ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් නොකිරීම හා පසුගිය රජයට වඩා එජාපය සොරකම් කරන බව ජනපති තේරුම් ගැනීම නිසා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුතු හොඳම දේ කළ බව ඇමැති එස් බී දිසානායක මහතා කියයි.
මත්ද්‍රව්‍ය හා අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට හිටපු ජනපති එකඟ වී ඇතැයි ද දිසානායක මහතා පවසයි.
පක්ෂය සුද්ධ පවිත්‍ර කරගෙන පසුගිය කාලයේ සිදුවූ නාස්තිය හා දූෂණය මර්දනය නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යෑමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිට හැකැයිව ඇතැයි ද ඔහු පවසයි.
‘මින් පසු රටේ ක්‍රියාත්මක වන්නේ මහින්ද චින්තනය නොවෙයි. මෛත්‍රීපාලනයක් ක්‍රියාත්මක වන්නේ. හිටපු ජනපතිට අගමැති අපේක්ෂකත්වය නොදී සන්ධානයෙන් නාමයෝජනා පමණක් දීම ගැන සමහරුන් අසතුටු වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට එය තීරණාත්මක සාධාකයක්.
ශ්‍රීලනිපය ප්‍රමුඛ පත්වන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන රජයක්. හිටපු ජනපතිට අපේක්ෂකත්වය දීමෙන් ශ්‍රීලනිපය දෙකඩ කැඩීම වැලකුණා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් බී දිසානායක ගැන මුළු ලංකාවේම දුප්පත් මිනිස්සු දන්නවා. (නි)
ඕනෑ කෙනෙක් මාත් එක්ක ඕනෑ ඔට්ටුවක් දාන්න, මහින්දට එජනිසයෙන් හෝ ශ්‍රීලනිපයෙන් හෝ නාම යෝජනා ලැබෙන්නේ නැහැ (නි)
ආයෙත් සන්ධාන ආණ්ඩුවක් එන බව අපිට විශ්වාසයි (නි)
අන්තිමේදී අපි දිනුම්! (නි)
හිතෙන දේ හිතෙන හිතෙන ආකාරයට ඔහේ කියන්න හොඳ නැහැ (නි)
මහින්ද මහත්තයා අගමැති වූ විගස ඔයාව එලවලා දානවා (බ)
දැන් කුණු ඕනිමද කුණු සුද්ද කරන්න? (බ)
චන්ද්‍රිකා රජය සමයේ ඔබ ගේ නව නිවහන ගැන අන් අය චෝදනා නැඟුවා වාගේ ඔබ ඇයි මහින්දට චෝදනා නඟන්නේ. ඇයි මහින්ද විරෝධී කණ්ඩායම ජනපතිවරණයට කලින් සිට පතුරුවන ඔප්පු කළ නො හැකි බොරු අනුමත කරන්නේ. ඔබත් සේවය කරන්නේ දේශීය හා විදේශීය මහින්ද විරොධී ව්‍යාපාරයට ම නො වේ ද? (බ)
චින්තක ඔයාගේ දැනුම හම්බන්තොට අපිට ප්‍රදර්ශනය කරන්න එපා. හෙල්පින් හම්බන්තොට මතක නැද්ද? කොළඹ වරාය ව්‍යාපෘතිය මතක නැද්ද? (නදී)
මහින්ද මහත්තයා ඇවිත් ඉස්සරවෙලාම කරන්නේ යු එන් පී එකෙන් හත් අටදෙනෙක් අරගෙන 2/3 හදාගෙන සිරිසේන මහත්තයාව එලවන එක (බ)
මෙරට කළ හැම ආණ්ඩුවක්ම හොරකම් මැරකම් කළා.ඒ වුණාට මහින්ද මහත්මයා ඊට එහාගිය රන් අකුරින් ලියැවුණ සේවයක් කළා. (නි)
පතිරණට යමක් කමක් තේරෙනවා....(හේ)
