සූදු කාරයා පොර කුකුලන් දමා සල්ලි හම්බ කරන්නාක් මෙන් හිටපු ජනපති ඉස්සරහට දමා පිරිසක් ඔට්ටු ඉල්ලන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීම ගැන විශාල කනගාටුවක් ඇතැයි ද ඔහු පවසයි.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසිරවීමට පෙර ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘‘මම හිටපු ජනපති සමඟ ඉන්න කාලේ නම් මම කියන්නේ ‘සර් ඉල්ලන් පරිප්පු කෑවේ සර්නේ.. අවුරුදු දෙකක් තියෙද්දි කවුද සර්ට මේ මැතිවරණයට එන්න කිව්වේ. ඒ ලණුව දුන්නේ බැසිල් රාජපක්ෂ ‘ යැයි කියනවා. ‘
බැසිල් රාජපක්ෂ යනු තමාගේ නිවසේ සිට තමා පසුපස පැමිණ දේශපාලනය කළ කෙනකු බවත්, දිවි නැඟුම මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් ලබා දීම ගැන කනගාටු වන බවත් මර්වින් සිල්වා මහතා කියයි.
සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ද, මාධ්‍යවේදීන්ට වූ හිරිහැර සම්බන්ධයෙන් ද ඔහු වගකිවයුතු යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
‘බෙලිඅත්තෙන් අපත් සමඟ ආ මහින්ද රාජපක්ෂ නොවෙයි අන්තිමට හිටියේ. අන්තිමට මං දැක්කේ දොරටු පාලක රජ වුණා වගේ වැඩක්.
මං මැතිවරණයේ උදව් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට. එය කැලණිය ආසනයේ සේරම දන්නවා. හිටපු ජනපතිට උදව් කළේ නෑ. ‘
(ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්)
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්වින්ට මේ සැරේ ඉල්ලන්න වෙන්නේ ඉතින් එයා හදාගත් පක්ෂයකින්. (නි)
පිවිතුරු යහපාල හරි. (නි)
පිවිතුරු යහපාල කියා තිබෙන දේ සහතික ඇත්ත. (නි)
පිවිතුරු යහපාල කියන දේ සම්පුර්ණ ඇත්ත. ඒ විදිහට ගත්තහම මර්වින් සිල්වා කියන්නේ ඉතිහාසගත වන සැබෑ ජාතික වීරයෙකි. මර්වින්, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)
මර්වින් සිල්වාගේ අගය කියාදුන් පිවිතුරු යහපාලට ස්තුතියි. (නි)
මම නම් කියෙන්නේ මෙයා කොහොමහරි ගන්න කියලා. මෙයා විතරක් නෙමෙයි, මෙයාගේ පුතත් ගමු. අමාත්‍යංශ දෙකක් මේ දෙන්නාට බලාගන්න පුළුවන්නේ. බලන්නකෝ නිකන් හිතලා. (නි)
පිවිතුරු යහපාල කියන දේ ඉතාම සාධාරනයි. ඔබ කියන කරුණු අනුව නම් නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකකමට නියම සුදුස්සා මර්වින් සිල්වාය. (නි)
ඔබ තුමාටත් මේ පාර නාම යෝජනා ලැබෙන එකක් නෑනේද?(හේ)
ඇමෙරිකාවේ සුපර් මාර්කට් එකේ වැඩකරපු කෙනා නම් තමන්ගේ අදායමෙන් ගෙයක් ගත්තා කියමුකෝ. ඇමෙරිකාවට මල්ටිපල් විසා වලින් යන එන ගමන් කැලිෆෝර්නියාවේ ගෙයක් ගත්තේ කොහොමද එතකොට? (හේ)
හරියට හරි යහපාල. ඔය කියපු ඔක්කොම කරලා තිබෙන අය ඉවත්කරලා අපි සත්ගුණවත් මර්වින් දිනවමු. මගේ සහයෝගය. (නි)
ඒ උනාට තනතුරුනම් බලාපොරුත්තු වෙන්න එපා. ඔයාට තනතුරු ලැබෙන්නේ නැත. (ර)
වයසට යනකොට විශ්‍රාම සුවය කියලා එකක් තියෙනවා. අන්න ඒකට නම් සුදුසු කම් ලබලා තියෙන්නේ. (හේ)
මර්වින් සිල්වාට බැන බැන හිටපු අයට, පිවිතුරු යහපාලගේ ප්‍රතිචාරයත් එක්ක මර්වින් සිල්වා එකපාරටම සද්ගුණවත් වුණා එහෙනම්. (නි)
පාට පක්ෂ බේද නැතුව සුදුස්සන් පමණක් තෝරා පත්කර ගනිමු (නි)
