මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදෙන ලෙස ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහාවූ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලවේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී කීවේය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට සිවිල් සංවිධාන මෙන්ම වෘත්තීය සංවිධාන ජීවිත පරදුවට තබා කැප වුණේ මේ රටේ දූෂණය වංචාව සහිත පාලනය අවසන් කිරීමට බැවින් නැවත රාජපක්ෂ රජයක් ස්ථාපිත කිරීමට ලක්ෂ 62 ක ජනතාවක් කැමති නොවන බවත් ඔහු පැවසීය.
ජෝෂප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, රවී ජයවර්ධන, කේ.ඩබ්ලිව්.ජනරංජන යන සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකින් මහතා ඔබතුමා ගේ වැදගත් ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . ඒ වගේම ඔබතුමා ගේ තර්කයන් 100% වගේම නිවැරදියි හා කාලෝචිතයි. ගැටලුව තියෙන්නේ ඔබතුමා හිතන විදිහට අනෙක් පාර්ශවය නොසිතිමයි. උතුරු නැගෙනහිර සිටින්නේ අප වගේම ශ්‍රී ලාංකිකයෝ , ගැටළුවක් නැත , එයා ලද මේ රටේ පුරවැසියන් , ඔබට මට මෙන් ඔවුනටද එක සමානව ඡන්ද බලය ඇත . 2010 ඔවුන් ඡන්දය භාවිතා කළා , ඔබතුමාට පොඩි වැරදීමක් වෙලා 2009 න් පසු ප්‍රභාකරන් නැහැ 2010 ප්‍රබාකරන්ට අල්ලස් දෙන්න . මොකක්ද මේ ඩයස්පෝරාව කරන්න හදන්නේ ? යුදමය වශයෙන් පරාජය කල බෙදුම් වාදයට මානුෂික මුහුණුවරක් ලබා දී එක්සත් ජාතින් ගේ නීති සංග්‍රය හරහා ඊලම ට පාර පෙන්වීමයි. තවදුර ටත් ඔබතුමා වෙහෙසට පත් කල යුතු නැහැ , ඔබතුමා 100% හරි , ඔබතුමා හේ පැතුමත් අවංකයි හා අව්‍යාජයි , නමුත් ගැටලුව තියෙන්නේ ඩයස්පෝරාව ගෙන යන මේ ක්‍රියාවයි , 2010 වසරේ දී ත් මේ උතුරු - නැගෙනහිර ජනතාවට හොද නිදහසක් තිබුනා ඡන්ද දෙන්න , නමුත් එදා මේ ඩයස්පෝරාව දුරවලයි , ඒ වගේම එදා මෙයාලට සරත් ෆොන්සේකා මහතා මෙතරම් ආකර්ශනීය ඡන්ද පොරොන්දු ලබා දුන්නේ නැහැ . රකින මහතා ඔබතුමා ගේ ප්‍රතිචාරය අනුව ලියමි ඉදිරියටත් මෙලෙස වැදගත්ව. (ර)
බය වෙන්නේ ඇයි, මහජනතාව විසදයි. (ර)
මොන සෙල්ලම් දැම්මත් මහින්ද දිනලා සන්ධාන ආණ්ඩුවක් පිහිටුවනවා. (ර)
මේ අය කියන දේද දැන් අහන්න වෙන්නේ ? (ර)
