පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට දැන්වීම් පළ කොට ඒ සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීමෙන් ස්වාධින රූපවාහිනි සේවයට රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදු කිරිම ගැන මහජන සාක්කි කැඳවීමට පියවර ගන්නා ලෙස බරපතල දුෂණ හා වංචා පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට යයි.
හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට අදහස් කළ බව ඒ මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දගේ වැඩක් මහජන සාක්කි කැඳවයි ?
නන්දලාල්-ප්‍රංශය Thursday, 24 September 2015 05:01 PM
මේ මහ මොළකාරයන්ගේ, ඒ වගේම ආයතනවලට පොලු තැබූ අයගේ "රාජකාරි" කටයුතු මහජනයාට පැහැදිලි කිරීමට රජයටත්, කොමිසමටත් අතිවිශාල වගකීමක් පැවරී තිබෙනවා.එය එසේම වේවා කියා පතමු! (නි)
ශාන Friday, 25 September 2015 06:17 AM
දැන් මේක මහින්ද නෙමෙයි, පක්ෂය තමයි කියා කියා ඉඳල හරි යන්නේ නැනේ. මහින්ද හරි එයාගේ පක්ෂය හරි කාල තියෙන්නේ අපේ සල්ලි නේ. රටට හරියට වැඩක් කාල නම් කෝටියක දැන්වීම් ඕනද? මේ ඔක්කොම හොරු. (අ)
සම්පත් සිරි Friday, 25 September 2015 06:21 AM
රට එක්සේසත් කරපු මේ උතුමාට ජය වේවා (අ)
ගජේන්ද්‍ර Thursday, 24 September 2015 05:39 PM
කවුරු කළත් වරද වරදමයි (නි)
ලාල් Thursday, 24 September 2015 06:33 PM
සමහරු හිතන්නේ සන්ධානය සල්ලි අච්චු ගැහුවා කියලද?මේ අපේම සල්ලි.හැම එකටම රට බේරා ගත්තා කිය කියා ඉන්නේ නැතුව ඇත්ත දකින්න උත්සාහ කරන්න. (නි)
කණිෂ්ක Friday, 25 September 2015 12:53 AM
මහින්ද වුණත් වැරදි නම් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි (නි)
අජිත් කරුණාරත්න Friday, 25 September 2015 01:38 AM
මොරිස් කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)
පිවිතුරු යහපාල Friday, 25 September 2015 01:49 AM
මහින්ද මහත්තයා පුද්ගලිකව දැන්වීම් දැම්මා වෙන්න බැහැනේ.එතුමා ඉදිරිපත් වුණේ සන්ධානයෙන්. (නි)
සත්‍යයා Friday, 25 September 2015 02:17 AM
මොරිස් කියන්නේ ඇත්ත නම් අජිත් කියන්නේ බොරුවක්. (නි)
නිශේන් Friday, 25 September 2015 02:22 AM
අපි හැමදාම මහින්ද වටා සිටිනවා (නි)
රාධා Thursday, 24 September 2015 12:48 PM
ලියවිලි නැතිව ඉන්න මහජනතාව දන්නේ කොහොමද ?(හේ)
විදූර Friday, 25 September 2015 03:10 AM
අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)
සම්පත් Thursday, 24 September 2015 01:04 PM
මහජනතාව දැන් ඇත්ත තේරුම් අරන් ඉවරයි. (නි)
පිවිතුරු යහපාල Thursday, 24 September 2015 01:44 PM
මහින්ද මහත්තයා පුද්ගලිකව දැන්වීම් දැම්මා වෙන්න බැහැනේ.එතුමා ඉදිරිපත් වුණේ සන්ධානයෙන්.ප්‍රචාරක වගකීම් තියෙන්නේ සන්ධානයට.එහෙනම් සල්ලි නොගෙවා තියෙනවා නම් සන්ධානයෙන් හිඟ මුදල් අයකර ගන්න. (නි)
ප්‍රංශයේ - සුජීව Thursday, 24 September 2015 02:26 PM
