මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට යූ එන්පීයද සහාය දෙන බව ඇමැති මණ්ඩල තීරණ ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබෙන බවත් දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බව ඇමැති කීවේය.
ආගමික හා වාර්ගික එදිරිවාදීකම්වලට අනුබල දෙන අන්දමේ අදහස් දැක්වීම තහනම් කිරීමටත් එසේ අදහස් දක්වන්නන්හට දඩුවම් කිරීමටත් අවශ්‍ය සංශෝධන දණ්ඩ නීතී සංග්‍රහයට එකතු කිරීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට ඇමැති මණ්ඩලය කැමැත්ත පළ කළේය.
විද්‍යුත් ජාතික හැදුනුම්පතට ඇඟිලි සලකුණු ආදිය ද සමඟ පුද්ගල දත්ත ඇතුළත් කිරීමේ යෝජනාවද සම්මත විය.
රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණයේ පැවැත්වීමටද තීරණය කළේය.කුඩා තේ වතු හිමියනට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් අසූවක සහතික මිලක් ලබා දීමට එකඟ විය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාකිස්ථාන සංචාරයේදි ශ්‍රී ලංකා නැව් සංස්ථාව හා පාකිස්ථාන ජාතික නැව් සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද යයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා කාෂිකර්ම ආයතන නංවා සිටීම සඳහා ජපානය රුපියල් කෝටි 55ක් ආධාර කිරීමට ද යයි.කුඩා රබර්වතු හිමියනට සහතික මිලක් දීමටද රජය තීරණය කරයි.
ටෙන්ඩර් කැඳැවීමකින් තොරව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කැරෙන ව්‍යාපෘති යෝජනා ප්‍රතිපත්තියක් ලෙස පිළි නොගැනීමටත් එවැනි යෝජනා ගැන ටෙන්ඩර් පටිපාටිය අනුවම ක්‍රියා කිරීමටත් ඇමැති මණ්ඩලය අද තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නොදත් දත් දොස්තර කථනය සඳහා බත් මුඛය වෙනුවට වෙනත් මුඛයක් භාවිතා කරන බව දන්නා අපි ඔහු කරනා ප්‍රකාශ ගැන කලබල නොවී සිටිමු. (ස)
රටට සමහරු කරන අහිතකර වැඩ වලින් සේම මහින්දගෙන් සහ ඔහුගේ සමීපතමයන්ගෙන් පළිගැනීමට කරනා වැඩ වලින්ද කළකිරෙන මිනිස්සු මහින්ද දෙසට ඉබේටම තල්ලු වෙති. (නි)
ජනවාරි 08 මහා කුමන්ත්‍රණයක් දියත්කලා, සාක්ෂි අපිලග තියෙනවා කිව්වා. දැන් නැහැ එහෙම එකක උනේ නැහැ කියනවා. රාජපක්ෂ පරම්පරාව හොරකම් කරනවා. අවුරුදු 15ත පෙර දැකපු චමල් රාජපක්ෂම තමයි තවමත්. අනේ රාජිත ඇමතිතුමෝ. වගකීමෙන් ප්‍රකාශ කරන්න. (නදී)