දර්ශන, පැහැදිලි කිරීමට ස්තුතියි. විමල් වීරවංශ හා පක්ෂ විපක්ෂ උදවිය ට වඩා මෙහි ලියන ඔබ තුමාල බුද්දිමත් හා සදාචාරයක් ඇති උදවිය. ඔබතුමා හරි ලක්ෂ 62 කියන්නේ, ලක්ෂ 58 ට වඩා ලොකුයි. නමුත් දර්ශන බලන්න මැතිවරණ ප්‍රතිපල දිහා ලක්ෂ 12 මාරක් වැඩි චන්ද කෙලින්ම උතුරු නැගෙනහිරෙන්. ඒක අඩු කලාම මෛත්‍රීට ලක්ෂ 50 යි. බලන්න ඔබතුමාම චෙක් කරලා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කය විතරක් වැඩි ඡන්ද එක් ලක්ෂ දහදාහක්. අමතක කරන්න, බදුල්ල, කොළඹ, නුවරඑලිය, නුවර, මාතලේ ඇති ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද. කෙලින්ම උතුරු නැගෙනහිර වැඩි ඡන්දවලින් ( දෙන්නගේ ඡන්ද අඩු කරලා ) ලක්ෂ 12 මාරක් , මෙන්න මේක අයිති මෛත්‍රීට නොවේ. (නදී)
මෙහි අදහස් නොදැම්මට බමුණුලා වගේ මහත්වරු ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් ආරක්ෂක හමුදා වල පවුල් වල උදවිය හා රාජය් සේවක පවුල් වල උදවිය. එයාලා මහින්දට නොදුන්නත් එජාපෙට නම් දෙන්නේ නැහැ. මොකද එයාලගේ අනාගතය අදවෙන කොට අවිනිශ්චිතයි.(නදී)
ලක්ෂ 62ක් ජනතාව ඡන්දේ දුන්නේ ජනාධිපතිවරණයකදී රටේ විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමට. නැතුව, මහ මැතිවරණයකින් අගමැති කෙනෙක් පත්කිරීමට නොවේ. එම අවස්ථාව උදාවෙන්නේ අගෝස්තු 17. ජනතාවගේ කැමැත්තට ඉඩදිය යුතුය. (නි)
මේ කවුද ඇත්තටම ? ඔක්කොම සංවිධාන ටික ත්‍රී වීලර වල දාගෙන යන්න පුළුවන් , එන් ජී ඕ වල හොද කුට්ටියක් පාස් වෙන්න ඇති , (හේ)
අන්තීමට කර දුන්න ඔක්කොම කුණු මුල්ලට යාවිද? (හේ)
මහත්තයෝ , එහෙම කියන්නේ මොකද.? මහින්ද මහත්තයා අපේ රටේ ලේ වැගිරෙන එක නවත්තපු නිසාද.? බලන කොට අද හැමෝම කතා කරන්නේ අද ඊයේ ඉපදුනා වගේ නේද.? (ර)
පාලිත මහතා ඇයි මේ කලබලා වෙලා ලස්සනට වැදගත්ව ලියන්න කෝ. මෙතැන් වැදගත් සන්වාදයක්නේ. ඔබතුමාට තුති මගේ නමින් මා ඇමතීම ගැන, මා පැහැදිලිව ලියා තිබුනා වැඩි ඡන්ද කියලා. ඒ කියන්නේ මහින්ද මහතාට දුන්න ඡන්ද අඩු කරලා, ඔබතුමා ඒක දැක්කේ නැද්ද? කරුණා කර අදහස් දාන්න කලින් හොදින් කියවා තේරුම් බලා දාන්න. ඔබතුමා වගේ උදවිය රටට වගේම අපටත් වැදගත්. මොකද ඔබතුමාලාගේ මතය හඬ ප්‍රබලයි. පහසුවෙන් සමාජගත වෙනවා. කරුණාකර මැතිවරණ ප්‍රතිපල නැවත විග්‍රකර මගේ නමින්ම මා අමතන්න. වැදගත් හා පැසුණු මනසින් පාට කන්නාඩි ගලවලා, මා මේ ප්‍රවෘතියේ බැරිනම් ඊලග එකේදී හෝ වැදගත් ලෙස ඔබතුමාට පිළිතුරු දෙමි ප්‍රතිපල නැවත විග්‍රහකර මා වැරදි නම් මා නිචාරදී කරන්න (නදී)
