දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සංවිධායකත්වයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සී.වී.ගුණරත්න ගුණ සැමරුම් උත්සවය නගර සභාව අසල අනගාරික ධර්මපාල මාවතේ ඉදිකළ වේදිකාවකදී පැවැත්විණි.
මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා ඉදිකළ වේදිකාව හේතුවෙන් එහි ගමන්ගන්නා පිරිස් දැඩි අපහසුතාවයට පත්වූ බව කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ඔබට මේ දේවල් මතක්වුණේ? (නි)
මෙහෙම මිනිසුන් රැලක්? අඩුමගානේ එක් කෙනෙක් හරි කියන්නකො " මෙහෙම ගියොත් ඇපත් නැතිවේවි " කියලා. එදා මෙයාව අමාරුවේ දැමූ අයම තමයි පස්සෙන් කැරකෙන්නේ. (නි)
ඕකට ටෙලි නාට්‍ය නිළියන්ටත් කතා කරලා වේදිකාවේ ඉන්ඳවා ගත්තා නම් මීටවැඩිය සෙනඟ ගෙන්වාගන්න තිබුනා. (නි)
ඔව් අර කට සැර රූප රැජිණ ආවා නම් සෙනඟ එයි සූ ගාලා. (නි)
මහින්ද පාලන යුගයේ විපක්ෂය මෙහෙම දෙයක් කළා නම් කොහොම හිටීද? (නි)
අර පසුගිය පුවතක කතරගම ගිහින් පුජා වට්ටි පොලිසියේ ආරක්ෂක කට්ටියගේ කර පිටින් අද්දවපු එක්කෙනා මට මතක්වුණා (නි)
ඔක්කොම එකට වාඩිවෙලා ඉන්න කොට මට මතක් වෙන්නේ ,අලි බබා සහ හොරු 40,(හේ)
බන්දුල , වීරවංශ , ගම්මන්පිල්ල දෙහිවල දැක්කමයි මයේ හිතේ (බ)
මෙතන සමහරුන්ට පුදුම අමරුවක්නේ තියෙන්නේ. දැන් මහින්ද මහත්තයට පන්සල් යන්න බැහැ, ගුණ සැමරුමකට යන්න බැහැ. මෙයාලා කියන විදියට මැදමුලනට වෙලා තමයි ඉන්න ඕනෑ. පොඩ්ඩක් බාධා වුණාට මොකද? මහින්ද මහත්තය යුද්ධය අවසන්කළේ් නැත්නම් සමහරවිට ගොඩක් අයට පෙෙටියෙන් තමයි ගෙදර යන්න වෙන්නේ. (නි)
ඉහත අදහස් පළකළ බහුතරයට මම ගරු කරනවා. ඒ අතරත් ඉන්නවා "යුද්ධය දිනපු නිසා පාරවල් වහන්න අයිතියක් තියෙනවා" කියලා කියන අය. දන්නා කෙනෙක් කියනවද පාරක් වෙන් කරගන්නේ කාගෙන්ද කියලා. (නි)
කට්ටියට ගොඩක් අමාරුයි පාර වහල කීවම. මේ පාර දෙහිවල නගරසභාව එහා පැත්තෙන් යන පාර. ළමයි හම්බ වෙන කාන්තාවක් හෝ අසාධ්‍ය ලෙඩෙක් ඉන්න, මේ පාරේ ගෙවල් නෑ. දිගටම තියන්නේ කාර්යාල හා නගරසභාවේ කුණු ලොරි ගාල් කරන ඉඩම්. එතනින් පස්සේ පාරෙන් කෙලින්ම කළුබෝවිල පාරට අතුරු පාරක්. මීටීම තියන තැනක් වත් නොදැන බොරුවට ඔහේ කියවන්නන් වාලේ කියවන්න එපා. (නදී)
රොහාන් දයාදර පැරිසිය මහතාණෙනි ,මේ උත්සවය සි.වී.ගුණරත්න මහතාගේ ගුණ අනුස්මරණ උත්සවයක් ,එහෙම නැතිව එක එක්කෙනාගේ ප්‍රතිරුප පුම්බන උත්සවයක් නෙමෙයි .ඔබ තුමා අහවල් දේකට ධනසිරි මහත්තයට සුබ පතනවද කියල අපිට නම් තේරෙන්නේ නෑ (බ)
