IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති ඔහුට කිසිම කොන්දේසියක් පනවා නැති බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන්නේ කොන්දේසි අනුවදැයි මාධ්‍යවේදීන් විමසූ විට ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ කිසිම කොන්දේසියක් නැති බවයි.

‘කල්ලි, කණ්ඩායම් දැන් නැහැ. සභාපතිතුමා පක්ෂය මෙහෙයවනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ. හිටපු ජනපතිට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළැයි කියන මාධ්‍ය වාර්තා ගැන විමසූ විට එහෙම දෙයක් නැතැයි ප්‍රේමජයන්ත මහතා කීවේය.

‘මම කියනදේ ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකියි.‘

ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා මහතා පැවසූයේ සමහරුනට නාමයෝජනා නොලැබෙන බවයි. එහෙත් ඔහු එවැනි අය කවුදැයි කීවේ නැත.

මහින්ද හා මෛත්‍රී එකම ඡන්ද වේදිකාවකට එනු ඇත්දැයි විමසූ විට සන්ධාන ලේකම්වරයා කීවේ එසේ විය යුතු බවයි. මාධ්‍යවේදීන්ගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ප්‍රේමජයන්ත මහතායි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉඳහිට ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේය.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ පිළිතුරුවල හරයවූයේ මහින්ද හා මෛත්‍රී අතර කිසිම ප්‍රශ්නයක්, ගැටුමක්, අර්බුදයක් නැති බවයි.

GLA_6288 w



අදහස් (0)

‘මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘

සිරිමල් අයියා Wednesday, 08 July 2015 08:25 AM

දැන් නම් මේ නාඩගම් අහලා එපා වෙලා ඉන්නේ... (ර)

:       0       0

රෝහණ Wednesday, 08 July 2015 08:29 AM

කට්ටියම මෛත‍්‍රීට මොන තරම් දේවල් කිව්වද, දැන්.? (ර)

:       0       0

රුවන් Wednesday, 08 July 2015 08:39 AM

රට බේරා ගත්ත නායකයාට මොන කොන්දෙසිද ? එතුමා නොවෙන්න දවස ගානේ බෝම්බ අද රට පුරා... මුල අමතක නොකරමු ...(බ)

:       0       0

ඩගී Wednesday, 08 July 2015 08:42 AM

ලේකම්ලා දෙන්න එකතුවෙලා මෛත්‍රී ගොනාට ඇන්දුවා. මේ දෙදෙනාගේම යටි අරමුණ වෙලා තිබුනේ කොහොම හරි මහින්දව ආපසු අරගන්න. මහින්ද අාපු එකේ ප්‍රතිපල ලැබෙන්නේ ඡන්දය ට පසු දිනයට. එදාට වෙනදේ බලමුකෝ.....(බ)

:       0       0

සාරංග Wednesday, 08 July 2015 08:48 AM

මේ වගේ දේවල් වෙයි කියලා හිනේකින්වත් හිතුවේ නෑ.(හේ)

:       0       0

ඇන්ටන් Wednesday, 08 July 2015 08:53 AM

13 වෙනිදට හරියටම දැන ගන්න පුළුවන් බලමුකෝ.(හේ)

:       0       0

නිශ්ෂංක Wednesday, 08 July 2015 08:53 AM

හොද ගමනක් යන්න ලැබේවා.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 08:55 AM

කොන්දේසි නැති වෙන්දේසි .(හේ)

:       0       0

කිත්සිරි Wednesday, 08 July 2015 08:55 AM

එකතු විය යුතු තැනදී එකතුවීමේ කිසි වැරද්දක් නෑ.දැන් වෙන දේවල් බලපුවම අපේ රට විනාශ කරන්න ලොකු පිරිසක් ඉන්න බව පේනවා.දෙවියන්ගේ නාමෙන් සියලු දෙන එකතු වෙලා නිවහල්,එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැඩ කරමු ,කැප වෙමු (හේ)

:       0       0

ප්‍රසන්න සිල්වා Wednesday, 08 July 2015 09:08 AM

අනේ පව් ජවිපෙ මල්ලිලා (බ)

:       0       0

අචිනි Wednesday, 08 July 2015 09:11 AM

අපේ යුගයේ දරුණුතම පාවාදීම... (ම)

:       0       0

කළුවිතාන Wednesday, 08 July 2015 09:12 AM

කොහොම ආවත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

සුනිල් Wednesday, 08 July 2015 09:12 AM

අපිට දැන් කවුරු කොහේ ගියත් කමක් නැහැ. කාගේ කාගේත් රැවටිලි දැන් අපි හොඳින්ම දන්නවා. (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 09:14 AM