මහින්ද මහත්තයෝ, ඔබට මේ ගැන තීරණයක් ගන්න තිබුණේ මීට අවුරුදු පහකට විතර කලින්. (නි)
අනේ! මෙහෙමත් අයට පාර්ලිමේන්තුවට යාමට ඉඩදුන් අපිට අබ සරණයි! (නි)
මේ සැරේ නම් ඇපත් නැතිවෙනවා (නි)
දිට්ට දැම්ම වේදනීය කර්මය කියන්නේ බොරු නෙමේනේ (නදී)
අන්තිමට අල්ලපු අත්තත් නැහැ... පයගහපු අත්තත් නැහැ... නේද මහත්තයො? (නි)
අනේද කියන්නේ කිව්වලු! (නි)
නියම කතාව. ජයවේවා! (නි)
අපිට මොන සුදුසුකම තිබුනත් වැඩක් නැහැ,මර්වින් සර්ගෙන් සුදුසුකම ලැබෙනතුරු. (නි)
අනිල් රෝහණගේ කතාව සහතික ඇත්ත. (නි)
අනේද කියන්නේ ඔබ තුමා හරිම නිවැරදි (ම)
මර්වින් ලොක්කා මහින්ද මහත්තයගෙන් එහෙම අහද්දී කැළණි පන්සලේ හිගාකන යාචක මිනිස්සු පහුගිය දවසක කිවලු අරමනුස්සයා චන්ද්‍රිකා මැඩම්ගෙන් කන රත්වෙන්න අහගත්තා නේද කියලා (ම)
මොන පක්ෂය නියෝජනය කලත් තමා ලඟට ගන්න හොඳ නැති බව අද මුළු රටටම පෙන්වා .තමුන් වගේ අය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම නොගත යුතු අය. (ම)
මවින් මැතිදුන්ට ජයවේවා .. (ම)
මර්වින් කෑවේ මොනවද එතකොට (ස)
කාවහරි අල්ලලා ගස්බඳින එකයි ඇත්තේ දැන් ඉතින් (නි)
මේ යහ පාලනම් ... (ර)
මොහු කෙලින් කතාකරන මනුස්සයෙක්. (හේ)
එතුමා සමඟ ඉන්නකන් හොදයි දැන් තමයි වැරැදි?(හේ)
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
මෙන්න මිනිහ මතුවෙලා ආපහු. අනේ මෙයාට කොහොම හරි අපේක්ෂකත්වය අරගෙන දෙන්න මොන පක්ෂකින් හරි. මෙයා හරි හොඳ ළමයා. මෙයාල වගේ මිනිස්සු තමයි අපිට ඕනේ. නැද්ද මන් කියෙන්න? (නදී)
අනේ අහිංසකය නිදැල්ලේ ඉන්නවා (නදී)
මොකද දන්නේ නැහැ කාලෙකට පස්සේ. අපි නම් කැළණියෙන් මෙයාට අාපහු එන්න දෙන්නේ නැහැ. මර්වින් මහත්තයා වැඩක් කලා තමයි. එ්ත් ඔබ තුමාව අල්ලාගෙන ප්‍රාදේශීය සබාව ඔස්සේ පුද්ගලයින් ඒ පැත්තේම මිනිසුන්ට දේශපාලන වශයෙන් මැර වැඩ කළා. අාපහු ඒ පැත්තෙන් අපෙන් නම් අැපවත් නැහැ (නදී)
කියන දේ කරන කෙළින් කතාකරන මර්වින් කැළණියට ඕනෑ (නි)
මර්වින් මොන පක්ෂයකින් හෝ තරඟ කල යතු පුද්ගලයෙක්. එජාපයට නම් ගන්ඩ එපා. මහින්ද ළඟටම යන්ඩ. එතන තමා සුදුසුම තැන. (නදී)
කට නාරින තරමට මර්වින්ට හොඳයි. (නි)
මෙතුමා ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉන්නේ නැහැ. කෙළින්ම බය නැතුව ඒවා අදාළ ස්ථාන වලට බාරදෙනවා. මෙතුමාගේ පුතා මිනීමරලා නැහැ. සහෝදරයෝ බුරුතු පිටින් බලය පාවිච්චි කරලා දේශපාලනයට ගෙනල්ලා නැහැ. හමුදාව සැළසුම් කර ජීවිත පරිත්‍යාග කර, ඇස් ඉස් ලේ මස් දන් දී කළ යුද්ධයක ගෞරවය හමුදාවටත් එහි නායකයන්ටත් පිරිනැමුවා මිස එය තමාගේ යුද්ධයක් යැයි කියා නැහැ. පාරවල් හදන්න ගන්න අහිංසක ජනතාවගේ බදු සල්ලි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහලා නැහැ. නීතිය අතට අරගෙන අධිකරණ වලට බලපෑම් කිරීමට ගිහිල්ලා නැහැ. මර්වින්, ඔබ සැබෑ වීරයෙකි. මට නම් නිදහස් පක්ෂයේ සැබෑ අගමැති අපේක්ෂකයා වියයුත්තේ ඔබය. (නි)
අනේ මගේ කට! (නි)
ටිකක් හිනාවෙන්න මේ වගේ දේවලුත් තියෙන්න ඕනෑ (නි)
අනේ දැන් මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)
ඔය මොනවා දැනගෙන හිටියත් මෙතුමා දැනගෙන හිටියේ නැහැ, මාළුවා නහින්නේ කට නිසා බව. (නි)