නාවල පීකොක් මන්දිරය උගසට තබා මිලියන 45 ක ණයක් ගෙන ඇතත් එය මූල්‍ය සමාගමට සින්න වීමට නැතැයිද හිටපු ජනපතිට එම මන්දිරය නුදුන්නේ තම බිරියගේ බලපෑම නිසා යැයිද ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ කියයි.
දුරකථනයෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.
ප්‍රශ්නය - ඔබට අයත් පීකොක් මන්දිරය යම් මූල්‍ය ආයතනයකට උගස් කර තිබේද?
උත්තරය - ඔව්. ලංකාවත් යුරෝපීය රටවලින් ණය ගෙන තියෙනවා. රටේ බහුතරයක් දෙනා වාහනයක් ඉඩමක් ආදී දේපළ මිලට ගැනීම සඳහා ණය ගන්නවා. මමත් මෙරට පුරවැසියෙක්. ඉඩම සින්න වීමට තරමස් එය හේතුවක් වන්නේ නැහැ.
ප්‍රශ්නය - ඔබට විරුද්ධව එම මූල්‍ය ආයතනය නීතිමය පියවර ගෙන ඇති බව ආරංචියි. එය ඇත්තද?
උත්තරය - රුපියල් මිලියන 45 පමණ වටිනා ඉඩමකට ගමේ ගොඩේ අයකුගෙන් නෙමෙයි මම ණය ගෙන තියෙන්නේ. පිළිගත් වැදගත් ආයතනයකින්. වසර පහක් තිස්සේ මම ගනුදෙනු කරනවා. අඩුගානේ මට ලියුම් කඩදාසියක්වත් මේවන තෙක් ලැබිලා නැහැ.
ප්‍රශ්නය - හිටපු ජනපති කියලා තිබුණා ඔහු පීකොක් මන්දිරයට එන්නේ නැහැ කියලා.
උත්තරය - එන්න මම දෙන්න එපායැ. එහෙම අදහසක් තිබුණේ නැතිනම් මොකටද මගේ නිවසේ වෙනස්කම් කළේ. ඒ වගේම නාන තටාකයට මුහුදු වැලි පිරෙව්වේ.
ප්‍රශ්නය - ඔබ ප්‍රේමදාස මහතාගේ රජය සමයේ මාධ්‍යවේදීන්ට කළුගලකට මායිම්ව ඇති ඉඩම් දී පිවිසුම් මගේ කළුගල අනුන්ගේ වියදමින් කඩා ඉවත් කර ගැනීමට උත්සාහ කළ බවට චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ.
උත්තරය - කළු ගලක් තිබුණ කථාව ඇත්ත. ඒත් අද ඔබ එතනට ගිහින් බලන්න. කැඩුවා නෙමෙයි ඒ.එස්.පී.ලියනගේ වික්කා. ඒ කෙනත් සල්ලි හම්බකරගත්තා. අද එතන ලස්සන නිවාස සංකීර්ණයක්.
ප්‍රශ්නය - ඒ හා සමානව උගසට තබා ඇති ‘පීකොක්‘ මන්දිරයක් හිටපු ජනාධිපති දී ඔබ මූල්‍ය ආයතනයෙන් යම් සහනයක් ලබා ගැනීමට උත්සාහ කළාද?
උත්තරය - පැරැදුණු ජනාධිපති කථා කළොත් ඔය මූල්‍ය ආයතන සහන දෙයිද
ප්‍රශ්නය - පීකොක් මන්දිරය හිටපු ජනපතිට නොදෙන්නැයි ඔබට යම් බලපෑමක් එල්ල වුණාද?
උත්තරය - ඔව්.
ප්‍රශ්නය - ඒ කාගෙන්ද?
