මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන්න ගැන බදාදා (1) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
මැදමුලන ඒ මහතාගේ නිවසේදී හෙට පැවැත්වෙන් ඇසල පෝ දින ධර්ම දේශනාවෙන් පසු මෙම ප්‍රකාශය කරනු ඇතැයි ද කියති. සන්ධාන පක්ෂ නායකයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලමින් විශේෂ රථ පෙළපාළියකින් මැදමුලනට යාමට නියමිත බවද දේශපාලන ආරංචි සඳහන් කරයි.
ඒ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු අද (30) හිටපු ජනපතිවරයා හමුවීමට නියමිත බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි .ඉල්ලලා .බලමු කෝ (බ)
මේ කරන දේවලින් බලයට මොන තරම් කෑදරද කියල හිතා ගන්න පුළුවන්නේ. මොහු බුද්ධිමත් නායකයෙක් වුණා නම් අද ඔහොම කරන්න වෙන්නේ නැහැනේ. ඉදිරියේදී කරපු දුෂණ වලට මුහුණ දෙන්න වෙන බව ඔහුත් ඔහුගේ ගෝල බාලයොත් දන්නවා. එම නිසා මොන උප්පරවැට්ටියක් හෝ දාලා ආණ්ඩුව අස්ථාවර කරන්නයි ට්‍රයි එක. අද පන්සලත් දේශපාලනයට ඇද දැමූ මෙවැනි නායකයෝ නැවත පත් නොකර ගැනීමට මහජනයා වග බලා ගත යුතුයි. ඔහුගේ විශේෂ ප්‍රකාශ අවුරුදු 9 ක් අපි අහලානේ තියෙන්නේ. දැන් ඉතින් ඔහුගේ ප්‍රකාශ වලින් මජනතාවට ඇති පලය කීම ? (නදී)
ඔබ එන තුරු අපි බලා සිටිමු පරදවන්න .එන්න .එන්න .එන්න .(හේ)
අපි හිටපු ජනපතිට (ම)
තීරණය කුමක් වුවත් අප සැමදා ඔබ සමගයි.. (බ)
සිංහල ජාතිය සහ බුදුදහම සුරැකීමට කටයුතු කරන කෙනාට මගේ මනාපය .(බ)
ඔබතුමාගේ නිවාඩු අවසන් නිසා වහාම සේවයට වාර්තා කරන්න (ම)
තණ්හාවෙන් ශෝකයක්ම උපදී (ම)
දේශපාලන ප්‍රකාශයක් කිරීමට ඇසළ පෝ දින ධර්ම දේශනාවෙන් පසු තෝරා ගැනීම බරපතල අපාගතවන අකුසලයක්. ධර්මය දනි නම් ඔබතුමා හෙට ඔවන් ප්‍රකාශයක් නොකළ යුතුය. එසේ කළොත් වැඩි කල් නොගොස් දිට්ට ධම්ම වේදනීය කර්මය විපාක වලට ද මුහුණ දීමට සිදුවේ.බණ අහන්නේ නිවන් මගට යාමට මිස දේශපාලනයට යාමට නොවේ.දේශපාලනය යනු පව් රැස් කරන දෙයක් මිස නිවන කරා යන ගමනක් නොවේ.(ම)
තණ්හ ජාය ති සෝකෝ .අහෝ .....(ම)
ඔබ එනතුරු අපි බලා සිටිමු. (ම)
විශ්‍රාම ගියානම් ඉවරයි (ම)
මහානාම - කඳාන, රනිල් ආවේ 1977දි . එදා සිට අද දක්වා රනිල් පාලිමේන්තුව නොකඩවා නියෝජනය කරනවා නේද? රනිල් ජනාධිපතිවරණ කීයකට ඉල්ලා තිබේද? පැරදුනු ගණන කීයද? 28 ආවේ කොහොමද? (නි)