ගුණමකු මිනිසුන් සිටින ලොවේ අපායට පාලමක්.... (නි)
මේ කාරණය ගැන ලියන අය ගැන මට පුදුම හිතෙනවා. හැමෝම වාගේ බාලගිරි දෝෂයට අහුවුණ පුංචි දරුවෝ වගේනේ. ඇස් දෙක හරියට පෙනෙනවා නම් මේ ඡායාරූප වල ඉඳගෙන හිටගෙන ඉන්න සෙනග සුළු පිරිසක් නෙමෙයි කියලා පෙනෙන්න ඕනෑ. ඒ වගේම මේ රැස්වීමට අවසර දුන්නේ පොලිසියත් නගර සභාවත් නෙමෙයිද කියලා හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න හිතෙනවා. මහත්වරුනි, කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා කරගන්න හදන්න එපා. අපි ඔක්කොම ටික කාලෙකටයි මේ දේවල් කරන්නේ. ඒ කාලේ ඇතුළත සිල්පද ටිකවත් රැකගෙන ඉඳිමු. (නි)
අවුරුදු 15ක් ගිහින් හෝ ගුණසැමරීම ගැන සතුටුයි (නි)
ඔය පාර වැහුවට ඕනෑතරම් විකල්ප මාර්ග තිබෙනවානේ! (නි)
යුද්ධය දිනපු හිලව්වට අවහිර නැතුව පාරේ යන්න තිබෙන අයිතිය හිලව් කරන්න ඕනෑ කියන කට්ටියත් ඉන්නවනේ. මේ වෙලාවට තමයි හිතන්නේ අර වැසිකිළි පහසුකම්වත් නැති ඉන්දියාවේ ඉපදුනා නම් හොඳයි කියලා. මොන මළ සමයම්ද මේ? (නි)
හරි මෙතනින් කළගුණ සළකන්නත් එක්ක අනෙක් මිනිස්සු අවහිර වුණාට කමක් නැහැ කියමුකෝ. දැන් මෙතනින් අසාධ්‍ය ලෙඩෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න බවලතෙක් ගෙනියන්න සිද්ධ වුණා නම් ඒකත් උපතටයි විපතටයි දෙකම මෙතන සිද්ධවෙන්න ඉඩ දෙන්න ඕනෑ කියලාද සමහරු හිතන්නේ ? (නි)
මෙය සී වී ගුණරත්න ආවර්ජනාවකට වැඩිය මහින්ද රාජපක්ෂ සහ එම රජය ආවර්ජනාවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
ලංකාවේ මිනිස්සු විතර ගුණමකු ජාතියක් ලෝකෙම නැත .(හේ)
සමන්ත, මේක පාර අතුරු පාරක්. මහා පාරවල් වහන්න ඉඩදෙන පොලිසියක්වත් නගර සභාවකවත් ලංකාවේ නැහැ.ලෙඩ්ඩු ගෙනියන්න ඕනෑ නම් ඒකට තව පාරවල් කීපයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ නිලධාරින් ඒ වගේ අයව මේ පාරෙන් යවන්නේ නැහැ. (නි)
අපේ රටේ මිනිසුන්ට හරි ඉක්මනට අමතක වෙනවා.යුද්ධයක් නිසා අවුරුදු 30ක් දුක්විඳි බව කාටවත්ම මතකම නැහැ දැන් (නි)
සමහරු මේ ස්ථානය ගැන කිසිම වැටහීමක් නැතුව ලියලා. මේ ස්ථානයේ තිබෙන්නේ නගර සභා කාර්යාල. මේ සෙනඟ ගැන කියලා අපහස කරන්නේ සි. වී. ගුණරත්න මහත්තයට. ඉතාම ලැජ්ජාසහගත දෙයක්. රාජ් ගිහින් ඉන්දියාවේ උපදින්න. මෙරටේ උපදින්නම එපා.