උත්තරය - මගේ නෝනගෙන්. එයා කිව්වා පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නොත් මගෙන් දික්කසාද වෙනවා කියලා. මට මගේ බිරිඳ වගේම මගේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනෑ ඒ නිසා ඒ තීරණය වෙනස් කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කතාව (බ)
මෙතුමාට අවලාධ නගන්න එපා මේ මන්දිරය මහින්ද මහතාට දුන්නනම් මන්දිරය සින්න කරන බවට තර්ජනය කර ඇති බැවි ආරංචි (අ)
සුමුදු හේවා මට පේන්නේ ඔයා ඒරොප්පේ ඉඳලා ලංකාවට පහත් වෙලා ද කොහෙද ? ගොඩ වෙලා බලන්නකෝ මාතර තංගල්ල පැත්තේ ගෙදරකට හැම ගෙදරම ඉඩම් නඩු. නිකන් නොදන්නා වගේ කතා කරන්න එපා. (නදී)
මොලේ අමාරුවක්ද (නදී)
පිවිතුරු යහපාල, මෙතන තියෙන්නේ මන්දිරයක ප්‍රශ්ණයකි. යහපාලන,හොර ආණ්ඩු, ශ්‍රී ලංකා එකේ ද්‍රෝහී, මහමැතිවරණ, දේශප්‍රේමින් මේ ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකිය.(නදී)
පිවිතුරු ,කුණු සේදීම අගේට කරනවා ,(නදී)
මෙයාගේ කතාව අනුව මෙයාගේ නෝනා නෙවේ අර 'නෝනා ගෙන් වෙන්න ඇති "තීරණය" (නදී)
තංගල්ලේ කාල්ටන් මන්දිරිය කාගෙද ? සොයා බලන්න වටියි “(නදී)
ප්‍රසිද්ධ වෙන්න කරන උප්පරවැට්ටි (නදී)
මහින්ද අමාරුවේ වැටුනේ මේ වගේ බොරු කාරයන්, වාස් ල වැනි හොරුන් සහ ජුලම්පිටියේ අමරෙල වැනි මිනීමරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට උදවු උපකාර කිරීම නිසාය , (අ)
පිවිතුරු, අරය පස්සෙන් යන අයගේ හදවතේ එයා ඉන්න බව පෙනෙනවා. මොකද මොලේට ලේ යන එක අඩු වෙනවනේ බ්ලොක් උනාම. (අ)
මොකක්ද හලෝ දෙපැත්ත කැපෙන කතා. මෙයාගේ මොලය පරික්ෂා කරන්න ඕනේ (ස)
ඔබතුමා කොහොම ව්‍යාපාර කළාද මන්ද? නිකන්ම කරගන්න තිබුණු වෙලේ කරගත්තේ නැහැ. කවදහරි බලන්නකෝ දික්කසාද වෙන්න ගියාම ඔබතුමා ඇඳන් ඉන්න වස්තරෙත් විකුණලා තමයි ගෙවලා නිදසහ් වෙන්න වෙන්නේ. අතට ආපු ස්වර්ණමය අවස්ථාව මඟ ඇරගත්තා. (නදී)
නෝනට ඔබතුමාට වැඩිය ගේ වටිනවා ඇති. ඒකනේ ගේ නැත්නම් දික්කසාද වෙනවා කියන්නේ. නැද්ද මං අහන්නේ?(නදී)
අන්න නියම ඉස්තිරියාවෝ. ගේ දෙනවනම් කසාදෙ එපා. (නදී)
