‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි.
එහෙත් නියමිත වේලාවට පැමිණි ගණන 6 දෙනෙකියි කියති. රාජපක්ෂ මහතාගේ කටවුට් රැගත් ඒ හය දෙනා ඔර්ලෝසු කණුව වටරවුමේ වාඩිවී සිටියහ. මිනිත්තු 5 කට පමණ පසු ඔවුහු එම කටවුට් රැගෙන බස් නැවතුම පාරේ තාප්පයකට හේත්තුවූහ.
මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේ නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා ඇත්ත (නි)
බොරුවට නිකන් සංදර්ශන දාන්නා එපා. ලැජ්ජයි. මහින්ද රැල්ල නවත්වන්න කාටවත්ම බැහැ (නි)
මහින්ද රැල්ල නවත්වන්න කාටවත්ම බැහැ. (නි)
මේ හයදෙනා අලි පැටව්. මේවා මඩ. වන්නි චමින්ද - ඔයා හරියටම හරි විජේතුංග මහතා බලයට කැදර නැති හොඳ නායකයෙක් හැබැයි බලයට කැදරම රනිල් ඡන්ද 29 පැරදිලා මෛත්‍රීගේ ඇගේ එල්ලිලා අගමැතිකම ගත්තා. හැබැයි මේ පාර ඇඩ්රස් නැතිවෙනවා. සජිත්ගේ වෙලාව හොඳ ඇති. (බ)
යහපාල දැනටමත් ඔබ දකින සිහිනය බොඳවෙලා අවසන් (බ)
ඔය ඇවිල්ලා තියෙන්නේ නියම ගණන තමයි. (නි)
මෙම හය දෙනාත් ආවේ නිකම් ලැබෙන අරක්කු බෝතල් බාගය සහ බුරියානි පාර්සලේට (බ)
මේ විහිළු කරලා මහින්දගේ ජනප්‍රියත්වය නතර කරන්න හදන මෝඩ රැළට අබ සරණයි.(බ)
මොනවා උනත් දැන් අැත්ත තේරෙනවා (ම)
අනේ මන්ද , මහින්ද මහත්තයම කියනවා එතුමා වැරදි කළා , එතුමා කවදාවත් හිතුවේ නැතිලු බලය නැති වෙයි කියල , වැරදි කළා උන්ව බේරුවා කියල . එහෙවු එකේ මෙතන කොමෙන්ට් දාන කට්ටිය කොහොමද කියන්නේ මහින්ද මහත්තය සුදන කියල ?(බ)
පිවිතුරු යහපාලගේ බයිලා දැන් අවුරුද ගානක ඉඳල අපි අහනවනේ , පහුගිය ඡන්දෙට කලිනුත් දාපු අනාවැකි හරියටම අර සුමනේගේ අනාවැකි වගේම හරි ගියානේ , අන්තිමට බන්දුල පෙරේරා කියන නමත් වෙනස් කරගත්ත ලජ්ජාවට (බ)
අරක්කු බෝතලේ දීලා තමයි එදා ඉඳල යු එන් පි වැඩ කළේ (බ)
අනුරට නම් ඕවා හොඳට පුරුදුයි වගේ (බ)
අම්පාරේ ප්‍රතිචාරය අපි පෙන්වන්නම් මහා ඡන්දයකදී, වැඩි ඡන්ද වලින්ම. (නි)
පෙනෙන්නෙ නැද්ද? ඒක මග නැගුමට ගහපු බැනර් එකක්නේ (නි)
මහින්ද ගැන එහෙනම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
එහෙනම් ඉතින් දැන් ඔක්කොම හරිනේ! (නි)
කෝ ගහපු පෝස්ටර්.(හේ)
ඇයි දැන් මිනිස්සු නැද්ද?(හේ)
පුදුම බයක් තියෙන්නේ මහින්දට (නදී)
මහින්දගේ ජනප්‍රියතාවය මේකෙන් මනින්නද යන්නේ,? කරුණාකර කුරුණෑගල, රත්නපුර රැස්වීම් බලන්න, මහින්දත් නැතිව හිටිය සෙනග. යථාර්ථය දකින්න. යහපාලනය පේනවා නේද, මෙයාලා මොනවද කරලා තියෙන්නේ, රට කොටියට නැවත දෙන එකයි, නඩු දාන එකයි, පසුගිය රජය පටන් ගත් සංවර්ධන වැඩ නතර කරපු එකයි. මහින්දට ජයවේවා (බ)
මඩ ගැසීමට කළ විදේශිය කුමන්ත්‍රණයක් ,.......විමලේ සහ පිල මල්ලිලා මේවට පිළිතුරු සපයාවි,....(බ)
යහපාල උන්නැහේ ගිය ඡන්දෙට කලිනුත් නව සඳ බලනවා කියලා කට මැත දෙඩෙව්වා. ඊළඟට බලන්න වෙන්නේ නවතරු යහපාල තුමාට. (බ)