උඩ දෙවි කෙනෙක් ඉන්නවා මේ අපරාධ බලාගෙන රට එක්සේසත් කරපු මේ උතුමාට ජය වේවා ! (බ)
ජයලත් Thursday, 24 September 2015 02:27 PM
යහපාල ඉතින් තියෙන්නේ ඔය වගේ විකාර කමෙන්ට්ස් දමමින් අර මොකද එකාගේ මොකද්ද එක හැලෙනකම් හිටිය වගේ ඉන්න මොකද එ්ක ජනවාරි 8 හැලුනෙත් නැහැ අගෝස්තුවල හැලුනෙත් නැහැ (බ)
කසුන් Friday, 25 September 2015 04:22 AM
වැරදි කළ අයට දඩුවම් දිය යුතුය. නමුත් රට බේරාගැනීම සාමාන්‍ය දෙයක් වගේ පෙන කට්ටිය හිතන්න දැන් බලයේ ඉන්න හොද පුතාල හිටියානම් අපි තවමත් කොටි එක්ක සම සාකච්චා කරමින් සිටින බව. පෙනවනේද දැන් මේගොල්ල ජාත්‍යන්තර නියෝග වලට නැමෙන හැටි. මේ අය හිටියා නම් යුද්දය කාළෙ, කැමරොන් එක ටෙලෙෆොනේ කෝල් එකෙන් යුද්දය නතර කෙරේ. (අ)
ලංකා Thursday, 24 September 2015 02:47 PM
එකල සන්ධානයේ සභාපති, මුදල් අමාත්‍යංශ පවා තිබුනේ එතුමා යටතේ (බ)
මොරිස් Thursday, 24 September 2015 03:26 PM
මේ වගේ අරුම පුදුම රටක් ලෝකේ වෙන කොහෙවත් නැත. රට බේරා ගත් නායකයෙක් බලු බල්ලෙක් වගේ අපහාසවලට ගොදුරු කලා මදිවට කොහොම හරි හිරේ දාන්න තමයි උත්සාහය. ඕකම තමයි ධර්මපාල තුමාට කළේ (බ)
දහම් Thursday, 24 September 2015 03:38 PM
මහින්ද ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන්. සන්ධානේ වගවීම. සන්ධානේ හිඟ මුදල් ගෙවිය යුතුයි. (බ)
ඉන්දික Thursday, 24 September 2015 03:50 PM
ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන් නම් එකෙන් ඒ වියදම් පියවන්න දැන ගන්න ඕන....අලුත් නායකයෝ පත් වෙලා එ්කාධිපතියෝ වගේ වැඩ කරනකොට පරණ ණය පියවන්න ඕන කියල දැනගන්න ඕන. (බ)
පෙරුමාල් Thursday, 24 September 2015 04:09 PM
අලි බබා විතරක් වග කියන්න ඕන නැහැනේ. හොරු හතලිහම වග කියන්න ඕන (බ)
පීටර් Friday, 25 September 2015 05:03 AM
වැදගත්,බුද්දිමත් උදවිය මේක බලන විදිය (අ)
රටගෙදර Friday, 25 September 2015 05:22 AM
ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන් නම් එ්කෙන් ඒ වියදම් පියවන්න දැන ගන්න ඕන....අලුත් නායකයෝ පත් වෙලා එ්කාධිපතියෝ වගේ වැඩ කරනකොට පරණ ණය පියවන්න ඕන කියල දැනගන්න ඕන. සහතික ඇත්ත ඉන්දික. (බ)
මොහොමඩ් Thursday, 24 September 2015 04:35 PM
දහම්, ඔබ හරි (නි)
තුෂාර Thursday, 24 September 2015 04:36 PM
රට බේරාගත්තා කියලා වැරදි කරන්න පුලුවන්ද? (නි)
ආරච්චිගේ Thursday, 24 September 2015 04:44 PM
රට බේරාගත් උදාර නායකයෙකුට බොහොම අගෙයි සළකන විදිය (නි)
යහපාල Thursday, 24 September 2015 04:49 PM
නමුත් ප්‍රචාරක වගකීම් තියෙන්නේ සන්ධානයට. (නි)
ඉමේෂ් Friday, 25 September 2015 05:53 AM
රට බේරාගත්තු නායකයට ඕනේ වැරැද්දක් කරන්න පුළුවන්. මේක ශ්‍රී ලංකාව. එනිසා එතුමා නිවරදියි.(ම)
සමරසිංහ Friday, 25 September 2015 05:59 AM
මහින්ද ජනාධිපතිතුමා පෞගලිකව දැන්වීම් ලබාදී නැහැනෙ?එහෙනම් මෙක ගෙවිය යුක්තෙ පක්ෂයේ අරමුදල් වලින් .ඒකට පක්ෂයේ නිලධාරීන් මැදිහත්වීමක් නොවන්නේද ? (අ)