මෙයාගේ හැටිත් ඉතින් අපි දන්නවා. දුව ලව්වා මහින්ද මහතාට සිංදුවකුත් කියවාලා වැඩ පටන් ගත්තු කෙනානේ. සාමාන්‍යයෙන් අපි ගෙදරකට කුලියට යනකොට හෝ තාවකාලිකව නවතන්න යනකොට අපි ඕන විදියට ඒ ගෙදර ඉදි කිරීමේ වෙනස් කරන්නේ නැහැනේ. ඉතින් තමන්ගේ තැනක් වගේ හාරන්න ගොඩ කරන්න ගත්තම නෝනාට හිතෙන්න ඇති මේක නම් ආපසු ගෙදර භාර දෙන්න හිතාගෙන කරන දේවල් නෙවෙයි කියලා. අපේ මාතර බාප්පා කෙනෙක් තාත්තගේ ඉඩමක් අල්ලා ගත්තේ තාවකාලිකව එයාගේ වැඩකට පොඩි මඩුවක් ගහ ගෙන. ඔය දකුණු පළාතේ මිනිස්සු කිව්වත් වගේ දේපල සම්බන්ධයෙන් නම් සත පහකට විශ්වාස කරන්න නරකයි. (නදී)
මම මේ ගනුදෙනුව ගැන නෙමෙයි සාමාන්‍යයෙන් අපිත් ගෙවල් දොරවල් සම්බන්ධයෙන් ඔය දකුණේ කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. (නදී)
ගේ දෙන්න හැදුවෙ නෝනා එක්ක කතා වෙලා නෙමෙයිද? එහෙම නැත්නම් පස්සෙ නෝනට හිතුනද කසාදෙට වඩා ගේ වටිනවා කියලා. ඇත්තටම මොකද වුනේ? (නදී)
ඔච්චර සල්ලි තියෙන මහින්ද මහත්තයත් මේ නිකන් දෙන ගෙවල් ගන්න ගිය එකනේ ප්‍රශ්නේ? තමන්ගෙ තත්වය තියාගෙන හිටිය නම් මේ කතාවන් නැහැනේ.(නදී)
මම ඔබ නම් මම ගේ දෙනවා. දිලා දික්කසාදෙ ගන්නවා කූල් එකේ. අද කාලේ දික්කසාදයක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකනේ අපේ රටේ දික්කසාද නොකර මිනි මරන්නේ. මිනියක් මරන එක දික්කසාදෙ ගන්නවට වඩා ලේසියි කියලා තමයි සමාජගත වෙලා තියෙන්නේ.(නදී)
ලංකාවේ ව්‍යාපාරිකයෙක් මාසෙකට රුපියල් ලක්ෂ 4 ක බද්දට දීපු ගේ මම නිකම්ම දෙන්න තීරණය කරන්නෙ නිකන්ම නම් නෙමෙයි කියලා ඕන අත දරුවෙකුට තේරෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නදී)
හොරකන් කරපුව ඇතිනේ අනුන්ගේ ගෙවල් මොකටද. ලඟදීම රජයේ මහ උළු ගෙදරටත් යන්න පුළුවන් (නදී)
මම දන්නා තරමින් ලංකාවේ අනුන්ගේ දේපල කපටිකමින් ගන්න තණ්හාව තියන මිනිස්සු ඉන්න තරමක් ඉන්නේ දකුණු පළාතේ. මෙයාගේ නෝනාට යන්තම් වෙලාවට මොලය පැදිලා. අපේ මහගෙදර මාතර ඥාති කෙනෙකුට නොමිලේ ඉන්න දීල අන්තිමේ අපිට කළ හොඳ පස්සෙන් ආවා. (බ)
බහිරවයාට ගියා වගේ තමයි . ලස්සන මන්දිරයක් හෝටලයක් ළඟින් ගියොත් ඇහැක් නැහැ. (බ)
අවිගත්තෝ අවියෙන්ම නසි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ ඒ අය ගනුදෙනු වලට ගිහින් උනුනුන්ම කාගන්නවා දැන්. ඕකට ස්වභාව ධර්මය කියලා කියන්නේ. (අ)
රට බේරා ගත් හිටපු ජනපතිතුමන් හෑල්ලු කිරීම පිණිස දකුණ හෙළා දකින මේ කට්ටිය උතුරෙන් ආපු අය ද? මලයාගේ දේපල බෙදාගන්න බැරිව අක්කා එක්ක නඩු කියන සුප්‍රසිද්ධ නංගිත් දකුණෙන් ආ කෙනෙක්ද? (අ)