කුට්ටියක් හම්බ වෙලා වගේ. අනේ ඕක නොදුන්නා කියල වෙන්න තියන දේ වලක්වන්න බැ (බ)
එහෙම වුණොත් අකමැත්තෙන් වුවත් මෙවර එක්සත් ජාතික පක්ෂය දිනවන්න ඡන්දෙ දෙන්න වෙනවා (බ)
මේ පිවිතුරු යහපාල ඉස්සර හිටිය බන්දුල පෙරේරාද? (නදී)
මේ අය කවුද හිටපු ජනාධිපති තුමාට නම යෝජනා දෙන්න එපා කියන්න. දන්නවා දිනන බව... (ර)
මහානාම, කොටි පොලිස්පති නඩේසන්ගේ සිංහල බිරිය ජිනීවා සාක්කි දෙන්න ගිහින් තියෙන්නේ මළවුන්ගෙන් නැගිටලාද? දන්නා දෙයක් ලියන්න මහත්තයෝ.(නදී)
එතකොට අපි ලක්ෂ 58ක් ඡන්දෙ දුන්නේ? (ර)
මහින්දට ඇයි මෙච්චර බය මේ ගොල්ලෝ?මේ අය කියන ඒවා අහන්න ඔනෙද අපි. මේ අය රටට මොනාද කරලා තියෙන්නේ. (නදී)
කව්ද මේ අය? (ර)
62 එතකොට 58 රටේ ජනතාව නෙවේද පුදුම බයක් තියෙන්නේ මහින්ද මහත්තයට... (ර)
මෙයාල කොහොමද එහෙම කියන්නේ .? (ර)
මේ අය කොහමද සිවිල් සමාජය නියෝජනය කරන්නේ ? (ර)
ගැමුණු මහත්තයත් සිවිල් සංවිධාන නායකයෙක්නේ. අම්මප දන්නෙත් මේ පින්තුරේ දැක්කම. අපි හිතන් හිටියේ එයා යු අැන් පි කාරයෙක් කියලා. (නදී)
සිවිල් ජනතාව ඒක බලාගනීවි. මේ අය සිවිල් සමාජයේ අයිති කාරයොද.? (ර)
කාටද 62 ක් ලැබුනේ ? මෛත්‍රී ප්‍රමුඛ එජාපෙට උපරිම ලැබුනේ ලක්ෂ 50 යි , ඉතිරි 12 අර වෙනම රටක් ඉල්ලන , 1948 ඉදන් මේ රට පාලනය කළේ මිනි මැරූ ආණ්ඩු කියපු උදවියගේ නේ . දැක්කේ නැද්ද එයා ලා කියනවා 1948 ඉදන් මේ රට පාලනය කරපු සෑම ආණ්ඩුවක්ම සුළු ජාතිනවා සමුල ඝාතනය කළා කියලා දවසකට සියක් දෙනාට නොඅඩුව , මේ යෝජනාව සම්මත කළේ උතුරු පළාත් සභාවේ , ජිනීවා වලට ගෙන ගියේ පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සශිදරන් ( හිටපු මුහුදු කොටි නායක බිරිය ) හා මිස්ටර් ප්‍රබාකරන් ගේ මස්සිනා පළාත් සබා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා , මේ කතා අහපු නැති උදවිය , සැප්තැම්බර වල ජිනීවා වලදී සිංහල කට හඩකින්ම අහන්න පුළුවන් ,කොටි පොලිස්පති නඩේසාන් සිංහල බිරිය ජිනීවා සාක්කි දෙන්න දැනටමත් ගිහින් තියෙන්නේ (බ)