දැන් දැන් පන්සල් වලත් ධර්ම දේශනා නැහැ. දේශපාලන රැස්වීම් තියෙන්නේ (නි)
මහින්ද මහතා වෙලාව එනතුරු කල්මරමින් ඉන්නවා. එතුමා දන්නවා හොඳම බෙහෙත මොකක්ද කියලා. (නි)
මහින්ද භීතිකාව හැමෝටම තියනවා. (නි)
රටේ අවාසනාවට සමහරුන්ට නරක දේ නරක විදියට දකින්න බැහැ. (නි)
මේ ආණ්ඩුව අනාගන්නා සෑම අනාගැනිල්ලක්මත් කරනා සෑම පළිගැනිල්ලක්මත් මහින්දට තල්ලුවකි. එබැවින් අමුතු තල්ලු ඔහුට ඕනෑ නැත. (නි)
මහින්ද මහතා කොහොමත් වාසනාවන්තයි (නි)
මගේ නමින් ඩුප්ලිකේට් සුමුදු හේවා කෙනෙකුත් ඉන්නවා. මෙය මින් පෙර මටත් පිවිතුරු යහපාලටත් සිදුවිය. ඉදිරියේදී ඔබේ නමින්ද ඩුප්ලිකේට්ලා ඇතිවිය හැකි හෙයින් විමසිලිමත් වෙන්න. (නි)
මහින්ද මහත්තයා කොහොමත් දිනන බව ස්ථිරයි (නි)
කමල්,අවන්තිගේ නොවේ ඔයාගේ මොළය,ඇස් දෙක පරික්ෂා කරගන්න (නි)
ව්‍යවස්ථාව වැරදි විදියට පාවිච්චි කරන්න එපා (නි)
රටට ආදරයක් තිබේ නම් පසුගිය කාලයේ රට බලෙන් යටත් කරගෙන රටේ සම්පත් ඔවුන්ට ඕනෑ ඕනෑ ආකාරයෙන් පරිහරණය කරගනිමින් ගෙනගිය පාලනය මෙරට මිනිසුන්ට අමතක නොවියයුතුය (නි)
මහින්දට මම හිතන්නේ නැහැ අමුතුවෙන් තල්ලු අවශ්‍යවෙයි කියලා (නි)
අපිට මහින්ද රටක් වටිනවා (නි)
මගේ නමින් ඇති පහත අදහස් මගේ නොවන බවත් මෙලෙස අනුන්ගේ නම් වලින් අදහස් දැක්වීම කැත වැඩක් බවත් කරුණාවෙන් සලකන්න. 2015-04-04 08:36:47 මහින්ද මහත්තයාගේ මැතිවරණයට සෙනග ඇදල සන්දානය ලංගමයට ණය වෙලා තියෙන මිලියන 142 ක බොල් ණය ලෙස කපාහරින ලෙස මේ රජයට අපි සියලු දෙනා බල කල යුතුයි. (ස) 2015-04-04 11:32:41 මහින්ද මහත්තය හිටියා නම් ඔය මහින්ද මහත්තයෙග් රැස්වීම් වලට සෙනග අදින්න ගිය මිලියන 142 නොගෙවපු නය මුදල, අවම බස් ගාස්තු රුපියල් තිහට විතර නග්ගල හරි පියව ගන්නවා. මෙච්චර ලොකු ප්‍රශ්නයක් කරන්නේ නැහැ. එතුමා සබැ දක්ෂයෙක් (නදී)
මෙතන ප්‍රතිචාර දක්වන වැඩි පිරිසක් ඩුප්ලිකේට් චරිත තමයි. දේශපාලනය වෙනුවෙන් තවමත් කඩේයන පිරිසක් හැටියටයි මම නම් දකින්නේ. (නි)
හෙට අනිද්දා වෙද්දී කට්ටියට යන්න වෙන්නේ කොහොමද කියලයි හිතාගන්න බැරි. (නි)
අරයා මෙයාට බනිනවා, මෙයා අරයට බනිනවා.එකම අච්චාරුවක්.මෙහෙම අය සම්මත කරන ව්‍යවස්ථාවකින් රටට මොන වින්නැහියක් වෙයිද කියලා හිතනකොට ඇඟ හිරිවැටෙනවා.අපි නම් අපේ රට කියන්න පුළුවන් රටක හිටියා. මෙහෙම ගියොත් නියමිත රටක්,භාෂාවක් අනන්‍යතාවයක් නැති ජාතියක් ලෙස අපේ දරුවන්ට ජීවත්වන්නට වෙන දිනය අත ළඟයි. (නි)