6 දෙනාම යහපාලන අයනේ. මේක මහින්දට ගහන මඩ පාරක්. ඉදිරි මැතිවරණයට වැඩ පටන් අරන්. (නදී)
හරිම පුදුමයි මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙන එක. ඔයාලට මතක නැද්ද ප්‍රේමදාස ආණ්ඩු කරපු කාලේ මිනිස්සු මරපු හැටි. අමතක නම් ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි නාට්‍ය බලන්න දෙරණ ටි.වී. එකේ. ඔයාල ඒ කාලේ ඉපදිලා නැති නම් වැඩි හිටියෙක් ගෙන් අහන්න. අනික යුද්ධ කල වීරයන්ට අපහාස කල අය රටට ආදරෙයි කියල හිතෙනවද? (නදී)
සුමුදු කියන කෙනා ඉන්නේ අපේ පැත්තේ. මහින්දගේ පිහිටෙන් යන්තම් වරායේ වැඩට යන්න පුළුවන් උනා. ඕකයි ඔච්චර මහින්දවම ඕන කරන්නේ. (නදී)
චතුර, ඔයා ජාතික සේවක සංගමයේ පිහිටෙන් වරායේ ක්ලීනින් වැඩකට ගිය පලියට සුමුදුහේවා මහත්තයට මඩ ගහන්න බොරු බේගල් ඇද බාන්න එපා. (බ)
මේ මදිද? 6 දෙනක්ම ඉන්නවා නොවැ (බ)
මේ දේවල් සිතා මතා අපේ හිටපු ජානදිපති උතුමාට අපහාස කරන්න කරන දේවල්. මේ කට්ටිය යහපාලනේ අය වෙන්න ඕනේ (නදී)
හිටපල්ල තාම වතුර රත් වෙලා නැහැ, වතුර රත්වෙලා නටන කොට ඔක්කොටම නැටවෙයි (බ)
මේවා කුමන්ත්‍රණ (නි)
හයක් හරි ආවනේ දැන් ඕක බයියන්ට පේන්නේ 60000 වෙලා (බ)
බස් නැතිව කම්බස් (බ)
ඩ් එස් සේනානායක මැතිතුමා ගොඩනැගු අම්පාර සහභාගී නොවූ ජනතාවට අපගේ ප්‍රණාමය (බ)
මේවා මඩ ව්‍යාපාර (බ)
මහින්ද මහත්තයා වෙනුවෙන් අතින් වියදම් කරගෙන දුර මඟ ගෙවාගෙන එන ජන ගංගාවෙන් දශමයක්වත් ඔයගොල්ලන්ට බත් පැකට් අරක්කු දීලාවත් ගෙන්වා ගන්න බැරි බව කවුරුත් දන්නවා. (නි)
සමහරුන්ට දැන් හරි සතුටු ඇති (නි)
මේ ආණ්ඩුව කොච්චර බංකොලොත්ද කියන්නේ, ආණ්ඩුවේ සේවක පඩි ගෙවන්න පුලුවන්ද දැන්? (නි)
හෝව් හෝව්! කව්රුත් කලබල වෙන්න එපා. ඡන්දෙන් බලාගන්න පුළුවන් මහින්දගේ කට්ටිය. එතෙක් කට වහගෙන ඉන්න (නි)
ලාංකීය දේශපාලනයට බිහි වූ බලයට කෑදර නොමැති දේශපාලකයෙක් වූයේනම් ඒ ඩි බි විජේතුංග මහතා විය යුතුයි, ලෝකයේ බලයට කෑදර මිනිසුන් විනාශ වී ගියේ තම වටිනා ජීවිතය පවා නැති කර ගනිමින්ය.(බ)
මේ ඔක්කොම විරුද්ධ පාක්ෂිකයන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට මඩගැසීමේ අරමුණින් කරන ඒවා. අදටත් මහින්ද රාජපක්ෂ යන තැනක සෙනඟ පිරෙනවා, බලන්න එනවා (නි)
අපේ මිනිසුන්ට තවම නොතේරෙන හැටියක්.අව්වේ තප්පුලලා ලැබෙන ඉටිගෙඩියක් තියෙනවද.(බ)
වැඩක් නැහැ (බ)
මේක අර ගමගේ ගෙ වැඩක්. බොරුවට මඩක් ගහන්න යන්නෙ. මේ ඉන්න හය දෙනාම අලියගෙ කට්ටිය.(බ)
මොළය ඇති අය මේවට යන්නෙ නැහැ (නි)
ඡන්දය දුන් අයට ඉදිරියේදී තේරේවි කළ මෝඩ වැඩේ. එවිට ප්‍රමාද වැඩියි( විපාක ඉදිරි පරම්පරා වලට බලපානු ඇත). (නි)
මහින්ද කියන්නේ . මේ රට සදාචාරමත්කව පාලනය කළ කෙනෙක්. ජනතා මුදල් හොරකම් නොකරපු නායකයෙක්. මත්ද්‍රව්‍ය ගේන අය හිරගෙට යවපු කෙනෙක්. කඩු සොරකම් නොකළ කෙනෙක්. කිසිම විධියකට වෙඩි තියා තරුණයන් නොමරපු කෙනෙක්. මෙකී නොකී දේ බොහොමයක් නොකළ කෙනෙක්. ඉතින් මිනිස්සුන්ට යන්න වටිනවා. (බ)
