හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදෙන බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ස්ථාවරයේ වෙනසක් නැතැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසයි.
මැදමුලනදී විශේෂ ප්‍රකාශයක් කරන බව පවසමින් මාධ්‍යවේදීන් හා රැස්ව සිටි සන්ධාන නායකයන් හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ ‘රට බාරගන්න යැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘ යනුවෙනි.
කණ්ඩායම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද අනුමැතිය ලැබී ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු මන්ත්‍රී මහනුවරදී මහින්ද රාජපක්ෂ මහතාට කීවා යැයි කියන කථාව ගැන මැදමුලන විශේෂ ප්‍රකාශයේ සඳහනක් නැත.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා මුලදී කියා තිබිණි. එය ජනපතිගේ ස්ථාවරයදැයි තහවුරු කරගැනීමට අපට නොහැකි විය.
මැදමුලනට පැමිිණි පිරිස් මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ අනාගත අගමැති ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලිම්පික් දුවලා මෙඩ්ල් ගත්තු අය ගමේ මැරතන් එක දුවන්නේ ලැබෙන වීදුරු පෙට්ටියට ආසාවෙන් වෙන්න ඇති. (නදී
එතකොට රත්නායක මහත්තයෝ රනිල් ?(නදී)
මහින්ද එනවා නම් එදා ජනපතිවරණයත් අවලංගු වෙනවා ඉබේම. අපි හිතුවේ එයාව පැන්නුවා කියලනේ. (නි)
ලැජ්ජාව ගෑවිලා නැති, උද්දච්චකම ඉහටත් උඩින ඇති, කිසිම වැඩක් වෙලාවට කරන්න බැරි සමහරු වෛරය රඟදක්වනවා (නි)
රත්නායක මහත්තයෝ, දන්නේ නැති නිසා අහන්නේ. එතකොට රනිල්? ජනතාව ඕනේ ඕනේ කිවුව නායකයෙක්ද? (නදී)
රාජිත කියන්නේ ජනපතිගේවත් රජයේවත් මතය නොවෙයි. තමන්ගේම කටට එන බයිලා බව දැන් කවුරුත් දන්නවා...(නදී)
රාජිත කන්නේ මේ චන්දෙන් පස්සේ ඇතිවෙන්නම. (නදී)
ආයේ මේ රටට නම් එපා (නදී)
කුකුල් කොටුවට නරිය පැනල වගේ සීන් එකක් මට පේන්නේ.(නදී)
රාජිත මනුස්සයෙක් කලේ මහින්ද. නමුත් දැන් රාජිත හොඳට කලගුණ සලකනවා. හරියටම කියනවා නම් කන්න දුන් අත සපාකනවා. (නදී)
මහින්ද ජනතාව එපා කිව්ව නායකයෙක් (හේ)
කවුරු මොනවා කීවත් පොදු අපේක්ෂකයා වටේ එකතු වූ නඩය නිවට ද්‍රෝහීන් මිස අන් කවරෙක්ද?(නදී)
වත්මන් ජනාදිපති තුමා කොන්ද පන ඇති තීරණයක් ගන්න ඕනා. හොරා හොරා කියල කෑගහල ආයි ඇතුලට ගත්තම ඡන්දේ දිපු අයම නේද අනාත වෙන්නෙ. මෙයාව ගෙන්න ගන්න හදන්නේ තනියෙන් ඉල්ලල දිනන්න බැරි අනාතයෝ ටික තමයි. (නදී)
තමන්ගේ ශක්තියෙන් මැතිවරණ දිනපු එ ජා ප නායකයෝ හිටියේ අතීතයේ. දැන් ඉන්න අය අනුන්ගේ පිහිටෙන් දිනන අය. දකුණේ ඡන්ද වලින් මැතිවරණ දිනන්න පුළුවන් නායකයො අනාගතයෙවත් බිහි වේවිද මන්දා (නදී)
රත්නායක මහත්තයෝ, රනිල් තාම ජනාධිපති වුණේ නැහැ (නි)
බලමුකෝ මහා ඡන්දෙන් පස්සේ අතට මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ බිහිවුණ ලැජ්ජා නැතිම නායකයා මහින්ද බව මේ දවස් වල නටන නැටුම් වලින්ම පෙනෙනවා (නි)
ලංකාවේ බිහිවුණ ලැජ්ජා නැතිම ඡන්දදායකයෝ ටික, රට ගළවාගත් නායකයෙකුට අපහාස කරන්නන් ලෙස බොහෝ දෙනා කියති. (නි)
ඔයා ගැනත් අපි දන්නවා (නි)
ඩි සිල්වා..... ඔබට තේරෙන දේ අපේ සමහර පුද්ගලයන්ට නොතේරෙන එකනේ පුදුමේ (අ) .....
ජයවේවා! (නි)