තමුන්ගේ ගැනිවත් විකුණන් කනවා. (බ)
මේ නෝනත් “ගේම“ ඉල්ලා තියෙන්නේ මහත්තයාගෙන්. මහත්තයා බය වුනා. “ගේම“ අතඇරියා (මම විහිළුවක් කලෛ් පවිත්‍ර) (ස)
මේ වගේ බොරු මිනිස්සුන්ගේ වචන අපි කියවන්න කැමති නෑ (බ)
පිහිනුම් තටාකයේ වැලි පිරෙව්වාටත් පස්සෙද නෝනා දෙන්න එපා කිව්වේ? එතකන් මහින්ද මහත්තයා එනවා කියලා දන්නේ නැද්ද? වාස්තු විද්‍යාව අනුවත් සමහර දේවල් වෙනස් කලා නේද? ඒවා නෝනා දන්නෙත් නැද්ද? අනේ මන්දා, අපේ අතින් වැරදි කෙරුණා කියනවා මම දැක්කා එත් ඉතින් ඒ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන තියෙනවද කියලා හිතෙනවා, හැබෑටම? (ස)
නියම හේතුව, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තිබුනා (බ)
මිනිස්සු රවටන්න එපා (නි)
බැරි වෙලාවත් අනිත් නෝනත් කිව්වානම් කොහොමද මේ ගෙදරටම එන්න ලැබුනේ නැත්නම් එයත් දික්කසාද වෙනවයි කියලා. දෙයියෝ සාක්කි!!(නදී)
නියමයිනේ. කියලාවත් කරගන්න බැරි වැඩක්නේ. ඇයි නුදුන්නෙ ගේ? (බ)
ගහන්න ගිය ගැටේ ගැහුවනම් අන්තිමේ තමන්ගේම බෙල්ල ට තොන්ඩුව වැටෙන බව තේරුණා නිසා මෙහෙම කරලා දැන් තමන්ගේ බිරිඳව අපහාසයට ලක් කරන්න එපා . ගෙට වැඩිය කසාදෙ ලොකුයි කියල බිරිඳ දන්නවා ඇති (බ)
අපොයි නෝනලා දාහක් හොයාගන්න පුළුවන්නේ (නදී)
සිංහලයා යනු දිව දෙකේ මිනිසකු බවත් .....ඔහු වාසියට ඕනෑම දෙයක් කරන ....තිරිසන් ගතිම සහිත පුද්ගලයකු බවම මොහු අපට කියා දෙයි..(බ)
ඔය දෙකම දීල දාන්න මහත්තයෝ . ඕවට තමා කියන්නේ කැලේ ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ.(බ)
බලාගෙන ගියාම නෝනා ආදරය කරලා තියෙන්නේ ගේටනේ. (බ)
කියලවත් කරගන්න බැරි දෙයක්නේ නෝනා මහත්තයා කරන්න ගිහින් තියෙන්නේ? මම ඔබතුමා නම් එකපාරට දහපාරක් ගේ දෙනවා. (බ)
ඔබතුමාට ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. නිකන්ම කරගන්න තිබුනා. ආයිත් මේ වගේ චාන්ස් එකක් එන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන දවසකට. (බ)
මෙහෙම පිස්සොත් ඉන්න බව පේනවා.තේරෙනවා (බ)
කටු නැති දිවට ඕන දෙයක් කියන්න පුළුවන් කියල මේ වගේ මිනිස්සුන්ගෙන් ඔන්න දැනගන්න. (බ)
අනේ මගේ නෝනාටත් මේ වගේ හිතෙන්නේ නැත්තේ ඇයි? (බ)
ගෙයක් වික්කම දික්කසාද වෙන බිරිඳකගෙන් ස්වාමියාටව වැඩක් තියෙනවද? (බ)
මේවට උත්තර දෙන්න ඕනා ඉතිං සංස්කෘතෙන් තමා (බ)
