ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ පුද්ගලයකු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කර නැතැයි ද, එසේ තරඟ කළ පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් හිටපු ජනපතිවරයකුට දෙන වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දෙන වරප්‍රසාද ලබා දිය යුතු බව ද, නමුත් ඉන් ජනතා අභිලාෂය ඉටුවන්නේදැයි සැක කහිත බව ද ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා පැවසීය.
මීට පෙර මෙවැනි අත්දැකීමක් නැති නිසා ඒ ගැන කතිකාවතක් ඇති විය යුතු බව කී ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරද්දී නීතීඥවරුන්ගේ පමණක් නොවන ජනතාවගේ අදහස් ද විමසිය යුතු යැයි කීවේය.
හිටපු ජනපතිවරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී අගමැතිවරයකු ද වුවහොත් ජනපති හදිසියේ මියගිය අවස්ථාවක නැවත වරක් ජනාධිපති විය හැකි බව ද, එය ගැටළු සහගත තත්ත්වයක් බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
වරප්‍රසාද නොව මහජන සේවයයි වැදගත් වන්නේ. ඔය මොනවා කීවත් මහින්ද මහත්තය නවත්වන්න බැහැ. ඔහු එක ප්‍රතිපත්තියක සිට වැඩ කරන, කියනදේ කරන, කරනදේ කියන කෙලින් මනුස්සයෙක්. අපිට අවශ්‍ය එවැනි පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. දැන් නායකයෝ කීදෙනෙක් ඉන්නවද? මහින්ද මහත්තයට පහසු ජයක්. (ර)
මොන ගැට ගැහුවත් දිනන්නේ මහින්ද (නි)
ඉතින් එහෙම බැහ කියල ව්‍යවස්ථාවේ නැහැනේ. ඒ නිසා එහෙම වුණත් ප්‍රශ්නයකුත් නැහැ නේද. (බ)
ඉතින් එහෙම බැහැ කියල ව්‍යවස්තාවේ නැහැනේ. ඒ නිසා එහෙම වුනත් ප්‍රශ්නයකුත් නැහැ නේද. (බ)
30 වසරක යුද්ධේ නැතිකළ රටකට ඕවත් ගැටළුද.? (ර)
මහින්දව දානවානම්, චන්ද්‍රිකා නෝනවත් දාමු. (ර)
මේ දෙදෙනා තරම් ජනතා ප්‍රසාද ලද චරිත දෙකක් ලංකාවේ තවත් නැහැ. තම වරප්‍රසාද ද නොසලකා මහජන සේවයට කැපවන මෙම චරිත ආසියාවටම ආදර්ශ කර ගන්න බැරි ඇයි? අවශ්‍ය සැඟවුන කාලසටහන් නැතව වේදිකා ගතවීම. ජාතියට දේශයට ශක්තියක් දෙමින් දේශපාලන ඥානමාර්ගය සමාජ ගත කිරීම. ගැට පිට ගැට ලෙහෙන්නේ එතකොට. (නදී)
අපි නොදන්නා ජනතා අභිලාෂ ඉටුකිරීම (නි)
දේශපාලනය දැන් මහා විකාරයක්. (නි)
බෙන්තර ගඟෙන් එහා ගැටේට පොළොන්නරුවේ අය අහුවෙන්නේ නැහැ. (නි)
මහින්ද අගමැති වෙනතුරු බලා ඉන්නෙමි (නදී)