බලන්නකෝ සාධාරණ සමාජයක් සඳහාවූ කැපවන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ මුහුණු. ඇයි ඔයාල ඔය සමාජ අසාධාරණ ඉල්ලීම කරන්නේ. ජනතාවට නිදහස දෙන්නකෝ ඔවුන්ට නිදහසේතීන්දුවක් ගන්න. (අ)
අපි තමා සිවිල් සමාජය කියන්නේ. අපිව නියෝජනය කරන්නට ඔහෙලා කිසිම කෙනෙකුට අපි බලයක් දීල නැහැ.(අ)
අරයට පුදුම බයක් තියෙන්නේ , හොරෙක් නිසා ,මැරයෙක් නිසා , රාජ්‍ය දේපොළ ලජ්ජා විරහිතව කොල්ල කන නිසා . මෙහෙව්අය ට නැවත ඉඩ නොදිය යුතු වේ . චන්දයේදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇත(අ)
රකින් මහතා පසු ගිය දිනවල පලවූ ලිපි නොබලා ඇති බව තමා පේන්නේ. කමක් නැහැ මම වැරදියි කියමු ඔබතුමා හරියි කියමු. එතකොට කෝ දැන් ආනන්දී සශිදරන්, සිවාජි ලිංගම් ගියේ නැද්ද යෝජනාව අරගෙන. යෝජනාව සම්මත කලේ නැද්ද උතුරු පළාත් සබාවේ ? (නදී)
යකඩෝ..එතකොට අපි ලක්ෂ 58ක් ඡන්දෙ දුන්නේ තමුන්නැහැලගේ අප්පොච්චිටද? යන්න මහත්තයෝ යන්න..අපි මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නෙත් නැහැ..අපි එයාගේ නායකත්වය ඒ ලක්ෂ 58 වෙනුවෙන් පිළිගන්නෙත් නැහැ.තමුන්නැහැල මෛත්‍රී මහත්තය ඔය සභාපතිකමින් ඉවත් කරගෙන තමන්ගේ කැමැත්ත තමන්ගේ ජනමතය නියෝජනය කරව ගන්න ..එයා මේ සභාපතිකම දරනකම් එයා වගකිව යුත්තේ පාක්ෂිකයින්ට. එයා පිළිගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ කැමැත්ත. බැරිනම් එයාගේ 62 නියෝජනය කරන්න එයාව අරන් යන්න.. අපේ කිසි අකමැත්තක් නැහැ. ඔහෙලා මොන පගර නැට්ටෝද නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තීරණය කරන්න..(බ)
රකිත මහතා දන්නවාද මොනවද සම්මත කරපු යෝජනාවේ තියෙන්නේ ? ඔබතුමා දන්නවාද ? දන්නේ නැතිනම් දන්නා කෙනෙක් අහගන්න . 1948 එක්සත් ජාතින් ගේ සංවිධානෙට ගෙනාව වෙනම රාජ්‍යක් සදහා මුලික අවශ්‍යතා ලිස්ට් එකක් , දීර්ග කාලිනව මහා ජාතියක් සුළු ජාතියක් පාගා , අඩන්තේට්ටම් කරමින් , ඉන්නවා නම් වෙන් වීමට අයිතිය ඉල්ලා මේ යෝජනාව ගෙනාව , 1950 ද මෙය සම්මත වුනා . අපේ මේ ලක්ෂ 12 මෛත්‍රිට බලය ලබා ගන්න උදවුකළ ඒ රටේ කට්ටිය යන්නේ අන්න එතැනටයි . ඔබතුමා රටට ආදරේ නම් , සිංහල නම් , මෙතන නොපිළිගත්තාට කමක් නැහැ , කරුණාකර 1948, 1950 යෝජනා හා උතුරු පළාත් සබාවේ සම්මත කරපු යෝජනා වල හරයන් අධ්‍යයනය කර බලන්න , (බ)