එස් බී මහත්තයෝ අගෝස්තු 17 වැනිදා බලමු මොකක්ද වෙන්නේ කියලා.(හේ)
මේ කතා කරන අයට නාම යෝජනා ලැබෙයිද දන්නෙත් නෑ.(හේ)
ඒක කොහොමද හරියටම කියන්නේ.(හේ)
මේ කතාව පිළිගන්න බෑ.(හේ)
අලුතෙන් සම්මත කර ගත් ව්‍යවස්තාව අනුව දෙවරක් ජනාධිපති ධූරය දරපු කෙනෙකුට නැවත එම ධුරයට පත්වෙන්න බැහැ.(හේ)
මෙහෙම අතීතය අමතක වෙන අය ගැන ජනතාව බලාගනීවි. අගෝස්තු 17 වෙනිදට. (නදී)
මුළු ලෝකයක් සමඟ සටන්කර දිනුවා වැනි ජයග්‍රහණයක් මහින්ද දැනටම ලබා ඇත.සැබෑ ජන බලය. (නි)
2/3 හදා ගත්තොත් එක කරන්න පුළුවන් නේද? (ම)
ඇට නැති දිව ඕනෑ පැත්තකට නවන්න පුලුවන්නේ (නි)
දැන්නම් කතා අහලම එපාවෙලා! (නි)
ඒකත් එහෙමද මහත්තයෝ? (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
තීරණය ඇත්තේ ජනතාව අතේය (නි)
එස්.බී මහත්තයෝ, ජනතාවට දුන් පොරොන්දු ඉටුකරනතුරු ජනතාව ආයෙත් නම් ඡන්දෙ දෙන්නේ නැතිවෙයි (නි)
මිනිස්සු ඡන්දෙ දෙයිද කියලයි මට සැක (නි)
මෙයාල හිතාගෙන ඉන්නේ ඔක්කොම ඡන්දදායකයෝ මෝඩයි කියලා (නි)
ඔයා ගැනත් කියන්නකෝ ඉතින් (නි)
මහින්ද මහත්තයාගෙන් තව රටට වැඩ ගතහැකියි. අපේ පැතුම මහින්ද (නි)
පතිරණ ,ඔයා හරි (නි)
අනේ මම නොදන්නා දේශපාලනය. අපි කතා නොකර සිටිමු රට අරාජික වෙලා සංවර්දන ඇන හිටලා යු අැන් පිය කොරෝලු වෙලා බළලුන් ලවා කොස් ඇට බාවල වෙච්ච දෙයක් (නදී)
මෙය නීතිගරුක යුක්තිගරුක ජනතාව ලද ජයක්! (නි)
ඔයාටත් ඒ පැත්තටම යන්න පුලුවන්නේ ඉතින් (නි)
ඔයත් යන්නකෝ එක්සත් ජාතික පක්ෂයට (නි)
බලනකොට හොරකම් නොකළ කවුරුවත්ම නැහැනේ! (නි)
මෙහි ජේමිස්ගේ අදහස හරියට හරි (නි)
යන යන විදියට කට හරවන අයට අපි කැමති නැහැ (නි)
පසුගිය දවස්වල පොතක් ගහල මහින්ද මහත්තයාගේ හොරකම්, පාලනයේ දුර්වල කම්, පවුල් පාලනය ගැන කිව්වා. දැන් යු එන් පී එකේ හොරකම් ගැන කියනවා. ජනතාව කොයි එකද විශ්වාස කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා. (නදී)
හැමෝම එක එක්කෙනාට චෝදනා කර කර ජන්දේ ගන්න දඟලන එක විතරයි කරන්නේ, රටේ මිනිස්සු වෙනුවෙන් අවංකවම හොර බෝරු නැතුව දෙයක් කරන්නේ නෑ (ම)
මම හිතන්නේ ජනපතිතුමා හරි (නි)
තවත් කතා එපා... (නි)
පතිරණ මහත්තයෝ හරියට හරි. එලවල විතරක් ඉන්නේ නැහැ එකම එක උණ්ඩයක් විතරක් පාවිච්චි කරයි.(නදී)
මේ පුද්ගලයන් පරාජය කිරීම ජනතා වගකීමයි (නදී)
දින 100 තුල මහා බැංකුවේ සිද්දිය,සමෘධි සල්ලි පිල්ලි ගිය එක, සතොස මොකද උනේ ? (නදී)
ආයේ ඉතින් අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නැහැ නේද? (නි)