තව වැඩි දවසක් යන්න ඉස්සර හොඳ විහිලු කතා ටිකක් අහන්න ලැබෙයි. (නි)
මහින්ද මහත්තය මේ රටට වැඩක් කරපු හැම අතින්ම දක්ෂ දේශපාලකයෙක්. එතුමා කවද හරි දිනුවත්, නොදිනුවත් අපේ හදවතේ නම ලියවපු කෙනෙක්. වැරදි මගපෙන්වීම් නිසා එතුමාටත් වැරදුනා තමයි. හැබැයි ජනාධිපති හැටියට හැම දේටම ඇඟිලි ගහ ගහ හොයන්න බෑ, වටේ ඉන්න අය කියන දේත් ඇත්ත හැටියට උපකල්පනය කරන්න වෙනවා! (නදී)
කපන්න බැරි අත ඉඹිනවද කොහෙද (නදී)
මහින්ද දේශපාලනයේ සිටිය යුතු ප්‍රබල චරිතයක්. නමුත් ඔහුගේ ගමන් මගේ කලු ලප,කැලල්,උත්තර නැති ප්‍රශ්න බොහොමයි. ඔහුට ප්‍රධාන වාහකයට පිවිසීමේ දී පාවිච්චි කල හැකි එකම අවිය ස්වයං විවේචනයයි. තවමත් ඔහු අඳුරේ අතපත ගානවා (නදී)
ඉතින් සුවඳරත්න, ඔහු අඳුරේ අත පත ගානව නම් මේ රටේ ජනාධිපති, අගමැති කරන වැඩේට මොකක්ද කියන්නේ? (ස)
සමහරු හරි කුහකයි.දුෂ්ටයි වංචා සහගතයි,ද්වේශ සහගතයි.ඒ වාගේම පට්ටපල් බොරු කියනවා.දැන් බලන්න දත් දොස්තරගේ කෙරුවාව.මෙයාගේ හෙන්චයියලාට මේවා තේරෙන්නේ නැත්ද? කුමන්ත්‍රණය කර මහින්ද මහත්මාව ඉවත් කිරීමට මේ නඩේට ලැබුන ඩොලර් දොළ පිදේනි ගැන කවුරුත් ඇයි දැනටමත් කතා නැත්තේ.මේ ජරා පාලන නඩේ මේ දින කීපයට කර ගෙන යන රට පාවා දීම් පලි ගැනීම් හොඳට තේරුම් ගන්න.(ස)
දැන් යහපාලනය කියලා අරගත්තු පාලනය වහපාලනයක් වෙලා. මිනිස්සු එක්කෙනා දෙන්නා මහින්ද මහත්තයාගේ පැත්තට තල්ලු වෙනවා.මෙතුමා අපිට දුටුගැමුණු වගේ රජෙක්.එතුමාගේ වටිනාකම කාට කාටත් තේරෙයි.රනිල් රාජිත,සිරිසේන ,චන්ද්‍රිකා, චම්පික,පරාජිතයෝ තමයි. (ස)
රෝයි මේ සමහර නිල මැස්සෝ සුවන්දරත්නලා වෙන්න හදනවානේ.ඒකත් අර යහ පාලනේ කියන ජඩ පාලනේ වාගේ තමයි ඔක්කොම ගඳ යෝ .මේ නඩේ කරන්නේ අත පත ගානවා නෙවෙයි කොහෙට හරි ඇඟිල්ල ගහන එක තමයි.වල්බුරු නඩේ.(ස)
මහින්ද මහත්තයට හැමෝම දැන්මම බයවෙලා.ඩබල් ගේම් කාරයෝ බයවෙන්න ඕන තමයි.දැන්කියනවා සිරිසේනගේ හතුරළු u .n .p එක.මොනවද මේ විහිලු කතා.අපේ ජනාධිපති මහින්ද.එතුමා සමග අපි සැමදා ඉන්නවා. (ස)
සිංහ මහින්ද ගේ අභීත දේශපාලන ගමන නවත්වන්න බැරි බව බොරු රජා රාජිත ට තේරෙන එක ඇති. රාජිත, පට්ටපල්, පෙරේරා, කබීර්, ටිරාන් දිනෙන් දින මොන බොරු කිව්වත් ජනතා ව මහින්ද වෙත එක රොක් වෙන එක නවත්වන්න මොන කෙරුමටත් බෑ. (ස)