මොකෝ හදිසියේම සි.වී ගුණරත්න මතක්වුණේ? (නි)
ඔය ගුණසැමරුම් ඉකුත් වසර පහළොවකදීම අවශ්‍ය වුණේ නැහැ. මහජනතාවට මොනවා වුණත් එයාලට කමක් නැහැ (නි)
මෙයාලා මේ වගේ මිනිසුන්ට දුන් වද නිසාමයි පැරදුනේ. තාමත් පිස්සුවෙන් වගේ අතරමංවෙලා. හරි දේ තෝරා බේරාගෙන වැඩ කරන්න දන්නේ නැහැ (නි)
හිටපු අය ගියේ බැහැ කියලා නේද? (නි)
කුහක වෙන්න එපා මිනිසුනේ! (නි)
සමන්ත දෙහිවල දැක තිබෙනවාද? (නි)
සී වී සිටියානම් කියා හිතෙන තරමට මේ දේශපාලුවන් දැන් අපිට එපාවෙලා. මීළඟ මැතිවරණයෙන් පිළිතුරු දෙමු. (නි)
මේ කයිවාරු ගහන බොහොමයක් අතීතය නොදන්නා පොඩි අය වගේ. (නි)
ජනපති වෙලා සිටියදී අමතක වූ සි වී දැන් මතක්වෙලාද? (නි)
ඔය බාධා පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න (නි)
ඔය පාරෙන්ම යන්න ඕනෑද ඉතින්? (නි)
අපි යුද්ධය දිනපු නිසා පාරවල් වහන්න පුළුවන් කියන්නේ නැහැ. අනෙක අතුරුපාරක තිබුණ රැස්වීමක්නේ. විකල්ප මාර්ග කොච්චර නම් තිබෙනවද? අපිට නම් එක එක්කෙනාගේ ගරුසරු වැඩක් නැහැ. අනෙක ඔතන රැස්වීමක් තියන්න අවසර අරන් ඇතිනේ. නැත්තන් යහපාලන පොලිසියෙන් නවත්වනවනේ. රාජ්, ඔයාට වැසිකිළි පහසුකම් නැති ඉන්දියාව හොඳ වුණාට අපි නම් මතු උපදින ආත්මෙකවත් ඔය ජරා රටේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ (නි)
මෙයා මීට කලිනුත් සී වී ගුණරත්න මහත්තයව සමරන්න මීටින් තිබ්බද? අපිට නම් එහෙම දෙයක් මතක නැහැ. මොකද මේ අද හදිස්සියේ මතක් වෙලා තියෙන්නේ? ගිලෙන්න යන මිනිහට තුත්තිරි ගහත් ඕනි නේ. (ස)
මුග්ධ මිනිසුනේ. මේ පුවතේ හෙඩිම දැකලා දෙහිවල අැහිං දැකපු නැති පිරිස් බෙරිහන් දෙනවා. දන්නවාද.? සාමය සම්බන්ධ ඇමතිතුමාගේ රැස්වීමකට ආරාධනා ලබා කොළඹට පැමිණි උතුරේ මහා ඇමතිවරයා උතුරෙන් හමුදාව ඉවත්කරගන්න කියනවා. ඔහු කරන චෝදනා වේදිකාවේ සිටින උදවිය හිස සොලවමින් අනුමත කරනවා. මහින්ද මහත්තයා රට කරවන කාලේ මේ මහා ඇමති කොළඹ රැස්වීමට උත්සවයකට ආරාධනා කලත් ආවාද.? දැන් මෙහෙ ඇවිත් අපිටම වහසිබස් දොඩනවා. මේවා ගැන බලන්න කතා කරන්න බැරි තරමට ඔබට සිහි කල්පනාව මදිද.? (ස)
ඔතනින් මීටර 25ක් එහාට ගියාම ප්‍රධාන පාරක් තියනවානේ ඉතින්. කුහක වෙන්න එපා මිනිසුනේ (නි)
ලංකාවේ දේශපාලනය නම් අප්‍රසන්නයි. (නි)
දැන් මේගොල්ලන්ගේ හිතවල්ල තියෙන්න දැඩි වෛරයක් මේ ගොල්ලෝ ප්‍රබාකරන් අපේ රටට කරපු විනාසයට වඩා දරුණු විනාසයක් කරන්නන් වුණත් පසුබට නොවෙන්න බව මේ කරන්න දේවලින් හොදටම ඔප්පුවෙන්නවා (ම)