මේ මැති අමතිලාට රථ වාහන දීලා තියෙන්නේ අහිංසක මහජනයාගේ බදු මුදල් වලින් ජනතා සේවය කරන්න මිසක් එක එක්කෙනාගේ ගායවල් වලට පෙරහරේ යන්න නෙවෙයි , මේ යන සියලු වියදම් වහාම අය කරගත යුතුවේ (ම)
සිදු වූ වැරදි නිවැරදි කරගෙන නැවතත් මේ රට ගොඩ නගන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. චිරන් ජයතු ඔබට.(ම)
අනේ ඕක කියලා ඉවර කරන්නකෝ. මට ඉස්සර ගැහැණු ළමයෙකුත් ඔහොම කළා. පස්සේ කියන්නම්, හෙට කියන්නම් කිය කියා ඇද ඇද හිටියා. අන්තිමට මම ඒක අතහැරියා. එයා තාම එහෙමමයි. දැන් කිව්වත් කවුරුත් අහන්නේ නැහැ. (නි)
වසර දෙදහස් පන්සීයකටත් වැඩි අතීතයක් තියෙන ශ්‍රී ලාංකිකයන් මෙතුමාට කඩේ යන්න තරම් මෝඩ වුනේ කොහොමද? (බ)
අපේ හාමුදුරුවනේ ,මම බලයට ,ධනයට කැමති කෙනෙක් නොවෙයි ,මගේ ළඟ හිටිය හොරු ටිකට දැනටම කෑම නැතිව අනාත වෙලා ඉන්නේ ,එ්ක නිසා තමයි අපේ හාමුදුරුවනේ මම එන්නේ ,නැත්නම් කෑදර කමට හෙම නොවෙයි (බ)
බොහෝ දෙනාගේ පැතුම පැහැදිලියි . ලක්ෂ 58 තාමත් ඔබ සමගයි. (හේ)
හොරුන්ව , කුඩුකාරයන්ව, මිනිමරුවන්ව ලං කරගන්නේ නැතිව කරපු වැරදි හදාගන ඡන්දය ට යන්න . ගොඩක් මිනිස්සුන්ට ඔබ කරපු හොද මතකයි .(හේ)
මහින්ද මහත්තය කියල තිබුණ ගොඩක් අයගේ ෆයිල් එතුමා ළඟ තියෙනවා කියලා. හෙට මේ අයගේ නම් ලිස්ට් එක කියවනවා කියලත් ආරංචියක් තියෙනවා (ම)
තණ්හාය ජායති සෝකෝ, පැරදුනානම් වැදගත් විදිහට ඉන්න ඕනෑ.(හේ)
ලක්ෂ 57 ඔබට දැන් බාගයක් වත් නැත (බ)
ජාත්‍යන්තර හා ඩයස්පෝර කුමන්ත්‍රණ වලින් මහින්ද ව පරාජය කළේ එක පාරයි. නමුත් දේශීය නියම ශ්‍රී ලංකා ඡන්ද වලින් රනිල් ව 28 පාරක් කළා නේද ? එතොකට තණ්හා ජායති ශෝකෝ මහින්ද ද රනිල් ද (බ)
මහින්ද පැරදුනාම යන්න ඕනේ නම් රනිල් යන්නේ නැත්තේ ඇයි? රජය හරි දේ නම් කරන්නේ කාටවත් විරුද්ධ වෙන්න බැහැ... ඒ නිසා එයාලත් මහින්දට බනිනවා...අද බනින්න හරි මතක් වෙන්නේ මහින්ද විතරයි!!! (බ)
ධර්මසිරි, සමන් ඇයි බය වෙලා?- පැරදුනා නම් වැදගත් විදියට ඉන්න? තන්හාව ? අනේ පව්. ඕක කියල දෙන්න ඕන 29 පාරක් පැරදුන අයෙකුට නේද? දැන් දුකයි නේද ආයේ පරදින බව දන්න නිසා? (බ)
පහන්,ඔබේ ප්‍රතිචාර වලට සිත පහන් වේ.ඔබට හොඳ නිර්මාණ ශීලත්වයක් තියෙන්නේ. (බ)
මහින්දට ලක්ෂ 58 නම් හෙල්ලිල්ලා වත් නැහැ , ආරක්ෂක හමුදාවල ඒවා ත් එකතුවුන නිසා තව වැඩි උනා , රාජ්‍ය සේවක ඡන්දත් මහින්දටනේ. (ර)