මැයි 18 වැනිදා රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තු දවසට නිවසේ ජාතික කොඩියක්, බෞද්ධ කොඩියක් ඔසවලා රට වෙනුවෙන් දිවි පුදපු සියලු රණවිරුවන් සිහිපත් කරන්න පහනක් දල්වන්න එකතු වෙන්න යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මතුගම, පැලවත්තේ පැවති ජනහමුවකදී පැවසීය.
තමාටද නඩුවක් දැමීමට සූදානම් වූ බවත් ඩුබායිහි හෝටලයක් අල්ලාගෙන දැන් පහරගැසීමට සූදානම් වන බවත් රාජපක්ෂ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ රණවිරුවන්ව එළවලු විකුනන්න, ලොතරැයි ටිකට් විකුණන්න යොදවල සලකපු විදිහ අපිට අමතක නැහැ. බෞද්ධ කොඩියෙන් වැරදි වහ ගන්න පුළුවන් කියල හිතනවා ඇති . (බ)
අනිවාර්යෙන් අපි කරනවා. අපිට බඩ ලොකු නැ..(කේ)
අපි ඒ කොඩි දෙකම ඔසවන්නම්. එ්ත් ඔබතුමාට ආයේ ඡන්දෙ නම් දෙන්නේ නැහැ. මහින්ද මහත්තයෝ අපි නම් බුද්ධාගම අදහනවා මිසක් විකුණගෙන නම් කන්නේ නැහැ. (බ)
රණවිරුවන් සිහිපත් කිරීම ගැන ප්‍රකාශ කර ඒ සමඟම තමන්ට සිදුවන පහර ගැසීම් ගැන කියන්නේ තවදුරටත් යුධ ජයග්‍රහණය විකිණිමක්ද? දේශපාලකයන් මෙතරම් පහළට පත්විය යුතුද?
මහින්ද මත්මාණෙනි, ඔබගේ නායකත්වය මේ රටේ සැබෑ මිනිසුන් දන්නවා.ඔබ කළ මෙහෙවර අමරණීයයි. බුද්ධිමතුන් ඒ ගැන දන්නවා. අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)
මහින්ද මහත්තයෝ කරපු වැඩ ලියන්න මේ පත්තරේ ඉඩ මදි අපි බොහොම අමාරුවෙන් ඔබලා පන්න ගත්තේ කරුණාකරලා ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටියොත් නේද හොඳ? (බ)
ජයවේවා නායකතුමනි (ම)
ලංකාවේ මිනිස්සුන්ට මතක හිටින්නෙම නෑ ඒකයි ලෙඩේ (අ)
අවුරුදු පහකට පස්සෙද මතක් උනේ. රණ විරුවන්ට උපහාර නෙවි මහින්දගේ නම මිනිස්සුන්ට අමතක වෙයි කියන බයට (නදී)
මේ රට පාවා දෙන්නන් කරන්නේ කුහකකමකි.එය ඔවුන් පළකරන ප්‍රතිචාර වලින් පැහැදිලිය.එදා කොටින්ට උදව් කළෙත් ඔවුන් සහ ඔවුන්ගේ දේශපාලන මන්දබුද්ධිකයන්ය.රට බේරාගත් සැබෑ නායකයා මාතෘ භූමියට ආදරය කරන නිසා මේ දිනය අභිමානවත් ලෙස සමරා කෘතවේදීත්වය පළකරන්න පසුබටවන්නේ නැහැ.එය අප සැමගේ අභිමානය බව කවුරුත් දැනගත යුතුව ඇත. (නි)
ඉතාමත් හොඳ දෙයක්. බෞද්ධ කොඩියක් විතරක් නෙවෙයි, අනිත් ආගම්වල අයත් ඒ අයට පොදු කොඩියක් ඔසවල ඒ ආගමට සම්බන්ධ සිරිත්වලින් (අපි පහන් දල්වන්නා වාගේ), එයට එකතුවුනා නම් හරි තමයි. වික්ටර් රත්නායකයන් ගැයුවා ලෙස අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියමු (අදහස් කරන්නේ මේ රට ගැන මිසක සිංහල ජාතිය පමණක් නෙවෙයි). (නදී)
දයාරත්න මහත්තයෝ ඔබ කියනා දේ 100% ක්ම ඇත්ත.අපේ වීරෝදාර රණවිරුවන්ටත් අප සියලු දෙනාටත් අභිමානයක් ඇතුව ජීවත් වීමට මග එළිකර දුන්න මෙතුමාට අප හැමදාමත් ණයයි (කේ)