ඔව් ප්‍රභාත්,බල තණ්හාව නිසා එහෙම නොකරන්නත් බැරි නැහැ. (නි)
මහින්ද නොහිටින්න ලංකාව ලෝක සිතියමෙන් ඉවත්කරලා ගොඩක් කල් (නි)
අපෙන් යන වියදම ගැන මේ කව්රුවත් හිතල නැහැ වගේ (නදී)
මහින්දයි චන්ද්‍රිකයි දෙන්නම අවොත් එක්සත් ජාතික පක්ෂයට වාසියි එහෙම තමා වෙන්න ඕනි (නදී)
චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඡන්දෙ ඉල්ලුවට යූ ඇන් පී එකට වාසියක් වෙන්නෙ නැහැ. අගමැති පත්කිරීමේදී විතරක් පොඩි ගැටළුවක් ඇතිවෙයි. ඒ වුණත් වැඩි දෙනාගෙ කැමැත්ත මහින්දට. (නි)
ඔව් මටත් කියන්න තියෙන්නේ මහින්ද අගමැති වුනාට පස්සේ හිදිසියේ හරි එහෙම දෙයක් උනොත් ? (නදී)
ගැට පිට ගැට එන්නෙ කොහොමද ව්‍යවස්තාවේ හැටියට මේ දෙන්නට ඡන්දෙ ඉල්ලන්න පුලුවන්නම්. මොකා උනත් මලාට පස්සෙ එන ප්‍රස්නය මිනියට මොකද කරන්නෙ කියන එකයි. ඒකෙනුත් පෙරකදෝරුව ගාන කපන්න තමයි බලන් ඉන්නෙ.(නදී)
කලිනුත් ලක්ෂ 18කින් දිනනවා කියලා කෑ ගැහුවනේ. අන්තිමට ලක්ෂ 5කින් පරාදයි. මේ ජන්දෙදි වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 10 ක් ගනියි. (නදී)
හොරුන්ට නැවත බලය ලබා දෙන්න තරම් අපි මෝඩ නැහැ.(නදී
ඔබතුමා හොරු ලෙස හැඳින්වූයේ කවුද? මහින්ද හොරෙක් බව ඔප්පුවුණේ නැහැ නේද? ඔබට එහෙම චෝදනාවක් තිබිලා ඔප්පු කරන්නේ නැතුව හොරා කියනවට ඔබ කැමතිද? මිනිසුන්ට කරන අපහාස කැරකිලා තමන්ටම එනවා. (නි)
මහින්ද නිසා තමයි අපේ රට ලෝක සිතියමෙන් මකන්න විදේශයන් සුදානම් උනේ. මහත්වරුනේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ නොවෙයි..ලංකාව තියෙන්නේ ලෝකය ඇතුලෙයි.. මහින්ද මෙවර අගමැති උනොත් අපිට වෙනදේ බලන්නකෝ. එයා සරම උස්සගෙන ලෝකයටම බනිනවා තර්ජනය කරනවා. අැස්ප්‍රීන් පෙත්තක්වත් හදන්නේ නැති රටක් මෙහෙම කෑ ගහද්දී ප්‍රභල රාජ්‍යන් හැමදාම බලාගෙන ඉඳීවිද ? මතකයි නේද ප්‍රභල රුසියාවට මිට මාස 6 කට විතර කලින් උන දේ.(නදී)
මෙයා තව කාලයක් හිටිය නම් තමා ලෝක සිතියමෙන් ලංකාව ඉවත් වෙන්නේ කියලා නොතේරන එකනේ තියෙන්නේ (නදී)
වරප්‍රසාද නොව මහජන සේවයයි වැදගත් වන්නේ. ඔය මොනවා කීවත් මහින්ද මහත්තය නවත්වන්න බැහැ. ඔහු එක ප්‍රතිපත්තියක සිට වැඩ කරන, කියනදේ කරන, කරනදේ කියන කෙලින් මනුස්සයෙක්. අපිට අවශ්‍ය එවැනි පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. දැන් නායකයෝ කී දෙනෙක් ඉන්නවද? මහින්ද මහත්තයට පහසු ජයක් (නදී)
