මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති ඔහුට කිසිම කොන්දේසියක් පනවා නැති බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන්නේ කොන්දේසි අනුවදැයි මාධ්‍යවේදීන් විමසූ විට ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ කිසිම කොන්දේසියක් නැති බවයි.
‘කල්ලි, කණ්ඩායම් දැන් නැහැ. සභාපතිතුමා පක්ෂය මෙහෙයවනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ. හිටපු ජනපතිට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළැයි කියන මාධ්‍ය වාර්තා ගැන විමසූ විට එහෙම දෙයක් නැතැයි ප්‍රේමජයන්ත මහතා කීවේය.
‘මම කියනදේ ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකියි.‘
ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා මහතා පැවසූයේ සමහරුනට නාමයෝජනා නොලැබෙන බවයි. එහෙත් ඔහු එවැනි අය කවුදැයි කීවේ නැත.
මහින්ද හා මෛත්‍රී එකම ඡන්ද වේදිකාවකට එනු ඇත්දැයි විමසූ විට සන්ධාන ලේකම්වරයා කීවේ එසේ විය යුතු බවයි. මාධ්‍යවේදීන්ගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ප්‍රේමජයන්ත මහතායි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉඳහිට ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේය.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ පිළිතුරුවල හරයවූයේ මහින්ද හා මෛත්‍රී අතර කිසිම ප්‍රශ්නයක්, ගැටුමක්, අර්බුදයක් නැති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මේ නාඩගම් අහලා එපා වෙලා ඉන්නේ... (ර)
කට්ටියම මෛත‍්‍රීට මොන තරම් දේවල් කිව්වද, දැන්.? (ර)
රට බේරා ගත්ත නායකයාට මොන කොන්දෙසිද ? එතුමා නොවෙන්න දවස ගානේ බෝම්බ අද රට පුරා... මුල අමතක නොකරමු ...(බ)
ලේකම්ලා දෙන්න එකතුවෙලා මෛත්‍රී ගොනාට ඇන්දුවා. මේ දෙදෙනාගේම යටි අරමුණ වෙලා තිබුනේ කොහොම හරි මහින්දව ආපසු අරගන්න. මහින්ද අාපු එකේ ප්‍රතිපල ලැබෙන්නේ ඡන්දය ට පසු දිනයට. එදාට වෙනදේ බලමුකෝ.....(බ)
මේ වගේ දේවල් වෙයි කියලා හිනේකින්වත් හිතුවේ නෑ.(හේ)
13 වෙනිදට හරියටම දැන ගන්න පුළුවන් බලමුකෝ.(හේ)
හොද ගමනක් යන්න ලැබේවා.(හේ)
කොන්දේසි නැති වෙන්දේසි .(හේ)
එකතු විය යුතු තැනදී එකතුවීමේ කිසි වැරද්දක් නෑ.දැන් වෙන දේවල් බලපුවම අපේ රට විනාශ කරන්න ලොකු පිරිසක් ඉන්න බව පේනවා.දෙවියන්ගේ නාමෙන් සියලු දෙන එකතු වෙලා නිවහල්,එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැඩ කරමු ,කැප වෙමු (හේ)
අනේ පව් ජවිපෙ මල්ලිලා (බ)
අපේ යුගයේ දරුණුතම පාවාදීම... (ම)
කොහොම ආවත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ (නි)
අපිට දැන් කවුරු කොහේ ගියත් කමක් නැහැ. කාගේ කාගේත් රැවටිලි දැන් අපි හොඳින්ම දන්නවා. (නි)
ගිය මාස 6ට මොකද වුණේ? රටේ සංවර්ධනය 0ට බැස්සා. එහෙමනම් නැවත මහින්දව ගෙනල්ලා අපි රට සංවර්ධනය කරමු. (නි)
මෛත්‍රී කාලේ හැරමිටියට පයින් ගැහැව්වට වාගේ වැඩක්.(ම)
එදා කිවුවද ඉදිරියට මෙහෙම කරනවා කියලා? (නි)
මේක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රණයක් අනතිමේදී මෛත්‍රී වැරදි හදා ගත්ත එක ලොකු දෙයක්(නදී)
මෛත්‍රී මහත්තයා කරපු වැඩේ ගැන කියන්න සිංහල භාෂාවේ වචන නැහැ කොහොමත් එතුමා හොද කෑමක් කනවා මහින්ද බලයට ආපු ගමන්.(නදී)
පිස්සු තමයි (නදී)
මෛත්‍රීෙග් එඩිතර තීරණය ගැන ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම සතුටු විය යුතුයි. මහින්දට ජය නියති ලංකාවේ.(හේ)
පාවා දුන්නා නෙමේ, වැරදි නිවැරදි කරගෙන රට නිවැරදි මාවතට ගන්න ගත්තු බුද්ධිමත් තීරණයක්. (හේ)
අචිනියෝ..මොකක්ද මේ ඔයා දැකපු පාවාදීම..මහින්ද මහත්තයට හංසයාගෙන් හරි යු අන් පි එකෙන් හරි ජේ වී පි එකෙන් හරි එහෙමත් නැත්නම් අර ෆොන්සේකා මහත්තයගේ පක්ෂෙන් හරි නාම යෝජනා දුන්නද? ..එතුමා එන්නේ එතුමා ජනාධිපතිකම දරපු නායකත්වය දරපු 58 ලක්ෂයක ජනමතයක් නියෝජනය කළ පක්ෂයෙන්.එතන මොකක්ද තියෙන පාවා දීම..ඒක වැලැක්වුවොත් ඒක තමයි ඉතිහාසගත පාවාදීම වෙන්නේ.ලැජ්ජයි නෝනෝ..ප්‍රතිවාදියා තරගෙට එන එක වලක්වල දිනන්න හදන්නේ (බ)
එතුමා මහින්ද එනවට එකඟ උනේ රටේ ජනතාවට ඇහුම්කන් දීල. ඒවගේම එතුමාටත් ඕනේ මේ රට දියුණු වෙනවා දකින්න. (බ)
කොන්දේසි නැති වුනත් බන්දේසියක් මත තබා මහින්දට නාම යෝජනා දෙන්න තීරණය කළ අයට නම් ජනතාව සමාව දෙන එකක් නැහැ. (හේ)
තාම මේ දේ විශ්වාස කළ නොහැකියි.(හේ)
ඔහේ කොන්දේසි නැතිවෙන් ඩ පුළුවන්. අපේ කොන්දේසිය තමයි ජ.වී.පෙ. ඉහළට ගෙන එ්ම සහ දෙපිටකාට්ටුවන් එළවීම. (බ)
අචිනි,මොකක්ද මේ ඔයා දැකපු පාවාදීම? මහින්ද මහත්තයාට හංසයාගෙන් හරි, යුඑන්පි එකෙන් හරි, ජේවීපි එකෙන් හරි එහෙමත් නැත්නම් අර ෆොන්සේකා මහත්තයගේ පක්ෂෙන් හරි නාමයෝජනා දුන්නද? එතුමා එන්නේ එතුමා ජනාධිපතිකම දැරූ නායකත්වය දැරූ 58 ලක්ෂයක ජනමතයක් නියෝජනය කළ පක්ෂයෙන්.එතන මොකක්ද තියෙන පාවාදීම? (නි)