කියවන්න වේවි මහින්ද ඉන්කෝ ඔහොම (ම)
හා! හා!! විධුර ජාතිවාදය ඇවිස්සෙයි. බලාගෙන.(ම)
ඇත්තටම ..බලාගෙන ..ගියාම ..මේ මනුස්සයා බල තණ්හාවෙන් ..වියරු වැටිලා ..බව ..පැහැදිලිව .ලෝක සත්වයාට ..අවබෝධ ..වෙනවා ...(ම)
එක පාරක් බොරැල්ල හන්දියේ වෝඩ් පාර පටන් ගන්න තැනම පාර හරහට මේ වගේම වේදිකාවක් ගහල තිබුනා. මිනිස්සුන්ට උදේට වැඩට යන්න ගිහින් බස් නවත්තන තැන සොයා ගන්න බැරිව එක ජරමරයයි. දැන් මෙතැන වුණත් මිනිස්සුන්ට කිසිම අවහිරයක් නැහැ කියලා කට්ටිය කියනවා . (ම)
මොකද මේ බලයේ හිටපු කාලයේ නැති ගුණ අනුස්මරණ දැන් ? තමනුත් පක්ෂේ ඉන්නවා කියල පෙන්වන්නද ? (ම)
අනේ මහින්ද මැතිතුමනි, ඔබව මිනිසුන්ට තවත් එපා කරවන්න එපා. ගෞරවනීය ජනාධිපතිතුමෙක් ලෙස ඉතිහාසගත වීමට තිබු ඔබ, දැනටමත් ජනාධිපතිවරණයක් පරාජය වුණු ලංකාවේ ප්‍රථම ජනාධිපති වී අවසන්. (ම)
හිටපු ජනපතිතුමනි මොනවා කලත් ඔබයි අපේ වීරයා. ජීවත්වන රටවැසියන් ඔබ කලදේ අමතක කලත් මියගිය රණවිරුවන්ගේ සහ ජීවත්වන රණවිරුවන්ගේ දෙමාපියන් ඔබට කෘත ගුණ සලකනු ඇත. (ම)
දවස් දෙක තුනක් දන්සැලක් දුන්නා නම් ඔය බාධාවල් කිසිවක් පේන්නේ නැහැ. මෙ වේදිකාව තමයි හිසේ කැක්කුම.(හේ)
මේ වැඩ නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසික ජනතාවයි.(හේ)
වසර ගණනාවකින් පසුව හෝ සැමරුම් උත්සවයක් පැවැත්වීම හොඳයි. නමුත් මෙහි ඇත්තේ පටු පරමාර්ථයක්. ඒ බව පාරවල් වල තාප්ප ගානේ පල කරලා තිබුන දැන්විමෙන්ම පෙනෙනවා.ගුණ සමරන "සි වී ගුණරත්න " කියන නම ප්‍රින්ට් කරලා තිබ්බේ පොඩි අකුරෙන්. නමුත් ලොකුවට ප්‍රින්ට් කරලා තිබ්බේ "මහින්ද රාජපක්ෂ " කියන නම. (ස)
මෙයාල ගුණ අනුස්මරණ කරන්නේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට වද දීලද? අද පන්සල් විතරක් නෙමේ මහා පාරත් දේශපාලකයින්ගේ සුසාන භුමි වෙලා. මෙතන අපිට පව් දෙනවා මිසක් වෙන මොකක්ද ඉතින්? (ර)
අවුරුදු කීයකට කලින් ඉපදිච්ච අයටද මෙතුමාව මතක? චේතනා හං භික්ඛ වේ ඛම්මන් වදාමි! (ස)
බාධාකිරීම මෙයාලට අමුතු දෙයක් නෙමෙයිනේ ඉතින් (නි)
සූ ගාලා සෙනඟ ඉන්නේ... 58 ලක්ෂය ගැන හිතාගන්න පුළුවන් මේකෙන්ම. (නි)
කොන්දොස්තරට ගෙදරදීත් ලියන්න මේසෙ හොල්ලන්න ඕනෑලු. මහින්ද මහත්තයටත් දවසකට සැරයක් වේදිකාවකට නගින්න ඕන. පුරුදු වුණු විදියනේ. මේ තමා ප්‍රජාතන්ත්‍රවාදය. (ම)