මහානාම සහ පාලිත පෙරේරා, මහින්ද මහතා යලිත් වරක් තරඟ කිරීම ගැන මගේ කිසිදු අකමැත්තක් නැත. නමුත්, ඔබ දෙදෙනා ජනාධිපතිවරණ ප්‍රතිපල සංසන්දනය කරමින් ගොඩ නගන තර්කයට මම කිසිසේත් එකඟ නොවෙමි. උතුරු, නැගෙනහිර ජනතාව මේ රටේ පුරවැසියන් නෙමෙයිද? ඔවුන්ට ඡන්ද බලය නැද්ද? සෑහෙන කලකට පසුව මේ වසරේ ජනවාරි 8 වැනිදා ඔවුන් තම ඡන්ද අයිතිය භාවිතා කිරීම වැරදිද? නැතුව, 2010 දී ප්‍රභාකරන්ට අල්ලස් දී සිදු කරන ලද ඡන්ද වැළකීම අප දිගටම කල යුතුද? ඔවුන්ගේ වැඩි ඡන්ද මෛත්‍රී මහතාට අයිති නැත්නම් ඒවා අයිති ප්‍රභාකරන්ටද? ඒ කියන්නේ ඔවුන්ට කියලා වෙනම රටක් තිබෙනවා යැයි පිළිගැනිම නොවේද? අප කල යුත්තේ වෙනම රටක් සඳහා ගෙන යන අරගලයට උල්පන්දම් දීමද? නැත්නම්, එම ප්‍රදේශවල ජනයාටද අනිකුත් සෑම ශ්‍රී ලාංකිකයකුට මෙන් එක හා සමානව සැලකීම නොවේද? (නදී)
ජනමතයට ඉඩ දෙමු (නදී)
ලක්ෂ 62 හා ලක්ෂ 58 න් ලොකු සංඛ්‍යාව කුමක්ද ? පිළිතුර 58 එක බෙදීම එක උත්තරය කුමක්ද? පිළිතුර බිංදුවයි. (බ)
මේ අයට අන්දකයිප්පු කැවිල ද කොහෙද මහින්ද දිනා දුන්රට නේ කියල අමුන් මැරිලා ඉපදිලා වාගෙයිනේ (අ)
ඔය කින් ගත්ත 58 නම් තව අඩුවෙනවා ඒකාන්තයි.(හේ)
ජනවාරි 8 පැරදුවේ දහජරා, මැර අසික්කිත දේශපාලනයක්. නැවත ඒකම ගේන්ට හදනවා නම් රට ලොකු මාෆියාවකට යට වෙලා කියල අපිට පිලි ගන්න වෙනවා. ජනපති කෙලින් ඉන්න ඕනා.(නදී)
මේ කවූද මොනවද කියන්නේ ? (ර)
මේ කවුද ඇත්තටම ? ඔක්කොම සංවිධාන ටික ත්‍රී වීලර් වල දාගෙන යන්න පුළුවන්. (ර)
අපිත් කියන්නේ ඒකම තමයි.(හේ)
සිවිල් සංවිධාන වලට වඩා ලක්ෂ 58 ක ජනතාවට කන්දීම වැදගත් (නි)
ලැජ්ජාව බය නැති ආකාරයෙන් දැන් දේශපාලන මාවත කාපට් කරලා වගෙයි (නි)
දර්ශන වැදගත් යමක් කියන්න හදනවා , කරුණාකර පහදලා ලියන්නකෝ , අංක ගනිතයද ? තර්ක ශාස්ත්‍රයද ? (බ)
රාජපක්ෂලාට විරුද්ධ දුෂණ වංචා සම්බන්ධ පැමිණිලි පමණක් 7000 කට වැඩියි.එහෙවු කෙනෙකුට නැවත එන්න ඉඩ තියන්න එපා.ලක්ෂ 62 ක් ජිවිත පරිත්‍යාගයෙන් ඡන්දය දුන්නේ ඒ පවුල අතුගාලම දාන්නයි. (නි)
මහින්ද එනවද නැද්ද කියලා අපි බලාගන්නම් (නි)
