පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට දැන්වීම් පළ කොට ඒ සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීමෙන් ස්වාධින රූපවාහිනි සේවයට රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදු කිරිම ගැන මහජන සාක්කි කැඳවීමට පියවර ගන්නා ලෙස බරපතල දුෂණ හා වංචා පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට යයි.
හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට අදහස් කළ බව ඒ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහ මොළකාරයන්ගේ, ඒ වගේම ආයතනවලට පොලු තැබූ අයගේ "රාජකාරි" කටයුතු මහජනයාට පැහැදිලි කිරීමට රජයටත්, කොමිසමටත් අතිවිශාල වගකීමක් පැවරී තිබෙනවා.එය එසේම වේවා කියා පතමු! (නි)
දැන් මේක මහින්ද නෙමෙයි, පක්ෂය තමයි කියා කියා ඉඳල හරි යන්නේ නැනේ. මහින්ද හරි එයාගේ පක්ෂය හරි කාල තියෙන්නේ අපේ සල්ලි නේ. රටට හරියට වැඩක් කාල නම් කෝටියක දැන්වීම් ඕනද? මේ ඔක්කොම හොරු. (අ)
රට එක්සේසත් කරපු මේ උතුමාට ජය වේවා (අ)
කවුරු කළත් වරද වරදමයි (නි)
සමහරු හිතන්නේ සන්ධානය සල්ලි අච්චු ගැහුවා කියලද?මේ අපේම සල්ලි.හැම එකටම රට බේරා ගත්තා කිය කියා ඉන්නේ නැතුව ඇත්ත දකින්න උත්සාහ කරන්න. (නි)
මහින්ද වුණත් වැරදි නම් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි (නි)
මොරිස් කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)
මහින්ද මහත්තයා පුද්ගලිකව දැන්වීම් දැම්මා වෙන්න බැහැනේ.එතුමා ඉදිරිපත් වුණේ සන්ධානයෙන්. (නි)
මොරිස් කියන්නේ ඇත්ත නම් අජිත් කියන්නේ බොරුවක්. (නි)
අපි හැමදාම මහින්ද වටා සිටිනවා (නි)
ලියවිලි නැතිව ඉන්න මහජනතාව දන්නේ කොහොමද ?(හේ)
අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)
මහජනතාව දැන් ඇත්ත තේරුම් අරන් ඉවරයි. (නි)
මහින්ද මහත්තයා පුද්ගලිකව දැන්වීම් දැම්මා වෙන්න බැහැනේ.එතුමා ඉදිරිපත් වුණේ සන්ධානයෙන්.ප්‍රචාරක වගකීම් තියෙන්නේ සන්ධානයට.එහෙනම් සල්ලි නොගෙවා තියෙනවා නම් සන්ධානයෙන් හිඟ මුදල් අයකර ගන්න. (නි)
උඩ දෙවි කෙනෙක් ඉන්නවා මේ අපරාධ බලාගෙන රට එක්සේසත් කරපු මේ උතුමාට ජය වේවා ! (බ)
යහපාල ඉතින් තියෙන්නේ ඔය වගේ විකාර කමෙන්ට්ස් දමමින් අර මොකද එකාගේ මොකද්ද එක හැලෙනකම් හිටිය වගේ ඉන්න මොකද එ්ක ජනවාරි 8 හැලුනෙත් නැහැ අගෝස්තුවල හැලුනෙත් නැහැ (බ)
වැරදි කළ අයට දඩුවම් දිය යුතුය. නමුත් රට බේරාගැනීම සාමාන්‍ය දෙයක් වගේ පෙන කට්ටිය හිතන්න දැන් බලයේ ඉන්න හොද පුතාල හිටියානම් අපි තවමත් කොටි එක්ක සම සාකච්චා කරමින් සිටින බව. පෙනවනේද දැන් මේගොල්ල ජාත්‍යන්තර නියෝග වලට නැමෙන හැටි. මේ අය හිටියා නම් යුද්දය කාළෙ, කැමරොන් එක ටෙලෙෆොනේ කෝල් එකෙන් යුද්දය නතර කෙරේ. (අ)
එකල සන්ධානයේ සභාපති, මුදල් අමාත්‍යංශ පවා තිබුනේ එතුමා යටතේ (බ)
මේ වගේ අරුම පුදුම රටක් ලෝකේ වෙන කොහෙවත් නැත. රට බේරා ගත් නායකයෙක් බලු බල්ලෙක් වගේ අපහාසවලට ගොදුරු කලා මදිවට කොහොම හරි හිරේ දාන්න තමයි උත්සාහය. ඕකම තමයි ධර්මපාල තුමාට කළේ (බ)
මහින්ද ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන්. සන්ධානේ වගවීම. සන්ධානේ හිඟ මුදල් ගෙවිය යුතුයි. (බ)
ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන් නම් එකෙන් ඒ වියදම් පියවන්න දැන ගන්න ඕන....අලුත් නායකයෝ පත් වෙලා එ්කාධිපතියෝ වගේ වැඩ කරනකොට පරණ ණය පියවන්න ඕන කියල දැනගන්න ඕන. (බ)
අලි බබා විතරක් වග කියන්න ඕන නැහැනේ. හොරු හතලිහම වග කියන්න ඕන (බ)
වැදගත්,බුද්දිමත් උදවිය මේක බලන විදිය (අ)
ඡන්දෙ ඉල්ලුවේ සන්ධානෙන් නම් එ්කෙන් ඒ වියදම් පියවන්න දැන ගන්න ඕන....අලුත් නායකයෝ පත් වෙලා එ්කාධිපතියෝ වගේ වැඩ කරනකොට පරණ ණය පියවන්න ඕන කියල දැනගන්න ඕන. සහතික ඇත්ත ඉන්දික. (බ)
දහම්, ඔබ හරි (නි)
රට බේරාගත්තා කියලා වැරදි කරන්න පුලුවන්ද? (නි)
රට බේරාගත් උදාර නායකයෙකුට බොහොම අගෙයි සළකන විදිය (නි)
නමුත් ප්‍රචාරක වගකීම් තියෙන්නේ සන්ධානයට. (නි)
රට බේරාගත්තු නායකයට ඕනේ වැරැද්දක් කරන්න පුළුවන්. මේක ශ්‍රී ලංකාව. එනිසා එතුමා නිවරදියි.(ම)
මහින්ද ජනාධිපතිතුමා පෞගලිකව දැන්වීම් ලබාදී නැහැනෙ?එහෙනම් මෙක ගෙවිය යුක්තෙ පක්ෂයේ අරමුදල් වලින් .ඒකට පක්ෂයේ නිලධාරීන් මැදිහත්වීමක් නොවන්නේද ? (අ)