මැයි 18 වෙනිදා ත්‍රතවාදය පරදා අපේ රටට නිදහස ලබා දුන්නා. ජාතියේ පියා ඔබතුමා බව කිව්වත් නොකිව්වත් මේ ලක් දෙරණේ මිනිසුන් ගේ හදවත් වල ලියැවී ඇත. නමුත් දෙපසට බෙදී කුලල් කා ගන්න අපේ උදවියට අපේ ඉතිහාසය අමතක වී ඇත. කෙසේ වෙතත් කුරිරු ත්‍රස්තවාදය අවසාන කිරීම ඔබගේ පරාජයට බලපෑ ප්‍රබලම සාධකය වන අතර මතු දවසක ඔබ තුමා සිර ගත කිරීමට හෝ මරා දැමීමට ද එයම හේතුවක් වනු ඇත. අද මේ බුක්ති විදින නිදහස ලබා දුන් ඔබතුමාට දේශපාලනය අවශ්‍ය නැතත් රට නැවතත් අනතුරේ නිසා අඩුමගානේ මේ අනතුර පහව යන තෙක් රටට ඔබතුමාව අවශ්‍ය වේ. (නදී)
ඔබතුමාලා කරල තියෙන දේවල් වල හැටියට ඔබලා කියන දේවල් කඩේ යන අයට හොඳයි (නදී)
ඉල්ලීම නරක නැහැ. නමුත් මෙතුමා අැයි දැන් මේවා ඉල්ලන්නේ. තාමත් හදන්නේ යුද්දය විකුනගෙන කොහොම හරි අායිත් එන්න. කමක්නෑ අපි රනවිරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් කරමු. (නදී)
හීන් මැණිකේගේ කතාව ඇත්ත. කොහොමත් අපි තවමත් කතා කරන්නේ "දුෂ්ට " ගාමිණී, "සද්ධා" තිස්ස සහ "ධාර්මික" එළාර ගැනනේ. තවමත් පරම්පරා ගණනාවකට පසුවත් ඉන්නේ එළාරගේ ඒජන්තලා ඒ කාලේ ගිල්ලපු ලණු ගිලපු ගමන්මනේ (නි)
අපිට යුද්දේ දිනලා ගත්ත නිදහස වටිනවා චානකලට වඩා අපි ගොඩක් රටට ආදරෙයි (කේ)
දැන් ඔබතුමා අපිට කියන්නේ රණවිරුවන් සිහි කරන්න පහන පත්තු කර ගත්ත ගමන් ඔබතුමාට නඩු දාන්න යන අයට පලි ගහලා පොල් ගෙඩියකුත් ගහන්න කියලාද ? (නදී)
රට වටේට රැස්වීම් තිය තිය තමන්ගේ පුද්ගලික දුක් ගැනවිලි ප්‍රසිද්ධ කරනවා. මේවා හිටපු නායකයකුගේ පෞරුෂයට ගැලපෙන වැඩ ද ? (නදී)
අපි බලාපොරොත්තුවනවා හැම වසරකම ජනවාරි 8 වෙනිදාට සිංහ ධජයයි බෞද්ධ කොඩියයි ඔසවලා පන්සල් වල පහන් දල්වලා රට රාජ්‍යය ත්‍රස්තවාදයෙන් මුදාගෙන ප්‍රජාතන්ත්‍ර වාදය හා අධිකරණයේ ස්වාධිපත්‍යය නැවත ස්ථාපිත කරන්න පුළුවන් වීම ගැන හිතන්න. යුද්ධය දිනවපු යුධ නායකයාව ම්ලේච්ච අන්දමට හිරගෙට යැවු නායකයෙකුට නැවත යුද්ධය ගැන කතා නොකරන්නම ලක්ෂ 62ක ජනතාව ජනවාරි 8 වෙනිදා ගත්ත තීරණයට ගරු කර ඔබ ගම බලා යන්න. මැයි 18 වෙනිදාට රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් වෙනුවෙන් කළ යුතු දේ ගැන කතා කරන්න අපට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. ජනතාව එතුමාව පත්කරගෙන ඔබ ලවා වැඩ කරවා ගන්න තරම් මෝඩ නැහැ. (නදී)
ඡන්දෙ දිනාගන්න රටේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම සම්පත් නීති විරෝධීව යොදාගෙන බලය ගන්න දඟලපු විදිය දැකපු අපිට නම් හෝටල් පමණක් නොවේ ඊට වඩා දේවල් අත් පත් කරගෙන තිබේ කියා සැක හැර කියන්න පුළුවන්. නමුත් මිනිසා බුද්දිමත් සත්වයා නිසා කරන හොර වැඩ තමාව අහු නොවෙන්න සුක්ෂමව කරන්න පුළුවන්. එනිසා නීතියෙන් බේරීයන්න පුළුවන්කම තිබේවි. හැබැයි ලෝක පාලන නීතියෙන් ඒවටත් හරියන්න හම්බවෙයි (නදී).