කතාව ඇත්ත වෙන්න ඇති. පිරිමි සමහර වෙලාවට ඔයවගේ ගොන්කම් කරනවට ගැහැණු කැමති වෙන්නේ නැහැ. (බ)
මේ අය ලෝක හොරු ගණයට අයත්ද? කළුගල් කතාව අපි ලීවා. (බ)
අනේ යසන්ත, මම ඒරොප්පෙන් ආවාදැයි අහන අයට මම යළිත් කියන්නේ ඉඩම් නඩු ඇත්තේ දකුණේ පමණක් නොවන බවයි (නි)
උතුරෙන් ආපු අපේ සහෝදරයන්ට කරදර වුණු වෙලාවේ දකුණේ අපි නොමිලේ නවාතැන් දීලා ආරක්ෂා කර ගත්තා එක කාලෙක. ඒ නිසා දකුණේ හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපා. (ස)
මේ මනුස්සයට පිස්සුද කොහේද සී.අයි.ඩී එකට ගෙනිහින් අමතක වෙන්නම වැදිලා වගේ. කලින් කීවේ රට බේරාගත්තට දෙන තෑග්ගක් කිලා. (ස)
මෙතන කොමෙන්ට් දාන කට්ටියට නොතේරුනාට මෙතන වෙන කතන්දරයක් තියෙනවා වගේ , මුල්‍ය අපරාධ අංශය මේක දන්නවා . අපි බලන් ඉමු හෙට අනිද්දා වෙනකොට කතාව වෙන එකක් වෙයි වගේ (බ)
මහත්තයගේ මොලේට වඩා නෝනගේ මොලේ හොදයි වගේ.(බ)
මොනවා වුණත් ටිකක් ප්‍රසිද්ධියක්නම් ලැබුණා නේද?(දිල්)
මේවාගේ දිලිඳු කතා කියවන්නත් මිනිස්සු ඉන්නවානේ අපේ රටේ ...(බ)
ඔබට කියන්න දෙයක් තිබේ නම් එය කෙළින්ම කියන්න (නි)
පිටබැද්දර ජයාගේ අදහසට මමත් එකඟයි. ඒ ඇස් පී ලියනගේ දැන් ගහන්නේ අර මැණික් මුදලාලිලා තමන්ගේ භාර්යාවන්ට කියල එළිපත්තෙන් බහින්න ඉස්සෙල්ල ලේන්සුවක් අරගෙන මැණික් විකුනන්න ගහන ගැටේ. (බ)
දකුණු පළාතේ මිනිස්සුන්ට විශ්වාස කරලා තමන්ගේ දේපල ඉඩකඩම් භාර දෙන මෝඩයෝ තවත් මේ රටේ ඉන්නවද ? (බ)
මෙයාගේ ගෙදර නෙවෙයි අහල පහළ මිනිස්සුන්ගේ දේපලත් තව පොඩ්ඩෙන් බහිරවයාට යනවා. (බ)
ගෙය ගන්න කලින් පිහිනුම් තටාකයට වැලි පිරෙව්වාලු? (බ)
මහින්ද මහතා මෙතන පදිංචියට යනවා කියන්නේ ඉතින් අහල පහල මිනිස්සුන්ට නිදහසේ පාරේ ඇවිදින්නත් බැහැ. මේ කිට්ටුව පාසලක් තිබෙනවා. ඊළඟට ආරක්ෂාවට ඒ අවට යන එන ඔක්කොම ඉන ඉහ අත ගාලා පරික්ෂා කරන්න ඕන වේවි. . අහල පහල මිනිස්සුන්ට මොන වදයක්ද ? (බ)
අපෝ අපි නම් දකුණේ මිනිස්සු දේපල සම්බන්ධයෙන් විශ්වාස කරලා හොඳ අමාරුවල වැටිලා තිබෙනවා. ගෙදරකට ඉඩමකට වැදුනොත් ඉවරයි. අයිතිකාරයා මැරෙනකම් බලාගන් ඉන්නවා දේපල අයිති කරගන්න. ඒ තරම් තණ්හාවක් ! (බ)
කොයි බිරිඳත් කැමති තමාගේ ස්වාමි පුරුෂයාව මොන විදියකින් හරි ආරක්ෂා කර ගෙන තම දරුවන් සමග පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගෙන යන්න. ඔහුව එකඟ කරවා ගැනීමට තිබුණු එකම තුරුම්පුව එය විය යුතුයි. (දිල්)