මහින්ද මහත්තයා එදා කොන්ද කෙළින් තියාන බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කළා. එහෙම නැත්නම් තවම යුද්ධය. මිනිස්සු මැරෙනවා. බෝම්බ පිපිරෙනවා. එහෙම වීරයෙකුට මෙහෙම කියන්නේ කොහොමද? (නි)
ජනවාරි 8 වෙනිදා වුණේ කුමන්ත්‍රණයක් බව ඇමෙරිකාව, ඉන්දියාව ප්‍රසිද්ධියේ කියනවා,මේ අපේ නෝනලා නොදන්නවා වුණාට. කොහොම නමුත් ඒක නීත්‍යානුකූල මැතිවරණයක්. විකෘති වුවද එහි ප්‍රතිඵල 100% පිළිගනිමි. පසුගිය රාජ්‍ය කාලයේ මැර , අසික්කිත හා ජරාජීර්ණ දේශපාලනයක් තිබු බවද පිළිගනිමු. නමුත් ආර්ථිකය බල්ලට ගියද රටේ ආරක්ෂාව , රටේ නිදහස අද ඇද්ද? මේවා නොතේරෙන උදවියට මොකක්ද මා කිවයුත්තේ? (නි)
පසුගිය දින 100 තුළ සිදුවූ වැඩ නිසා දැන් ජනතා මනාප ගණන වැඩිවෙලයි තියෙන්නේ (නි)
තාම ගමේ ඉන්න මිනිස්සු තමයි මහින්දට කැමති. මොකද ඒගොල්ලෝ ළඟ තිබෙනවා කළගුණ සැළකීම ,රට ගැන සිතීම (නි)
ගැමුණු විජේරත්න කියන්නේ තෙල් අඩු වුනත් බස් ගාස්තු අඩුකරන්න බැහැ කියු කෙනා නේද? ඒ රටේ මහා ජනතාවට ආදරේ නිසා වෙන්න ඇති. පුදුමේ කියන්නේ මේවා මේ මිනිස්සු කියන්නේ ඇඳුම් ඇඳ ගෙනනේ (නදී)
මහානාම, මගේ ජාතිය සිංහල. මා ශ්‍රී ලාංකිකයෙක්. මා මගේ රටට ආදරෙයි. මේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමිඛ අඛණ්ඩතාවය වෙනුවෙන් කවදත් පෙනී සිටිමි. උතුරු පළාත් සභාව මොන මොන දේවල් සම්මත කරගත්තත් ඔබ දන්නවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපට එරෙහිව ඉදිරිපත් කරන්න තිබුණු යෝජනාව සැප්තැම්බර් තෙක් කල් දැම්මා කියලා? ඔබ වැනි අය ඔවුන්ගේ ඡන්ද අපිට අයිති නැතැයි කීමෙන් ඔවුන්ගේ ඉල්ලීම සාධාරණීකරණය කරන්නේ නැද්ද? ඔවුන්ව අපේ දේශපාලන ප්‍රවාහයට සම්බන්ද කරගතයුතු නැද්ද? (නි)
මහින්ද තමයි අපේ වීරයා! (නි)
අනේ ඔච්චර බය මොකද ? ඔය කට්ටිය අද පාරේ යන්නේ කව්රු නිසාද ? (නදී)
අපිට මහින්ද ඕනෑ! (නි)
පාලිත මහතානෙනි,මෛත්‍රී මහත්තයා ගත්තු ලක්ෂ 62 ට වඩා මහින්ද මහත්තයා ගත්තු ලක්ෂ 58 ලොකුයි කියලනේ මහින්ද මහත්තයා ට ඡන්දෙ දුන්නු අය කියන්නේ. ඒ කතාව හරියට විමල්ගේ ගනිත දැනුම වගෙයිනේ. එයා කියන්නේ එක එකෙන් බෙදූවිට ලැබෙන උත්තරය බිංදුව කියලනේ. (නදී)
අපි නම් දෙන්නේ මහින්දට (නි)