දැන් ඔබතුමා අපිට කියන්නේ රණවිරුවන් සිහි කරන්න පහන් පත්තු කරන ගමන් ඔබතුමාට නඩු දාපු අයට පොල් ගෙඩියක් ගහන්න කියාද ? (නදී)
ඔය සියලු රණවිරුවන් කිව්වේ සරත් ෆොන්සේකා මහත්තයත් එක්කද ආයුබෝවන් ?(නදී)
දැන් මෙතුමාගේ රැස්වීමේ අරමුණ අපිට රණවිරුවන්ගේ මෙහෙවර සිහිපත් කිරීමද නැති නම් එතුමාට වැටෙන්න යන නඩු හබ ගැන ජනතාව දැනුවත් කිරීමද ? මට නම් මේක පැහැදිලි නැහැ . (නදී)
මොනවද මේ රටේ හිටපු නායකයාට නොගැලපෙන වැඩ ? ආගමික තැන් වලට යනවා ආඩපාලි කියනවා. එතන මිනිස්සුන්ට ආගමේ වැඩ ටික කරගන්නත් නැහැ. හිර ගෙවල් වලට මාධ්‍යත් අඬ ගහගෙන දුවනවා. එතන තමන්ගේ හිතවතුන්ට වෙච්ච සන්තාසිය කියවනවා. රැස්වීම් තියනවා දැන් රණවිරුවන් ගැන කියන ගමන් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ජනතාව හමුවේ අත හරිනවා. (නදී)
කොයි රටේද යුද්දයක් තිබ්බේ. අපිට මතක නෑ. (නදී)
මේක පුදුම රැස්වීමක් නේ. මිට කලින් හිටපු කිසිම නායකයෙක් මෙහෙම රට වටේ රැස්වීම තිය තිය නහයෙන් ඇඩුවද ? මේ ලෝකයේ නොයෙකුත් චෝදනා වලට මුහුණ දුන්න එකම නායකයා මහින්ද මහතා විතරද ? දරා ගැනීමේ ශක්තියක් නැති නිසානේ මෙහෙම වැඩ කරන්නේ. නැති නම් සිවිල් යුද්ධයක් දිනපු නායකයෙකුගේ හැසිරීමක් ද මේ ? (නදී)
දැන් එතකොට කතෝලික අයත් බොදු කොඩියක් ඔසවන්න ඕනද මහින්ද මහත්තයෝ ...? (හේ)
සත්‍යා ඔයාගේ කීම හරියටම හරි. මගේ ආචාරය (නදී)
කොටියා රට විනාශ කලා. කොටියා මරා රට කාලා පැරදුනා . අලුත් රජය දෙන දඬුවම් ඉවසලා ඉන්න අයියේ බුදු බන ගැන සිහි කරලා.(නදී)
කරුණාකර ඔබතුමාගේ නඩු ජනතාවගේ ගෙදර ප්‍රශ්නයක් බවට පත් කරන්න හදන්න එපා. ඔබතුමාට අසාධාරණයක් වෙනවා නම් අපිත් ඒ ගැන කතා කරනවා. හැබැයි මෙහෙම ගමේ ලිඳ ළඟ සංගමය ළඟ ගෑනු රැස් වෙනවා වගේ තැන තැන රැස්වීම් තිය තිය වෙච්චි අලකලංචිය කියා කියා රටටම විහිළුවක් වෙන්න එපා. (නදී)
මෙයා කවුද අපිට අරක කරන්න මේක කරන්න කියන්න . (හේ)
ඔබට නීතියෙන් ගැලවීමට මොන විදිහෙන් හරි පුළුවන් වුනත් මරණ මොහොතේදී හරි මතක්වෙලා හර්දය සක්කියෙන් කවදාවත්ම ගැලවෙන්නට ලැබෙන්නේ නැහැ . (හේ)
30 වසරක ත්‍රස්තවාදය සමග අවසන් වුනේ යහපාලනයකට එරෙහි බිහිසුනම යම පාලනයවේ.(හේ)
ජාතික කොඩිය දාන්න. ඇයි බෞද්ධ කොඩිය දාන්න කියලා ඉල්ලන්නේ. ඒක ශ්‍රී ලංකීකයෝ දිනපු යුද්ධයක්. බෞද්ධ අය විතරක් දිනපු යුද්ධයක් නොවේ.(හේ)
අනාගතේදී බලන්න පුළුවන් යහපාලනේ හැටි .(හේ)
දැන් මේ රටේ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය මහින්ද මහතාගේ නඩු හබ සහ එතුමාගේ හිතවතුන්ගේ සන්තැසි නෙවෙයි. අපිට එතුමාගේ සේවය අමතක නැහැ. නමුත් එතුමා "මාත් මෙහේ ඉන්නවා " යන්න මතක් කරවන්න වගේ රට වටේ සෙනග රැස් වෙන තැන වලට යමින් මාධ්‍ය සංදර්ශන තියමින් කරන වැඩේ ගැන අපිට පුදුමයි.(හේ)
අපි සලකා බලන්නම්.(හේ)
කියන්න දෙයක් නෑ අපේ රටේ ජනතාව ඔය දේ කරනවා.(හේ)
මේකේ ප්‍රතිචාර දමන අය සිංහල අයනම් වෙන්න විදහක් නැහැ බලමු වෙන දේවල් ඉදිරියට (නදී)
විකුම් රංගන, සාමය පවතින කොයි රටෙත් හදිසියකට මුහුණ දෙන්න අතිරේක හමුදා සේනාංක සූදානමින් තබා ගන්නා අතරම එකී අතිරික්ත හමුදා සේනාංක වල පිරිස් බලය රටේ එදිනෙදා ඇතිවන සිවිල් සහ ඉංජිනේරුමය කටයුතුවලටත් ජාතික ආපදාවන්හිදී සහන සැපයීමටත් යොදවා ගැනීම සාමාන්‍ය සිරිතකි. ඔබ දියුණු යයි ද පරමාදර්ශී යයි ද සිතන බටහිර රටවලද මෙය සිදු කෙරෙයි. හමුදාවක් නඩත්තුවට ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් වැය වන හෙයින් මෙලෙස ඔවුන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යෙදවීම වරදක් නොවෙයි. ඔබ අමතක නොකළ යුතු අනිත් වැදගත් කරුණ නම් ධනවත් යයි කියන බොහෝ රටවල යුද ජයග්‍රහණයකින් පසු අතිරික්ත හමුදා භටයන්ට රැකියා අහිමි කෙරෙන බවත් එසේ තිබියදීත් පසුගිය රජය ඔවුන් ගෙදර නොයවා සේවයේ තබාගත් බවත් ය. (කේ)
