‘කොටියා නැගිට්ටලා මහින්ද නැගිට්ටන්න හොරු ටික බලාගෙන ඉන්නවා. වළලපු කොටියා නැගිට්ටලා රටේ ත්‍රස්තවාදය නැවත පටන් ගන්න දැන් මේ මහින්ද නැගිට්ටවන කණ්ඩායම බලාගෙන ඉන්නවා යැයි සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා තලාව පුරාණ විහාරස්ථානයේ දහසක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමේ උත්සවයේ දී පැවසීය.
‘සමාජ වේබ් අඩවි තුළින් ත්‍රස්තවාදය නැවත රටේ ආරම්භ කරන්න දඟලනවා. කොටියාට නැවත පණ ලැබිලා කියලා මහින්දට හිතවත් සමාජ වේබ් අඩවි දැන් ජනතාව බය කරමින් ඉන්නවා. අපි කියන්නේ මේ ත්‍රස්තවාදය ආයේ නැගිට්ටන්න ලංකාව තුළ ඉඩක් නෑ. එහෙම තියෙද්දී මහින්ද මහත්තයාව නැගිට්ටවන්න මේ නරි රැළ කොටියාට පණ දෙන්න හදනවා. අපි කියන්නේ රටේ දළදා මාළිගාවට බෝම්බ තැබූ කරුණාට මහින්ද මහත්තයා කිරි පෙව්වා, ඒ මදිවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකමක් දුන්නා. කේ.පී. තුරුලු කරන් කේ.පී. ගේ නැව්, කොටි සංවිධානයේ රත්තරං මංකොල්ල කෑවේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයාට ගොරකා දඩමස් කරන්නත් දඩමස් ගොරකා කරන්නත් අපූරු හැකියාවක් තියෙනවා. රටේ අයට මතක ද දන්නේ නෑ රතුපස්වල ජනතාව වතුර ඉල්ලද්දී උණ්ඩයෙන් උත්තර දුන්නා. ඒ මදිවට නිදහස් ආයෝජන කලාපයේ තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් වෙනුවට උණ්ඩයෙන් ප්‍රතිඋත්තර දුන්නා.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කියන්නේ කෘතවේදී මනුස්සයෙක්. ගොරකාවක් දඩමසක් කරන්න පුළුවන් කෙනා ආශ්චර්යමත් මැවුම්කරුවෙක්. ඒක බොරු නොවන බව එතුමා පෙන්නුවා. කිසිම රහක් සුවඳක් නැතුව හිටපු කරුණා තම විසින් නතු කරගෙන කරපු දේ නිසා නේද හැරිසොන් මහත්තයාලට අද තලාව සහ ඉන් එහාට උනත් යන්නට පුළුවන් වෙලා තියෙන්නේ. කේ පි අල්ලගත්තු නිසා නේද සියලු රහස් හෙළි උනේ. අද ඔහු සමාජ සේවකයෙක් වෙලා නේද.? මෙතැනදී හිතන්න. කරුණා මරා දැම්මා නම් මොකද වෙන්නේ.? තවමත් අපේ ජනතාව බෝම්බ වලින් මැරෙනවා. කොටි සටන තාම යනවා. මෙයාලට හිතේ අමාරුව කරුණාට කරුණාව පෙන්නපු එකටයි. කරුණා මනුස්සයෙක් කරපු එක නිසා ලංකාව ලබා ගත් සංහිදියාව නිසා තමයි මෙයාලට පිනා ඇමතිකමක් හෝ ලැබුණේ. එහෙම උනා නම් සිරිසේන මහතා ජනපති වෙන්නෙත් නැහැ. ඔහු තාමත් පක්ෂයේ මහලේකම්. එහෙම නොවෙයිද.? හැම දෙයක්ම පෙනෙන්නේ ඇදේට නම් ඔය බෙදන කන්නාඩි කුට්ටමක්වත් දාගෙන බලන්නකෝ. කන්නාඩි පුජා කරන්න ආවානම් ඒක ශ්‍රද්ධාවෙන් පුජා කළා නම් ඉවරනේ. මහින්දට පන්සලේ දේශපාලන කතා නරක නම් හැරිසොන්ට ඒක හරිද.? (නදී)
ඇයි ඇමතිතුමෝ කොටියා නාවලා , සුදු රෙදි අන්දවල කැබිනේටුව්ට අරගෙන ඇමති සහ මහ ඇමති කම් දුන්නේ. තවමොන කතාද. ආරක්ෂාවට තර්ජනයක්ලු. (බ)