රකින් මහතා, මා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙක් කිවුවා නම් තමා වඩා හොඳ. අපිට එරෙහිව යෝජනා මානව හිමිකම් සමුළුවට ගෙනෙන්නේ මේ අපි වැරදි නිසා නොවේ. ඒ වගේම ඒ යෝජනා සැප්තැම්බර් වෙනතුරු කල්දැම්මේ මේ අපිට ආදරය නිසා නොවේ. (නි)
මේ නඩය අපිට මොනවද කියන්නේ? (නි)
සමහරුන්ට මේ කාලය අපලයි වගේ (නි)
මෙම මැතිවරණයේදී වියයුත්තේ විජාතික බලවේග වලට පාඩමක් ඉගැන්වීමයි. කව්රුවත් මේ අය කියන දේවල් ගණන්ගන්න එපා. (නි)
මහින්ද එනවාද නැද්ද කියන එක පොදු මහජනතාවගේ තීරණයක් (නි)
අපි ඒ ගැන බලාගන්නම්කෝ... (නි)
මහින්ද මහතා නොහිටින්න අද කාටවත් නාමයෝජනා ලැබෙන්නේ නැතිවෙයි (නි)
මේ වගේ පිරිසක් මම මගේ ජීවිතේට දැකලා නැහැ (නි)
මහින්දව කොහොමහරි අපි බලයට ගෙන්වන්න ඕනෑ. (නි)
අනුන් ගැන කතා කරන්න කලින් තමන්ගේ රාජකාරියත් වගකීමත් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනුත්, රටේ යහපත වෙනුවෙනුත් ඉටුකළාද හිතන්න. විද්වත්කම පෙනෙන්නේ එතකොටයි (නි)
පහුගිය කාලෙ දෙයියනේ කියලා ගමනක් ගිහින් ආපසු බයක් සැකක් නැතුව එන්න නම් නිදහස ලැබුනා තමයි. හැබැයි මට මේ සමාජයේ අයගෙන් සිදුවෙන අයුක්තියක් අසාධාරණයක් ගැන නම් කට අරින්නවත් නිදහසක් තිබුනෙ නැහැ. හරියටම කියනවා නම් අපි ෆාම් එකක ඉන්න සත්තු වගේ. අපිව ඔවුන්ගේ ප්‍රයෝජනයට තියාගෙන ඉන්නවා. අපිට පිටින් කිසිම ආන්තරාවක් වෙන්න ඉඩදෙන්නෙ නැතුව ආරක්ෂා කරනවා. එච්චරයි. අපි තිරිසන්නු නම් ඒ ටික ඇති. ඒ වුණාට මනුස්සයින්ට ඊට වඩා එහා ගිය නිදහසක් අවශ්‍යයි. (නි)
එහෙම එපා කියන්නේ කොහොමද? (නි)
සාධාරණ සමාජයක් ඕනෑ නම් ඉතින් මහින්ද ඉවත් කළයුතුයි. ඒකේ තර්කයක් නැහැ. හැබැයි එය කළයුත්තේ ජනතාවයි. සිවිල් සංවිධානවලට කළහැක්කේ දැනුවත් කිරීම පමණයි. ජනතාවට සාධාරණය අවශ්‍යද, එහෙම නැතුව මෝඩකම් කරනවද කියලා අපි බලමු. (නි)
මොකද එතුම අපිට නිදහස් රටක් හදාගන්න පෙරමුණ අරගෙන කොන්ද කෙළින් තියාගන්න පුලුවන් රටක් හදලා දුන හින්දාද, අද මුල අමතකවුණා වගේ උඩ පනින්නේ? සිංහල ජාතියට හරි ඉක්මනට මුල අමතක වෙනවා. (නි)
ඇත්ත කතාව. එදා මහින්දව පත්කළ බලවේගයම ඔහුව පැරදුවා. (නි)