මහින්ද සංවිධානය කළානම් මේකට බස් වලින් හරි සෙනග ගේනවා, මේකත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි (බ)
මහින්දට ඇති ජන බලවේගය ගැන අපි දන්නවා (නි)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
ඇත්ත නේන්නම් ..පැරදිලා ගෙදර ගිය මහින්ද මහත්තයට කොහෙද සෙනග..ටොයියන්ට හරි සතුටු ඇති මේ පුවත දැකල..ඔහොම්මම්ම හිතාගෙන ඔහොම්මම සැහැල්ලුවෙන් ගමන යන්න.ප්‍රතිපල අපි මැතිවරණෙන් පෙන්නන්නම් උතුරු දකුණු මාරු වෙන්න.. (බ)
මේක නම් පිළිගන්න අමාරුයි (නි)
මේවා මඩ නොවේ. ඉස්සරහට හය දෙනෙක්වත් නැති වෙයි (බ)
අයියෝ ඔහොම පුලුවන්ද රැස්වීම් තියන්න.ලංගම බස් ගන්න බැරි එකේ නුගේගොඩ කළා වගේ ප්‍රයිවට් බස් දාලා අදිමු,අදිමු. (බ)
මේක තමා හැමදාම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රතිචාරය. හොරු රැල තමා පුම්බන්නේ ඔක්කොටම බේරෙන්න. (බ)
මෙහෙම හරි යන්නේ නෑ අරක්කු බත් පැකට් දීල බස් වලින් සෙනග ගේන්න (බ)
අනේ අනේ යුද්දේ දිනපු නායකතුමන්ට මෙහෙමද ජනතාව සලකන්නේ? (බ)
අයියෝ රිලවෙක් නැටෙව්වනම් මිට වඩා සෙනග එනවා ...(බ)
දැන් තියෙන්නේ යහපාලනයක්. (නි)
අම්පාර ජනතාව මෝඩයෝ කරන්ඩ බෑ. වැරදි විදියට හම්බ කළ අය ජනතාව අන්දවන්න හදනවා. මැතිවරණ ප්‍රතිඵලයේත් ඕකමයි. මෛත්‍රී යහාපාලනය දිනේවා.(බ)
කුරුණෑගලට ආ සෙනඟ දැක්කද? මැතිවරණයක් තියලා බලන්නකෝ (නි)
මේ හය දෙනාටත් මොලේ පෑදේවා !!! (බ)
ලොව ඇති ඉහළම අධිකරණය ජනතා අධිකරණයි. එම ජනතා තීන්දුවට ගරුකිරීමට තරම් නිහතමානී ගුණාංග ඔහුගේ නැති බව පෙනෙනවා. (නි)
ආ සුමුදු හේවා වරායේද වැඩ? අපොයි අපිට හිතාගන්න පුළුවන් ඉතිරි ටික. අපිත් මෙතන දේශපාලන අදහස් ලියනවා තමයි. හැබැයි ඔය දේශපාලුවන්ගේ කකුල් ළඟ වැටිලා රස්සාවල් අරගෙන නැහැ. මෙයාගේ කට මෙච්චර වැඩි ඕක තමයි එහෙනම්. (නි)
අම්පාරේ ඉන්නේ කගේ කවුද අනාගතයේ වෙන දේ පෙනෙනවා ...(බ)
වතුර රත් වෙනකොට සහෝදර සමාගමත් රත්වෙනවනේ (නි)
සුමුදු කියන කෙනා ඉන්නේ ලංකාවේද? නැත්නම් පිට රටකද? (නදී)
මේක මහින්දගෙ ප්‍රත්‍රිරූපය වට්ටනු පිණිස අර සංවිධායකතුමා කරපු වැඩක්. මේ හය දෙනාම අලියගේ කට්ටිය. (නදී)
මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ අඩුපාඩු ඇති. ඒත් මේ දවස්වල රටේ වෙන දේවල් එක්ක බැලුවහම එතුමා රත්තරං මනුස්සයෙක්. එතුමා මූලිකවෙලා උදාකර දුන්න සාමය මෙහෙම ගියොත් ටික දවසකින්ම නැතිවේවි. ඒ නිසා ජාතියක් විදිහට සිංහලයො සමගි වෙන්න ඕනෑ. බොරුවට මඩගහලා හරිගිය කෙනෙක් නැහැ (නි)
පිවිතුරු යහපාලන , ඕයා එළුවාගේ පස්සෙන් ගිය නරියාගේ කතාව කියවල තියෙනවද ?(නදී)
මේක සැළසුම් කළ වැඩක් වගේ. හිටපු ජනාධිපතිතුමා ගියා නම් අඩුම හය හත්දාහක් එනවා. මොන බොරු කිව්වත් මිනිස්සු කළගුණ දන්නවා (නි)
ඔය ඉන්නේ හය දෙනෙක්ම ඇවිල්ලා (නි)