අවොත් නම් ඕක ගන්නවාමයි. (නදී)
විපුල, ඇත්තටම මහින්දට බයයි. මොකද අපේ දේපල රැකගන්න ඕනේ. අපේ දරුවන්ගේ ජීවත රැක ගන්න ඕනේ. (නදී)
කට්ටියම පරණ ගේමට සෙට් වෙනවා වගේ (නදී)
තණ්හාවේ සීමාවක් නැත මෙහෙමත් කෑදරකමක්. රටට කරන්නද එන්නේ (බ)
ඉන්දික , ඔයාගේ කතාව ඇලිස් දුටු විස්මලන්තය වගේ කතාවක් යාළුවා. ආයෙමත් ඔය පරාද වුන ලොක්කලට බලයට එන්න ලැබෙන්නේ නැහැ මින් පස්සේ කවදාකවත්. අගෝස්තු 18 බලමුකෝ කවුද රැවටුනේ කියා. අර කතාවක් තියෙන්නේ අර මොකක්ද දේකට බෙහෙත් නැහැ කියල , මට කියන්න තියෙන්නේ එච්චර තමා. (බ)
ඉන්දික, ඔයාගේ කතාව ඇලිස් දුටු විස්මලන්තය වගේ කතාවක් යාළුවා. ආයෙමත් ඔය පරාද උන ලොක්කලට බලයට එන්න ලැබෙන්නේ නැහැ මින් පස්සේ කවදාකවත්. අගෝස්තු 18 බලමුකෝ කවුද රැවටුනේ කියා. අර කතාවක් තියෙන්නේ අර මොකක්ද දේකට බෙහෙත් නැහැ කියලා. මට කියන්න තියෙන්නේ එච්චර තමා.(නදී)
දැන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාද රජයේ උපදේශක නිකන් වැඩක් බලාගන්න එහෙට මෙහාට පැන පැන බයිලා ගහනවා. (බ)
5 සැරයක් රනිල්ගෙන් නාම යෝජනාව ඉල්ලුවාලු නේද මෙයා (නදී)
මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත. (බ)
ගහ දන්න අපට කොල කඩාදාන්න එපා ජනපතිතුමනි, (බ)
නියම ජනමතයට මුහුණදෙන්න. 62 සහ 58හි වෙනස වටහාගන්න (නි)
62 සහ 58 වෙනස හඳුනාගන්න (නදී)
මහින්ද එන්නේ අපිට ආදරේට නෙවෙයි රාජපක්ෂ පරම්පරාවට තව ටිකක් හොරකම් කරගන්න. ඒක තේරුම් ගන්න බැරිද ? (නදී)
ඔහු නැවත ගෙනවුත් හොරු ,මංකොල්ලකාරයන්,ස්ත්‍රී දුෂකයන්,පගාමරුවන් රජකරවමුද? (නි)
රටට ආදරය කරන කවුරුත් සිටින්නේ මහින්ද ජනපති සමඟයි (නි)
කෙහෙලියට කොයි පැත්තෙන් නාමයෝජනා ලැබෙයිද?(හේ)
ලක්ෂ 58ක් මහින්දට ඡන්දෙ දුන්නා නේ. ඒ ලක්ෂ 58 ගන්න මොන තරම් වියදමක් කලාද? මොන මොන මගඩි කලාද? රට පුරා පෝස්ටර් කටුට් බැනර් නාවලා, ටී.වී. රේඩියෝ පත්තර බදු අරගෙන මදිවට අන්තිමේදී ඩුප්ලිකේට් සිරිපාල ලත් ගෙනාවා. බලය තියෙද්දිත් ඒ ඔක්කොම සෙල්ලම් දාලා ගන්න පුළුවන් උනේ යන්තම් චන්ද 58 ලක්ෂයයි. දැන් ඉතින් ඒ තිබ්බ බලේ කෑලිත් නැහැ. ඒ සෙල්ලම් මුකුත් බැහැ. යන්තම් පන්සල් වන්දනාවක් කළා. දැන් ගනීද ඒ ලක්ෂ 58 අායෙත් ? විහිලු තමයි නේද ?(නදී)
සමහරු අහනවා මහින්දට ඔයතරම් බය ඇයි කියලා. බය නෙමෙයි, අප්‍රසන්නයි. කැතයි. දැන් ගමේ ඉන්න උපාසකයින්ව රවටන්න පන්සල් දේශපාලන මඩුවක් කරගෙන ගම කනවා. ඔය එන්න හදන්නේ පළිගන්න (නි)
මහින්ද වටේ ඉන්න හොරුන්ගෙන් රට බේරාගන්න නම් මහින්දව පිටු දැකිය යුතුයි. (නදී)
ඉමල්කා : මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. එහි කිසම වැරැද්දක් නොදකිමි. (බ)
ජාතිය ජන්මය අමතක සිංහලයෝ.... සමහරු මේ රටට මොනවද කළේ කියලාවත් කල්පනා කර බලන්න (නි)