කින් බෙනට්, ඔබ පරම්පරා කීපයක් අතීතයට ගියොත් ඔබේ මුතුන් මිත්තන් බොදුනුවන් බව දකින්නට ලැබේවි. යන යන තැන වෙහෙරක් පෙනීයන් කියල කිව්වේ කතෝලික පියනමක් බව බෞද්ධ කොඩිය ප්‍රශ්නයක් කරගන්න හදන ඔබට අමතක වීම සංවේගයට කරුණකි. (කේ)
ඔබට අපි සදා ගරු කරනවා. ඔබගේ ආගමනය ඉක්මනින් සිදු වේවි. (නදී)
සත්‍යා, ඔය කිව්වා අරියටම හරි වස්තුවේ. ඔයා වගේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න එක අපේ රටට ලොකු ආඩම්බරයක්. අර මහානාම වගේ අය ඔයාගෙන් දෙයක් ඉගෙනගනිවී කියල අපි හිතනවා. (නදී)
මේ රටේ මිනිස්සු හරිම අවස්ථාවාදී කලගුනනොදත් අද ගැන පමණක් හිතන මෝඩ රැලක්...(බ)
පන්සල් යන එකට තරහ ගන්නේ දේශපාලන කන්නාඩි දාගත් වදුරෝ. මොකද කට්ටිය මහින්දට තාම බය ? එයා දුර්වලනම්, නැවත දිනන්න බැරිනම්, ඇයි මේ තරම් එතුමාට විරුද්ධ ද්වේශ සහගත කොමෙන්ට් ? ඉවසල ඉන්න මීලග මැතිවරණය තෙක් (බ)
රණවිරුවන් ගැන මතක් කරලා ඊට පසුව නඩුවකුත් මතක් කරලා තමන්ගේ ලේ කෝප කරගෙන වගේ පේන්නේ . අර කලින් කළ සිහිපත් කිරීමේ වටිනාකමත් ඊළඟට නැති වුණා (බ)
මට දැන් තේරෙනවා පසුගිය අවරුදු 30 දී හිටපු නායකයෝ යුද්දය ඉවර කලේ නැත්තේ මොකද කියල. මේ රටේ ඉන්නේ කෙලෙහිගුණයක් නැති උන් කියල එයාල දැනගන හිටිය. එ්ක නිසා එයාල යුද්ධයෙන් හම්බකර ගත්ත විතරයි. ඔබතුමාටත් තිබුනේ එහෙම කරන්න. දේශපාලකයෙක් හැටියට හොරකම් විතරක් කළානම් ඔබතුමාට විරුද්ධව මෙච්චර කමෙන්ට්ස් කව්රුත් දාන්නේ නැහැ. ඔබ යුද්ධය දිනන නායකත්වය දීපු නිසා තමා මේ සියල්ල. මෙතන කමෙන්ට්ස් දාන වැඩිදෙනා රටටවත් අඩුම වශයෙන් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැනවත් හිතන්නේ නැති උදවිය. (බ)
කමල් ගිහින් මැදමුලන පදිංචි වුණා නම් උදේ නැගිට්ට පැදුරේ ඉඳලම මතක් වේවි. ඒ පැත්තේ දත් මදින්නේ නාන්නේ මුණ හෝදන්නෙත් ඕක මන්තරයක් වගේ මතුර මතුර ලු. (බ)
මෙතන අදහස් ප්‍රකාශ කරල තියෙන වැඩි දෙනෙක් යහපාලනය වෙසින් ඉන්න කුහක සිතුවිලි තියෙන උදවිය කියලයි මට නම් හිතෙන්නේ. මොනතරම් හොද වැඩක් කලත් ඒ දේ ඇගයීමකට ලක්නොකට අඩු පාඩු හොයා දොස් නගනනේ. පහත් ගති පැවතුම් ඇති අදම මිනිසුන්ය. (නදී)
සත්‍යා වගේ මෝඩ ගැහණු දන්නේ ජනවාරි 8 වෙනිදා මේ රට කොටියට වික්කා කියලද ? (නදී)
ලංකාවේ මිනිසුන්ට වැඩකරන්න ඕනෑ සල්ලි වලට. ඔබතුමා නිකන් මේ ගුණයක් නැති මිනිසුන්ට යුද්ධය අවසාන කරලා දුන්නට ලැබෙන ප්‍රතිඋපකර තමයි වැඩිපුර ලැබිලා තියෙන්නේ. අනගාරික ධර්මපාලතුමා කොයිතරම් කළාද? අන්තිමට රට දාලායන්න වුණා. දකුණු අදිධිවේගී මාර්ගය නිසා ඔබ අමරණීයයි. (නි)
ලියල තියෙන දේවල් බැලුවම පහුගිය කාලේ මේ මිනිස්සු කොහෙද හිටියේ කියල හිතෙනවා මහින්ද නොහිටින්න අද රට කොටියාගේ. ඒ වගේ රට එක්සේසත් කල නායකයෙක් බිහිඋනේ දුටුගැමුණුට පස්සේ (නදී)
මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමාගේ වටිනාකම තේරෙන්නේ තව අවුරුදු පහකට පස්සේ.(නදී)
මහින්ද යනු තවත් නායකයෙකුම නොවන බවත් හෙතෙම දහස් ගණන් සිංහලයන්ගේ කදුළු පිස දැමු ජාතියේ වීරයෙකු බවත් පක්ෂයට, පාටට වඩා තම ජාතිය පෙරටුකරගත් සිංහලයන් සැමදා සිහිපත් කරනු ඇත. නින්දා , අපහස විද දරා ගැනීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා !
සත්‍යයා, හැම වසරකම ජනවාරි 8 වෙනිදාට සිංහ ධජයයි බෞද්ධ කොඩියයි ඔසවලා පන්සල් වල පහන් දල්වන්න තව ටික දවසකින් රටක් ඉතුරු වෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න. කොටි ටික උතුරේ නටන ඒවා ඔයාලට පේන්නේ නෑ. ඔයාගේ නම මිත්‍යයා කියල වෙනස් කරගන්න. (නදී)
මේක හොඳ ඉල්ලීමක්. එ්ත් ඔබතුමා මීට කලින් කරපු සැමරුම් වලදී සරත් ෆොන්සේකා මහතා ගේ නමවත් මතක් කලේ නැහැනේ. අනික ඔබතුමා හමුදා වෙබ් සයිට් එකෙන් එතුමාව ඉවත් කරලම දැම්මනේ. එතරම් පලි ගැනීමේ සිතක් ඔබට තිබ්බේ. දැන් මේ වගේ ප්‍රකාශ කරන්නේ මාකට් වෙන්නද ? මොනවා උනත් රට බේරා ගැනීමේ දේශපාලන නායකයා ඔබතුමා. එ්ක වෙනස් කරන්න කාටවත් බෑ. ඒ ගෞරවය තියාගෙන ජිවත් වෙන්න. (නදී)
එතුමා තවත් ලැජ්ජ නැතුව රැස්වීම් තියලා අනතුර පෙන්නලා රට බේරලා අපිට හදල දෙන්න යනවා. අපේ ඊළඟ ඉලක්කය රට බේරා ගත් නායකයාට අපහාස කර එළවා දැමීම.(නදී)
දැං රණවිරුවාට, නායකයාට ගෞරවයක් ඕන නෑ. අපේ වැඩේ කරං ඉවරයි. අපි සිංහලයොනෙ.(නදී)
කරපු වැරදි ඕනෑ තරම් තියෙනවා. නමුත් මෙහෙම ඉල්ලීම රණවිරුවන් සිහි කිරීම වෙනුවෙන් කල දෙයක්. කරුණාකර සිංහලයා වනසා බල ලෝබී දේශපාලනය කර තියාගෙන කටයුතු කරන්න එපා.(නදී)
මේකේ තියෙන කොමෙන්ට්ස් වලින් හිතාගන්න පුළුවන් සිංහලයාගේ හැටි (බ)
අපේ මව්බිම සොලීන්ගෙන් බේරාගත් දුටුගැමුණු රජු අද ද ජනතාව අතර අමරණියත්වයෙන් පිදුම් ලබති. එදා එළාර නැමැති ත්‍රස්ත ආක්‍රමණිකයා පරදන්න බැරිවුණි නම් අද ද මේ පින්බිම ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමට තිබුණි. ඒ සටන ජය ගන්නට රජුගේ නියෝග ප්‍රකාරව නායකත්වය දුන් යුධ සෙනෙවි වරු ජාතික වීරවරුන් බවට පත්විය. එහෙත් ඔවුන් රටේ රජකම ගන්නටවත් දේශපාලනයට එන්නටවත් ක්‍රියා නොකලේය. එවන් ගෞරවණිය ඉතිහාසයක් තිබෙන අපේ රටේ තත්වය අද නම් හරිම කණගාටු දායකය. මහින්ද රාජපක්ෂ නම් උතුම් ශ්‍රේෂ්ඨ නායකයා මේ යුගයේ පහල නොවන්නට ඊලාම් රජ්‍ය සංකල්පය සිහිනයක් නොව යතාර්ථයක් වන්නට තිබුණි. එහෙත් අද ඔහුට කරන අපහාස මේ උතුම් මව්බිමට ආදරය කරන මිනිසුන්ට දරාගත නොහැක. මහින්ද රාජපක්ෂ ඔහුගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකර ඇත. ඒ වෙනුවෙන් ඔබ ඔබේ උතුම් මිනිස්කම වත් ප්‍රධානය කිරීම මව්බිමට කරන උපහාරයකි. (බ)
සත්‍ය මහත්තයාගේ ඔය ලක්ෂ 62 තුල එදා සිටම මේ රට දිහා වයිරයෙන් බැලු අය.ඔය කියන හමුදාපතිත් ඒ පැත්තට එකතුවෙන්න කලින් වැඩ බැරි ටාසන් කෙනෙක්..(බ)
කමල්ගේ කව්රු හරි යුද්දේ නිසා නැතිවෙලා තිබුන නම් ඔයාට අදටත් තේරෙයි මේ රටේ යුද්දයක් තිබුන කියල..අනේ කාලේ වනේ වාසේ..(බ)
යුද්දය විකුණගෙන ඡන්දය දිනපු කෙනා නේද මේ කතා කරන්නේ ? ආයෙත් රැවටෙන්න එපා (නදී)