මන්ත්‍රීවරයෙකු ලෙස සිටි අයෙක්ට වසර 5 කට පසුව විශ්‍රාම වැටුපක් හිමිවේ. එම විශ්‍රාම වැටුප හිමිකම් ඇති මන්ත්‍රීවරයාට නැවත පාර්ලිමේන්තුවට ඒමට තරග කල හැක. එසේම හිටපු ජනාධිපතිවරයකුට ද එය එසේම වේ. (නදී)
අපි මෙවැනි නීති ගැටලුවක් ආ විට අපි නිතරම අනුගමනය කරන්නේ අපේ නීති හා සමගාමිව කටයුතු කරන රටවල මේ හා සමාන අවස්ථා වලදී කුමන ක්‍රමවෙදයක් අනුගමනය කර තිබෙනවාද යන්න පදනම් කරගෙනයි.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු අගමැතිවරු රැසක්ම ඔවුන්ගේ නිල කාල වලින් පසුව මන්ත්‍රී තනතුරු දැරුවා.ඔවුන් අතුරෙන් මට මතක විදියට එඩ්වඩ් හීත් හා ගෝඩන් බ්‍රවුන් යන හිටපු අගමැතිවරුන් දෙදෙනාම පසුව පාර්ලිමේන්තුව නියෝජනය කළා.මේ සැමටම ඔවුන්ට හිමි විශ්‍රාම වරප්‍රසාද ඒ අයගෙන් ඉවත්කර තිබුනේ නැහැ.මාග්‍රට් තැචර්ද ඒ වරප්‍රසාද තිබුනාද යන්න කීමට මට නොහැකියි.කෙසේ වෙතත් මේ අනුව අපේ හිටපු ජනපතිවරුන් දෙදෙනාටම ඒ වරප්‍රසාද අහිමි නැති බව අපට තර්ක කරන්න පුළුවන්. (නි)
මොන ජිල්මාට් එකෙන් හරි තමන්ගේ මල්ල පිරෙන විදිහක් තමයි ඔය සූදානම් කර ගන්න හදන්නේ. නාකි වෙන්න වෙන්න තණ්හාව වැඩි වෙනවා කියලා කියන්නේ එකයි, නැතුව ජනතා සේවයටද ඔය හැටි නින්දා අපහාස විදිමින් එන්න හදන්නේ,(ම)
ලක්ෂ 62 ක ඡන්දයෙන් ගෙදරම යවලත්,නැවත ඔය එන්න දඟලන්නේ මොකද කියලා මොළය කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
මොකද්ද ගැටලුව ...? ව්‍යවස්ථාවෙන් එහෙම ආපහු එන්න බැහැ කියලා නීතියක් පෙන්නා දීලා නැහැනේ! ලෝකය ගැන දන්නේ නැති අය කෑගහනවා (නි)
නැවත බලලෝභීකමට ඡන්දෙට ඇවිල්ලා නැවත ජනතාව ප්‍රතික්ෂේප කළහොත්,දැනට රාජපක්ෂට දී තිබෙන ආරක්ෂාව අඩු කරනවා කියලා නීතිය වෙනස් කරන්න පුලුවන්ද? (නි)
මහජන මුදල් ගසා කාපු දුෂිතයන්ට දැඩි දඩුවම් දෙන්න. (ර)
මොහු සැබෑ නායකයෙක් ශ්‍රේෂඨ වීරයෙක් නායකත්වය තුළ සදා වැජබේවා.ජයශ්‍රී (ම)
ඕනෑම රජයේ සේවකයෙක්ට වරප්‍රසාද ලැබෙන්නේ එයා දැනට ඉන්නා හෝ විශ්‍රාම ගිහින් නම් අන්තිමට සිටි නිලයට අනුවයි. එම තත්වය දේශපාලකයන්ටත් පොදුවිය යුතුයි. (නි)
කවුරුහරි නීතිය දන්නා කෙනෙක් මේවා අපිට පැහැදිලි කරලා දෙනවද? රටවැසියෝ හැටියට අපි මේවා ගැන දැනුවත්වෙලා ඉන්න ඕනෑ (නි)