අපරාදේ, ගේ මහින්ද මහත්තයට දීලා දැම්මනම් නිකන්ම අලුත් නෝනා කෙනෙක්ව ගේන්න තිබුණා. කට තිබුණ පලියට කියව්වාට මොළෙත් තියෙන්න එපාය. දිව දෙකේ මිනිස්සු. (බ)
මහින්ද මහත්තයට ඔය මන්දිර අවශ්‍ය නැහැ..එතුමාට හැමදාටමත් මෙරටේ කළගුණදත් ජනතාවගේ හදවත් මන්දිරය තියෙනවා.ඒ වගේම මොන කෙනහිලිකම කළත් මහින්ද මහත්තය එන ගමන් මග වලකන්න මේ යහපාලානේට බැහැ..මඩ ගහන්න ගහන්න,කෙනෙහිලිකම් පලිගැනීම් කරන්න කරන්න එතුමාට එකතුවෙන ජනතාව වැඩි වෙනවා..මාස තුනේ යු අැන් පි හොර ආණ්ඩුවටත් ඔවුනට ආණ්ඩු බල පවරපු ශ්‍රී ලංකා එකේ ද්‍රෝහින්ටත් අවශ්‍ය පිළිතුරු ළග එන මහමැතිවරනේදී මේ රට දේශප්‍රේමී ජනතාවගෙන් අඩු නැතුව ලැබේවි (බ)
මගේ නෝනට මෙහෙම හිතෙන්නේ නැත්තේ මොකද දෙවියනේ? (බ)
මටත් විශාල මන්දිරයක් තිබුණා. මම ඒක මගේ නෝනා එක්ක ගිහින් සඟ සතු කළා. අනේ අපි කොතරම් වාසනාවන්තද ? (බ)
මෙයා හිතගෙන ඉන්නේ එයාගේ මන්දිරය අරලිය ගහ මන්දිරයටත් වඩා වටිනවා කියල. ඇගේ තරමට මොලය නැත (බ)
මෙයාගේ මොලය පරික්ෂා කරන්න ඕනේ (බ)
මම හිතුව ඔබතුමා එඩිතර මිනිසෙක් කියා .නමුත් නියම පඹයෙකි.ඔබතුමාම හත්පොලේ ගාගෙන මහින්ද මහතාට අපහස කරන්න එපා. (බ)
ඈ මහත්තයෝ, කැන්ගරුවත් එපා කිව්වයි (බ)
ඒ උනාට මෙයා මුලදී කොහොමද කිඋවේ ? රට බේරාගත්, රටම ආදරය කරන නායකයා පර්චස් 20 ක ඉඩමකට කොටුවෙලා ඉන්න දෙන එක මහා අපරාධයක් කියල හිතුනු නිසා, මගේ මාසෙකට රුපියල් ලක්ෂ 4 ක බද්දට දීපු ගේ මම නිකම්ම දෙන්න තීරණය කරා කිව්වා. මේවගේ ගුණ මකුවෙකුගේ මාලිගාවකට වැඩිය හොදයි හිත හොද මිනිහෙකුගේ පැල්පත. (බ)
මාර බඩුවක් තමයි ඒ.එස්.පී මහත්තයා. නෝනගෙන් කලින් කියන්න එපායැ නෝනත් එක්කමයි ගේ දෙන්නේ කියලා (බ)
මහින්ද මහත්තයෝ ඔබතුමාත් මේ පොඩි ගෙවල් ගන්නේ මොකටද....ඔබතුමාගේ බැසිල් මල්ලි ගත්ත වගේ කැලිපොනියාවෙන් තට්ටු 7 එකක් ගන්නකො....කාගෙවත් ආඩම්බර බලන් ඉන්නේ....මොකෝ ඔබතුමා කියාලා සල්ලි අත පත නොගපු කෙනෙක් නෙවේ නේද.....අපි නොදන්නා මහින්ද යන්න නිකන් ඔයා..(බ)
මොකක්ද හලෝ දෙපැත්ත කැපෙන කතා.. (බ)
නෝනා ගේ මොලේ හින්ද යන්තම් ගේ බේරුනා (බ)
මොනවා උනත් කොල්ලෝ ඔය දෙනවයි කියපු දේ දෙන්න ඕනේ තමන්ගේ අඹුවට බයේ තීරණ ගන්නේ පුරුෂ ශක්තිය හීන උදවිය නොදකින් කටක් ඇරලා කියනවනේ මන් අහන්නේ (බ)