IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්දට අත නැතිවෙයි : ජනපති ස්ථාවරය එහෙමමයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදෙන බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග කියයි.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ස්ථාවරයේ වෙනසක් නැතැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසයි.

මැදමුලනදී විශේෂ ප්‍රකාශයක් කරන බව පවසමින් මාධ්‍යවේදීන් හා රැස්ව සිටි සන්ධාන නායකයන් හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ ‘රට බාරගන්න යැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘ යනුවෙනි.

කණ්ඩායම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද අනුමැතිය ලැබී ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු මන්ත්‍රී මහනුවරදී මහින්ද රාජපක්ෂ මහතාට කීවා යැයි කියන කථාව ගැන මැදමුලන විශේෂ ප්‍රකාශයේ සඳහනක් නැත. 

මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා මුලදී කියා තිබිණි. එය ජනපතිගේ ස්ථාවරයදැයි තහවුරු කරගැනීමට අපට නොහැකි විය.

මැදමුලනට පැමිිණි පිරිස් මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ අනාගත අගමැති ලෙසයි.



අදහස් (0)

මහින්දට අත නැතිවෙයි : ජනපති ස්ථාවරය එහෙමමයි

අශාන් Wednesday, 01 July 2015 06:07 PM

ඔලිම්පික් දුවලා මෙඩ්ල් ගත්තු අය ගමේ මැරතන් එක දුවන්නේ ලැබෙන වීදුරු පෙට්ටියට ආසාවෙන් වෙන්න ඇති. (නදී

:       0       0

රත්නායක Wednesday, 01 July 2015 11:34 AM

එතකොට රත්නායක මහත්තයෝ රනිල් ?(නදී)

:       0       0

පද්මිණී Wednesday, 01 July 2015 11:41 AM

මහින්ද එනවා නම් එදා ජනපතිවරණයත් අවලංගු වෙනවා ඉබේම. අපි හිතුවේ එයාව පැන්නුවා කියලනේ. (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 01 July 2015 09:38 PM

ලැජ්ජාව ගෑවිලා නැති, උද්දච්චකම ඉහටත් උඩින ඇති, කිසිම වැඩක් වෙලාවට කරන්න බැරි සමහරු වෛරය රඟදක්වනවා (නි)

:       0       0

අනිල් Wednesday, 01 July 2015 11:56 AM

රත්නායක මහත්තයෝ, දන්නේ නැති නිසා අහන්නේ. එතකොට රනිල්? ජනතාව ඕනේ ඕනේ කිවුව නායකයෙක්ද? (නදී)

:       0       0

අනිල් Wednesday, 01 July 2015 11:58 AM

රාජිත කියන්නේ ජනපතිගේවත් රජයේවත් මතය නොවෙයි. තමන්ගේම කටට එන බයිලා බව දැන් කවුරුත් දන්නවා...(නදී)

:       0       0

ඇසළ Wednesday, 01 July 2015 12:18 PM

රාජිත කන්නේ මේ චන්දෙන් පස්සේ ඇතිවෙන්නම. (නදී)

:       0       0

ඡන්දන Wednesday, 01 July 2015 11:29 PM

ආයේ මේ රටට නම් එපා (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 01 July 2015 12:32 PM

කුකුල් කොටුවට නරිය පැනල වගේ සීන් එකක් මට පේන්නේ.(නදී)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 01 July 2015 12:49 PM

රාජිත මනුස්සයෙක් කලේ මහින්ද. නමුත් දැන් රාජිත හොඳට කලගුණ සලකනවා. හරියටම කියනවා නම් කන්න දුන් අත සපාකනවා. (නදී)

:       0       0

රත්නායක Wednesday, 01 July 2015 08:23 AM

මහින්ද ජනතාව එපා කිව්ව නායකයෙක් (හේ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 01 July 2015 01:14 PM

කවුරු මොනවා කීවත් පොදු අපේක්ෂකයා වටේ එකතු වූ නඩය නිවට ද්‍රෝහීන් මිස අන් කවරෙක්ද?(නදී)

:       0       0

රස්පී Wednesday, 01 July 2015 08:35 AM

වත්මන් ජනාදිපති තුමා කොන්ද පන ඇති තීරණයක් ගන්න ඕනා. හොරා හොරා කියල කෑගහල ආයි ඇතුලට ගත්තම ඡන්දේ දිපු අයම නේද අනාත වෙන්නෙ. මෙයාව ගෙන්න ගන්න හදන්නේ තනියෙන් ඉල්ලල දිනන්න බැරි අනාතයෝ ටික තමයි. (නදී)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 01:26 PM

තමන්ගේ ශක්තියෙන් මැතිවරණ දිනපු එ ජා ප නායකයෝ හිටියේ අතීතයේ. දැන් ඉන්න අය අනුන්ගේ පිහිටෙන් දිනන අය. දකුණේ ඡන්ද වලින් මැතිවරණ දිනන්න පුළුවන් නායකයො අනාගතයෙවත් බිහි වේවිද මන්දා (නදී)

:       0       0

රණතුංග Wednesday, 01 July 2015 01:36 PM

රත්නායක මහත්තයෝ, රනිල් තාම ජනාධිපති වුණේ නැහැ (නි)

:       0       0

සිල්වා Wednesday, 01 July 2015 02:31 PM

බලමුකෝ මහා ඡන්දෙන් පස්සේ අතට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඩි.සිල්වා Wednesday, 01 July 2015 02:47 PM

ලංකාවේ බිහිවුණ ලැජ්ජා නැතිම නායකයා මහින්ද බව මේ දවස් වල නටන නැටුම් වලින්ම පෙනෙනවා (නි)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 02:56 PM

ලංකාවේ බිහිවුණ ලැජ්ජා නැතිම ඡන්දදායකයෝ ටික, රට ගළවාගත් නායකයෙකුට අපහාස කරන්නන් ලෙස බොහෝ දෙනා කියති. (නි)

:       0       0

නවුෆල් Wednesday, 01 July 2015 03:04 PM

ඔයා ගැනත් අපි දන්නවා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 01 July 2015 03:13 PM

ඩි සිල්වා..... ඔබට තේරෙන දේ අපේ සමහර පුද්ගලයන්ට නොතේරෙන එකනේ පුදුමේ (අ) .....

:       0       0

සුදත් Wednesday, 01 July 2015 10:08 AM

ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site