පරාජයෙන් වියරු වැටුනාහම මේ වගේ කතා කියවෙනවා. ඕව එච්චර ගණන් ගතයුතු නැහැ.(හේ)
අපේ උතුම් මාතෘ භුමිය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත් වෙලාවේ ජාති භේදයකින් තොරව සිංහ කොඩියක් උඩට ඉස්සුවේ කව්රුවත් කියලවත් කව්රුවත් කරනවා බලන් ඉදලාවත් නෙමෙයි. එත් ඊට පස්සේ සිද්දවුන දේවල් බැලුවහම මිනිස්සුන්ට අනිවාර්යෙන්ම කියන්න වෙනවා මේ දිනය සමරපල්ලා කියාලා. මොකද ඔය කුලල් කා ගන්න විදියට ඕන පොඩි දරුවෙකුට තේරෙනවා අපි ගැන, අපේ රට ගැන මොන තරම් හැගීමක් මේ කෑගහන පාලකයන්ට තියනවද කියලා. (ර)
අපේ රටේ ලේ විලවල් නැවැත්වූ ලක් මිහිදු... රටේ යුද බෝම්බ බිය නැතිකළ ලක් මිහිදු... සුද්දන්ට කොකා පෙන්නු ලක් මිහිදු... අප ණය ගැතිය රණවිරුවන්ට, ලක් මිහිදුට... (ර)
ඡන්දයකින් පැරදිලා ගෙදර ගියා නම් තමන්ගේ කලින් තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගෙන ඉන්න දැන ගන්න ඕන. (ර)
යුද්ධය දිනුව එකට ජනතාවගෙන් නිසි ගරුත්වයක් ලැබුනට පසුවත් මොනවද මේ කන් කෙඳිරිය ? පක්ෂයේ ජේ්‍යෂඨයන්ගෙන් පසු පෙළ නායකත්වයක් වත් හදන්නේ නැතිව ඔටුන්න හිමි කුමාරවරු විතරක් හදන්න ගිය එකේ ප්‍රතිපල තමයි මේ ! දැන් ඉතින් අනිත් මිනිස්සු ආණ්ඩුවක් හද ගත්තාම ලවක් දෙවක් නැතිව බනිනවා. (නදී)
අපේ රට කවදාද දැන් යුද්ධයෙන් පසුව ගොඩ එන්නේ ? තවමත් දේශපාලකයන් කුලල් කා ගැනිල්ල ඇරෙන්න වෙච්ච දෙයක් නැහැ. (නදී)
අපි සැමදා ඔබ සමඟයි (නි)
තවමත් මමයි රජා ජවනිකාව ඉවර නැහැ වගේ (නදී)
මේ මහත්තයට ඉතින් කියන්න තියෙන්නේ ඔච්චර නේ. ඕක නැත්නම් එයාට පැවැත්මක් නැති බව කවුරුත් දන්නවා. මෙයා මේ ඉල්ලීම කරන්නෙත් රණවිරු උත්සවයක් තියෙන බව නොදැන වෙන්න බැහැ. අනික මෙයා දැන් ජනාධිපතිත් නොවෙයි. අගමැතිත් නොවෙයි, මන්ත්‍රී කෙනෙකුත් නොවෙයි නේද? මෙම ඉල්ලීම සරත් ෆොන්සේකා මහත්තය කළා නම් සාධාරණයි කියලයි මම නම් හිතන්නේ. (නදී)
මේ මොකද මේ? මොනවද මේ කියන්නේ? (නි)
ගිලෙන්න යන මිනිහට තුත්තිරිගහත් වටිනවාලු! (ම)
යුද්දෙට බයේ පිටරටවල හැංගිලා ඉඳලා යුද්දෙ ඉවරවෙලා යටිතල පහසුකම් සංවර්ධනය වුනාම ලංකාවට ආපු (හයිවේ එකෙන් කොළඹට ආපු), දියත උයනේ උදේට හවසට ඇඟ හදාගන්න ඇවිදල, කොළඹ ලස්සනට හදපු පාරවල් වල නිදහසේ ඇවිදලා ඒ කාලෙ ගැන නිනව්වක්වත් නැත්තාසේ පලකරපු අදහස් බොහොමයි. “ලිඳෙන් වතුර බීලා....,එයින් වතුර නාලා..... ලිඳට ගල් ගසයි මිනිසා... වතුර බොරකරයි..මිනිසා.... ගඟට ආවඩයි.......“ (බ)
යහපාලන අයගේ ප්‍රතිචාර බලනකොට රනිල් කී පාරක් පැරදුනාද දන්නෑ නේ ? (බ)