මහින්ද ඡන්දෙ ඉල්ලුවට වැඩක් නැහැ. අපි දෙන්නෙත් නැහැ.මොකද ජනතාව දන්නවා ඇත්ත (නි)
ඇයි මහින්දට නාමයෝජනා දෙන්න බැරි? (නි)
සමහරු මහින්දට පුදුම බයක්නේ තියෙන්නේ (නි)
විමල්ට, වාසුට, දිනේෂ්ට මොකද වෙන්නේ එතකොට? (නි)
කෝ මේ පිවිතුරු යහපාල (නදී)
ඔව්, ඔව් නම් කරලා අපායෙද මන්දා? (නදී)
ඉමල්කා නිකන් මෝඩ කතා කියන්න එපා. රනිල් මහත්තයා තරම් සුදුස්සෙක් තවම නැහැ අගමැතිකමට. ඉදිරියේදී මානව හිමිකම් වලින් එන සම්බාදක වලට මුහුණ දෙන්න නම් රනිල් වැනි උගතෙක් තමයි රටට වටින්නේ. ඇමරිකාව බටහිර රටවල් සමග එකඟතාවයක් ගොඩ නගන්න නම් බුද්දිමත් තීරණ රටේ ජනතාව ගන්න ඕනි. මහින්ද සිංහලෙන් ජනතාවට බොරු කියලා මානව හිමිකම්වල බයිලා කියනවා. ඒකෙන් වෙන්නේ රටේ අනාගතයට හානියක්. මෙහි තිබෙන බැරෑරුම් කම තේරුම්ගන්න ලෝකෙත් එක්ක අපි හොදින් වැඩ කල යුතුයි. (නදී)
මහින්දට යළි එන්න බැහැ (නි)
අනිවාර්යයෙන්ම මහින්ද මහතාට අගමැති පදවියේ පත්වීම දෙන්න වෙනවා වෙනවාමයි.ඡන්දෙට පෙර හෝ පසුව, මේකට තමා කියන්නේ කළ පවට මෙලොවදීම පළදෙනවා කියන දහම ,අපි ඔබ නොදන්නවා වුණාට සමහරු මේ දිනවල ගතකරන වියවුල්, අවිවේකි ,ගැටලුසහගත ,පීඩනයට ලක්වුණු මනස කියන්නෙත් විපාකයක් තමා (නි)
මහින්දට රට කෙසේවෙතත් නියම කට්ටියක් නම් ඉන්නවනේ ඇවිල්ලා බේරාගන්න. (නි)
සමහරු නම් ඉන්නේ සැඟවුණු චරිත ලෙසයි (නි)
මහින්ද අගමැති කිරීම කිසිදාක නොකරනු ඇත. (නි)
රටකට ඕනෑ අපමණ අගයක්-අප හට ඕනෑ රනිල් මෛත්‍රී යෝගයක් (නි)
ජයවේවා! (නි)
මහින්දට ලජ්ජා නැහැ. හේතුව පැරදුනු එක තවම දිරවන්නේ නැහැ.තව අවුරුදු දෙකක් ඉඳලා අයින් වෙන්න නැතුව සුමනදාසලාගේ කතා අහලා ආයෙමත් ශිෂ්‍යත්ව විභාගය ලියන්නන හදනවා වගෙයි (නි)
ඉන්දිකට අමතක වෙලා , මෛත්‍රී ලක්ෂ 62 ගත්තා කියලා (නදී)
මහින්ද නැවත පැමිණියහොත් මේ රට නැවතත් සුරපුරයක් වනු ඒකාන්තයි (නි)
මහින්ද දිනනවා දිනනවාමයි (නි)
රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් මහින්දට දෙන්නේ නැහැ. මහින්ද ප්‍රමුඛ හොර දූෂිත නඩය ආවොත් රට නැවතත් අරාජික වෙනවා ඒකාන්තයි. නීතියක් නැතිවෙනවා (නි)
අනේ මේ අය තවමත් පරණ පුරුදු නවත්තලා නැහැ වගේ. අනේ මෙහෙමත් ලැජ්ජා නැති දේශපාලඥයෝ? (නි)
ඉමල්කා හරියට ඇස් දෙකෙන් දැකලා වගේ කතා කරන්නේ. ඉතිහාසයේ නම් පැරදුනු අපේක්ෂකයෙක් මේතරම් ආයෙත් බලයට එන්න දඟලනවා දැක්කේ නැහැ. පන්සල් ගානේ රිංග රිංගා බොරුවක් කළා මේ ජනතාව තමයි මට එන්න කියන්නේ කියලා පෙන්වන්න. නැත්නම් කවදා පන්සල් ගිය අයද? හරියට ආගම දහම අදහාගෙන හිටියා නම් දුරාචාරී වැඩ කරන්නේ නැහැ. දුරාචාරීන්ට අනුබල දෙන්නේ නැහැ. (නි)
මහින්ද නෙමෙයි, ඔයාලා ගැන හොයලා බැලුවොත් නරකද? (නි)
ඇයි ශාන්ත, ගොඩක් වාර ගණනක් පැරදුනු අයත් තාම එල්ලිලා ඉන්නේ... (නි)