අනුන්ට පුළුවන් දේවල් ගැන කතා කරන්න කලින් තමන්ට පුලුවන්දේ ගැන සහ තමන්ගේ සැලසුම් ගැන කිව්වොත් හොදයි නේද? නැත්නම් ඕවත් අර ලිද ළඟ සංගමේ වගේ තමා.(බ)
මෙයා කොහෙන්ද කතා කරන්නේ (බ)
අපිටත් මතකයි 87-90 අපේ සිංහල කොල්ලෝ 60000 මරපු එක (බ)
මෙයා ගොඩක් කියවනවා. පිනා චාන්ස් එකෙන් ගොඩ ගියේ. (බ)
හැරිසෝන් පන්සලේ ඉඳගෙන කියන ඒවා සිලාවතුරේ කඳුර යන් කොලේ කොටිය බුදි කරන්නද හලෝ (බ)
කොටියා ලොව පුරා සල්ලි ගරනවා, නැවත සංවිධාන වෙන්න මෙයා මේ ගොරකයක් අල්ලාගෙන තවමත් පාමංකඩ ,මැදවච්චි යනවා (බ)
ඕනි කෙනෙක්ට පද හදන්න පුළුවන්.(හේ)
කොටියට ලංකාව තුල නැවත නැගිටින්ට ඉඩක් නැහැ කියලා, මෙතුමා කට පුරා උජාරුවට කියන්නවත් ඒ තත්වය ඇතිකරලා දුන්නේ රාජපක්ෂ මහත්තයා බව ලංකාවම පිලිගන්නවා.(හේ)
ගොරකා දඩමස් කරන්නත් දඩමස් ගොරකා කරන්නත් තිබුනා අපූරු හැකියාවට උපහාර ලැබුනනේ ජනවාරි 8වෙනිදා.(හේ)
පවු පිරෙන කතා කියන්නේ අනුරාධපුරයේ සහ මායිම් ගම්මාන පැත්තෙන් එන කෙනෙක් නේද. ඔයාලාගේ ගම්වල අහිංසකයන්ට ජීවිතය දුන් මිනිසාට අපහාස නොකර යුද්ධය වවන් කාපු අයට ඔය ඇඟිල්ල දික් කරන්න. ඇයි ඕවා කැබිතිගොල්ලෑවේ පදවියේ අයට කියන්නේ නැත්තේ.(හේ)
හැරිසන් ට අමතක වෙලා වගේ කොටිය වැට්ටුවේ කවුද, ඒකාලේ කොටියව නැගිට්ටවල තියාගන්න දැඟලුවේ කවුද කියල. මේගොල්ලෝ මිනිස්සුන්ට අමතක කරවන්න හදන අැත්තත් ඒකයි.... (බ)
මේ ආණ්ඩුව යටතේ කොටියට නැගිට්ටවන්න ඕන කමකුත් නෑ, ඉල්ලපු හැම දෙයක්ම බන්දේසියක තියල නිකන්ම දෙන්න දැනටම පටන් අරන් නිසා. තව ටික කලකින් ඔක්කොම දීල දාන්න වැඩ කෙරීගෙන යන නිසා. (බ)
මෙයා කියන කතා සමාන වෙන්නේ මර්වින් සිල්වා උන්නැහේට තමා දෙන්නම එක ජාතියේම බඩු තමා. (බ)
ව්‍යාපාර දේශපාලනයේ නොයෙදෙන ඉතා සුළු පිරිසක් හැර අන් හැම දේශපාලකයෙකුටම මෙය පොදුය. මෙපමණ කල් අපිට නම් දකින්නට ලැබුණේ දෙගොල්ලොම මාරුවෙන් මාරුවට දඩමස් සහ ගොරකා බුක්ති විඳින බවකි. (බ)
ඔය ඔක්කොම හොද කට්ටිය අනේ මගේ කට.(හේ)
ගොරක දඩ මස් කිව්වම කන අයත් ඕනෑතරම් ලංකාවේ ඉන්න එකනේ වැඩේ!!!!(හේ)
සද්දේ වහලා රට හදන්නකෝ (නදී)
අනේ හැරිසන් මහත්තයෝ.(හේ)
අනේ ඇත්තද?(හේ)
පව් අනේ ඊයා කියන කතා අනේ (නදී)
කොටියව නැති කරලා තමන්ගේ චන්ද කොට්ටාශයට යන්න පාර හදල දුන්නේ කව්ද කියලවත් මතක නැති අය(නදී)
මෙයාගේ කටත් වක්කඩ කැඩුවා වගේමයි. කට විතරයි වැඩ නැහැ (නදී)
ඔබතුමා කොටි ගහනකොට කොහේද හිටියේ,? (බ)
උක්කුන් පැටියෝ , යාපනේ පුස්තකාලේ ගිනිතියල එහෙම ලංකාවේ ත්‍රස්තවාදයට අඩිතාලම දැම්මේ කවුද , කාගේ කාලේද කියල දන්නේ නැතිනම් අප්පචිලගෙන් අහගන්න ,මොකද අපිට නම් හොඳට මතකයි (බ)