වෙනත් දේශපාලකයන්ට ඉන්නේ නුගත් හෙන්චයියයන් විතරයි. මහින්දට ඉන්න පුවත් තීරයේ පක්ෂව ලියන්නන්ගේ භාෂාවෙන් තේරෙනවා දේශපාලන දර්ශනයේ තරම. යහපාල වගේ අන්තේවාසිකයන්ගේ මැදමුලනේ බජාර් භාෂාවෙන් මෙතන ලියන නරිවාදන් ටික දැන් අවුරුදු ගානක් තිස්සේ එකම දේමයි. (නි)
මහානාම ඡන්ද විශ්ලේෂණය කරලා. හරියටම ලක්ෂ පනහලු. එතකොට ඔය කියන අනෙක් ලක්ෂ 12 ගැන හරියටම ඔහොම විශ්වාසයෙන් කියන්නේ නිතරම ඔය ඡන්දය දුන් ගෙවල් අස්සේ රිංගලා විස්තර සොයාගෙනද? එතකොට මහින්දට ලැබුන උතුරු නැගෙනහිර ඡන්ද ටික උපාසක අප්පුලාගේද මහානාම? නිකම් පුහු තර්ක ගෙනල්ලා මෙතන තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔය කියපු ඡන්ද ටික මොනවාහරි සෙප්පඩ විජ්ජාවක් කරලා මහින්ද ගත්තා නම් තමුන්නාන්සේ මෙතන ලියන්නේ වෙන දෙයක්. විරුද්ධ පාක්ෂිකයන්ට ඡන්දෙ දෙනකොට ඒ මිනිස්සු කොටි. ඇමතිලා වෙනකොට උන්දැලා උපාසක අප්පුලා. (නි)
මහින්ද දිනනවාද නැද්ද කියන එක ජනතාව තීරණය කරයි (නි)
තමන්ගෙන් පසු හොඳින් හෝ නරකින් තමන්ගේ දරුවන්ට රජකම සහ තනතුරු ලැබිය යුතු යැයි කියා අදහස් කරන කිසිම කෙනෙකුට මැතිවරණයකට නාමයෝජනා දීම හොඳ නැති බව මගේ පුද්ගලික අදහසයි. පැරෂුට් වලින් බහින්නා සේ පක්ෂයට බිම් මට්ටමින් කිසිම වැඩක් නොකර මෙහෙම දේශපාලන කරලියට එන පුතාලා නිසා තාත්තලාට තිබෙන ටිකත් නැතිවන තැනට වැඩ සිද්ධ වෙනවා. රටේ සම්පත් භුක්ති විඳිමින් පරවේණි බුදලයක් සේ සිතමින් රට සංස්කෘතික අවපාතයක් කරා ගෙනයනවා. කරුණාකර මෙවර නුගතුන්ට , නාස්තිකාර වගකීමක් නැති ප්‍රසිද්ධ හැසිරීම් ඇති ඉලන්දාරි පුතුන් ඉන්නා තාත්තලාට, නළු නිළියන්ට, යම්කිසි පිළිගත් වෘත්තියක් හෝ ආදායම් මාර්ගයක් නැති උදවියට නාම යෝජනා දෙන්න එපා. (නි)
මේ වගේ අය ජනවාරියේදී ජනතාව ඇන්ඳුවා. දැනුත් ජනතාව අන්ඳන්න බලාගෙන ඉන්නවා. අගෝස්තු 18 ට බලාගන්න පුලුවන් මෙයාලා කියන දේවල් ජනතාව අහලද නැද්ද කියලා. (නි)
සමහරු චෙන්නායි ඉපදිලා වගේනේ කතාකරන්නේ (නි)
අනේ! හරිම සන්තෝෂයි (නි)
ලක්ෂ 62 අකමැති උනාට ලක්ෂ 57 කැමති උනා. අපට හරවා ගන්න ඕනේ ලක්ෂ 2.5 යි. මමත් ඡන්දය දුන්නේ මෛත්‍රිපාලට නමුත් මේ සැරේ මහින්ද දිනවන්න කටයුතු කරනවා. (නදී)
ඡායාරූපයේ සිටින අයගෙන් කීදෙනකු එජාපයට ගැති අයද යන්න එදෙස සැළකිල්ලෙන් බැලූ විට පෙනෙනු ඇති. මේ අය සාධාරණ යැයි සිතන්නේ ජනතාවගේ යහපත නොව තමන්ගේ යහපත වියහැකිය. (නි)