දැන් වෙන්න යන දේ හිතා ගන්න අමාරුයි.(හේ)
මහින්ද කියන්නේ රට බේරාගත් රටට නිදහස දුන් නායකයායි (නි)
ජනතාව ඉල්ලපු වෙනස මේ ගොල්ලන්ට දෙන්න බැරිද කොහෙද. (නි)
කට්ටියගේ කකුල් වෙවුලන බව නම් හොඳින් පෙනෙනවා. (නි)
රාජිතගේ කට වැඩියි , බලාගෙනයි මේ දවස් වල අකුණු ගහනවා (ස)
අධිකරණ ඇමතිතුමාගේ යෝජනාව නිසා සමහර දේශපාලන පක්ෂවලට යන එනමන් නැතිව යාවිද? විමල් විරවංශ මන්ත්‍රීතුමාට මොකද වෙන්නේ? අද කථා කරන රාජිත සේනාරත්න ඇමතිතුමා නොවේ හෙට කථා කරන්නේ. එය ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශකයන්ගේ ලක්ෂණයක්ද? (නදී)
දැන් කෙරෙන වැඩ වල හැටියට හිටපු ජනාදිපති තුමා නැවත බලයට පැමිණීම වලක්වන්න බැහැ (නදී)
කොහොමත් මහින්ද රාජපක්ෂ නැති රටක් අපිට වැඩක් නැහැ. (නි)
මෙතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද කියලා හිතාගන්න අපි මැරිලා ඉපදිලාවත් බලන්න ඕනෑ. (නි)
මහින්ද මහත්තයාගේ මැතිවරණයට සෙනග ඇදල සන්දානය ලංගමයට ණය වෙලා තියෙන මිලියන 142 ක බොල් ණය ලෙස කපාහරින ලෙස මේ රජයට අපි සියලු දෙනා බල කල යුතුයි. (ස)
සුබ අනාගතයක් (දිල්)
අම්මෝ රෂිකා සැර වැඩි තමයි, හැබැයි ඇත්ත ඒකයි! කවුරු කොහොම කියුවත් මහින්දට දැන් ලක්ෂ 58ක් නෑ, දැන් එතුමාට ලක්ෂ 85 කටත් වැඩිය තියනවා, මහින්ද කියන අමතක නොකළයුතු චරිතය අමතක කරවන්න උත්සහ කල හැමෝගෙම අවසානය දේශපාලනිකව අනාථ වීමයි! (ස)
අනේ ඕවා ඡන්දෙ දිනනකම් විතරයි. දිනුවට පස්සේ හොරුත් නැහැ හොරකම් කරලත් නැහැ. (නි)
සමහරු කියන්නෙම රට අවුළුවන කතානේ (නි)
අවන්තිගේ මොළය පරීක්ෂා කරගන්න. (නි)
මහින්ද කියන්නේ අමරණීය නායකයෙක්. හරියට සිගප්පුරුවට ලී ක්වාන් යු වගේ, පස්සේ මතු වුන එක රැයින් ජනාධිපති උන අය වගේ නෙමෙයි අත්දැකීම් බහුල නායකයෙක්! (නදී)
මම නම් මගේ අන්තිම ඡන්දෙ තමයි දුන්නේ (නි)
මහින්ද මහත්තයා මාධ්‍යයට කියන්නේ එයා දැන් විශ්‍රාම ගන්න ඉස්සෙල්ලා විවේක ගනිමිනුයි ඉන්නේ කියලා. විවේක ගන්න අය පන්සල්වලට ගිහිල්ල ක්‍රෝධය වපුරන කතා කියන එක බෞද්ධ දර්ශනයට අනුකුල නැහැනේ.(නදී)
කමෝන් රසිකා (නදී)
ලොවෙත් ජනාධිපති මහින්ද (නදී)
අනේ සමාවෙන්න, මගේ නම දාල කවුද රිලවෙක් කමෙන්ට් දානවා, අන්තිමට කමෙන්ට් දැම්මේ මම නෙමේයි! (නදී)
මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
කියන්නා කෙසේ කීවත්..අහන්නා හොඳින් අසා තේරුම් ගන්න ඕන. මේ ඔක්කොම දේශපාලුවෝ අපිව රවට්ටනවා කියලා කාටවත් තේරුම් යන්නේ නැති හැටි. (නදී)
කට්ටියගේ කකුල් වෙවුලන බව නම් හොඳින් පෙනෙනවා.පැරදුනු මහින්ද මහත්තයා ගැන බය නොවී අර ලක්ෂ 62 ත් එක්ක යන්න ආ ගමන යන්න.කළ දේවල් ආපස්සට තමන්ටම කැරකෙන දවස වැඩි ඈතක නැහැ මහත්තයෝ (නි)
ජනාධිපති මැතිවරණයේදී උදව් කළ චන්ද්‍රිකාට තැනක් නැද්ද ?(හේ)
දැන් සමහර අය මහින්ද මහතාගේ වසුරු හොයනවා (නදී)
රාජිත කට හින්ද ඇන ගන්නවා . ඕනෑම ජරා වැඩක් කරලා මේ දේසපාලකයෝ සදා මිතුරේ හෝ සදා සතුරෝ දේසපාලනයේ නැති බවට වහසි බස් කියනවා .(ස)
මහින්ද කියන්නේ හොදින් හරි නරකින් හරි වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්,පගාව ගහල හරි ඒ මනුස්සය වැඩක් කරලා තියෙනවා,කාටවත් එක නෑ කියන්න බැහැ (ස)
රෝයි මහත්තයෝ මහින්ද මහත්තය එනවනම් අපිත් කැමතියි . හැබැයි මේ මෑතකදී කණ්ඩායමක් කරපු සමීක්ෂණයකින් හොයා ගෙන තියෙනවා මහින්ද මහත්තයට දැන් ඉල්ලුව නම් ලක්ෂ 14 කට වඩා ජන්ද ගන්න බැහැ කියල. මොනවා කරන්නද ?වරදිනකොට සේරම වරදිනවා. මහින්ද මහත්තය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන නම් කීයක් හැදුවද? ඒකෙවත් කෙලෙහිගුණ නැහැ අපේ මිනිස්සුන්ට (නදී)
සුමුදු හේවා මහත්තයෝ මහින්ද මහත්තයාගේ ජන්ද ව්‍යාපාරයට බස් අරගෙන ලංගමට ගෙවන්න තියෙන මිලියන 142 බොල්ණය ලෙස කපන්න කියල බල කරලා අපි මහින්ද මහත්තයාගේ පන්සලෙන් පන්සලට තියෙන රැස්වීම් වලදී රජයට බල කරලා සුළු උද්ගෝෂණයක් තියමු. අපි මහින්ද මහත්තයත් එක්ක එකතු වෙලා මේ බලපෑම සාර්ථකව කලොත් අපිට රජය ලවා මේ නය මුදල බෝල් නය විදිහට කපාගන්න පුළුවන් වේවි. මේ මිලියන 142 නය ප්‍රශ්නෙදි අපි මහින්ද මහත්තයව තනි කරන්න හොද නැහැ (නදී)
මහින්ද මහත්තය හිටියා නම් ඔය මහින්ද මහත්තයෙග් රැස්වීම් වලට සෙනග අදින්න ගිය මිලියන 142 නොගෙවපු නය මුදල, අවම බස් ගාස්තු රුපියල් තිහට විතර නග්ගල හරි පියව ගන්නවා. මෙච්චර ලොකු ප්‍රශ්නයක් කරන්නේ නැහැ. එතුමා සබැ දක්ෂයෙක් (නදී)
රොහාන්, මොකද මේ හීන් නූලෙන් මහින්ද මහත්තයට මඩ ගහන්නේ? අනුන්ට මඩගහන්න කලින් තමුන්ගේ අතෙයි ගෑවෙන්නේ. (ස)