අනේ මේ ඇමති මොනවාද කියවන්නේ,තමාගේ මාමණ්ඩියට බිස්නස් කරන්න කරපුවා අපි දන්නවා.ඒ වුනාට ජනවරමක් නැතිව ඇමැතිකමක් අරගෙන රට කොටින්ගෙන් ගලවා ගත් නායකයාට අපහාස කරනවා.ඒ වුනාට මේ අය තමයි කොටින්ට දොළ පිදේනි දෙන්නේ. (බ)
දෙමලෙන් 'පී' කියන්නෙ අසූචි වලට ...(බ)
කල දුටු කල වල ඉහගන්න දේසපාලුවන්ට අපි හොඳ පාඩමක් උගන්නනවා මේ මැතිවරනේදී (බ)
එතකොට 89 කොල්ලන්ව මැරුවේ කවුද? මොකද ඒවා අපරාධ නෙවෙයිද? (නදී)
ජනවරම ලැබුනේ දූෂිත මහින්ද පන්නන්න විතරක් නෙවෙයි දූෂිත රජයේ ඇමැතිවරු සහ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් පන්නන්න. 62 ලක්ශයක් ජනතාව ඡන්දය දුන්නේ දූෂිතයන් පාර්ලිමේන්තුවේ තියාගෙන පිස්සු කෙලින්න නෙවෙයි, ඒ බව ජනාධිපති තුමාත් දැනගත යුතුයි (බ)
කොටියව නැති කරලා තමන්ට උතුරට හා හෙම දෙසටම යන්න පාර හදල දුන්නේ කව්ද කියලවත් මතක නැති අය කට තිබුණු පලිය ට විකාර කතා කියනවා. යහපාලනයයි සාදාරන සමාජ ගෙන කතා කරන අය නිසා රටේ අර්ටිකය කඩා වැටිලා . අලුත් බලයක් ගැන පමණි කලබලේ. අසරණ මිනිසුන්ට යන කලදසාව ගැනත් දේශපාලුවන්ට ගණනක් නැත (නදී)
මෙයාට තියෙන්නේ වාචාල කටක් විතරයි, වැඩ නෑ. එ්කටම ගැලපෙන ඇමතිකමකුත් දීල තියෙනවා (පශු සම්පත් ). මහින්ද රාජපක්ෂ මහතා 2005 අාවේ නැත්නම්, මෙයාලට අනුරාධපුරේට වෙලා කොටියාගේ ඉදුල් කකා ඉන්න තිබුනා (බ)
කොටියට කිරි පෙව්වේ මහින්ද.සරත් ෆොන්සේකා තමා යුද්දේ සැලසුම් කරලා ක්‍රියාත්මක කළේ .කට්ටිය තාම වහලුන් ලෙස නොසිතන්න (බ)
ඇත්ත තමයි. මහින්දට ගොරකා දඩමස් කරන්න විතරක් නොවෙයි එතුමාට කරන්න බැරි දෙයක් තිබුණේ නැහැ. කවුරුත් කොරන්න බැහැ කියපු කොටියා බුදි කරපු එකම මදිද,? ඒක නිසා නේද මුන් නිදහසේ අද තැන තැන්වල කයිය ගහන්නේ.ඇමෙරිකාව පවා අපේ රට එන්න බයෙන් හිටියා. දැන් එකෙක් එනවා. මෙහෙ එකෙක් අප්පුඩි ගහනවා. තව එකෙක් එනවා මෙහෙ එකා අප්පුඩි ගහනවා. "මේක ලංකාව මිස එංගලන්තය නොවෙයි " කියල ඉංගිරිසි පාලකයෙකුට කියලා උගේ කට වහන්න තරම් කොන්දක් මහින්දට තිබුණා .පිනට ලැබුනෙත් හරක් බලාගන්න අංශයක්. එ්කවත් මේ ටික දවකට කරලා ඉතිරි කාලේ ගොවිතැනක් කරගෙන ඉන්න මහත්තයෝ. (බ)
අමන්දාට නම් උණ (බ)
අමන්දා මොලේ තරම පේනවා කතාවෙන්.අනේ මෙහමත් කුහකයෝ (බ)
මහින්දට බැන බැන ඉන්නවා.වැඩක් කරලා පෙන්වන්න පුලුවන්ද ලැබුණු ඇමැතිකමින්? විලි ලජ්ජා තියේනම් ඕක දාල යන්න ඕන.ජනතාව ඡන්දෙ දුන්නද මොහුට ඇමති කෙනෙක් වෙන්න? පස්ස දොරෙන් ඇවිල්ල ලොකුවට කතාව.අවුරුදු 20 ක් ම විපක්ෂේ ඉඳල මොලේ කචල් වෙලා වගේ දැන්. (බ)
දඩ මස් උතුරු පළාතේ හරියට තියනවා . මෙයා ඒ පළාතේ පැල් රකින්න යවන්න ඕනේ . හොදට පැල් කවි කියන්න පුළුවන්නේ .(බ)