වසර ගණනාවක් (හිත්පිත් නැති කොටියාගෙන්) යුද්ධයෙන් බැටකෑ මේ රටේ සිංහල, දෙමිල, මුස්ලිම් බොහෝ දෙනෙකුට අතීතය අමතකයි. ගතකල සෑම මොහොතක්ම මර බියෙන් ජීවත් වුණු සැවොම එදා සෙව්වේ කෑමට යමක් නොව නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාවයි. අප රටේ සැමට උතුම් නිදහස ලබාදුන් රජතුමනි, ජාත්‍යන්තරය ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන රට පාවානොදී අප රට බැබලවූ සැබෑ නායකයාණනි ඔබට දීර්ඝායුෂ ලැබේව! ඔබ නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! ඔබතුමන් අතින් යම්කිසි වරදක් වී ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමටත්, ඔබ පුතුන්ගේ හා ඔබ වටාසිටින්නන්ගේ ගුණ ගරුක බව වැඩිදියුණු කරවීමටත් ඔබට වෛර කරන්නන්ට මෛත්‍රි කිරීමටත් ඔබතුමන්ට ප්‍රඥාව පහළ වේවා! ශක්තිය ධෛර්යය ලැබේවා! තිසරණ සරණයි! (බ)
18 වෙනිදා පහනක් පත්තුකරල සිංහ කොඩිය ලෙලදවලා දිනූ දේශයට හා රණවිරුවන්ට උපහාරය දක්වන්න, (ර)
අපිට සිංහල කම උගන්වන්න එන්න එපා. උපදේශයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නන්න. (ර)
අනේ අපේ සිංහල ජාතියේ හැටි. මුන්ට මතක නෑ 2009 ට ඉස්සෙල්ලා අපේ හිත්වල තිබුනු මරණ භය ගැන. එවා නැති කරන්න එඩිතරව තීරණ ගත්ත රාජ්‍ය නායකයා හොරෙක් ගානට දාගෙන කාවද සතුටු කරන්න යන්නේ.? (ර)
මෙතන අදහස් දාලා තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති, අතීතය මතක නැති සිංහලයෝ ටිකක් මේ වගේ (බ)
දැන් මොකද්ද කියන්නේ? යුද්දේ දිනන්න දේශපාලන නායකත්වය දුන්න කියල එයාට සහ වටේ අයට හැමදාම ඕනෙම දෙයක් කරගෙන ඉන්න ඉඩ දෙන්න කියලද? එයා මැරෙනකම් වෙන කෙනෙකුට ජනාධිපති වෙන්න බෑ කියලද? මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එතුමා කළ සේවයට අපි ගරු කරනවා. ඒවගේම හොරකම් කරපුවට දඩුවම් ලබන්නත් ඕනේ. එතුමාම කියනවනේ එයා හොරු ආරක්ෂා කළා කියල.(බ)
යහපාල හිතවතුනි, මහින්ද යනු හුදෙක් ජනපති කෙනෙක් පමණක් නෙවෙයි. එතුමාගේ නම ඉතිහාසයේ ලියවී අවසානයි.(බ)
මෙයා කියනකන් හිටියේ (බ)
දාල තියෙන අදහස් දැක්ක ම පුදුමයි . ඇත්තටම දැන් නම් අදහස් දාන්න ඕනේ නැ, මොකද පුවත් පත් බැලුවාම හොදට තේරෙනවා රට ට වෙලා තියෙන දේ හා වෙන්න යන දේ . කරුණාකර මේ ආණ්ඩුව වෙනුවෙන් තවමත් අදහස් දාන අය මගේ නමින්ම පිළිතුරු දෙන්න , මේ සුමානයේ ද්‍රවිඩ ජන සංහාර සතිය ලෙස නම් කර උතුරේ සමරන්නයි යන්නේ , 2009 න් පසු පළමු වතාව ( ජාතික පුවත් පත් බලන්න ) , ආසියාවේ ලොකුව වංචාව කෝටි 4500 මේ වනවිට මහා බැංකු වංචාව නිසා රට ට උන අලාබය , නමුත් කිසිම වැරදි කාරයෙක් හෝ වග කිව යුතු අයෙක් නැත . අගමැති තුමා පත් කල කොමිටියෙන් නිදොස් කොට නිදහස් උනා , ඒ ගැන කාට කියන්නද ? එය සැහීමකට පත් නොවේ ජනාධිපති තුමා කොමිසමක් පත් කරවා කිව්වා , තාම නෑ , ජනාධිපතිතුමා අගමැති තුමාට විරුද්දව වැඩ කරයිද ? (බ)