ඔය යස අගේට කට්ටිය වාඩිවෙලා නොදන්නා ගානට ඉන්නේ ඉතින් කොහොමද කියන්නේ මාර්ගේ අවහිර වෙලා කියලා.(ම)
ලබන මැතිවරණයේ ප්‍රතිඵල අති විශිෂ්ට බව සෙනඟ ගණනින් කියන්න පුලුවන් (නි)
තණ්හා ජායති සෝකෝ මහින්දෝ (ම)
ඔබ සියලුදෙනාට ජීවත්වන්නවුන්ට වදදීමට ලබන ආත්මයේදීවත් සිතැඟි පහළ නොවේවා......! (නි)
කළගුණ නොදන්නා අයයි මහින්ද කරන හැමදේම වැරදි දකින්නේ (නි)
ජනතාව විසින් තීරණයක් ගතයුතුයි (නි)
මෙහෙම පාරවල් වහලා රැස්වීමක් තැබූ පළවැනි වතාව නෙමෙයි මේ. සමහරුන්ට හිතේ අමාරුව මෙතනට මහින්ද ආ එක බවයි පෙනෙන්නේ. (නි)
සියල්ලටම ඕනෑ ඉක්මනට යන්න. පොඩ්ඩක් හිතන්න. සී.වී.ගුණරත්න මැතිතුමා සහ එම මැතිනිය කුරුරු බෝම්බයෙන් මියගියේ, අපේ හමුදාවට ආචාර සහ ගෞරව කිරීමට ගමන් කරන අවස්ථාවකය. එයට ගෞරවයක් වශයෙන් යුද්ධය නිමකළ ජනතිපතිතුමෙකු ගුණ කතාවක් කිරීමත් දැන් බද්‍රනිට කරදරයක්. කළගුණ නොදත් පුද්ගලයන් ඉන්න රටක, අනාගතය කෙබඳු වේවිද? (නි)
බල තන්හාව. (ස)
තොවිලයක්වත් කරන්න වෙයිද දන්නේ නෑ. (ත)
පසුගිය වසරවල සැමරුවේ නැහැනෙ. දැන්ද මතක්වුණේ? (නි)
"බදු ගෙවපු වහල්ලු" පුරුදු වෙන්න ඕනෑ. (ත).
කාටවත් කරදරයක් තිබෙන බවක් නම් මට පෙනෙන්නේ නැහැ. කොයි කවුරුත් හොඳට වාඩිවෙලා නිසොල්මන්ව සිටින බවයි පෙනෙන්නේ. (නි)
ඇයි මිනිසුන් අපහසුතාවට පත් කරන්නේ? (ත)
ඒකත් කරන්න දන්නෙ නැහැනේ කරදරයක් නොවෙන විදියට (නි)
පරණ පුරුදු විදියමයි.... (නි)
මට නම් ඔය කරේ දාගෙන ඉන්න "කුරහන් පාට අබුඩ ලේන්සුව" දකිද්දී පුදුම කේන්තියක් එන්නේ. (නදී)
ඉස්සර බාර්යාවෝ අස්පයෝ පුරුදු වෙන්න කොළඹ එනකොට පැය ගණන් පාරවල් වහල චාර්ටර් වුන අපිට මේක මොකක්ද? (නදී)
වතුර රත් වෙනකන් කකුළුවා සතුටින් ඉන්නවලු. රට ජාතියට සහ තමන්ගේ අනාගත පරපුරට ආදරය කරන මිනිස්සුනේ ඇස් ඇර බලන්න. ආණ්ඩුවට පඩි ගෙවන්න මුදල් නැහැලු. මිනිස්සුන්ව රක්ෂා වලින් අහක් කරනවා, රට කොටස් කරන්න හදන කට්ටිය නැවත වැඩ පටන් අරගන්න. (නදී)
අපේ ජාතික වීරයාව ජනාධිපතිවරණයෙන් දෙවැනි දවසෙම කුදලාගෙන ගිහින් නිවාඩු දවස් වලත් නඩු අහල හිරේ යවපු හැටි මට අද වගේ මතකයි. (නදී)
සාමාන්‍ය ජනතාවට බාධා කරමින් තමුන්ගේ වැඩපල කරන එක මෙයාලගේ සිරිතනේ. (නි)
ඇතැම්විට දේශනයට ගිය හිටපු ජනාධිපතිතුමාම තමයි මේ වේදිකාව හදාගෙන තියෙන්නේ.පොලිසිය සහ නගර සභාව මේ ගැන දන්නේත් නැතුවා මෙන්ම ඒ සඳහා නිසි අවසරය ගන්නත් නැතුව ඇති. (ම)
