මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පැලවත්තේ අද (13) පැවැත්වීමට නියමිත රැස්වීමකට කුලියට ගත් විදුලි ජනනයක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටරයක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය ඒ සඳහා යොදාගෙන ඇති බවත් පොලිසිය කියයි.

එම ට්‍රැක්ටරය පැදවූ රියදුරා හා සේවකයෙක්ද පොදු දේපළ අපහරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් අද මතුගම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.