මහින්ද මහත්තයෝ ඔබතුමා මහා ලොකුවට රණවිරු රියල්ස්ටාර් කියල රටේ දුගී දුප්පත් මිනිසුන්ගේ මුදල් කෑවා ඔබ ඒ තරම් රණවිරුවන්ට ආදරේනම් යුද්ධය අවසන් වෙනකොට හිටපු රණවිරුවන්ට පඩිය කීයකින් හරි වැඩිකරන්න තිබුන එ්ත් ඔබ එහෙම කළේ නෑ රණවිරුවන් කණු සුද්ද කරන පාරවල් හදන්න ඔබේ මහා ගෙදර පිගන් හෝදන්න ගත්තේ රණවිරුවා (බ)
මේ රට නිදහස් රටක් වුණේ 2015 ජනවාරි 08 වෙනිදා. එතෙක් අපි හිටියේ ඔබතුමා හා ඔබතුමාගේ පරපුරේ වහල්ලු වගේ. එනිසා අපි ජනවාරි 08 වෙනිදා ජාතික කොඩි ,ආගමික කොඩි ඔසවන්නම්. (නි)
මේ ලෝක ඉන්න වටිනාම පුද්ද්ගලයෙක් අපි හැමෝම ඔබට ගරු කරනවා. අපිට ඔබ සුබ පතනවා. (කේ)
නියම ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තේ 2015 ජනවාරි 8 වැනිදායි ...එදාට තමයි ජාතික කොඩි ඔසවන්න ඕනේ ..(හේ)
අනිවා සර්. අපිට මුල අමතක නෑ. (හේ)
මහානාම හොඳටම හිත රිදිලා වගේ. මොනවා කරන්නද මේක තමයි සියලු දේ අනිත්‍යයි කියලා බුදුන් දේශනා කලේ. මට මතකයි චමල් මහත්තයා ලංකාදීපය සමග සාකච්ඡාවකදී කියල තිබුනා අවුරුදු 75 රාජපක්ෂලා මේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා කියල. ඉරිදා ලංකාදීපයේ පළවූ මේ ගැන මතක කෙනෙක් වේනම් මම ඉතාමත් අගය කරමි (නදී)
සිංහලයන්ගේ ප්‍රතිචාර බැලුවහම එලෙබෙන්න ඕන එකම නිගමනය නම් එවන් ගුණමකුවන්ට මැරෙන්න යනකොට වතුරවත් නොදිය යුතු බවයි. තමුන්ට ඔලුව කෙලින් තියා ගෙන නිදහසේ ජීවත් වෙන්නට අවස්තාව සලසා දුන් නායකයාට කරන අවමන් පල දෙනවා පල දෙනවාමයි.(නදී)
අපි එය කල යුතුම දෙයක් පලමුව රට දෙවනුව ධර්මය තෙවැනුව මම අපි ඔබ. (ර)
අබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හිග මුදල් පියවීමට කටයුතු කරන්නේ නම් අගය කරමු. ඒ අය මේ සම්බන්ධයෙන් උසාවි පවා යනවා ඔවුන් අබාධිත වූයේ රට වෙනුවෙන් (නදී)
මහින්ද මහත්තයාගේ ඒ තීරණය අප ගරු කරනවා.(හේ)
ඔබට එන්නේ සේරම ප්‍රශ්න පහර ගැසීම් ,දේශපාලන පලිගැනීම් එතකොට පසුගිය අවුරුදු වල සේරම වැරදි කරලා තියෙන්නේ දැන් ඉන්න ජනපති. සහ. අගමැති .(හේ)
සමහර අය ඔය දිනේ වෙනස් කරන්න උත්සාහ කරයි. ඒත් අප නම් 18වෙනිදාට බුදුන් වැඳ පහනක් දල්වා රණවිරුවන්ට පින් පමුණුවනවා. (හේ)
කුමන්ත්‍රණ කරලා ලබා ගත් යහපාලනය එළිපිටම පළ දෙන කාලය වැඩි ඇතක නැත. (අ)
මෙයා තාමත් රටේ ජනාධිපති කියලද මන්දා හිතාගෙන ඉන්නේ. (හේ)
පසුගිය සිංහල නායකයෝ යුද්දය ඉවර කලේ නැත්තේ මේ රටේ ඉන්නේ කෙළෙහිගුණයක් නැති අය කියල එයාල දැනගන හිටිය නිසයි. තව ටික දවසකින් මේ අය කියයි ප්‍රරිභාකරන් කියන උදාර නායකයාව මැරුවේ මහින්ද කියන හොරාය කියලත්. ඔබතුමා රටට දුන් නිදහස මිල කරන්න බෑ.(අ)
ජාතිය හා ආගම විකුණලා ජාත්‍යන්තර බිල්ලෝ පෙන්වලා, රටේ සුළුතර ජාතින් සියලු දෙනා ත්‍රස්තවාදීන් කියල හංවඩු ගහලා ලංකාවේ සුළුතරයක් මෝඩයින් බය කරන්න පුළුවන් වෙයි එත්, හැමෝටම එහෙම කරන්න බැහැ. (බ)