දෙහිවලට මහා ජන ගංගාවක් , ගාලුපාර අවහිරවෙයි . විකල්ප මාර්ග භාවිතා කරන්න (ම)
සි.වී. ගුණරත්න මහතා ගුණානුස්මරණය කිරීමට වඩා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ඉස්මතු කිරීමේ උත්සවයක් වශයෙන් දකින්නට ඇත. දකින්නට තිබෙන තොරණ එය තේරුම් ගැනීමට හැකිය. සි.වී. ගුණරත්න මහතා මහින්ද පර්ශවයේද? මෛත්‍රී පර්ශවයේද? කියා උත්සව සංවිධායකයන්ට කිවහැකිද? (ම)
දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාට මගේ උණුසුම් සුභ පැතුම්! ප්‍රංශ රටේ පැරිස් නුවර සිට. (නි)
අම්මෝ සෙනඟ, සත්‍ය තෙරු අරන් ගෙවල් වලට යන්න අනාථයෝ.(ම)
බද්‍රානි මහත්මිය, ඔබගේ කටේ මසුරන් දාන්න වටිනා කතාව. ඔබ ලියන්න ඕනෑ ටික ලියලා තියනවා, අපි ආයේ මොනවා ලියන්නද? ඔබ වැනි අය ලියනදේ කියෙව්වාම ඒ හොඳටම ඇති. (නි)
තවමත් එහෙමමයි වෙනසක් නැහැ. (නි)
බල තණ්හාව කවදා අවසන්වේද? (නි)
සමාවන්න මෙහෙම කියනවට. මොකද මේ පාර අතුරු පාරක්.ප්‍රධාන පාරක් නෙමෙයි.අනික පයින් යන මනුස්සයෙකුට ඔතනින් යන්න බැරි තරමට ස්ටේජ් එක ගහලා නැහැනේ. මට පෙනෙන්නේ මෙතන වෙලා තියෙන්නේ පාර වහපු එක නෙමෙයි, මහින්ද ආ එක ගැනයි සමහරුන්ට හිතට අමාරුවෙලා තියෙන්නේ. (නි)
බල තණ්හාව නම් කිසිදිනෙක අවසන් වන බවක් පෙනෙන්නට නැත (නි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නම් ඉක්මන් තීරණයක් ගැනීමට වනු ඇත (නි)
අපේ ජනාධිපතිතුමා මැතිවරණ පලවෙනි කතාවේදී කිවුව වචනය මට මතක්වෙනවා. "සොඳුරු එකාධිපතවදිය...." . අන්න ඒ සොඳුරු මිනිසා තමයි මේ දෙහිවල වේදිකාවේ ඉන්නේ. අප ඔහුට සුභ පතමු. දිනන්න පුළුවනි නම් දිනන්න කියලා කියමු. ඔහු දිනුවොත් අපිට භේදයකින් තොරව පිළිගන්න වෙනවා.(ම)
තවමත් බොරුවට කෑගහන එක නම් නතරවෙලා නැහැ වගේ (නි)
රට වෙනුවෙන් මහ පාරේ මියගිය අය ගැන ඇයි කතාකරන්න බැරි? (නි)
මිනිස්සු හිනස්සන වැඩ මේවා (නි)
ඒකත් කරන්නේ මිනිසුන්ට කරදර වෙන්න (නි)
තවම පරණ විදිහමයි (නි)
ඔය ඉන්නේ සූ ගාලා 200 විතර ජන සන්නිපාතයක්. දැන් දඟලන්නේ හිරේ යන්න තියෙන අකමැත්ත නිසා. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බලලෝ කියන්නේ ඔන්න ඕකට තමා. (නි)
ජීවත්වෙනවා කියන්නේ තමන් වෙනුවෙන් ජීවත්වෙන එකට නොවේ. (නි)
අතීතයේදී මිනිසා මත්වතුරෙන් නහවා සංවිධාන පාලනය ඇති ව්‍යාපාරික ආයතන අයිති අය දැනුත් කරන්නේ මහජනයාට හිරිහැරමයි. (නි)
කට්ටියම එකම වේදිකාවක... හරිම ලස්සනයි නේද? (නි)