ගිය මාස 6ට මොකද වුණේ? රටේ සංවර්ධනය 0ට බැස්සා. එහෙමනම් නැවත මහින්දව ගෙනල්ලා අපි රට සංවර්ධනය කරමු. (නි)

:       0       0

ලලිත් Wednesday, 08 July 2015 09:17 AM

මෛත්‍රී කාලේ හැරමිටියට පයින් ගැහැව්වට වාගේ වැඩක්.(ම)

:       0       0

සුනිල් Wednesday, 08 July 2015 09:55 AM

එදා කිවුවද ඉදිරියට මෙහෙම කරනවා කියලා? (නි)

:       0       0

අචිල Wednesday, 08 July 2015 10:14 AM

මේක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රණයක් අනතිමේදී මෛත්‍රී වැරදි හදා ගත්ත එක ලොකු දෙයක්(නදී)

:       0       0

සේන Wednesday, 08 July 2015 10:20 AM

මෛත්‍රී මහත්තයා කරපු වැඩේ ගැන කියන්න සිංහල භාෂාවේ වචන නැහැ කොහොමත් එතුමා හොද කෑමක් කනවා මහින්ද බලයට ආපු ගමන්.(නදී)

:       0       0

ජොරා්මි ෆොන්සේකා Wednesday, 08 July 2015 03:43 PM

පිස්සු තමයි (නදී)

:       0       0

කසුන් Wednesday, 08 July 2015 10:37 AM

මෛත්‍රීෙග් එඩිතර තීරණය ගැන ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම සතුටු විය යුතුයි. මහින්දට ජය නියති ලංකාවේ.(හේ)

:       0       0

එරන්ද Wednesday, 08 July 2015 10:37 AM

පාවා දුන්නා නෙමේ, වැරදි නිවැරදි කරගෙන රට නිවැරදි මාවතට ගන්න ගත්තු බුද්ධිමත් තීරණයක්. (හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 10:39 AM

අචිනියෝ..මොකක්ද මේ ඔයා දැකපු පාවාදීම..මහින්ද මහත්තයට හංසයාගෙන් හරි යු අන් පි එකෙන් හරි ජේ වී පි එකෙන් හරි එහෙමත් නැත්නම් අර ෆොන්සේකා මහත්තයගේ පක්ෂෙන් හරි නාම යෝජනා දුන්නද? ..එතුමා එන්නේ එතුමා ජනාධිපතිකම දරපු නායකත්වය දරපු 58 ලක්ෂයක ජනමතයක් නියෝජනය කළ පක්ෂයෙන්.එතන මොකක්ද තියෙන පාවා දීම..ඒක වැලැක්වුවොත් ඒක තමයි ඉතිහාසගත පාවාදීම වෙන්නේ.ලැජ්ජයි නෝනෝ..ප්‍රතිවාදියා තරගෙට එන එක වලක්වල දිනන්න හදන්නේ (බ)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 10:45 AM

එතුමා මහින්ද එනවට එකඟ උනේ රටේ ජනතාවට ඇහුම්කන් දීල. ඒවගේම එතුමාටත් ඕනේ මේ රට දියුණු වෙනවා දකින්න. (බ)

:       0       0

නන්දලාල් Wednesday, 08 July 2015 11:16 AM

කොන්දේසි නැති වුනත් බන්දේසියක් මත තබා මහින්දට නාම යෝජනා දෙන්න තීරණය කළ අයට නම් ජනතාව සමාව දෙන එකක් නැහැ. (හේ)

:       0       0

රංජිත් Wednesday, 08 July 2015 11:31 AM

තාම මේ දේ විශ්වාස කළ නොහැකියි.(හේ)

:       0       0

සෝමා රාජපක්ෂ යටියන Thursday, 09 July 2015 04:39 AM

ඔහේ කොන්දේසි නැතිවෙන් ඩ පුළුවන්. අපේ කොන්දේසිය තමයි ජ.වී.පෙ. ඉහළට ගෙන එ්ම සහ දෙපිටකාට්ටුවන් එළවීම. (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 12:21 PM

අචිනි,මොකක්ද මේ ඔයා දැකපු පාවාදීම? මහින්ද මහත්තයාට හංසයාගෙන් හරි, යුඑන්පි එකෙන් හරි, ජේවීපි එකෙන් හරි එහෙමත් නැත්නම් අර ෆොන්සේකා මහත්තයගේ පක්ෂෙන් හරි නාමයෝජනා දුන්නද? එතුමා එන්නේ එතුමා ජනාධිපතිකම දැරූ නායකත්වය දැරූ 58 ලක්ෂයක ජනමතයක් නියෝජනය කළ පක්ෂයෙන්.එතන මොකක්ද තියෙන පාවාදීම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site